Monday, July 30, 2012

සොල්දාදුවා


විනය ගරුක වුවෝ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෝ වේ
     
 සිවිල් පුද්ගලයාත් සොල්දාදුවත් සමාජය තුල වෙන් කර හඳුනා ගැනිම එතරම් අපහසු කරුණක් නොවේ. ඔහු තුල තිබෙනා මනා විනයත් පිළිවෙලත් නිසාවෙනි. මුලික පුහුණුවේ සිටම තවත් සරලව කියනවා නම් සේවයට එක් වු දා සිටම ක්‍රමානුකුල ක්‍රියා පිළිවෙතක් ඔස්සෙ පුහුණුව ලබන ඔහු හෝ ඇය ජිවිතයෙ තමා හුරු වි සිටි චර්යාවන්ගෙන් ඈත් විමට සිදු වේ. උදාරතර හැඟිමක් පෙරදැරි කරගෙන මව් බිමෙ අඛන්ඩතාවය වෙනුවෙන් හමුදා සේවයට එක් වන පුද්ගලයෙකුට නම් තම පුරුදු වි සිටි පිළිවෙත වෙනස් කර ගැනිමට අපහසුවක් නොමැත.
Read More

Sunday, July 29, 2012

වඳිමි සිරස නමා

මව් පිය වන්දනාව


      2012 දෙසැම්බර් 21 වන දින ලොක විනාශයක් වන බව නොයෙකුත් කථාබහා ලොව පුරා ඇත.මම කථා කරන්නේ එ ගැන නොවේයි. මෙලොව එළිය දුටු දවසේ සිට මෙ දක්වා ලොකයේ සෑම අංශයක්ම විවිධ විපර්යාශයන්  වලට ලක් වෙමින් පැවත එන ලදි. ඒ අතර සංස්කෘතිය ප්‍රධාන තැනක් ගනි. අපේ කම කියන්නෙ මේකට තමයි.ඕනම ජාතියකට තමන්ගේ අනාන්‍යතාවය දිඟ හරින්න පුළුවන් වන්නේ අපිට පරපුරෙන් ලැබිලා තියෙන දෙයින් නොවේද?
Read More

Thursday, July 26, 2012

අම්මා......!

අම්මා
ජිවිතයේ මා ලැබු උතුම්ම තිළිණය ඔබය අම්මේ.
ලොවේ මා දුටු  දිරිය ගැහැණිය  නුඹ වේය අම්මේ...
ආ ගමන නිහඬය.එහෙත් අප වෙනුවෙන් කළ මෙහෙවර අප්‍රමාණය.. 




මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....!
-ජිඑම්-

Read More

ගුරුකුල


May Triple Gem Bless You..!!
Read More

ආදරය

ආදරය මා දකින්නේ
ජිවිතයට ආදරය තිබුණොත් හොදයි නැතත් මොකද?

         අප හැම විටම උත්සහා කරනුයේ අපිට ආදරය කරන අයට ආදරය කිරීම නොව අපි කැමති අයට ආදරය කිරීමය.විරහාව හදවතට ලෙන්ගතු වන්නෙද ඒ නිසාවෙනි.
Read More

"මනුෂ්‍යයෝ වන අපි මිනිසත් බව වර්ධනය කර ගත යුතුය"


                පුද්ගලයෙකු සමාජ ගත කළ යුත්තේ දැනු‍මෙන්, බුද්ධියෙන්, මනා විනයකින් හෙබි යහපත් ආකල්ප වලින් පෝෂිත පුද්ගලයෙකු ලෙස මිස, තව කෙනෙකුගේ අවශ්‍යතාවයට බලපුළුවන්කාර කමකට හිස් පුද්ගලයෙකු ලෙස නොවේ."මිනිසා තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසු කර යාමට"වරක් මා මගේ නැගණිය ප්‍රථම වරට විශ්වවිද්‍යාලයට ඇතුලත් කිරීමට කැළණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ ප්‍රධාන පිවිසුම් දොරොටුවේ ඉහළින් දිස් විය.යථාර්ථය එය නොවේද? සැබෑවකි. එහෙත් අපි දරුවා නිර්මාණය කිරීමේදි  සමාජයට බරක් නොවන දූ පුතුන් දායාද කල යුතුය.!!!


