Sunday, November 17, 2013

අකීකරුද ඔබේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ






පසුගිය දින කිහිපය තුල ලියු ලිපි කිහිපයක්ම ලිය අවසන් කර ගැනිමට නොහැකි වු බැවින් බ්ලොග් එකද පාළුවට ගොස් ඇත. ලිපිය ලියා අවසන් කර ගැනිමට නොහැකි වුයේ සිතේ පවතින නොසන්සුන් බවද යන්න වැටහිමක් නැත. ඒ නොසන්සුන්තාවයට නිශ්චිත හේතුවක් නැති වුවද කුමක් හෝ යමක් ඇති බව මට හැඟෙයි.

 අද සෙනසුරාදාවකි. අවට පරිසරය නිහඬය. ඒ නිහඬ නිශ්කලංක බවට මම තදින් ඇලුම් කරමි. මිනිසුන් සතියේ දින පහේ වැඩ කර ඉතිරි දින දෙක නිවස තුල කාලය ගත කිරීමට පුරුදු වි සිටිති. ඒ දින දෙකට මා වඩාත් ප්‍රිය කරනුයේ වටපිටාවේ පවතින නිහැඬියාව නිසාවෙන්ය. මටත් ඒ නිහැඬියාව විඳින්න ලැබෙනුයේ කලාතුරකින්ය. ඒ නිහැඩියාවත් සමඟ මට මගේ අතීතයට යන්නට සිතුණි.  

ජිවත් විම අප සිතන තරම් සරල නොවන බව මට තේරුම් ගියේ මගේ වයස  අවුරුදු 19 දීය. දෙයක් වෙන්න ඕන මිනිස්සු හඳුන ගන්න. ඒ වෙනසට මුහුණ දෙන්න දෙන්න එවකට මගේ සිත ශක්තිමත් වුවාය. අපේ තාත්තා ජිවිතයෙන් සමු ගන්නා විට මාත් මගේ නංගීලාත් පාසල් යන වයසේය. මගේ අම්මා සහ සහෝදරියන් යනු  මගේ ජිවිතයේ කොටස්ය. ඒ ජිවිත වල හෙට දවස ආලෝකමත් වන්නේ මා දල්වන එළියෙන් බව ඒ වන විට මට හැඟී ගිය කරුණකි. ඒ වැටහිමට , ඒ සිතුවිල්ලට අදට අවුරුදු 14 කී. ඒදා හට ගත් ඒ සිතුවිල්ලට පණ දෙන්න මට පුළුවන් විය. ජිවිතය දෙස ආ පසු හැරි බලද්දී මගේ ජිවිතය පිළිබඳව මම තෘප්තිමත් වෙමි. හැම විටම උත්සහා කළේ අත දුර දේට  පමණක් ඇළුම් කිරීමටය. මගේ සහෝදරියන්ටත් මා එය උගන්වන ලදී. හැමෝටම හැම දේම එකම විදියට පිහිටන්නේ නැත. එම නිසා ජිවිතයට අරමුණක් ඉලක්කයක් තිබිය යුතුය. ඒ ඉලක්කය වෙත ළඟා විම සඳහා සිත ශක්තිමත් විය යුතුය. එපමණක්ද නොව තමන්ගේ  සිත වෙනත් දේ වෙත යන විට අවශ්‍ය කාරණාව අභියස සිත රඳවා ගනිමින් සහ උචිත පරිදී සිත පාලනය කර ගැනිම තමන්ගේ වගකිම වේ.

 අපේ අය සමහරක් අවස්ථා වලදී ජිවන බර දර ගැනිමට නොහැකි වු විට  රජය වගකිව යුතු බව කියමින් දොස් පවරයි. තවත් පිරිසක් තමන්ට පැවරි ඇති වගකිම් සහ යුතුකම් ඉටු කර ගැනිමට නොහැකිව දිවි නසා ගනිති. එහෙමත් නැතිනම් එය ඉටු කර ගැනිමට නොහැකි වේ යැයි යන සිතුවිල්ලේ හිඳ ඒ ගැනම හිත හිත දවස ගෙවති.

එහෙත් මම සිතුවේ මට පැවරුණු වගකිම් සහ යුතුකම් සියල්ල කළ යුතු දෙයක් සහ එය කෙසේ හෝ මා අතින් සිදු විය යුත්තක් බවය. ඒ අනුව පළමු කොට ස්ථිර ඉලක්කයක් සිතින් සිතින් මවා ගතිමි. ඊට අවශ්‍ය මුලික පියවර මම තැබුවේ මේ ආකාරයටය. මුල්ම පියවර ලෙස මට ගැළපෙන මට කළ හැකි මා කැමති ජිවනඋපායක් තෝරා ගත්තාය.එපමණක්ද නොව හිත හිතා ඉන්නේ නැතිව මට අවශ්‍ය දේ පසුපස මම සොයා ගියෙමි. ඒ යන අතරතුර අපහසුතා විඳ ගනිමින් යම් යම් දුෂ්කර කඩඉමිද පසු කිරීමට සිදුවිය. වාසනාව වුවද හැම විටම හැමදෙනාගේම ළඟට එන්නේ නැත. එය සොයාගෙන යා යුතුය. ඒ සඳහා අවශ්‍ය කැපවිම සහ උත්සාහය තමන් සතුව තිබිය යුතුය. මිනිස්සු අපට උදව් කරනුයේ අපි ඒ මිනිස්සු ළඟට ගොස් අපට අවශ්‍ය කාරණාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කළහොත් පමණකි. මම ජිවිතය මටම ආවේණික වු ක්‍රමයකට ඉතාමත් සරලව සොයා ගියෙමි. මේ යන අතර තුර හිත රිදවිම් ඇති වු විට මා කරනුයේ ගීතයක් රසවිඳ එහෙමත් නැතිනම් සිනහා උපදවන චිත්‍රපටයක් නරඹා දුක තුනි කර ගැනිමය. සියල්ල විඳ ගනිමින් අවශ්‍ය ඉලක්කය වෙත මා අද පැමිණ ඇත.

