Wednesday, September 18, 2013

බලාපොරොත්තුව




            දිනපතා පුවත් වල ලොකු අකුරින් තියෙන්නේ මොනවද? දිනපතා පුවත් පත් තුනක සඳහන්  ප්‍රධාන සිරස්තල කිහිපයක් පහත දක්වා ඇත.

  • කෝටි 15 ඉතාලි වන්දිය වංචා කළැයි පියාට නඩු
  • දායාරත්න හිමිටත් වරෙන්තු
  • බිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයි
  • ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ
  • සමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයි
  • මැතිවරණ ප්‍රකාශනයට එරෙහි පෙත්සම් විභාගයට
  • ගොවීන්ට දස ලක්‍ෂ 50 ක මුදලක්‌ හිඟ තබා

  • වී... විකුණා ගන්න විඳින දුකක්
  • දරුවාට දඬුවම් කළැයිකිපී

  • ලිංගික අල්ලස් ඉල්ලූ කොට්ටාවේ විදුහල්පතිට ඇප
තරුණ දියණියන් නිසා ඇප ලබා දෙනවා
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්




  • සබරගමුව සරසවියේ

නවකවදයට හවුල් සියලු දෙනාට දැඩි දඬුවම්

* නවකවදය සරසවි බිමෙන් අතුගා දැමීමට ගත් තීරණයක්
* සිසුන්ට දැඩි ශාරිරික මෙන්ම මානසික පීඩා
* සිසුන් නිරුවත් කළ ජ්‍යෙෂ්ඨ සිසුන් 19දෙනකු හඳුනාගෙන

  • අනුරපුරේ සක්විත්තෝ දෙදෙනෙක් කොටු වෙති


       මොහොතක් සිතන්න. අපි මේ දකිනුයේ එදිනදා සිදුවන දේ හි අල්පයකි. එහෙත් මිටත් වඩා භයානක, දුක හිතෙන, පසුතැවෙන බොහෝ දේ මේ රට තුල සිදුවෙමින් පවති. ඇයි මේ ව්‍යසනයන්? කුමක් අරඹයාද ? ඉපදුණා නම් මැරෙන තෙක් සතුටින් ජිවත් විය යුතුය. එහෙත් ඒ සැපත ළඟා කර ගත් යුත්තේ තවත් කෙනෙකුට දුකක් දී නොවේ. එසේ නුනහොත් යන ගමනේ කෙළවර වනුයේ  දුකින්ය. වරදක් කර ලබා ගන්නා සතුටක් නැත. එහි ඇත්තේ දුක, භය සහ නොසන්සුන්කම පමණි. ලෝකයාට පෙන්න සුදු ඇඳගෙන කළු චරිතයක් ජිවමාන කරන මිනිසුන් සිටින යුගයක අපි දැන් සිටින්නේමු. ජිවිතය විඳින්න අවශ්‍යය. එහෙත් ජිවිතය සැපවත් කර ගත යුත්තේ අන් අයට පිඩාවක් අසාධාරණයක් නොවන අයුරින්ය. එවැනි තවත් කෙනෙකු පිඩාවක් නොවන අයුරින් සැප විඳින මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ සිටිති. අපි එවැනි ජිවිත වලට සුභ පැතිය යුතුය.

තවද තමන් ගේ ජිවිතය සැපවත් වන්නේ තව කෙනෙකුගේ දහාඩිය මහන්සියෙන් නම් ඊට සාධාරණයක් ඉට කළ යුතුය. තමන්ට පැවරි ඇති රාජකාරිය නිසියාකාරව ඉටු කළ යුතුය. මේ පිළිබඳව බොහෝ දුරට රාජ්‍ය සේවකයින් දැනුවත් විය යුතුය. මිට අමතරව ව්‍යාපර අධිපතින් තම යටතේ සිටිනා සේවකායේ ශ්‍රමය ලබා ගන්නවා සේම සහ ඔවුන්ගෙන් වැඩි දායකත්වයක් බලාපොරොත්තු වනවාසේම ඔවුන්ගේ අවශ්‍යතාවන් කෙරෙහිද විශේෂ අවදානයක් යොමුකර එම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට උපකාරි කළ යුතුය. එවිට අවශ්‍ය දායකත්වය සේවකයා නොපිරිහෙලා ඉටු කරති. ඔවුන් ලබා දුන් ශ්‍රමයට සරිලන නිසි දිමනා ලබා දිය යුතුය. සේවකායද තමන්ගේ තරම දැන ඉටු විය යුතු සේවාව තම ප්‍රධානීයා වෙත අවංකව ලබා දිය යුතුය. තමන්ගේ දක්ෂතා, දැනුම, බුද්ධිය සහ උගත්කම මත හිමි ස්ථානයක් ලැබි ඇත්නම් ඒ රේඛාවේ සිට වගකිම් ඉටුකළ යුතුය. තමන් වටා සිටින පුද්ගලයින් සැප පහසු ලැබුවාට තමන් ඒ සැපත බලනේ හෝ තව කෙනෙකුට හිරිහැර කර ලබා ගැනිම මනුෂ්‍ය ගතියක් නොවේ. සැපත ලඟා කර ගත යුත්තේ තමන්ගේ මහන්සියෙන් මිස තව කෙනෙකුට අයිති දෙයක් බලහත්කාරයෙන් ලබා ගනිමින් නොවේ.   