කෙනෙකුගේ නොහැකියාව තව කෙනෙකුගේ පැවැත්ම තිරීණය කරයි"
-ජිඑම් වෙදගේ-
Read More

ඔබේ සෙවනේ මොනවද නොතිබුනේ..........?


                             බොහෝ විට නිවස නැමති කුඩා රාමුව තුලින් කෙනෙකු ඉගෙන ගන්නේ අල්පයක් තරම් දෙයකි.එහෙත් සමාජය තරම් පුළුල් නොව්වාට ඉන් ගත හැකි දේ බොහෝය. මම සමාජටය සෘජුවම විවර වෙන්න ප්‍රථම ජිවිතය යනු මතු පිටින් පෙනෙන සරල ක්‍රිඩාවක් නොවන බව මගේ මැණියන්ගෙන් ඉගෙන ගතිමි.මුවින් නොපැසු දේට වඩා ඔබ ජිවිතයේ බර කරට ගෙන  දෙපයින් නැඟි සිට ක්‍රියාවෙන් ඒ බව පෙන්වන ලදි. කටුක ජිවිතය තුල ඔබ ඔට්ටු වන දෙස බලා මා නෙතු තෙමුණු අවස්ථා අද මම සිහි කරන්නේ හඳ පිරි සැනසිමකින්ය.
Read More

Sunday, July 22, 2012

ප්‍රභාකරන්

මාගේ වෑයම  ඔහු  කළ වීර ක්‍රියා සටහන් කිරීම නෙවේ.ඔහු කල කී දේ බොහෝ ඇත.මෙවන් පාපතර දුරක් යාම මිනිසකු ලබන පාපයකි.මිනිසා තිරිසෙනෙකු නොවන්නෙ ඔහුගේ මොළයත් සෘජුව පිහිටා ඇති කොදු නාරටියත් නිසාවෙනි.එම නිසා ලැබු ජිවිතය මහ පොළවට බරක් නොවන්න ජිවත් වන්න.

ඔහු ලැබු ඊළම

  ජිවිත දහස් සංඛ්‍යාවකගේ නෙත් තෙත් කරමින්,මේ දෙරණට අසුන්දර ගන්දයක් ඇති කර උරණ මිනිසෙකු ලෙස අපේ හදවතට අමිහිරි ආතීතයක් එක් කරමින් මව් බිමින් සමු ගත් ඔබ,
      ඔබ ඔබගේ සිතැඟි පරිදි තම අභිමතය සමාජගත කිරීමට මහත් වේහෙසක් ගත් පුද්ගලයෙකි. ‍‍‍දහා ඔබ ධර්මය, නිතීය, සදාචාරය සහ මිනිසත් කම අමතක කරන ලදී. මා මොහු ගැන මෙහෙමද පවසමි. වර්ගයාට පරාජිත පුතෙක්, පරාජිත ස්වාමියෙක්, වගේම පරාජිත පියෙක් සහ පරාජිත හිතවතෙක් ලෙස හදුන්වමි. මට මෙහෙමද සිතේ,
Read More

Sunday, July 15, 2012

ජිවිතයේ සැනසිම තියෙන්නේ ඔබේ සිත පිරිසිදු නම් පමණයි


ආදරණීය අම්මේ තාත්තේ
                ඔබ ඔබගේ දරුවා මෙලොවට බිහි කිරීමට ප්‍රථම උචිත වට පිටාවක් දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමට උත්සහා කරන්න. ළදරු අවධියේ දරුවාට දක්නට ලැබෙන සෑම චිත්‍රයක්ම ඔහුගේ හෝ ඇයගේ මනසේ රැදෙනවා ඇති. දින දින වැඩි වියට පත් වන විට සිත තුල ධාරණය වේ.ඒ තුලින් ජිවිතය දකින්න පමණක් නොව අත්හදා බලන්නට ද පෙළබෙන බව යථාර්තයකි.යන්තම් දැනුම් තේරුම් ඇති වයසේදී බුද්ධ ධර්මය පිළිබද පොත්පත් දරුවාගේ නෙත ගැටෙන්න තබන්න. ඔවුන්ට පෙන්න එය ඔබ පරීශීලණය කරන්න.ඇසිමට සලස්වන්න.හොද නරක තේරුම් ගන්න පුළුවන් වයසට පැමිණියාම එහි තේරුම ඔහුට වටහා දෙන්න. කාලයත් සමග දරුවා ඔබට වඩා දැනුමෙන් බුද්ධියෙන් ඉදිරියෙන් සිටිමට පුළුවනි.ඒ නිසා වර්ථමානයේ තිබේන ජනප්‍රිය වස්තු බිජ පිළිබද වැටහිමක් දැනුමක් ඔබ ලබන්න.
Read More

