Sunday, September 30, 2012


පෙනෙන බුද්ධියට දැනුමට සතුරු නොවන්න

    පළමුව ජිවිතයේ දකින්න ඕන මම නොවේද?

ප්‍රශ්ණයකින්ම මගේ නව පිටුව මම අකුරු කරමි.දෛනිකව මට හමුවන, මම දකින, මම කරන කී දේ තුල ඔබ මම සිතනවාට වඩා යමක් ඇති බව මට හැ‍‍ගේ.ඔබ මොකද? හිතන්නේ.

1    මාව අභිබවා ගිය කෙනෙකු දෙස මම බලන්නේ කුමන සිතුවිල්ලකින්ද?

මෙතදනදි මම තවත් කරුණක් මතක් කරමි.එය නම් අභිබවා යන පුද්ගලයා මට වඩා වයසින්, නිළයෙන් පහත් වන්නට පුළුවනි.එහෙත් ඔහුගේ හෝ ඇයගේ සැඟවුණු කුසලතාවය මත එක් අවස්ථාවක මාව අභිබවා යා හැකිය.

එම අවස්ථාව මට දරා ගැනිමට හැකිද?සහ අභීබවා යන ඔහුට හෝ ඇයට තව ශක්තියක්, ධෛර්යක් මා හට දිය හැකි ද !

2    මට වඩා තරාතිරමින් පහළ සිටින කෙනෙකු මට වඩා දැනුමින් පොෂිත ඔබ මම  කරන රාජකාරියට වඩා සැහැල්ලු සැප පහසු රාජකාරියක නිරත වෙයි. එකම කාර්‍යාලයේ සිදු වන මෙම අවස්ථාවට මම කෙසේ මුහුණ දෙමිද? සහ මට මෙය ඉවසිය හැකිද?


ජිඒම්

Read More

Saturday, September 29, 2012

Commander of the Navy


නව නාවික හමුදාධිපතිතුමා,වයිස්අද්මිරාල් ජයනාත් කොළඹගේ

Commander of the Navy,
Vice Admiral Jayanath Colombage, RSP, VSV, USP, rcds, psc
MSc (DS), MA (IS), Dip in IR, Dip in CR, AFNI (Lond)

18 වන නාවික හමුදාධිපතිතුමණි ඔබ තුමාට පළමුව  තෙරුවන් සරණයි.

හිටපු නාවික හමුදාධිපතිතුමා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර නැගෙනහිර විධානයට පැමිණි අවස්ථාවේ ඔබතුමා පිළිබඳ කල අර්ථ කථනය විශිෂ්‍ඨයන් අතර ඔබ අතිවිශිෂ්ඨ බව පිළිබිඹු විය.
1957 වර්ෂයේ ජයනාත් කොළඹගේ නම් පින්වත් පුතු මේලොවට දායාද කළ දෙමාපියන්ට මුලින්ම පිං දෙමි. ගුණයෙන් සහ නුවණින් යුත් පුත්‍රයෙකු රටට දායාද කිරීම පිළිබඳව.
මේතුමා 1978 වන වර්ෂයේ ශිෂ්‍යභට නිළධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් වි ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පිඨයේ අධ්‍යාපනය සහ නිසි පුහුණුව ලබා එම බඳවා (නාවික හමුදාවේ නිළධාරින් බඳවා ගැනිමේ 07 වන බඳවා ගැනිම ) ගැනිමේ දක්ෂතම ශිෂ්‍යභට නිළධාරියාට හිමි ගෞරවණිය අසිපත හිමි කර ගැනිමට සමත් විය.
            තවද නාවික ජිවිතයේ නිළධාරියෙකු ලබන වටිනා විදේශිය පුහුණුවිම් රාශියකට හිමිකම් කියන ලදි.
          කලාකාමි හඳවතක්ද පිරිබව ඔබ නැගෙනහිර විධානයේ ආ‍‍ඥාපතිව සිටි කාලයේ අප දුටුවෙමු. තවද ශ්‍රිමා කොළඹගේ නම් ඔබගේ ප්‍රිය බිරිඳ ,එම මැතිණිය ගැනද වචයක් කිව යුතුමය.එම විධානයේ සිටියදී නාවික පුද්ගලයින්ගේ පවුල් වල දරුවන්ට ඔබතුමිය සොඳුරුතම මවක් විය.සෑම මොහොතකම තම කාලය එම දරු පැටවුන්ගේ සුභ සිද්ධිය සඳහා කැප කරන ලදී.එපමණක් නොව කාන්තා නාවිකයන් ගේ ගැටළු හමුවේද ඔබතුමිය ක්‍රියා කරන අන්දම අපේ පැසසුමට ලක් වන අනෙකුත් කරුණ වේ.   

ආතීතයට යනවානම් නාවික හමුදාවේ මුලික අකුර මා කියවන ලද්දේ ශ්‍රීලංනානෞ රංගල ආයතන‍යේදීය. එවකට එම විධාවයේ නියොජ්‍ය ආඥාපතිතුමා ඔබ විය. ඔබතුමාගේ තිබු සුහදශිලි බව,නීහතමානි බව ආධුණික අපට නාවික හමුදාව තුල ස්ථිර බව ඇති කිරීමට මහත් පිටුවහලක් විය.

මිනිසෙකු තුල කලාතුරකින් පිහිටන බොහෝ මනුෂ්‍යකම් ඔබතුමා තුල ඇත.

