දින කිහිපයකට පෙර තවත් එක් දිනක් සොදුරු දිනයක් ලෙස නිමාවට පත්
කිරීමට මට හැකි විය. මම වර්ථමානය හැඩ කරන්නේ ත්‍රිකුණාමලය
ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල පවතින දේශගුණික තත්වය පිළිබඳව අමුතුවෙන් කිව යුතු
නැත. එහෙත් වේගවත් ක්‍රොන්ක්‍රිට්
සංවර්ධනයක් සිදු වෙමින් පවතින කොළඹ ප්‍රදේශයට වඩා මෙහි උෂ්ණත්වය මට නම් සිසිලසකි. තවමත් මෙහි තිබෙන ගහකොළ අපට අවශ්‍ය
සිසිලස ලබාදෙයි. එම නිසා ස්වභාවධර්මය විටෙක අපිට හරස්
වන විට විටෙක අපිට රැකවරණය ලබා දෙයි.
කොනේශ්වරම්
ඇතැම් පෙම්වතුන් දිවි නැති කර ගත් ස්ථානයකි |
මට සිතෙන පරිදි වර්ථමානයේ ත්‍රිකුණාමලය
නගරයට තිබෙන වටිනාම සම්පත කොනේශ්වරම් කෝවිලයි.. ත්‍රිකුණාමලය නගරයේ සිට ක්‍රි.මි. 2 ක් පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති
මෙම පුදබිම ජාතී ආගම් භේදයකින් තොරව ලෝකවාසී බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙති. බෞද්ධ ජනතාවගෙන් බහුතරය මෙම පුදබිම
වන්දනාමන කිරීමට ප්‍රධාන හේතුවක් වනුයේ පුරාණයේ ඒ කියන්නේ කොනේශ්වරම් කෝවිල
ඉඳිකිරීමට ප්‍රථම බෞද්ධ විහාරයක් මෙම ස්ථානයේ තිබුණු බවට ඇති විශ්වාසය මතය.
ඒ කෙසේ වෙතත් අධ්‍යාත්මික සුවයක් උදෙසා
තම හදවතින් සහ පිරිසිදු චේතනාවෙන් සිදු කරනු ලබන
වන්දනාමානයෙන් ලැබෙන ආශිර්වාදයත් ශක්තියත් තමන්ගේ යහ පැවැත්මට රුකුලකි. අවශ්‍ය වන්නේද එයම වේ. කුමන හෝ විශ්වාසයකින් ගොඩනැඟෙන සහ
උපදින සිතුවිලි ප්‍රයෝගික ජිවිතයට සහ බහුතරයගේ ප්‍රයෝජනයට යහපතක් වේ නම්, එහි තිබෙන අතීත සිදුවිම් අපි අමතක කරමු. මම විශ්වාස කරන දෙවියන් අපි කා හටත්
පිහිට වෙති. අවශ්‍ය වන්නේ තම පිරිසිදු චේතනාව දෙවියන් ඉදිරියේ මෙනෙහි කිරීම පමණි.
කොනේශ්වරම් කෝවිලට ඇතුළු වන ප්‍රධාන
දොරටුව නිර්මාණ කර තිබෙන ආකාරයට බස් රථ එම දොරටුවෙන් ඇතුළු කිරීමට නොහැකිය. ඒ ගැන සිතිමටවත් දුක් විමටවත් අවශ්‍ය
නැත. බස් රථය ඒ අසල පිහිටි රථ ගාලේ නතර කර
පා ගමනින් ඒ අවට සුන්දරත්වය විඳිමින් ගමන් කිරීම අස්වාදජනකය. තවද එම පිවිසුම් දොරටුව කෙතරම් නම් රටට
වටිනාකමක් ගෙනෙන කෞතුක වස්තුවක්ද යන්න සේයා රූ දුටු විට හැඟෙණු ඇත.
මිටර් 800 ක් පමණ දුරක් ගෙවා යන විට මඟ දෙපස තිබෙන සල්පිල් තුලින් ඇසෙන මියුරු රාවයන් සිත
සතුටු කරයි. ඒ මන්දයත් එක් පසෙකින් ඇසෙන මිහිරි
පිරිත් සජ්ගායනාද අනෙක් පසෙන් දෙසවන් පිනවන දමිළ ගිතීකාද නිසාවෙනි. එය හිතට ළඟාකරන්නේ සියුම් සැනසුමකි. කෝවිල උදෑසන 1100 පැයේ සිට පස්වරු 1300
පැය දක්වා විවෘත නොතබයි.
උණුදිය ළිං
ත්‍රිකුණාමලය නගරයේ සිට ත්‍රිකුණාමලය වව්නියාව
මාර්ගයේ ක්‍රි.මි. 18 ක් පමණ දුරක් ගෙවා ගිය විට කන්නියාව නම් ප්‍රදේශයේ පිහිටා
ඇති මෙම උණුදිය ළිං දැක ගැනිමට හැකිය. පැමිණෙන බොහෝ පිරිසක් මෙම ළිං තුල
තිබෙන ජලයෙන් ස්නායනය කරයි. හරි විනෝදයි. තවද එම ප්‍රදේශයන්ට ආවේණික නොයෙකුත්
කෑම බිම අපි වෙනුවෙන්ම සැදි පැහැදි සිටියි.