පවිටු මිනිසා

අපි ඔක්කොම පියවරු,ඔක්කොම මව්වරු
තුන් සිංහලයම නැදෑයෝ

ඔබ ඇයට තුති පුදන්නේ මෙහෙමද?
                                             ආදරයේ උල්පත වු අම්මා
                                      මා ඔබගේ පුතු වේ
                                      මතු බුදු වන දවසේ  
                                      මා රාහුල පුතු වි........
          පරපුර බිහි කරන්නේ ඇයයි.මතු බුදු වන්නට ප්‍රාර්ථනා පතන්නේ එබැවිනි. තාවකාලික කාමුක ආශාව වෙනුවෙන් ‍පාපතරයින්ගේ ගොදුරක් බවට පත් වන්නේද ඒ මතු බුදු වන්නට අපි ප්‍රාර්ථනා ගෙන එන මව් කෙනෙක් විය හැකිය.දෙමාපියන් පණ දෙවැනි කොට තම දරුවන් රකින්නේ මන්ද? මොහොතකට සිතමු.මව් කුස තුල පිළිසිඳ ගත් දා පටන් බුදු දහමින් පෝෂණය වන අපි ‍මේතරම් කාමුකත්වය පසුපස හඹා යන්නේ මන්ද?අපිට ගැළපෙන අපට අවශ්‍ය දේට වඩා අපි හඹා යන්නේ අපේ කැමත්ත ඔස්සේ නොවේද?ජිවිතයට නොගැළපෙන යමක් ඉතා අවධානමකින් ජිවතයට යා කරන්නේ මන්ද?එහි විපාක තමුන්ගෙත් තවත් අහිංසක ජිවිතත් විනාශ වන බව නොහැගෙන්නේ මන්ද?
          සාමාජයට පිළලයක් වන මේ අමනුෂ්‍යගති වලින් මත් වි සිටින පාපතරයින්ගේ පවිටු ආකල්ප දුරලන්න නීතිය අවධි කළ යුතු කාලය එළඹී ඇත.නැතිනම් මේ මහා පොළව නුහුලන කාම අපචාර නිසාවෙන් ලොකය විනාශ වනු ඇත.පාපතරයින්ගේ ගොදුරු බවට පත් වන ඒ අහිසංක දරුවන්ගේ කදුළු වලට, ඒ ශාපයට අපි හැමොටම වන්දි ගෙවන්න සිදු වනු ඇත. ජිවිත් වන හැමදෙනාම මරණයට බිය බව යථාර්තය වේ.එම නිසා දඩුවමින් මෙල්ල කිරීම හැර වෙන විකල්පයක් ඇතිද?
Read More

Thursday, July 12, 2012

මියුරු රහසකි

සමුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
ආදරේ නිමල ගති විශ්වාසය මත පවති
Read More

Sunday, July 8, 2012

නව්‍යකරණය ගිල ගත් අපේ කාලේ ආලය




ආල වඩන අකුරු පහේ තේරවිල්ල         සකි
රෑට නිදන තනි පැදූරේ නැති සිහිනෙකි    සකි
ආලෙ බිදූණුදා කුමකට කඳූළු හෙලනු     සකි
ආල වඩන යන තේරුම බෝසත් කම     සකි

ආලය යනු උත්තරීතර හැඟීමක අධ්‍යාත්මික ස්වභාවයක් මිස ශාරීරික අවශ්‍යතාවක් නොවේ.ආදරය සහ රාගය පටලවා ගෙන ජිවිතය වරද්දවා ගන්නා පරපුරකි වර්ථමානයේ බිහි වෙමින් පවතින්නේ. යෞවනය දඟකාරයි, හැඩකාරයි, ආවෙගශිලියි, ඒ වගේම නම්‍යශිලියි.නමුත් සරාගි සහ වල්මත් වු සිතුවිලි වලින් යෞවනය අතරමන් කරවන වටපිටාවකි ගොඩනැඟෙමින් පවතින්නෙ.
Read More
Related Posts Plugin for WordPress, Blogger...