Thursday, August 29, 2013

දකුණු ලක සිරි



            පහත රට හැඩ කරන තවත් එක් සුන්දර පිහිටිමක් ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හැඳින්විය හැකිය. ගාල්ල ප්‍රදේශයට වැඩි නෑකමක් ඇති මෙම වන අඩවිය ගාල්ල නගරයට වයඔ දෙසින් පිහිටා ඇත. මාතරින් වුවද පිවිසිමට හැකි මාර්ගයක්ද ඇත. සිංහරාජය හැරුණු විට ඉතිරිව ඇති වන රක්ෂිතය මෙය වේ. ශ්‍රිලංකාවට පමණක් ආවේණික බොහෝ සතුන් ශාක මෙම ප්‍රදේශය තුලදී අපට දැක බලා ගැනිමට පුළුවනි. රක්ෂිතයට ඇතුළු වු මොහොතේ සිටම ඉන් පිට වන තෙක් ගතට දැනෙන සිසිලස පුදුමාකාර සුවයක් ගෙන දෙයි.




            එහි සුන්දරත්ව දැක බලා ගැනිමට යාම  සඳහා මඟ පෙන්වන්නෙකු ගේ සහය ලබා ගත යුතුය. මංපෙත තුළ මුලින්ම හමු වන්නේ ස්වාභාවික ජල තටාකයයි. මෙහි පැමිණෙන සංචාරකයින්ට ස්නායන කිරීමට අවශ්‍ය පහසුකම්ද සපයා ඇත. එහි යන සියල්ලෝම මෙම සුන්දර නානතොටුපලනින් වතුර බිඳක් හෝ ඇඟලා ගත යුතුය.
වෙනිවැල්


මෙම ගසේ කිරි ඉතාමත් විෂය බඳුල්ල කිරි ඇසිඩ් සදා ගැනිම සඳහා භාවිතා කරයි








වල් ඌරෝ කැකුණ තලන විට හබන් කැකුලට රජ මඟුල් ලු


බාඳුරා
            වැදගත් කරුණක් කිව යුතුය. එනම් පසේ ඇති තෙත් ස්වාභාවය නිසා කුඩැල්ලන්ගෙන් නම් බහුලය. ඒ නිසා කකුල් වල ඇඟිලි කරු තුල සිද්ධාලේප වැනි යමක් තවරාගෙන යාමට මතක තබා ගත යුතුය. අපේ අක්කලා නංගිලා නම් මෙම ජිවියාට බිය වෙයි. ඒ නිසා ආරක්ෂිතව යාම වඩාත් සුදුසුය. එහෙත් මෙම නාන තොටුපල ට යන මාර්ගයේ නම් කුඩැල්ලන් නැත. එය මහත් අස්වැසිල්ලකි. 
            
            නාන තොටුපල පසු කර ප්‍රධාන මංපෙතෙහි ඉදිරියට යන විට එහි දෙපස ඇති තෙත් කලාපීය ද්විතියික වනාන්තර පද්ධතියක අසිරිය විඳිමින් යාමට හැකිය.මිටර් 600 ක් පමණ ගිය විට ගල්ලෑලි දොළ හමු වේ.මෙම ස්ථානයේදී ප්‍රාථමික යුගයේ ශාක බොහෝමයක් දැකිය හැකිය.
පළමු ගිමන්හල   
         
            මෙම ස්ථානයේදී වෙනිවැල් බහුලව දැකිය හැකිය.රාත්‍රි කාලයේ සංචාරය කරන්නේ නම් උණුහපුලුවන් සහ ඇතැම් උභයජිවි විශේෂ දැක ගත හැකි වනු ඇත.
උමං මාර්ගය
උමං මාර්ගයට ඇතුළු වන ස්ථානය

            ස්වාභාවික ගල් ගුහාවක් තුළින් ගමන් කිරීමට ලැබිම ඔබට නැවුම් අත්දැකිමක් වනු ඇත.මෙහිදී වවුලන් විශේෂ හා උභයජිවින් විශේෂ රාශියක් දැකගත හැකිය. මෙම ලෙන තුළ පවතින අන්ධකාරය හා සිසිලස ඔබට අත්විඳිය හැකිය.
දෙවන ගිමන්හල


