Sunday, August 24, 2014

එදා සහ අද අපේ මනස





මේ දෙන්නටම සිදු වු දේ ගැන මට නම් ඇත්තේ කණගාටුවකි

එදා
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද       නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද         නගෝ

හිමියෙකු නැති ගමන් තනි මග කිම්ද  නගෝ

අම්බලමේ නැවතී අපි යම්                  නගෝ



අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන      හන්දා

වසා ගෙන දෙතන බිළිදුගෙ කිරි           හන්දා

බාල මස්සිනා පස්සෙන් එන                  හන්දා

යන්නම් අයියන්ඩි ගම රට දුර               හන්දා

අද
"නංගි ඇඳුමේ හැමතැනම හිල් නේද"

විහිළුවක් කළාට කම් නැත අයියන්ඩි.එහෙත් මෙවැනි විහිළුවක් කීම හරිද මන්දා?

"උඹට මොකක්ද මගේ ඇඳුම ගැන තියෙන රුදාව"

උඹත් නංගීයේ පහරක් ගසා නොයා දිගින් දිගටම ගැසිම හරිද මන්දා?



වර්තමානයේ සිදුවන සිද්ධින් දෙස බැලුවම ලෝක විනාශයට අත වනනවද මන්දා?. අනේ මන්දා අක්කා නංගි මරණවා, තාත්තා පුතා මරණවා, පුතා තාත්තා මරණවා, අම්මා දරුවන් මරණවා, තාත්තා දුව දුෂණය කරනවා, නැතිනම් අනුන්ගේ දේ සොරා ගන්නවා මෙවැනි කථා අතීතයේ නම් අහඹු සිදුවිම් ය. එහෙත් අද වන විට එය සුලභ සිද්ධින් බවට පත් වි ඇත.



වාරියපොළ සිදුවිමත් සමඟ සටහනක් තබන්නට සිතුණාය. අප අසා ඇති පරිදි, අතීතයේ නම් බොහෝ සිදුවිම් අභියස මිනිස් මනස සන්සුන් කරගනිමින් පිළිතුරු දෙන ලදි. එහෙත් වර්තමානය වන විට ඒ සන්සුන් බව වෙනුවට, විකෘති ආශාවන් නිසා මනස නොසන්සුන් කරගෙන ඇත. තරඟකාරි ලෝකය තුල මිනිස් මනස කුමන හෝ පිපාසයකින් නිතර පෙළෙති.



වාරියපොළ සිදුවිමේ තරුණයාට හරි හැටි රැකියාවක්ද නොමැති අතර, එක්දරු පියෙකු බව මාධ්‍ය තුලින් අනාවරණය කරන ලදී. කරුණු එසේ තිබියදී එම තරුණ පියා මෙසේ බස්නැවතුම් පොළේ වේලාව කා දැමිම කණගාටුවට කරුණකි. තවද ඔහුට සිටින්නේ ගැහැණු දරුවෙක්ද? යන්න වග මම නොදනිමි. මෙවැනි සිදුවිම් සුළුකොට ගෙන තැකිම එතරම් හොඳ දෙයක් නොවේ. එම තරුණ පියාගේ දරුවා ගැහැණු දරුවෙක් නම්, ඇය ඇතුළු සමාජයේ ගමන් කරන අනෙකුත් ගැහැණු දැරියන්ට අනාගතයේ දිනක මිට වඩා කඳුළු කථා වලට මුහුණ දිමට සිදුවනු ඇත. ඒදා වචනයට පමණක් සීමා වු රණ්ඩු සරුවල් අද වන විට වෙඩි උණ්ඩයකින් නිමාවට පත්වෙති. එදා දේපළ අරාවුල් ග්‍රාම සේවක මහතාට විසඳිමට හැකි වුවාද අද එය විසදෙන්නේ දෙපිරිසකගෙන් එකෙකුට හෝ දෙදෙනෙකුට මරු කැඳවාගෙනය. මේවැනි සිදුවිම් වලදි ට හෝ ට බැණ වැදිමෙන් සිදු වන්නේ තම නැඟණිය, තම දියණිය, තම බිරිඳ, තම මව මහ මඟ තනිව යාම අනාරාක්ෂිත විමය. තවද දඩබ්බර තම පුතු, තම සහෝදරයා තව තවත් මෙවැනි සිද්ධින් කරා යාමය.අප මේ කරන්නේ උඩ බලන් කෙල ගැසිමය.