මේ සැවොම එකිනෙකාට ගෞරව කළ යුතුය .අභිමානය යනු සෑම සත්වයෙකුට උරුම දෙයකි. මම ගෞරවය ලබන්න කැමති සේම මා ඉදිරියේ ඇත්තාද එම ගෞරවය ඒ ආකාරයෙන්ම බලාපොරොත් වේ. ඒ ගෞරවය ලබා දෙන්නේ නම් එය පෙරලා තමන්ටද ලැබේ.එවිට සතුටින් ජිවිත් වි සතුටින් මිය යා හැකිය.  

Read More

Friday, September 13, 2013

බිඳුණු සිතකට ගලා ආ සිතුවිලි.....පොදක්





            කොතනකින් අරඹන්නද මේ ලියමන.......සිතා ගත නොහැකිය. මගේ බොහෝමයක් ලිපි මම ලියනුයේ ජිවිතය යන වචනය පෙරටු කර ගනිමින්ය. හැමදාමත් වගේ එම වචනයෙන් පටන් ගැනිම පුදුම විමට කරුණක් නොවන බව මට හැඟේ. ඒ මන්දයත් ලෝකයේ සිදු වන සෑම සිද්ධාන්තයක්ම ජිවිතයත් සමඟ බද්ධ වි සිදුවන බැවින්ය. එහි ප්‍රතිඵලය දුක හෝ සතුට වේවා! එය බලපානුයේ ජිවිතයටමය.
            ජිවිතයක් නිතරම කැළඹිමට හෝ නිසල කිරීමට හැකි ප්‍රධාන සාධක කිහිපයක් ඇත. එනම් ඒ ආදරය, රාගය සහ මුදල්ය.
ළදරු අවදිය,ළමා කාලය,පාසල් දිවිය,යෞවනය, විවාහ ජිවිතය සහ සැදෑ සමය, මේ අපි පසු කරන ජිවිතයේ අවධින්ය. මෙම කාලයන් තුල සිදු වු අත්දැකිම් සහ අත්විඳිම් දෙස වෙනස්ම පැතිකඩකින්  දකින්නට හැකිනම් ඇත්තටම අපි ගත කළ ජිවිතයෙන් ලබා ගත් දේ පිළිබඳව සැහිමකට පත් විය හැකිද?කොහෙත්ම නැත. තමන් තරුණ කාලයේ තව කෙනෙකුට දුන් පිඩනයක් දුකක් පිළිබඳව මහළු වියට ගිය පසු  නිතර නිතර මතකයටවිත් “අනේ ඒදා මං එහෙම නොකරා නම් යන සිතුවිල්ලේ හිඳ ලතවිමටත් පසු තැවිමටත් පත්වෙයි.සිත හඬවයි. කාලයත් සමඟ දුක ලබපු පුද්ගලයාට වඩා දුක් දිපු පුද්ගලයා දුක් විඳියි. යථාර්තය එය බව මට සිතෙයි. ඒ නිසාවෙන් අද අදම සිට අපි තවත් මිනිස් සිතක් නොරිදමු.
අත්දැකිම් යනු ජිවිතය පවත්වාගෙන යාමට පහසුවන ලකුණකි. එහෙත් එය සෑම තැනකදිම වලංගු වන්නේද නැත. එකම පිඩාවකට විටින් විට ගොදුරු වන අවස්ථා ඇත. එවැනි අවස්ථා වල මම පෙර කියු අත්දැකිම් ජිවිතය පවත්වාගෙන යමට පහසු වන ලකුණ වෙනුවට ජිවිතය වැරදි දිශාවකට රැගෙන යන සලකුණක් බවට පත් වෙයි. තවත් මිනිස් සිතක හැඟිමක් සමඟ ගනුදෙනු කිරීමේදී බොහෝම පරිස්සමින් තින්දු තීරණ ගත යුතුය. විශේෂයෙන් ම ආදර බැඳිම් පවත්වාගෙන යන විටදී වඩා සැලිකිලිමත් විය යුතුය. කැමති කැමති දකින දකින දේ අභියස තම සිත නතර කිරීම විශාල අවදානමකි. ආදරය සහ රාගය එකම කාසියේ දෙපැත්ත සේය. ප්‍රේමය සහ රාගය පටලවා ගත යුත්තක් නොවේ. හඳවතට පමණක් සෑම විටම ඉඩදීම ආදරය රාගයක් විමට වැඩි ඉඩකඩක් ඇත. ආදරය සහ රාගය යනු මිනිස් සිතක් කිසි විටෙකත් සැහීමකට පත් නොකරන යමකි. ඔබත් මමත් සදාකාලික දිවි පෙවතක් ගත කිරීමට මේ ලෝකයට පැමිණ නැත. සිත කැමති දේට වඩා ළඟ තිබෙන සතුට සැනසිමක් ලබා දෙන්නේ නම් අපි කළ යුත්තේ එය රැක ගැනිමය. අපි මේ මහ පොළවට අගාන්තුකයින් පමණකි. මෙහි අයිතිකරුවන් සේ තමන් කැමති දේ පමණක් රිසි සේ කරනා පුද්ගලයින් අවසානයේ වෙනත් කෙනෙකුට උවමනා පරිදි මේ මහපොළවට යට වෙයි.