            මෙය මහල් දෙකකින් අලංකාර ලෙස දේශිය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවන ලද්දකි. මෙහිදි අපගේ විඩාව සංසිදුවා ගැනිමට හැකි වන අතරම, විවිධ පක්ෂි විශේෂ දැක බලා ගැනිමට ද හැකිවනු ඇත.
ලෑලි පාලම

            ප්‍රධාන මංපෙතෙන් හැරි අනගිමල්ල ඇල්ල දෙසට ගමන් කරන විට හමුවන දියපහර තරණය කිරීමට දැව යොදාගෙන ඉදිකරන ලද්දකි.
අනගිමල ඇල්ල

අනගිමල ඇල්ල

            ලෑලි පාලම පසුකර ඉදිරියට ගමන් කරන විට අතීතයේ දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග දැක බලා ගත හැකි අතර, එවකට තිබු වෘක්ෂයන් කපා ඉවත් කළ නොහැකිව නැවත පරිසරයට ම එක්වී ඇති අයුරු ද ඔබට දැක බලා ගත හැකිය. ඉතාමත් දැකුම්කළු ලෙස ගල්කුළු අතරින් ගලා බසිනා අනගිමල ඇල්ල දැක බලා ගත හැකිය. මෙම ඇල්ල නැරඹිමට අලංකාර වේදිකාවක් නිමවා ඇති අතර, එහි සිටම ඇල්ලේ අසිරිය විදීමට පහසුකම් සලසා ඇත. තවද ඉතාමත් පරිස්සමින් ඇල්ල ආසන්නයට ගොස්ද එහි සිසිලස විඳ ගැනිමට හැකියාව ඇතිමුත් බොහෝම කල්පනාවෙන් ගල් අතර මාරුවිය යුතුය. ලිස්සා ගොස් ජල පහරට අසුවි ගසාගෙන යාමට හැකි බැවින් සංචාරයම ඛේදවාචකයක් කරනොගෙන සුන්දරත්වය අත්විඳින්නේ නම් මැනවි.
            යෝධ පුස්වැල්ල,මැස්ස මුඳුන,වැටකොළුහේන් දොළ,තවත් ගිමන් හලක් වන නවඳපියස, ගිමන් හල යන ස්ථානයන් පසු කොට නවඳපියස ගිමන්හලට මිටර් 150 ක් පමණ ප්‍රධාන මංපෙතෙන් බැහැරව නන්නිකිත ඇල පසු කර ඉදිරියට ගිය විට වගුරු සහිත භුමියක මෙම විශාල නවඳ ශාකය හමු වේ.මෙය වසර 250 ක් පමණ පැරණිය. ඉරුරාජ,එනසාල් වැනි ශාකද මෙහි ඇත.පැරණි ගොඩනැඟිලි සංකිර්ණය, මිල්ලගහ දොළ,නන්නිකිත පියස ගිමන්හල,තිරුවාන කන්ද,නාරංගස් ඇල්ල ගිමන්හල ද පසු කර යන විට සංචාරයේ අවසාන මංපෙත වන නාරංගස් ඇල්ල හමු වේ. එය අඩි 200ක් පමණ උසකින් යුතු වන අතර වැසි සහිත කාල වලදී තවත් දැකුම්කලුය. 


