Sunday, July 15, 2012

ජිවිතයේ සැනසිම තියෙන්නේ ඔබේ සිත පිරිසිදු නම් පමණයි


ආදරණීය අම්මේ තාත්තේ
                ඔබ ඔබගේ දරුවා මෙලොවට බිහි කිරීමට ප්‍රථම උචිත වට පිටාවක් දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමට උත්සහා කරන්න. ළදරු අවධියේ දරුවාට දක්නට ලැබෙන සෑම චිත්‍රයක්ම ඔහුගේ හෝ ඇයගේ මනසේ රැදෙනවා ඇති. දින දින වැඩි වියට පත් වන විට සිත තුල ධාරණය වේ.ඒ තුලින් ජිවිතය දකින්න පමණක් නොව අත්හදා බලන්නට ද පෙළබෙන බව යථාර්තයකි.යන්තම් දැනුම් තේරුම් ඇති වයසේදී බුද්ධ ධර්මය පිළිබද පොත්පත් දරුවාගේ නෙත ගැටෙන්න තබන්න. ඔවුන්ට පෙන්න එය ඔබ පරීශීලණය කරන්න.ඇසිමට සලස්වන්න.හොද නරක තේරුම් ගන්න පුළුවන් වයසට පැමිණියාම එහි තේරුම ඔහුට වටහා දෙන්න. කාලයත් සමග දරුවා ඔබට වඩා දැනුමෙන් බුද්ධියෙන් ඉදිරියෙන් සිටිමට පුළුවනි.ඒ නිසා වර්ථමානයේ තිබේන ජනප්‍රිය වස්තු බිජ පිළිබද වැටහිමක් දැනුමක් ඔබ ලබන්න.

එවිට ඔබ නිර්මාණය කල පරිසරයත් සමග දරුවා නිතරම උත්සහා කරයි යහපත් ආකල්ප තුලින් ජිවිතයේ තිබේන වටිනා කම තේරුම් ගැනිමට. දරුවා උස මහත් උන පසු කාන්තාවට ගරු කරන්න පුරුදු කරන්න. නිවස තුල නිතරම අඩදබර නම් දරුවාගේ මනස විකෘති වනවා සැකයක් නැත. දරුවා පිළිබද නිතරම අවධානයෙන් සිටින බව දන්වන්න.ඔබ මුදල් පසුපසම නොයා දරුවාගේ ගමන් බිමන්,ඇසුරු කරන පුද්ගලයින්,ඔවුන්ගේ රුචි අරුචි කම් පිළිබද අවධානය යොමු කරන ගමන් ඔවුන් අසාමාන්‍ය ලෙස වැරදි යමකට සිත ඇදි යනවා නම් වහාම ඒ තුලින් ඈත් කරන්න.දරුවගේ සිත රිදෙයි කියලා තමන්ගේ සිත රවටා ගන්න එපා.ජිවත් වෙන්න සල්ලි උවමනා තමයි.එහෙත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා තමන්ගේ අනෙකුත් වගකිම් පසෙක දමා ඉතිරි කරන්නම විතරක් ගියොත් ජිවිතය දෙස ආපසු හැරිලා බලන ඔබට ඉතිරි වන්නේ නෙත ළග කඩා හැලෙන්නට වෙර දරණ කදුලක ලතවුලක් විතරයි.පාසල් අධ්‍යාපනයෙන් පමණක් නිර්මාණශිලි දරුවෙක් බිහි කිරීමට නොහැකිය.කුඩා කාලයේ පටන් දරුවා යහපත් ඇසුරුට යොමු කරන්න.හොද නරක මොනවද කියලා දරුවාට වටහා දෙන්න. එවිට අයහපත් සිතුවිලි වලට තම සිත තුල ඉඩක්  දෙන්නේද නැත.ලොකයේ හැමොටම නැති වටිනා සංස්කෘතියක් තිබියදි අපි යම් විනාශකාරි දේ වෙත නැඹුරු වේ නම් ඒ අපේ පව්කාර කමය.දරුවාට හුදකලා වෙන්නට දෙන්න එපා. මාස තුනකට වතාවක්වත් නොගිය ඓතිහාසික  වටිනාකමක් ගෙන දෙන ස්ථානයක් වෙත පවුලේ හැමොම එකතු වි යන්න.දරුවගේ උපන් දිනයට නැති බැරි අසරණ කිහිප දෙනෙකුට හෝ තමන්ට හැකි අයුරින් උපකාරයක් කරන්න.ආදරණීය අම්මේ අද දරුවාට ප්‍රථම අපේ දෙමාපියන් විදේශිය බලවේග වෙත ඉතා යුහුසුලුව සිත් යොමු කොට ඇත.විලාසිතව යනු ඇග පෙන්විම නොවේ. අයියට මල්ලිට පෙන්න නංගිව අක්කව ඇඟ පසඟ පෙන්න අඩ නිරුවතින්  එළියට බස්සන්න එපා. දමනය කර ගත නොහැකි තරුණ සිත ඔහුගේ ආශාවන් තම සහොදරින්ගෙන් නොව වෙනත් අහිංසක දැරිවියකගෙන් ලබා ගන්න උත්සහා කරයි.දරුවන්ගේ සිත නිවෙන ආකාරයට වටපිටාව සකස් කරන්න.බුදු දහමවත්,අපේ සිරිත් විරිත් ටිකවත් අමතක කර මේ ගමන යන්න එපා. යකඩ කුරූ අතර සිරවු පුද්ගලයෙක් හෝ අප්පෙක් නැති බඩ දරු අම්මෙක් සමාජගත කරන්න ඔබ නොදැනුවත්ම පරිසරය සකස් කරන්න එපා.ඒ ලතවිම ඔබේ සැදැසමයට අරං යන්න එපා.           -ජිඑම්-   
2 Comments
Tweets
Fb Comments

2 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. ඒකෙන් කමෙන්ට් කරන්න හරිම කම්මැලි හිතෙනවා

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...