Sunday, August 24, 2014

එදා සහ අද අපේ මනස





මේ දෙන්නටම සිදු වු දේ ගැන මට නම් ඇත්තේ කණගාටුවකි

එදා
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද       නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද         නගෝ

හිමියෙකු නැති ගමන් තනි මග කිම්ද  නගෝ

අම්බලමේ නැවතී අපි යම්                  නගෝ



අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන      හන්දා

වසා ගෙන දෙතන බිළිදුගෙ කිරි           හන්දා

බාල මස්සිනා පස්සෙන් එන                  හන්දා

යන්නම් අයියන්ඩි ගම රට දුර               හන්දා

අද
"නංගි ඇඳුමේ හැමතැනම හිල් නේද"

විහිළුවක් කළාට කම් නැත අයියන්ඩි.එහෙත් මෙවැනි විහිළුවක් කීම හරිද මන්දා?

"උඹට මොකක්ද මගේ ඇඳුම ගැන තියෙන රුදාව"

උඹත් නංගීයේ පහරක් ගසා නොයා දිගින් දිගටම ගැසිම හරිද මන්දා?



වර්තමානයේ සිදුවන සිද්ධින් දෙස බැලුවම ලෝක විනාශයට අත වනනවද මන්දා?. අනේ මන්දා අක්කා නංගි මරණවා, තාත්තා පුතා මරණවා, පුතා තාත්තා මරණවා, අම්මා දරුවන් මරණවා, තාත්තා දුව දුෂණය කරනවා, නැතිනම් අනුන්ගේ දේ සොරා ගන්නවා මෙවැනි කථා අතීතයේ නම් අහඹු සිදුවිම් ය. එහෙත් අද වන විට එය සුලභ සිද්ධින් බවට පත් වි ඇත.



වාරියපොළ සිදුවිමත් සමඟ සටහනක් තබන්නට සිතුණාය. අප අසා ඇති පරිදි, අතීතයේ නම් බොහෝ සිදුවිම් අභියස මිනිස් මනස සන්සුන් කරගනිමින් පිළිතුරු දෙන ලදි. එහෙත් වර්තමානය වන විට ඒ සන්සුන් බව වෙනුවට, විකෘති ආශාවන් නිසා මනස නොසන්සුන් කරගෙන ඇත. තරඟකාරි ලෝකය තුල මිනිස් මනස කුමන හෝ පිපාසයකින් නිතර පෙළෙති.



වාරියපොළ සිදුවිමේ තරුණයාට හරි හැටි රැකියාවක්ද නොමැති අතර, එක්දරු පියෙකු බව මාධ්‍ය තුලින් අනාවරණය කරන ලදී. කරුණු එසේ තිබියදී එම තරුණ පියා මෙසේ බස්නැවතුම් පොළේ වේලාව කා දැමිම කණගාටුවට කරුණකි. තවද ඔහුට සිටින්නේ ගැහැණු දරුවෙක්ද? යන්න වග මම නොදනිමි. මෙවැනි සිදුවිම් සුළුකොට ගෙන තැකිම එතරම් හොඳ දෙයක් නොවේ. එම තරුණ පියාගේ දරුවා ගැහැණු දරුවෙක් නම්, ඇය ඇතුළු සමාජයේ ගමන් කරන අනෙකුත් ගැහැණු දැරියන්ට අනාගතයේ දිනක මිට වඩා කඳුළු කථා වලට මුහුණ දිමට සිදුවනු ඇත. ඒදා වචනයට පමණක් සීමා වු රණ්ඩු සරුවල් අද වන විට වෙඩි උණ්ඩයකින් නිමාවට පත්වෙති. එදා දේපළ අරාවුල් ග්‍රාම සේවක මහතාට විසඳිමට හැකි වුවාද අද එය විසදෙන්නේ දෙපිරිසකගෙන් එකෙකුට හෝ දෙදෙනෙකුට මරු කැඳවාගෙනය. මේවැනි සිදුවිම් වලදි ට හෝ ට බැණ වැදිමෙන් සිදු වන්නේ තම නැඟණිය, තම දියණිය, තම බිරිඳ, තම මව මහ මඟ තනිව යාම අනාරාක්ෂිත විමය. තවද දඩබ්බර තම පුතු, තම සහෝදරයා තව තවත් මෙවැනි සිද්ධින් කරා යාමය.අප මේ කරන්නේ උඩ බලන් කෙල ගැසිමය.


ශ්‍රි ලංකාවේ සෑම පවුලකම වාගේ පිරිමි සහෝදරයෙකු ඇත. ඒ සෑම පවුලකම සිටින සෑම ගැහැණු ළමයෙකුම රෙද්ද හැට්ටය අඳින්නේද නැත. තවද තම සහෝදරියකට එවැනි සිද්ධියකට මුහුණ පෑමට සිදුවුවහොත් අද ඒ වාරියපොළ තරුණියට කියන කථා තම සහෝදරියට කීයයිද?



අපේ මනස අද යන්නේ කුමක් ඉලක්ක කරගනිමින්ද?   

Read More
Related Posts Plugin for WordPress, Blogger...