  • මෙම වන රක්ෂිතය පිළිබඳව අපව දැනුවත් අඩවි වන නිළධාරින් සියළුම දෙනාට ස්තුති කරන්නෙමු.
Read More

Monday, August 19, 2013

විශ්වාසය

      
විශ්වාසය යනු මිනිසෙකුට ආලෝකය වේ. අවිශ්වාසය යනු මිනිසෙකුට අඳුර වේ. විශ්වාසය ගොඩනැඟෙනුයේ සහ රඳාපවතිනුයේ  මිනිස්ගති තුලින්ය. ඒ නිසා වැදගත් වන්නේ හැම විටම මිනිසෙකුට උචිත මිනිස් ගති නිපද විමය. "ඔබ යම් දෙයක් විශ්වාස කරන්නේහිද එය සෑම විටම මෙනෙහි කිරීම වැදගත්ය". වංචාවෙන් දෙගිඩියාවෙන් ඒ දෙස නොබලන්න. යම් කිසි ගැටළුකාරී තත්වයක් ඇති වන්නෙහි නම් ඊට හොඳම පිළියම වනුයේ උචිත පුද්ගලයින් සමඟ ඒ සම්බන්ධව කථාබහා කොට විසඳුමකට හෝ එකඟතාවයකට පැමිණිමය. එහෙම නැතිව පත් වී තිබෙන ගැටළුව හිතේ සඟවාගෙන අදාළ නොවන වෙනත් යමකට හේතු දැක්විම නිශ්ඵල වෑයමකි. අප බෙහෙත් කළ යුත්තේ හටගෙන ඇති රෝගයට මිස හට නොගත් රෝගයකට නොවේ. ජිවිතය අවදානමකට පත් වනුයේ අප විසින්ම ගන්නා තින්දු තීරණ අභියසය.එම නිසා හැම විටම අපි යහපත් මිනිස් ගති බෝ කරමු.

විශ්වාසය ගොඬනැඟෙනුයේ යහපත් සිතුවිලි තුලින්ය
ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අපට ජිවය දුන් දෙමවුපියන්ටත් සැනසිම ළඟා කර දෙත්වා!!! ඔවුන් පතන යහපත් ලෝකය ඔවුන්ට ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය ඔවුන් තුලම නිපද වේවා!!!
යහපතට එරෙහි වන සියළුම සිත් යහපතට නැඹුරු වන  සිත් බවට පත් වේවා!!!  
Read More

Saturday, August 10, 2013

මතකයෙන් බිඳක්








ඈත ඉඳන් අම්මේ නුඹ
මං ගැන හිත ඉකි බිදිද්දී



තරු පායපු නිල් අහාසට

සවන් යොම ගෙන ඉඳිද්දි

හිතේ උපන් රන් සිතුවිලි

හදවත යට ගිනි ගනිද්දී



ඈත ඉඳන් අම්මේ නුඹ

මං ගැන හිත ඉකි බිදිද්දී

මව් සෙනෙහේට හඳ සැලුණා

සටන් බිමේ යුධ වදීද්දී



ගිඟුම් හඬින් පුපුරා යන

වෙඩි හඬ තවමත් ඇහේනවා

මං ගැන නුඹ හඬන හැඬුම්

ඊට වඩා මට ඇහේනවා



අම්මේ නුඹේ අතින් ඉඳිනු

බතේ සුවඳ මට දැනේනවා

සටන් බිමේ මගේ අම්මා

මං ළඟ බව මට හිතේනවා



සටන් බිමේ මරු දැක දැක නැ

කිසි විටෙකදී සැලෙන්නේ

බිව් මව් කිරි නිසයි මගේ

එඩිතර කම ලය රැදෙන්නේ



මගේ රට දැය රකින්නටයි

දිවි නොතකා අවි දරන්නේ

මට දුක මං මැරුණු දාට

මව්පියෝ කවුරුද රකින්නේ



සෙනෙහේ ගඟක් කඳුළු වෙලා

ගලා යන්න දෙන්න ඒපා

අනේ අම්මේ නුඹ මං ගැන

තව තැවී තැවී ඉන්න ඒපා



නිවාඩුවට ආපු දාට

කඳුලින් සිප ගන්න එපා

සටන් බිමේ මියදුණාට //

මගේ අඩුවක් දැනෙන්න ඒපා



ගායනය                 -       වීරසිරි මල්වත්ත

ගී පද සහ තනුව       -       ලාල් මිත්‍රබන්දු



          ගීතය පිළිබඳව අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය නොවේ.ඒතරම් සරල පද සමුහයකි.



