සැරිසරණ විට








එසේ වුව සොයුරනි
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව මම දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව මම දනිමි .කරුණාරත්න පරණවිතාන
මෙතනට යන්න තව දැනුම වැඩි කර ගන්න
==================================================================
ජිවිතය යනු තාවකාලීක මිරිඟුවකි. එහි පැවැත්ම එතරම් කාලයක් රඳා නොපවති. සියළුම බලතල ඒ සමඟම වැළලි යයි. එම නිසා අපේ සිතුවිලි කොතනක හෝ ලියා තැබිය යුතුය. ගාමීණිගේ විජිතය  දෙසට යන්න. එවිට එහි නියම සත්‍යතාවය ගවේශණය කළ හැකිය. අනාගතය එය ග්‍රහනය කර ගැනිමට රුචි වන්නෙ එහි ගැබ්ව ඇති වචන වල තිබෙන පෝෂණ තත්වය අනුව ය. බුදු රජාණන් වහන්සේ ඇතුළු ලොවපතල දාර්ශණිකයන් ගේ සිතුවිලි ලොවක් පිළිගෙන නිහතමානි ලෙස එයට අනුකුලව ජිවිතය සුවඳවත් කරගනිමින් තවත් මිනිසෙකු පෝෂණය කිරීමට උත්සහා ගන්නේ ඒ නිසාවෙනි. ත්‍රිපිටකය, ධම්ම පදය ඒ බව කදිමට පෙන්වා දෙයි.
අපේ මුවින් පිටවන සහ ලියවෙන වචන කිහිපයක එකතුවකින් නිර්මාණය වන යහපත් සිතුවිලි ආකල්ප බවට පත් වෙමින්  උසස් මිනිසෙකු ඒ තුලින් නිර්මාණය කරලිමට හැකි නම්, එයම වේ අපි ලැබු මනුෂ්‍ය ජිවිතයට දෙන්න පුළුවන් වටිනාම තුති පඬුර. එවන් වු මගේ ඇසට අසු වු ඔබේ සිතුවිලි මම මෙහි කොටා තබමි.

=================================================
මම මේ වසරේ බලපු ලිපි අතර හරවත් ලිපියක්. 

=================================================
* 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද?

=================================================

රස්සාවට යුද්ධ කරන්න...

දිනන්නටම නොවේ සටන
රැක ගන්නනම් දිවි
මැරිය යුතු වෙයි
සියළු සතුරන්.............

නොඑසේනම්
වෙඩි වැදිය හැක
පපුතුරට මෙන්ම පිට කොන්දටත්....

අතුරුදහන් විය නොහැකිය,
පරාජයනම් මිය යෑමමය,
රස්සාවට යුද්ධ කරනා අපේ
වන්දියවත් බිරින්දෑට ලැබෙන්නට
දරු බිළිඳුන් රකින්නට....

ත්‍රස්තවාදී ශුක්‍රානු
උතුරු නැගෙනහිර හැම
වැව්, පොකුණු, ලිඳකම..

දියට බසිනා සංචාරක ස්වේත
සිංහ ධේනු ස්නානය පිණිස
පරිස්සමින්.....................

නැවතත් මෙහි යුධ රස්සාව හොඳ නැත
වරමක් ගෙන "හයිටි" යමි..... මේ පාර දිගේ
===================================================

  • ·         'නමෝ නමෝ මාතා' ගීය වෙනුවෙන් සීරුවෙන් සිටිමි. නමෝ නමෝ මාතා, ශ්‍රී ලංකා මාතා වීම තුළ ඇති ආධිපත්‍යවාදී දේශපාලනය මම හෙළා දකිමි. මම සිංහලයෙක්මි. ජාතිවාදය නොවන මගේ සැබෑ උරුමය ගැන මම ආඩම්බර වෙමි. අපි එය සොයා යා යුතු වෙමු.  ‍ඉතිරි ටික
============================================================

  • ·         එක රටක්. සෞඛ්‍ය සේවා වර්ග දෙකක්. එක සමාජයක්. සැලකීමේ විධි දෙකක්  රාමචන්ද්‍ර
=============================================================


1. ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය
2.
ශ්‍රමය යෙදවීමකින් තොරව රැස් කළ ධනය
3.
සිත් පිත් නැති විනෝදය
4.
හික්මීමක් නොමැති දැනුවත්කම
5.
සදාචාරයක් නොමැති වෙළඳාම
6.
දයාවක් නොමැති විද්‍යාව
7.
පරිත්‍යාගයක් නොමැති වන්දනාව

=============================================================


අවදි වන්න                  නිරවුල් මනසකින්
අඳින්න                        පිරිසිදු දුටුවන්ගේ සිත් නිවන ඇඳුමක්
එන්න                          ඉදිරියටම
හමු වන්න                    පිරිසිදු සිතකින්
කන්න                         ගුණදෙන පොෂණය
බලන්න                       නෙතට පිනවිමට වඩා මනසට නිදහස් වන යමක්

සිනාසෙන්න                මනෂ්‍යයෙකු ලෙස
නොකියන්න                මුසාබස්
සොයන්න                   ජිවිතයට වැදගත් යමක්
කියවන්න                    මනසින්
පිහිට වන්න                 අහිංසක ආබාධිතයන්ට
මිදෙන්න                     වරදින්
හැසිරෙන්න                 තැනට සුදුසු ලෙස
ඇසුරු කරන්න            තමාට වඩා ගුණයෙන් යුත්තන්
වැඩ කරන්න               උපයන මුදලට සරිලන ලෙස
බෙඳන්න                     ඔබේ දැනුම ගුණය
වළකින්න                    සුරා සුදුවෙන්
======================================================



ජිඑම් වෙදගේ

No comments:

Post a Comment

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

Related Posts Plugin for WordPress, Blogger...