Tuesday, December 31, 2013

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ නව අවුරුදු ප්‍රර්ථනාව




ජිඑම්

මගේ පළමු ප්‍රර්ථනාව වනුයේ, මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාගේ ඒ උතුම් පැතුම ඉටු වේවායි!!! යන්නය.

සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස සමාජයට දිය හැකි හොඳම දේ කුමක්ද?

ආදරයෙන් පිරුණු පවුලක් නිර්මාණය කිරීමට හැකි නම්, එය තමයි මනුෂ්‍යයෙකු වශයෙන්  තමන්ට කළ හැකි හොඳම දේ.

මේ ජිවිතයේ තමන්ටම කියා නමක් සහ පවුලක් ඇත. එහෙත් මේ ජිවිතය මිය ගිය පසු ඒ සියළුම නෑ කම් එතකින් නිමාවට පත් වෙයි. ඉන් පසුව උපදින ආත්මයක, වෙනත් නමකින්, වෙනත් පවුලක ඉපදෙති. ඒ නිසා අපි ජිවිතය ගැන අමතක කර , හමු වන සෑම මනුෂ්‍යයෙකු ම සමඟ සුහදව සිනහා සීමට පුරුදු වෙමු. එවිට ජිවිතය ගෞරවණිය විදියට ගෙන යනු ඇත.

සෑම අභියෝගයක්ම සිනහාවෙන් මැඩ පවත්ව ගැනිමට හැකි නම්, එවැනි මිනිසුන් සිටින පවුලක්, එවැනි පවුල් සිටිනා නගර, එවැනි නගර තිබෙන රටවල් ආදරයෙන් පිරි යනු ඇත. එවිට මුළු ලෝකයම ලොකු පවුලක් සේ දැනෙයි. නව වසර සාමකාමි ලෙස පවත්වාගෙන යාමට හැකි වේවා!!!

ලද දෙයින් සතුටු වෙමු
එකිනෙකාට උදව් කරමු
අද දවස සතුටින් නිම කරමු, ඊළඟ දවස සතුටින් ගත කරන්නම්

මෙම මාසය කාර්ය බහුල වු මාසයකි. එම නිසා බ්ලොග් එකට ලිපි ලිවිමද අතපසු විය. එපමණක්ද නොව තවත් වැදගත් අවස්ථාවක් වන බ්ලොග් මිතුරන්ගේ සුහද හමුවද දෙවැනි වතාවටත් මඟ හැරි යන ලදි. . මගේ මිතුරනේ ඔබ සියළුම දෙනාටම සුභම සුභ නව වසරක් වේවා!!!
Read More
Related Posts Plugin for WordPress, Blogger...