            එකමත් එක දවසක ඇසුණු මෙම ගීතයත් සමඟ අද මෙසේ  පුංචියට යමක් ලියා තබන්නට සිතුණි. එක්තරා පුහුණු විමක් අතරතුර වෙහෙස නිවා ගැනිම සඳහා අපේ සහෝදරයෙක්  ගායනා කර මෙම ගීතය මම ඉතාමත් ඕනෑකමකින් ඒදා අසා සිටියෙමි. ඊට ප්‍රධානම හේතුව වුයේ  එම අපූරු ගමනට මා එක් වී එතරම් කාලයක් ඒ වන විට ගත වි නොතිබිම සහ යුද ගිණ හඬ ඒදා කනට ළඟින් ඇසුණු වකවානුක් වු නිසාය. එදවස් පවුලේ උදවියගෙන් ඈත් වී ඒතරම් කාලයක් නොවු හෙයින් හිතට තනිකමක් ගෙන දුන් සහ නුහුරු අත්දැකිම් රැසක් ජිවිතයට යා වු කාලයකි. ඒ කාලයේදී හුදකලාව සහ වෙහෙස නිවා ගැනිමට  මා ළඟ සිටි එකම හිතවතා ගීතය පමණකි. ඒ අතර මේ ගීතය ඉහළින්ම මා හද සනසන්නට සමත් විය.


         එකල නාදුනන මිනිසුන් අතර ඒ ගෙවුණු කාලය ජිවිතයට කොතරම් වටිනාකමක් එක් කළ මතකයන්ද කියා හැඟෙන්නේ එය අද සිහිකරන විටය.ඒදා වගේම මෙම ගීතයට අදත් මම ඇලුම් කරමි.මගේ අම්මා වගේම අහිංසක අම්මලා දහාස් ගණනක් ඒදා යාපනය, මාදගල් වලදී මට හමු විය. ඒ මිනිසුන්ට ද ඒදා තිබුණු එකම හීනය සාමයෙන් නිදහස් ජිවිතයක් ගත කිරීම පමණකි. ඔවුන්ට දෙවුන්දර තුඩුව දක්වා උවමනා කරේ නැත. ඔවුන්ට අවශ්‍ය වුයේ සැනසිල්ලේ ඒදා වේල පිරිමහාගෙන වැටිලා සිටිමට පුංචි ඉඩක් පමණි. එහෙත් එකල ඔවුන් එතරම් වාසනාවන්ත වුයේ නැත. ඇතැම් බල ලෝභින්ගේ අසීමත ආශාවන් හේතුවෙන් වන්දි ගෙවිමට සිදු වුයේ ඒ අහිංසක ජනතාවටය. කන්නට නොව බිමට පවා ජල බිඳක් සොයා ගැනිමට දුෂ්කර ප්‍රදේශයක ගත කල ඒ කාලය  මිනිසෙකු ගේ ජිවන චක්‍රය කියන්නේ සුන්දර සිහිනයක් නොවන බව වටහා ගතිමි. ඔවුන් ජිවත් වෙන්න දරණ උත්සහාය දෙස බලාගෙන මා සිතින් මගේ අම්මා විඳින දුක දුටුවෙමි. ඒ දුක් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන්ගේ සහ මාගේ අම්මාගේද එකම පැතුම වී තිබුණේ සාමය පමණයි.


     සමහරක් මිනිසුන් මනස වෙහෙසන්නේ කුමක් අරඹයාද සහ එයින් තමන්ට ලැබෙන ඵල ප්‍රයෝජනය ගැන සිතෙන විට මිනිසෙකු වි ඉපිද ගත කරන ජිවතය පිළිබඳව හිස් බවක් දැනේයි. එහෙත් අද එම ප්‍රදේශයට පා තබන විට දකින වෙනස ජිවිතයට සැනසිල්ලක් ගෙන දෙයි. ඒ මන්දයත් ඒ ප්‍රදේශයේ ජිවත් වන මිනිසුන් ඔවුන් ඒදා පැතු දේ අද ඔවුන්ට භුක්ති විඳිමට ලැබි ඇත.