ශ්‍රි ලංකාවේ සෑම පවුලකම වාගේ පිරිමි සහෝදරයෙකු ඇත. ඒ සෑම පවුලකම සිටින සෑම ගැහැණු ළමයෙකුම රෙද්ද හැට්ටය අඳින්නේද නැත. තවද තම සහෝදරියකට එවැනි සිද්ධියකට මුහුණ පෑමට සිදුවුවහොත් අද ඒ වාරියපොළ තරුණියට කියන කථා තම සහෝදරියට කීයයිද?



අපේ මනස අද යන්නේ කුමක් ඉලක්ක කරගනිමින්ද?   

5 Comments
Tweets
Fb Comments

5 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මේ ප්‍රශ්නයට වට පිටේ මිනිසුන් මැදිහත් වුනානම් මේ තරම් බරපතල සිදුවීමක් වෙන්නේ නැහැනේ.කොල්ලට එල්ලවෙන බැනුමකින් හෝ කනේ පහරකින් වැඩේ ගොඩයන්න තිබුනා.නමුත් දැන් මිනිසුන් බාහිර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බයයි.මිනිස්සු හිතනවා මේ කෙල්ල හමුදාවේ හෝ පොලිසියේ වෙන්න ඕන නැත්නම් දේශපාලන ශක්තියක් ඇති කෙනෙක්ය කියා.මේ ප්‍රශ්නයේ මුලටම ගියොත් යුද්ධයෙන් පසුව අපේ සමාජය තුල ඇතිවිය යුතුව තිබූ සංහිඳියාව ඇති නොවීම තුලයි මෙවැනි දේවල් ඇති වෙන්නේ.ලංකාවේ සමාජය තුල පවතින සුදු වෑන් බිය,දේශපාලකයන්ට ඇති බිය,පොලිසිය සහ හමුදාව කෙරෙහි ඇති අහේතුක බිය තුරන් වූ පසු මීට වඩා යහපත් සමාජයක් දකින්නට ලැබේවි.අල්ලාගත යුත්තේ සර්පයාගේ හිසෙන් මිස වලිගයෙන් නොවේ.

    ReplyDelete
  2. ඇත්තෙන්ම අද සමාජය හරිම වෙනස්. කිසිම ගරුසරුවක් නෑ. හැම වෙලාවේම කෝලාහලයටමයි බර. ගැහැණියකගේ වටිනකමක් දන්නෙ නෑ. ඒ විදිහට හැසිරෙන්න අද හැදෙන දුවල පුතාල දන්නෙත් නෑ. මගෙ ඥාතී හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ මෑතකදී උන්වහන්සේගෙ සහෝදරයෙක් නැති උනා. උන්වහන්සේ මලගමට ගෙදරට වැඩිය වෙලාවේ ඒ මියගිය සොහොයුරාගේ තරුණ බිරිය, නාලා තුවායක් පටලවාගෙන ස්වාමීන් වහන්සේ ඉන්නා තැනින් ගෙට ඇතුළු උනාලු. උන්වහන්සේ මට කියනවා අක්කා මට කියන්නට බැහැ මේ ගැන අක්කට පුළුවන්නම් අවවාදයක් දෙන්නය කියලා. මේ තරම් වත් දෙයක් නොහිතා ඇය ඉදිරියට ජීවිතය කොහොම ගෙනයාවීදැයි මම හිතන්නෙ. අද තත්වෙ ඔහොම තමා නංගි.

    ReplyDelete
  3. ඇය මේ තරම් උරණ වුණේ ඇයි කියන ප්‍රශ්නේ මට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. "නිවටයා දුටු තැන එළුවත් රැවුල පානවාලු" කියා ම‍ොකක් ද‍ෝ කතාවකුත් තියනෙවාන‍ේ. නමුත්, එළුවයි, නිවටයයි ම‍ේ චරිතවලට ආද‍ේශ ක‍ළ‍ේ නෑ.

      Delete
  4. ම‍ෙම ද‍ෙදෙනාග‍ෙන් එක් අය‍ෙකුවත් නිවැරැදියි කියා සමාජගත කිරීම එතරම් සුදුසු නැතැයි කියා මටද හැග‍ේ. නමුත්, මෙම තරුණිය තමා පාලනය කර න‍ොගැනීම තමා ප්‍රශ්ණය. කිසිව‍ෙකු විසින් මග‍ේ FB ව‍ෙතද ම‍ේ සිද්ධිය ගැන ප‍ොස්ටුවක් ගැන ටැග් කර තබිනි. නමුත් එය මා ඉවත් කරා.

    බො‍හ‍ෝ කා‍ලයකින් නැවත හමුවූය‍ේ. ඇඹුල් තියල් සාදන ආකාරය ගැන කියුව‍ේ නෑ න‍ේද?

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...