Sunday, December 14, 2014

සෑම කෙනෙකුගේම යහපත වෙනුවෙන්ම යමක් නිර්මාණය කරන්න එය විනාශ නොකරන්න.




අද රටේ දකින දේ ගැන එතරම් පැහැදිමක් නැතිකම නිසාමදෝ මට ලියන්නත් හිතක් නැති තරම්ය.මොනවද මේ වෙන්නේ? එය ඔබටත් මටත් මායාවකි. දකින ඇත්තට වඩා නොපෙනෙන යථාර්තයක් අප ජිවිත තුලම ඇති බව මට හැඟෙයි. ඒ යථාර්තය නම්, මේ ලෝකයේ ජිවත් වෙන සෑම සත්වයෙකුම සතුටින් තබන ඇත්තකි. එහෙත් අවාසනාවකට එය සිහිනයක් පමණි. ඒ මන්දයත් අප තුල පවත්නා ආත්මාර්ථකාමි ස්වභාවය හේතුවෙනි. වර්ථමාන මිනිසා නොමැරෙන ජිවතයක් උදෙසා සටන් කරති. ඒ තුල බොහෝ දේ රැස් කරමින් නිමා නොවන ආශාවන් පසු පසද ලුහුබදිති. මට කීමට අවශ්‍ය දේ හරිහැටි අමුණා ගන්න මා මහත් වෙහෙසක් දරමි. එහෙත් එතනට ඒමට හරිහැටි මාගේ සිතුවිලි අකුරු බවට පත් නොවෙයි. එළිය දුටු මොහොතේ සිට හිරු අවර වන තෙක්ම මුදල් හම්බ කිරීමට පමණක් මුල් තැන දෙමින් ගෙවන දෙබැඩි ජිවිත, නිසියාකාර ව යහපත් මාර්ගයකට ගැනිමට හැකි නම් මා කියන්න අදහස් කරන කාරණාව ඒ මාර්ගයේ යන ඔබට දැක ගැනිමට හැකි වෙයි.

 අපි මැරෙන දවස අපි නොදන්නෙමු. ඒ නිසා ජිවත් වෙන ටික කාලය තුල මිනිසුන්ට තම ජිවිතය තෘප්තිමත් කර ගැනිමට ක්‍රමයක් අවස්ථාවක් මං කියන්නද? මා පෙන්වා දෙන තැනට ගොස් ඔබට ඒ මොහොත සන්සුන්ව විඳ ගන්න පුළුවන් නම්, ඔබට යම් කිසි දිනයක සැනසුම් සුසුමක් හෙලන්නට පුළුවනි.එපමණක් නොව ඔබේ දවස යහපත් ලෙස නිමා කිරිමට ඔබටත් සිතෙයි. දවස හොඳින් නිමා කිරීමට හැකි මනසකට උරුමකම් කියන අඩම්බරකාර සත්වයෙක් විදියට අපි අපේ යුතුකම හරිහැටි කරනවාද? කොහොම ද මේ දවස හොඳ කර ගන්නේ? අනුන් ගේ දෙයක් කඩා වඩාගෙනද?,තව කෙනෙකුගේ හිතක් රිදවලාද?,කෙනෙකුට අපහාස කරලද?කෙනෙකුගේ ජිවිතයක් අහිමි කරලද?කුමන හෝ අරමුණක් උදෙසා තව කෙනෙකුගේ ජිවිතයකට හානි කරමින් ලබා ගන්නා දේ කුමක්ද ? එයින් ලැබෙන්නේ පසුතැවිම සහ දුක වේදනාව විතරමයි. එහෙත් කෙනෙකු ගේ හිතක් සුවපත් කර ලබා ගන්නා තෘප්තිය මිල කළ නොහැකි ප්‍රිතිමත් දෙයක්  බවට පත්වෙනවා නොවනුමානයි.

මේ ළමා නිවාසයට මා පළමුව පා තබන්නට පෙර තවත් ළමා නිවාස කිහිපයකටම යන ලදි. එහෙත් ඒ ගිය සෑම තැනකදීම නොදැණුන කුමක් හෝ වෙනසක් මට මෙතනදී දැණුනාය. වචන වලින් විස්තර කිරීමට නොහැකි එහෙත් වෙනස්ම තෘප්තිමත් හැඟිමක් දැණුන බව නම් මම දනිමි.

මෙම නිවාසයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ලියා තිබු දේ වෙත මාගේ දෙනෙත් පළමුව නතර විය.ඡායා රූප ගැනිම තහනම්ය”.ඒ ඇයිද මන්දා සිතින් සිතාගෙනම මා දොරටුවෙන් ඇතුළු වන ලදි. සිත ප්‍රේහේළිකාවට ලක් වු ඒ ප්‍රශ්ණය එහි සේවය කරන මහත්මියෙක්ගෙන් දැන ගැනිමට මට හැකි විය. එතුමිය කියු දෙයින් මා පුදුමයට පත් විය. මිනිසුන්ට මේ තරම් පහත් තත්වයකට පත් විය හැකිද? මා මගෙන්ම ප්‍රශ්ණ කරන ලදී.

ඔබටත් දැන ගැනිමට මා එය ලියන්නෙමි. මෙම ළමා නිවාසයට එන යන ඇතැම් පුද්ගලයින් මේ අහිංසක දරුවන් ගේ ඡායා රූප අරගෙන ගොස් සමාජයට පෙන්වා මුදල් හම්බ කිරීමේ කූට ව්‍යාපාරක් කර ගෙන ගොස් ඇති බවත්, පසුව එය  පොලිසියට හසු විමත් සමඟ මෙහි ඡායා රූප ගැනිම නම් තහනම් කර බව එතුමිය මට පවසන ලදි. තවත් කෙනෙකු ගේ උදව්වක් නොමැතිව තමන්ට තමන් ගැන බලා ගන්න පුළුවන් කම තිබියදී මොකුත්ම කර කියා ගන්න බැරි මෙවැනි අහිංසක ජිවිත පෙන්වා මුදල් හම්බ කරන්න මනුෂ්‍යයෙක් හිත කොහොම හදා ගන්නවද? ඔවුන්ටයි අපව අවශ්‍ය. පුංචි කාලයේ අපි කියවපු කතන්දර පොත් වල සිටි රාක්ෂයින් මෙවැනි පුද්ගලියින් කියා මට හිතෙයි. පිහිටක් අවශ්‍ය මේ අහිංසක ජිවිත වලට පිහිටක් වෙනවා වෙනුවට ඒ ජිවිත වල අසරණ කම පෙන්වමින් අතපය හතර හයිය තියෙන මනුෂ්‍යයන් විදියට එයින් උපයා ගන්නා මුදලකින් බත් කටක් කටට දා ගත්තේ කොහොමද මන්දා?
Read More
Related Posts Plugin for WordPress, Blogger...