ඉන් පසුව ඔබතුමා උතුරු විධානයේ ආඥාපතිව සිටින කාලය තුල මමද එම විධානයට අයත් එක් ආයතනයක රාජකාරි කරමින් සිටියදී ඔබතුමා බැහැ දැකීමට වාසනාව ලබන ලදි. එම මොහොත නාවික ජිවිතයේ මා ලබපු වැදගත්ම විනාඩි කිහිපය විය. ඔබතුමා හැමදාමත් වගේ එදාත් "එන්න පුතා" වාඩි ‍වෙන්න කියලා මාව සම්මුඛ පරීක්ෂණයට ලක් කලේ ඉතාමත් සුහදශීලී ලෙසය .ඔබතුමා බැහැ දකින්න පෙර එදා මා මහත් සිත් තැවුලකින් ද  පිඩාකාරී මනසිකින්ද සිටි කාලයකි.එහෙත් ඔබතුමාගේ වචන මාව නව සිතුවිල්ලකට ගෙන යන ලදී. ඔබතුමාගේ සුපුරුදු නිහතමානී කථා විලාසය ඔබතුමා ඉදිරියට එන ඕනෑම පුද්ගලයෙකුට ආශිර්වාදයකි.මා යම් අධිෂ්ඨානයක් අහස දෙස බලා එදා කළෙමි.එම ප්‍රාර්ථානව අද සැබෑවක් විම පිළිබඳ මම මහත් සොම්නසින් සිටිමි.මා ජිවිතයේ දුටු උතුම් මිනිසුන් කිහිප දෙනා අතර ඔබතුමාද ඇත.

ලබපු උතුම් පත්විම කරගෙන යාමට සියළු දෙවි දේවතාවන්ගේ රැකනරණයත් බුද්ධරත්නයේ ආශිර්වාදයත් දේවියන්ගේ කැමැත්තත් නිරතුරුවම ඔබතුමා හට ලැබේවා! 
-ජිඒම්-
Read More

Monday, September 10, 2012

මිනිසත් බවක මහිමය



මිනිසත් බව උත්තරීතර වන විට මිනිසත්කම දුබල බවකින්ද යුක්තය
   
     මම නුගේගොඩ යාම සඳහා කොටුවෙන් 138 බස් රථයකට ගොඩවන ලදි. දිනය 2012 සැප්තැම්බර් මස 09 වන දිනය.එදින කපිල වස්තු වන්දනා කිරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් ගංගාරාමය පුද බිම වෙත යමින් සිටින ලදි.මා ගිය බස් රථය විහාර මහා දේවි උද්‍යායනය අභියස නවත් වන ලද අතර අවුරුදු 65ත් 70ත් අතර මව්වරුන් පිරිසක් බස් රථයට ගොඩ විම සඳහා කොන්දොස්තර මහහතාගෙන් අවිස්සාවේල්ලට යාමට හැකිද යන්න විමසන ලදි.මෙ බස් එකේ එහේ යන්න බැහැ පවසා ඔහු අහක බලා ගන්නා ලදී.ඒ අහිංසක අම්මලා වෙත සැනකින් එක් කාන්තාවක් මොනවදෝ බස් රථයේ වම් පස සිට පවසනවා මා දුටුමි.බස් රථයේ කොන්දොස්තර මහතා ඇතුළු බොහෝ පිරිසක් සිංහල බෞද්ධයන් බව මට සිතේ.
          එහෙත් එම කාන්තාව මුස්ලිම් කතකි.ඒ මව්වරුන්ට නිවරදි ලෙස යන පාර ඇය විසින් පවසන ලදි.ඒ දෙස බලා සිටි මට මහත් වේඳනාවක් මෙන්ම මහත් සතුටක්ද ඇති විය.
          දුක නම් බස් රථයේ වම් පස සිටි සිංහලයා දෙනෙත් පියා සිටිමය.සතුට නම් අපි නොදකින මිනිසත් බවක් එතන තිබු නිසාවෙනි.
          අනෙකුත් සංස්කෘති සමඟ ගත් කල අපේ සංස්කෘතිය විශාල මිනිසත්කම් වලින් පිරුණු සංසකෘතියකි.එහෙත් අවාසනාවට අද අපි මෙ මිනිසත් බවින් බොහෝ ඈත් වී ඇත.මිල මුදල් පෙරටු කරගත් සමාජයක් තුල මිනිසත්කම අමතක වි ගොස් ඇත.ඔබටත් මමටත් දවසක මේලොව අතහැර යාමට සිදුවන බව පසක් නොවන්නේ මන්ද?
          කුමන දේශයක වාසය කළත් අ‍පේ උරුමය අපි අමතක නොකළ යුතුය.තවද විදේශයන් තුල ජිවත් වන විටද අපි අපේ සංස්කෘතියේ ඇති මහත්මා ගුණ ඔවුන්ට පෙන්විය යුතුය.එම දේශයන් තුල ජිවිත් වෙමින් ඔවුන්ගෙන් අපට නොගැළපෙන යමක් අපි එකතු කර ගන්නවාට වඩා අපේ සාරධර්ම ටික ඔවුන් තුල වගා කීරීමට හැකි නම් එය උතුම් කරුණකි. 
-ජිඑම්-
Read More
Related Posts Plugin for WordPress, Blogger...