මගේ දැක්ම


<div class="separator" style="clear: both; text-align: center;">
<a href=" http://manasindiviyata.blogspot.com/"><img border="0" src="http://img812.imageshack.us/img812/4642/manju1copycopy.jpg
" /></a></div>


මටත් දෙන්න සහයෝගයක්

දැක්මට පාදක විය යුත්තේ තමන්ට ජිවිතයේ මුහුණ දිමට සිදු වු සිද්ධින් තුලින් හටගත් යම් කිසි සිතුවිල්ලකි. චින්තනය මගේ නොවන අපේ හිත සුව පිණිසම විය යුතුය. 

මනුෂ්‍ය ජිවිතය වර්ණ කළ යුත්තේ ගැළපෙන වර්ණයෙන් මිස අපි කැමති වර්ණ වලින් නොවේයි. තමන් හැම විටම ස්වයංවාරණයක් තුල පිහිටා කටයුතු කළ යුතුය.

දේශපාලනය යනු හොඳ නිර්මාණයකි. මිනිසා ගොඩනැඟිමටත් මිහිදන් කිරිමටත් හැකි අපූරු කලාවකි. එහෙත් වර්ථමාන දේශපාලන භුමිකා රඟ දක්වන මිනිසුන් ගේ කලාව වි ඇත්තේ මිහිදන් කිරිමය.

පුද්ගලයෙකු සමාජ ගත කළ යුත්තේ දැනු‍මෙන්, බුද්ධියෙන් සහ මනා විනයකින් හෙබි යහපත් ආකල්ප වලින් පෝෂිත පුද්ගලයෙකු ලෙස මිස, තව කෙනෙකුගේ අවශ්‍යතාවයට බලපුළුවන්කාර කමකට හිස් පුද්ගලයෙකු නොවේයි. 

 ගුණයෙන් නුවණින් හෙබි පුද්ගලයෙකු වෙනුවට හිස් මිනිසෙකු සමාජයට බිහි විය හැකිය. හිස් පුද්ගලයෙකු සමාජයේ ඉහළ ස්ථානයක වැජඹෙන විට ගුණයෙන් නුවණින් යුත් මිනිසුන් මිලින වනු ඇත. ගුණ නුවන ඇත්තාගේ පැවැත්ම ඒ ආකාරයෙන් හින වි යති.
''කෙනෙකුගේ නොහැකියාව තව කෙනෙකුගේ පැවැත්ම තීරණය කරයි''
-ජිඑම් වෙදගේ-

"මිනිසා තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කර යාමට"වරක් මා මගේ නැගණිය ප්‍රථම වරට විශ්වවිද්‍යාලයට ඇතුලත් කිරීමට කැළණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ ප්‍රධාන පිවිසුම් දොරොටුවේ ඉහළින් දිස් විය.යථාර්ථය එය නොවේද? සැබෑවකි. එහෙත් අපි දරුවා නිර්මාණය කිරීමේදි   සමාජයට මෙහෙවරක් කළ හැකි  ගුණයෙන් නුවනින් හෙබි දූ පුතුන් රටට දායාද කල යුතුය.!!!




4 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔබේ බ්ලොග් එකෙත් නිමාව අති විශිෂ්ටයි.මට නම් මේ වාගෙ දේවල් දාන්න දනුම නෑ.ඒ කියන්නෙ මනසින් බලන්නෝ,විසිටර්ස් වාගෙ අංග ලස්සාන්යි.ඇනිමේශන් එහෙමත් හරිම කලාත්මකයි.ඔබේ ආදර්ශ පාඨය ඇත්ත තමයි .මමත් ඒ ගැන කල්පනා කළා.

    ReplyDelete
    Replies
    1. බෙහෙවින් ස්තුතියි ඔබට.ඔබගේ අගය කිරිම තුල මම මහත් සේ සැනසිමකට පත්විය.

      Delete
  2. It's my fortune to be able to associate and get advices from you who have a great vision mam..! You are great!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...