අතීතයෙන් වර්ථමානයට ආ විට පවතින නිහැඬියාවත් සමඟ මගේ සිතේ පුංචි ලතවුලක්ද ඇත. ඒ මන්දයත් දැනට මාහට නිශ්චිත ඉලක්කයක් නැති බැවින්ය. වෙනදට වඩා මගේ සිත අද නිදැල්ලේ සැරි සරයි. ඒ නිසාදෝ මන්දා දුකත් වේදනාවත් අභියස සිත නතර වනවා සේ මට හැඟේ. මේ ගැන සිතමින් වරුවක් පමණ දෙනෙත් පියාගෙන මේ ගීත සමුච්චය රසවින්ඳාය. සිත පුදුමාකාර විදියට සැහැල්ලු වුවා සේම නව ඉලක්කයක් මා සිතේ තැන්පත් විය.

මේ රට මගේ රට මා ඉපදුණ රට ( මාලනී බුලත්සිංහල)

සෙනෙහස ඉල්ලා ( මාලනී බුලත්සිංහල)

සඳකැන් දහාරින් (මාලනී බුලත්සිංහල)

තව දිනක් ගෙවුනා (මාලනී බුලත්සිංහල මහත්මිය  සහ ජානක වික්‍රමසිංහ)

ඔබ මට තරුවකී (ලක්ෂමන් විජේසේකර මහතා සහ නේරංජනා සරෝජනි)

සුදු මුදු රළපෙළ (ටී.එම් ජයරත්න සහ නීලා විකුමසිංහ)

ඉකිගසා හඬනා  (අමරසිරි පිරිස් )

ඒපා යළි ඔබ හමුවන්නට (සුනිල් එදිරිසිංහයන්)

අඳුර බිඳින්නට (විකටර් රත්නායක)

අපි ඔක්කොම රජවරු (වික්ටර් රත්නායක)

කුරුල්ලන්ට ගී ගයන්න (වික්ටර් රත්නායක)

අපේ හැඟුම් වලට ඉඩ දී (විකටර් රත්නායක)

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු (ක්ලැරන්ස් විජේවර්ධන)

කුවේණීගේ ශාපය (හෙන්රි ජයසේනගේ නට්‍ය ගීතයකී)

ඔබේ සිහිලැති සෙවණේ (චිත්‍ර වරකාගොඩ ජනනාත් වරකාගොඩ)

අකීකරුද ඔබේ සිතත් (එඩවඩ් ජයකොඩි)

අකරු මැකි නැ කොළ ගැල වී නැ (එඩ්වඩ් ජයකොඩි)

මේ ජීවනයේ මුළු සංසාරේ (එච් ආර් ජෝතිපාල)

මොනවද මුත්තේ මොකද කරන්නේ (රෝහණ විරසිංහ)

සොර දෙටුවෙක් (සුනිල් එදිරිසිංහ)

තීරය ඇරෙනවා (සුනිල් එදිරිසිංහ)

වළාකුලක් ගෙන (සුනිල් එදිරිසිංහ)

අද දීගෙක (සුනිල් එදිරිසංහ)

මේ අයුරින් අපි සංසාරේ (ටි.එම් ජයරත්න)

බිංදු බිංදු තාරකා (ගුණදාස කපුගේ)

දම්පාටින් (ගුණදාස කපුගේ මලනි බුලත්සිංහල)

මේ ගීත එකිනෙකට වෙනස්ය. නිවි සැනසිල්ලේ අහගෙන සිටින විට එහි අරුථ තේරුම් ගැනිමට ඒතරම්ම අපහසුවක් නැත. මනුෂ්‍ය සිතක් නිවන්න පුළුවන් හොඳම ක්‍රමය සංගීතය බව මම විශ්වාස කරමි. ආදරයටත් සිතක් නිවන්නට පුළුවනි. එහෙත් ඊටත් වඩා සිතක් නිවෙන හොඳම ක්‍රමය සංගීතය වේ.  



වර්ථමායේ අප අශ්වයන් මෙන් දුවන ගමනක ට පුරුදු වි ඇත. ඒ දුවන අතර, ගිමන් නිවා ගැනිමටද අවශ්‍යය. තමන්ගේ ගමන යහපත් මනසකින් යුක්තව යා යුතුය. ඒ සඳහා අවශ්‍ය පසුබිම තමන් විසින් සැලසුම් කර ගත යුතුය. තරහක් කේන්තියක් දුකක් දැණුන විට තමන්ව පාලනය කර ගනිමින් ඉවසිමෙන් තින්දු තීරණ ගත යුතුය.ඒ සඳහා පළමුව මනස සැහැල්ලු විය යුතුය. 
Read More
Related Posts Plugin for WordPress, Blogger...