මගේ ගිනි නිවිමේ සටහනේ, මිනි විසිතුරු අපට ලබා
දෙන සහෝදරයා ඇසු ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස මම ඉගෙන ගත් දැනුමින් පිලිස්සුමක් ඇති වු විට දෙන ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට
සිතුණි. මේ පිළිබඳව අමතරව යමක් ඔබ දන්නේ නම් සහ විෂමතාවයක් තිබේ නම් ඒ
පිළිබඳවද කරුණු ගෙන හැර දක්වන ලෙස ඉල්ලා සිටිමි.
මුලින් ම බලමු ප්‍රථමාධාරයක් යනු කුමක්ද? කියලා
යම්
කිසි හදිසි අවස්ථාවක දී, හදිසි රෝග තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් නිසි ප්‍රතිකාර
ලබා දිමට ප්‍රථම රෝගියා වෙතට කරණු ලබන ආධාරය.
ප්‍රථමාධාර
දිමේ පරමාර්ථ
බිය දුරු
කිරීම
රෝගියාගේ
ජිවිතය බේරා ගැනිම
අතුරු ආබාධ
අවම කර ගැනිම
දෙවනුව
ලබාදෙන නිසි ප්‍රතිකාර වලට පහසු වීම සඳහා.
ප්‍රථමාධාර
දෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග
විෂය
පිළිබඳව දැනුම
නායකත්වය
ගැනිමේ හැකියාව
කාර්‍ය් ශුර
බව
තැනට සුදුසු
නුවණ
රෝගීන් පිලිකුල් නොකිරිම
රෝගීන් පිලිකුල් නොකිරිම
ඉවසිලිවන්ත
බව
පිළිස්සුම්
සහ ප්‍රථමාධාර(BURNS AND FIRST AIDS)
පිළීස්සිමක්
යනු අධික උෂ්ණත්වයකට හෝ අධික ශීතලකට ශරීරයේ කොටස් යොමුවීම මඟින් සමේ හා අනෙකුත්
ඉන්ද්‍රියන් වලට හානි සිදුවිමය.
පිළිස්සීමේ
ප්‍රධාන කොටස් දෙකකි.
වියළි පිළිස්සීම උදාඃ
ගින්න,විදුලි සැර වැදිම,රත් වු ද්‍රව්‍ය ස්පර්ශ විම,අකුණු වැදිම
තෙත පිළිස්සීම උදාඃ රසායනික
ද්‍රව්‍ය (අම්ල හා භස්ම රත්වු ජලය හුමාලය වැනි දේ මඟින්)
ප්‍රථමාධාර
රෝගියා අනතුරෙන්
වහා ඉවත් කිරීම(පිළිස්සීමෙන් පවතින කොටස් ඇත්නම් ගොනියකින් හෝ එවැනි ඝන ආවරණයකින්
එම කොටස් වැසිම)
පහසු
ඉරියව්වක තැබිම
ජලයෙන්
පිළිස්සුන කොටස් නැහැවිම(අවම වශයෙන් පැය භාගයක් වත් ගලායන ජලයට යොමු කිරීම)
රෝගියා ගේ
බිය දුරු කිරීම
ඇඳුම් ඇගට
ඇලී ඇත්නම් ඉවත් කිරීමට උත්සහා නොකිරීම
බරපතල ලෙස
පිළිස්සී ඇත්නම් මුඛයෙන් බිමට නොදිම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම
දිය බුබුලු
ඇත්නම් ඒවා නොකඩන්න
මෙහ්? අධික සීතලට අහු වෙන එකත් පිළිස්සීමක්ද? මට හිතාගන්න බෑ.
ReplyDelete[ ප්‍රථමාධාර දෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග යටතේ,
තැනට සුදුසු නුවණ ලඟට රෝගීන් පිලිකුල් නොකිරිම වෙන් වෙලා නෑ. ඒක හදාගන්න.]
ස්තුතියි සහෝ.නිවැරදි ලෙස සකස් කරා.
Deleteපොඩි සරල උපදෙස් වුනත් ඒවා ගොඩක් වටිනවා.
ReplyDeleteඔබටත් ස්තුතියි මේ පැත්තට ආවට.
Deleteමේ ගැන තවදුරටත් දැනුවත් කරන්නට පුළුවන් නම් හුඟක් වටිනවා , මොකද අපේ බොහොමයක් රෝගීන් රෝහලට ගේනකොට වෙන්න නොවිය යුතු දේ වෙලා ..ඒ උපකාර කරන්නන් හරියට ප්‍රථමාධාර ගැන නොදන්නා නිසා .
ReplyDeleteතව කොටස් දෙකක් විතර දාන්නම්.ස්තුතියි ඔබේ අදහස් ටිකට
Deleteබොහොමයක් වටිනවා
Deleteජය වේවා
ReplyDeleteඔබටත් ජය!