      එහෙත් නැවතත් අහිංසක බලාපොරොත්තු බොඳ කරලිම සඳහා පව්කාර මිනිසුන්ගේ පව්කාර සිතුවිලි වලට පණ පොවන්නට වෙහෙසන යුගයකට නැවතත් අර අදින බවක් පෙනේ.
 
Read More

Friday, August 2, 2013

ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ?



මොනවා වෙන්නද ඒත් ජිවත් වෙයි. එහෙමද?


It's amazing how you can speak right to my heart
Without saying a word you can light up the dark
Try as I may I can never explain
What I hear when you don't say a thing


The smile on your face let's me know that you need me
There's a truth in your eyes saying you'll never leave me
The touch of your hand says you'll catch me wherever I fall
You say it best, when you say nothing at all


All day long I can hear people talking out loud (oh…)
But when you hold me near (oh, hold me near)
You drown out the crowd (drown out crowd)
Try as they may, they can never define
What's been said between your heart and mine


The smile on your face let me know that you need me
There's a truth in your eyes saying you'll never leave me
The touch of your hand says you'll catch me wherever I fall
You say it best, when you say nothing at all…oh


Oh, the smile on your face let's I know that you need me
There's a truth in your eyes saying you'll never leave me
The touch of your hand says you'll catch me wherever I fall
You say it best, when you say nothing at all


You say it best, when you say nothing at all
You say it best, when you say nothing at all
(The smile on your face)
You say it best, when you say nothing at all
(The truth in your eyes)
(The touch of your hand)
You say it best, when you say nothing at all
(Let me know that you need me)
You say it best, when you say nothing at all (nothing at all)
You say it best, when you say nothing at all (nothing at all)
You say it best, when you say nothing at all (nothing at all)

රොනන්  කීටින්ග් - Ronan  Keating ... මේ ගීතය රසවිඳින ගමන් හිතන්න යමක්......

පුදුමයි ඔබට මගේ හදවතටම

කථා කළ හැකියි.....

එකම වචනයක්වත් නොකියා

ඔබට අදුර නැති කර ආලෝකවත් කල හැකියි



මම කොතරම් උත්සාහ කළත්, කිසිදින මට විස්තර කළ නොහැකියි.....

ඔබ කිසිවක් නොකියන විටදී මට ඇසෙන දේ....



ඔබේ මුහුණේ ඇති සිනාව

ඔබට මා අවශ්‍ය බව කියයි..

ඔබේ ඇස් දෙක කියන සත්‍ය නම්..

ඔබ කිසිදා මා හැර නොයන බවයි

ඔබේ අතේ ස්පර්ෂය කියන්නේ..

මා වැටෙන හැම විටම ඔබ මා අල්ලා ගන්නා බවයි..

ඔබ එය හොදින්ම කියන්නේ ඔබ කිසිවක්ම නොකියන විටයි.....



මුලු දවස පුරා මිනිසුන් හයියෙන් කෑගසනවා මට ඇසේ

නමුත් ඔබ මා අසල සිටින විට..

ඒ සෙනග ළග නැති බවක් මට දැනේ...



කෙපමණ උත්සාහ කළත් ඔබේ හදවතත් මගේ හදවතත් අතර සිදුවන නිහඩ සන්නිවේදනය නිර්වචනය කළ නොහැක..විස්තර කල නොහැක...

           හ්ම්............................මොකද හිතෙන්නේ ඔබට.....ඉහත ලියා ඇති ඉංග්‍රිසී ගීතය ගැන.මට අහන්න දුන්නේ මගේ හොඳම යාළුවෙක්. මේ ගීතය පුදුම විදියට මගේ හිතට නෙමෙයි, හදවතට කථා කරා.ආදරේ ගැන මම මොනවා ලියන්නද?