            විශ්වාසය රඳා පවතිනුයේ ඔබත් මමත් පවසන වචන මතය. එම නිසා හිතට නැඟෙන සෑම වචනයක්ම තමන්ට ආදරය කරන කෙනෙකුට පැවසිමේදී දෙවතාවක් සිතා බැලිය යුතුය.තමන්ට එය කළ නොහැකිද එයින් ඇතිවන තත්ත්වයන් පිළිබඳව සම්පුර්ණයෙන් නැතැත් යම් වැටහිමක් තිබි යුතය. පොරොන්දු කැඩුණු පසු නිදහසට කරුණු කාරණා කොතෙක් තිබුණත් එය මනුෂ්‍ය ක්‍රියාවක් නොවෙනු ඇත. මම නැවත කියමි. ඔබත් මමත් සදාකාලික දිවි පෙවතක් ගත කිරීමට මේ ලෝකයට පැමිණ නැත. අපි මේ මහ පොළවට අගාන්තුකයින් පමණකි. මෙහි අයිතිකරුවන් සේ තමන්ට රිසි සේ දිවි ගිවිමට ඇතමුන්  ක්‍රියා කළද, එම ක්‍රියා සැදෑ සමය නොසන්සුන් කරයි. අතීතයේ තමන් කළ කී දේ පිළිබඳව මෙනෙහි කිරීමේදී  පසුතැවිමක් පමණක් සිතට ගෙන දෙයි.
බෞද්ධයින් වැඩි වශයෙන් සිටින ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිසුන් මහළු වියට පා තැබු පසු පිනට දහමට වැඩි වශයෙන් නැඹුරු වන්නෝය. එයට හේතුව ලෙස මම දකිනුයේ අතීතයේ තමන් සිදු කළ පව් සමාකර ගැනිමට සහ ඒ තුලින් වර්තමාන සිත සන්සුන් කර ගැනිමට එකම මාර්ගය පිං දහම් කිරීම යන සිතුවිල්ලේ සිටිමය. එහෙත් ජිවිතයේ අවසන් කාලයේ තමන් කරන පිං දහම් තුලින් අතිතයේ තමන් කළ පව් සමාකර ගැනිම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. දෙවියන් වහන්සේ වුවද ඔබ මම කළ විටදි වැරදි වලට සමාව දෙනුයේ එය වැරැද්දක් ලෙස අවබෝධ වී නැවත එවැනි වැරැද්දක් තමන් අතින් සිදු නොවිමට උන් වහන්සෙ ඉදිරියේ පොරොන්දු වුවහොත් පමණි. වරද වරදක් ලෙස දැකිමට මහළු විය එන තෙක් සිටිය යුතු නැත.
            තවද මුදල් යනු අප ජිවිතය පවත්වාගෙන යාමට උපකාරකයක් පමණි.එය මුළු ජිවිතයම කරගෙන මිනිසුන් කරනා නොමනා ක්‍රියා අද සමාජය තුල කොතෙක් නම් ඇත්ද? මුදල් වැඩි වශයෙන් අත ගැවෙසන පුද්ගලයා නිතරම තමන්ට සිතෙන සිතෙන දේ කිරීමට පෙළඹෙති. අතමිට සරු නැති පුද්ගලයා එය ලබා ගැනිමට මුදල් ඇත්තන්ට ගැතිකම් කරමින් ඔවුන්ගේ ඕනෑ ඒපාකම් වලට සහයෝගය ලබා දී මුදල් උපයයි.එහි හරි වැරැද්දක් ගැන මේ දෙපිරිසම ‍නොසිතයි. මුදල් නිසා බොහෝ මිනිසුන් යම් කිසි දවසක තමන් ඉදිරියේම අසරණ තත්ත්වයට පත් වෙයි. විසදුම් නැති පටලැවිලි තුල අතරමං වෙයි. මේ අතර සෑබැ මිනිස් සුවඳ හඳුනනා මිනිසුන්ද ඕනෑ තරම් අප අතර සිටිති. ඔවුන් තමන් උපයන මුදලින් කොටසක් අහිංසක බලාපොරොත්තු සඵල කර ගැනිමට යොදවයි. මිනිසුන් අතර උතුම් මිනිසෙකු වනුයේ වචනයකි හෝ අසරණ වු සිතක් දිරිමත් කරන්නෙකු පමණකි.
            මෙවැනි උතුම් මිනිසුන් සැදෑ සමයට පිය මනින විට පිං දහම් අමුතුවෙන් පිං දහම් කිරීමට අවශ්‍ය නැත.  
Read More
Related Posts Plugin for WordPress, Blogger...