Deleteආවේ නම් අදමයි, වටිනා ලිපි ගොඩක් තියෙනවා.
ReplyDeleteජය වේවා!!!
සිනා බො වේවා!!!
සිනා බෝ වේවා!!!
Deleteඉස්සර ඉස්කොලේදි ප්‍රථමාධාර වලට කියා දීපු දේවල්. ඒත් මතක නෑ නෙව. මේ දේවල් ආයේම මතක් කරලා දුන්නට පින් !
ReplyDeleteස්තුතියි මලයෝ
Deleteමේකත් ගොඩක්ම වැදගත් මේ දේ හරියට කලේ නැත්නම පිළිස්සුන පුද්ගලයාගේ ජීවිතේ අවදානමක. ගයානි ඔබේ කොමෙන්ටු තීරයේ පසුබිම් වර්ණය වෙනස් කරන්න හෝ අකුරුවල වර්ණය වෙනස් කරන්න අපැහැදිලි බවක් පෙන්න තියෙනවා
ReplyDeleteදැන් හරිද?
Deleteඅදත් හොඳ වැදගත් විස්තර ටිකක් ගයනිගෙන් අපට. නංගි , තව ටිකක් විස්තර කලා නම් පැහඳිලි ලෙස හොඳයි. ඒ කියන්නෙ කොහොමද අපි රෝගියාව තබා ගන්නෙ, රෝහලට යනතෙක් වගේ විස්තර. ඒ වෙලාවට අපිට කොහොමද ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් වෙන්නෙ වගේ දේත් ලියන්න පුළුවන්නම් වටිනවා.
ReplyDeleteඅක්කේ අපට උපදෙස් දීලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසයි.තව විස්තර තියෙනවා මම ඒවත් අක්කලාගේ දැන ගැනිමට ලියන්නම්.
Deleteමං හැමදාම කියෙව්වා ගයනි.. එහෙම ලේසියෙන් මට පෝස්ට් එකක් මිස් වෙන්නේ නෑ.. ඒත් කමෙන්ට් එකකට දාන්නේ මොනාද කියලා හිතාගන්න බැරැව හිටියේ... හි හි.. මම මේ දවස්වල මගේ හෝම් සයන්ස් පොත හොයනවා ඔයාට කමෙන්ට් කරන්න.. නැත්තම් මගේ නම්බුව කැලේ නේ.. හි හි..
ReplyDeleteකෝරලේ මහත්තයා කියපු එක නම් ඇත්ත... කමෙන්ට් වල අකුරු පේනවා අඩුයි...
එක මිසක්.ඔන්න අකුරු පාට වෙනස් කරා.දැන් හරිද?
Deleteමෙවැනි ලිපි හරිම වටිනව. :)
ReplyDeleteඔන්න අද ඉඳන් නිතර මේ පැත්තෙ එනෝ :)
ස්තුතියි සහෝ.ඔබේ වචන මට ශක්තියකි.හැමදාමත් එන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteප්‍රථමාධාර පාඩම වැදගත් එකක්. අපිට විතරක් නෙවේ පාසල්යන වයසේ දරුවන්ටත් මෙවැනි පාඩම් වැදගත්.
ReplyDeleteඔව් අයියා.දරුවන් නිතරම වගේ අනතුරු වලට ලක් වෙන නිසා වැදගත් මෙවා.
Deleteගෙදර දොර භාවිතා කරන්න පුලුවන් බොහොම ප්‍රායෝගික උපදෙස් ටිකක්... වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තුරු කරන්න තියෙන මේ වගේ දේවල් තුවාල මගින් වෙන්න පුලුවන් හානිය අවම කරයි කියලා මට හිතෙනවා...
ReplyDeleteඔව් සහෝ බෝහෝ දුරට ගලා යන රුධිරය පිටවන තුවාල ඇත්නම් එය පාලනය කිරීම තමයි පළමුව අපි කරන්න ඕන.
Deleteමෙන්න මං ඉල්ලපු පෝස්ට් එක.
ReplyDeleteමම අහලා තියෙනවා ඉස්පිරිතාලෙත් මුලින්ම කරන්නේ රෝගියාව ගලා යන වතුරෙන් හෝදන එකය කියලා.
ස්තුතියි නංගි මේ දේවල් කියලා දුන්නට. අදයි ගමේ ඉදන් ආවේ. ඒකයි කියවන්න පමා උනේ.
පහු ගිය දවස් වල හිටියේ නැති එක නම් ප්‍රශ්ණයක් වෙලා තිබුණෙ.දැන් තමයි හේතුව දැන ගත්තේ
Deleteඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්ත දෙයක්.... මේවා අමතකම වෙලා තිබුනේ,ආයෙත් මතක් කරගන්න පුළුවන් උනා... ජය වේවා අක්කේ...!
ReplyDeleteස්තුතියි මල්ලී.
Delete