       මගේ කාමරේ ලියන මේසයට දකුණු පැත්තට වෙන්න තමයි කැඩපත තියෙන්නේ. කැඩපත හැම වේලාවකම මං දිහා බලන් ඉඳලා. ඒත් අද තමයි මම කැඩපත දෙස හරියටම බැලුවේ. මෙච්චර දවසක් බලලා තියෙන්නේ මගේ මුහුණ කියලා වෙන මුහුණක් දිහා..හරියටම අද මම මගේ මුහුණ දැක්ක නිසා තත්පර,විනාඩි,පැයත් ගෙවෙනකම් බලන් හිටියා. ඒ මුහුණ දිහා බලන්න බෑ ඒ තරමටම වෙනස් වෙලා. දුක වැඩි හින්දා  මුහුණ ඉවතට ගත්තා .

            තමන්ට නිවැරදිව තමන්ව දකින්න අවස්ථාව ලැබෙන්නේ ජිවිතේ එක මොහොතකදි පමණයි. ඒ මොහොත නම් ජිවිතයේ අප පරාජය වෙන විටය. හැබැයි පරාජිත වෙන මොහොතවල් ගොඩාක් අපේ ජිවිතය තුල තියෙන්න පුළුවන්. ගත්ත තීරණ මොනතරම් මෝඩ තීරණද කියලා හිතෙන්නේ ඔන්න ඔය වේලාවට තමයි. මගේ ජිවිතෙත් ඒ වගේ පරාජිත අවස්ථා කිහිපයක් තිබුණා.හෙට දවසේත් එහෙම වෙන්න පුළුවන්.

            පුංචියට පුංචියට නැතිව මහමෙරක් තරමට හිතුවොත් ආදරය,කරුණාව,මෛත්‍රීය මේ කියන වචනත් අපේ සිතුම් පැතුම් පිනවිමට යොදා ගත් නිකම්ම නිකන් හිස් වචන ටිකක් විතරයි. වයසට ගියාම මිනිස්සු ගොඩාක් වේලාවට පිං දහම් කරනවා.ඒ ඇයි දන්නවද? තරුණ කාලේ කරපු පව් සෝදා ගන්න. ආදරය කෙනෙකුට මයාවක් වෙද්දි තව කෙනෙකුට මුළු ජිවතයම වෙනවා. ආදරේ කරලා කෙනෙක් හඬන විට තව දෙදෙනෙක් ආදරේ නැමති මහා සයුරේ ගිලේනවා. මිනිසා මවලා තියෙන්නේ ඒ තරම් අසාධාරණ විදියට.මොකුත් හිතන්න බැරි සෙල්ලම් හදවත් අපට තිබුණා නම්? ආදරේ කෙනෙකුට මහමෙරක් උනාට තව කෙනෙක්ට විහිළුවක්.

ඉහත සඳහන් ගීතයේ මම කැමතිම පද අතර  The touch of your hand says you'll catch me wherever I fall You say it best, when you say nothing at all - ඔබේ අතේ ස්පර්ෂය කියන්නේ..මා වැටෙන හැම විටම ඔබ මා අල්ලා ගන්නා බවයි මෙහෙම ශක්තියක් තමයි ආදරේ කරන ඕනෑම කෙනෙකු බලාපොරොත්තු වන්නේ. All day long I can hear people talking out loud (oh…)  But when you hold me near (oh, hold me near) මුලු දවස පුරා මිනිසුන් හයියෙන් කෑගසනවා මට ඇසේ නමුත් ඔබ මා අසල සිටින විට..ඒ සෙනග ළඟ නැති බවක් මට දැනේ...ආදරේ කරන විට තමන්ට තමන්වත් අමතක වෙන්නේ මෙන්න මේ කියන මොහොත උදා වන විටය.



ආදරේ කරන ඕනෑම කෙනෙකුගේ අවසාන පැතුම..................................................................................................................

ඔබේ ඇස් දෙක කියන සත්‍ය නම්.. ඔබ කිසිදා මා හැර නොයන බවයි.