වෙල්ගම් වෙහෙර
උණුදිය ළිං නැරඹිමෙන් පසු තවත් ක්‍රි.මි. 5ක් පමණ වව්නියාව දිශාවට වන්නට පිහිටා ඇති ඓතිහාසික මෙම පිංබර පුදබිම
දැක ගැනිමට හැකිය. එම මාර්ගයේ දෙපස ඇස ගැගෙන විට නම් හිතට
දැනෙන්නේ සංවේගයකි. හිත්පිත් නැති ත්‍රාස්තවාදීන් විසින්
කෘර ලෙස විනාශ කර ඇති ප්‍රදේශයකි. අතීතයේ මෙහි බෞද්ධ සිංහල, දමිළ, මුස්ලිම්, සිංහල කතෝලික සහ දමිල
බෞද්ධ බොහෝ මිනිසුන් ජිවත් වු ප්‍රදේශයකි. එදාත් අපි සංවර්ධනය වෙමින් පවතින රටකි. අදත් අපි සංවර්ධනය වෙමින් පවතින
රටකි. එහෙත් වෙල්ගම් වෙහෙර වැනි පුජනීය බිම්
තුල පිහිටා ඇති නිර්මාණයන් දෙස බැලු කල කිසි විටෙකත් නොහැඟේයි, පුරාණයේ මෙම දේශය සංවර්ධනය වෙමින් පැවති බවක්. එදා අපි සංවර්ධිතය. එහෙත් වර්ථමානයේ අපි සංවර්ධනය වෙමින්
පැවතිම සත්‍යයකි. වර්තමාන මිනිසා තුල පිහිටා ඇති කුහකකම
සහ මමත්වය නිසාවෙන්ම අද අපි පරාජිත ජාතීයකි. එදාත් යුද්ධ තිබුණේය. එහෙත් එදා වැසියන් මව්වත් ගුණයන්ගෙන් පෝෂිත රටට ආදරය කළ ජාතියකි.
වෙල්ගම් වෙහෙර පිළිබඳව තව දුරටත් හඳුන්වනවානම් නැගෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩය. එසේ පැවසිම වරදක් නැතැයි එහි යන ඕනෑම අයෙකුට හැඟෙනු ඇත. අනුරාධපුරය යුගයේ මුල්ම බෞද්ධ ශ්‍රේෂ්ඨ නරපතියා වු දේවානම්පියතිස්ස රජතුමා විසින් දෙතිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරවීමෙන් මෙම විහාරය කරවු බව වංශ කතාවල කියවේ.
ඉන්පසු පළමුවන බාතිය, දෙවන අග්බෝ, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ
නරපතියන් විසින් වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව සෙල්ලිපි සාක්ෂි දරයි.
10 වන සියවස අගභාගයේ දී රජරට සොළී පාලනයට
යටත්ව පැවති යුගයේ බෞද්ධ වෙහෙර විහාර සොලින් විසින් කෘෘ ලෙස විනාශ කරනු ලැබුවත් සොලීන්
ආරක්ෂා කළ එක් විහාරයක් තිබිම ඉතිහාසඥයන්ගේ මවිතයට හේතුවී තිබේ. ඒ වෙල්ගම් විහාරයයි.
මීට හේතුව වෙල්ගම් රජමහා විහාරය අසල
වෙල්ගම් බලකොටුවේ දෙමළ බෞද්ධයෝ සිටීමයි.
පොළොන්නරු යුගයේ ලක්දිව ශ්‍රේෂ්ඨතම
විහාරයක් බවට වෙල්ගම් වෙහෙර පත්ව තිබුණි. නමුත් කොට්ටේ යුගය වන විට රජරට මෙන්ම වෙල්ගමද අලි, වලසුන්ගේ ක්ෂේම භුමියක් බවට පත්විය.
අනුරාධපුර පොලොන්නරුව දඹදෙනි රාජ
සමයෙහි බොදුනුවන්ගේ මුදුන් මලකඩ වු වෙල්ගම් රජමහා විහාර සංකිර්ණය හා මනාවතු නුවර
අද නටඹුන් වී ඇති අයුරු සංවේගයෙන් අපට සියැසින් දැකිය හැක.
මහජන ආධාරය මත යැපෙන තත්වයට පත්ව ඇති
වෙල්ගම් රජමහා විහාරය සහ වෙල්ගම් වෙහෙර ගම්මානය නැවත ගොඩනැඟිමට ගරු විහාරධිපති
හිමියන් අප්‍රමාණව වෙහෙසක් දරයි.
මෙම
හරවත් මෙන්ම වටිනා විස්තර මා හට ලබා දුන් උන්වහන්සේ ගෞරවපුර්වකව සිහිපත් කරමි! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! එය ගරු විහාරධිපති හිමියන් ගේ ප්‍රර්ථාවයි!
ගරු
විහාරධිපති,
අමරපුර
මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ
ප්‍රධාන
සංඝනායක අම්පිටියේ සීලවංස තිස්ස ස්ථවිර,
කන්නියාව,ත්‍රිකුණාමලය
ඔසු පැන් සදා දෙන මේ මව්තුමිය තුල පිහිටා තිබෙන මව්වත් ගුණ මෙහි යන එන හැමෝගේම හදවත් වලට දැනෙයි |
වෙල්ගම් වෙහෙර ජනතාව මේතරම් වෙහෙසෙන්නේ |
෴ජිවන ගමනේ තවත් එක් අමරණීය දිනක් එසේ
නිමා විය෴