 ඒත් ඉතිං කීයෙන් කී දෙනාටද මේ අවස්ථාව උදා වන්නේ...!!! ලෝකයේ වැඩිපුරම දකින්නට අසන්නට ලැබෙන්නේ එක් හදවතක් රිදවලා, මහමෙරක් තරම් බලාපොරොත්තු ගොන්නක් දී සහ සුන්දර හීන වල රඳවලා තවත් හදවතකට හේත්තු වෙලා පෙර හිත සුසුම් හෙලද්දී ආදරය බුක්ති විඳින ආදරවන්තයින්ගේ කථාය. ඒ අය හරියට ආදරේ කරන්නේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පෙම්වතුන් විදියටය. තවත් හිතක් හඬවලා කරන ආදරයක් සැබෑ ආදරයක් වෙන්නේ නෑ කිසි දිනක. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් සේ යන ගමන හිතා ගන්නවත් බැරි අවස්ථාවක විදුලිය ඇති රැහනක වැදුණ දවසක ආදරය මරණයක් වේ. පිහාටු තිබෙන තාක් ඌ බල්ටි ගසමින් පියාඹනු ඇත. එහෙත් තටු සිඳෙන කළ සියල්ල නිමා වේ. හිත කියන්නේ මහා පුදුම තැනකී. අපේ අම්මා වගේ සෑම දුකක්ම දරාගෙන සාමාජය ඉදිරියේ හිනා වෙයි. තමන් කෙනෙකුට බලාපොරොත්තුවක් දුන්නොත් ඒ බලාපොරොත්තුව ජිවිතයේ අවසාන හුස්ම පොද දක්වා රකින්න පුළුවන් විය යුතුය. ඒත් ඉතිං මේ වචන ලස්සන සිත් ගන්නා සුළු කතාන්දරයක එක් වැකියක් පමණකි. සැබෑ ජිවිතේ අපි කරන්නේම තව හිතක් රිදවන එකමය. ලෝකයේ කොතැනක හෝ හිතක් සතුටු වෙන කොට තවත් හිතක් හඬයි.



තවත් පුංචි සිතුවිල්ලකට ඉඩ දෙන්න සිතුණාය. මාවතේ අපි කෙතරම් විනීතව ගමන් කළත් අපි ඉදිරියෙන් හෝ අපි පිටුපසින් එන මඟියෝ අවිනීත ලෙස අපිව යට කරගෙන යයි නම්? ඒ නිසා වෙන් හැමවිටම අපේ ජිවිත අවිනිශ්චිතයි නේද? මට කියන්න අවශ්‍ය වනුයේ ජිවිතය මගේ වුවාට එය හසුරුවන්නේ මාව හඳුනන්නේ නැති මිනිසුන් විසින්ය. මතුපිටින්, රූපයෙන් සහ නමකින් මිනිසෙකු හඳුනා ගත් පමණින්ම ඒ මනුෂ්‍යයාගේ ඇතුලත තිබෙන හිතේ සහ හදවතේ ගැහේන රීද්මය හඳුනා ගැනිමට නොහැකි නම්, ඔහුට හෝ ඇයට සැබෑ ආදරයකය හිමිකාරියක හෝ හිමිකරුවෙකු විය නොහැකිය.



මිනිස් හැඟිම් යනු මහා පුදුමාකර දෙයකි. සෑම විටම වෙනස් වෙන සුළුය. පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

  • අපට දැනේන හැඟිම් එකිනෙකාට වෙනස්ය.ඉතිං මේ හැඟිමත් ඔයාලට නුහුරු වෙන්න පුළුවන්.අපට වෙනත් කෙනෙකුගේ හැඟිම් තේරුම් ගන්න පුළුවනි නම්, තවත් හදවතකට දෙන දුකද අවම කරගැනිමට හැකි වේ.

මෙම ගීතයේ සිංහල තේරුම මට කියා දුන්නෙත් ගීතය දුන් යාළුවාම තමයි.ස්තුතියි ඔබට.
Read More
Related Posts Plugin for WordPress, Blogger...