අපේ ගම |
“අපේ
ගම මාතර” මා මෙතෙක් කියවපු පොත් අතර වඩාත් මගේ සිත් ගත්
පොතකි. කතුවරයා සමරසිංහ ගුණසේකරය. එතුමන් විසින් එළි
දැක්වු පොත් කිහිපයක් පහත සඳහන් වේ.
තනි කුඹියා
ගහකොළ
අපේ යාළුවෝ
අමුතු
වැඩට කැමති අයට
පමා
වුණත් එමි අකුරට
මෙන්න
අපේ අමුතු සේන
හිනායන
කතාවක්
එයි
අම්මා විගසකිනේ
මිට
අමතරව පර්යේෂණ කෘති දෙකක්, අප්‍රිකානු නවකතාවක් හා Doctor Dolittle කතා මාලාවේ කතා පොත් 12 ක්ද සිංහලයට පරිවර්තනය කර
ඇත.
කතුවරයාගේ සටහන
මාතර අය බොහෝ දෙනෙක් කියන්නා සේ ද මගේ ගම මාතර
යැයි කිව්වත් ඇත්තම කිව්වොත් මා ඉපදුණේ මාතර නගරය අසබඩ පිටිසර ගමකය.
කතු සටහනට අනුව එම කියමන අදටත් වලංගුය. මේ ආකාරයට
තවත් බොහෝ කාරණා කතු සටහන තුල ලියා ඇත. “අපේ ගම මාතර” නම් කෘතිය පනස් වසරකට පෙර මාතර පිළිබඳව
කතෘතුමාගේ සිතේ ඇඳි තිබෙන චිත්‍රයයි.
කතු සටහනේ තව දුරටත් මේ ආකාරයට සටහන් වි ඇත. කාලයාගේ
ඇවෑමෙන් මේ චිත්‍රයෙහි ඇත්ත ඇති සැටියෙන් නිරූපණය නොවු තැන්, දුර්වර්ණ වු තැන් හා
බොඳ වු තැන් ද තිබෙන්නට ඉඩ තිබේ.
අවසාන වශයෙන් කතු සටහන මේ ආකාරයට අවසන් කර ඇත.
“මේ නහින දෙහින කාලේවත් ඇත්ත ඇති සැටියෙන් ලියන්නට
හැකිවීම මට සතුටකි”.
කොටස් දෙකකින් සමන්විත මෙම පොත අනු මතෘකා 27කින්
පෙළ ගස්වා ඇත. එම කොටස් නම්
1.කොහේ තියෙන මාතරක්ද?
2.මාතර ජන වහර
3. සුන්දර මාතර
4. අපේ දොස්තර මහත්තයා
5. රතු කැකුළු බත් සමඟ මාළු ඇඹුල් තියල්
6. මාතරින් පෑ චන්ද්‍රයා හරිස්චන්ද්‍ර
7. කුලය එකට අනිත් ඔක්කොම දෙකට
8. මාතර දේශපාලනය
9. ගම්පොළින් උදාවී මාතර බබුලුවා පානදුරෙන් බැස
ගිය ගුරු තරුව
10. අපි ඔක්කොම රජවරු
11. මාතර අපි මේ තරම් ඥානවන්ත මොකද?
12. අපේ තාගෝර්තුමා
13. මාතරට වෙසක්
14. බීරි වයි තුඩාවේ?
15. කොළඹ කොච්චිය හු කිය කිය එනවා
16.වැල්ලේතොට හාමුදුරුවෝ
17. වලව්වල පලහිලව්ව
18. බයිසිකල් කඩේ කිරි මහත්තයා
19. ධනපති භංගවේවාද?
20. මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑ ය
21. පච ගහයට සෙවණේ
22. සුමිහිරි හෝටලයේ වෙසක් දන්සල
23. හදි හූනියම් මන්තර ගුරුකම් තොවිල් පවිල්
24. ආචාර්ය,සම්මාන ආචාර්ය,පිනාචාර්ය,ගෞරවාචාර්ය
හා අමත්‍යාචාර්යවරු
දෙවන කොටස
25. මාතර ඉතිහාසය
26. ශ්‍රේෂ්ඨ මාතර පුත්‍රෙයක් - චාල්ස් ආම්බ්‍රොස්
ලොරෙන්ස්
27. මහතොට ලකර
කොහේ තියෙන මාතරක්ද?
“ගම
කොහේ දැයි” ඇසුවොත්
‘අපේ ගම මාතර’
යැයි කෙනෙකු උත්තර දුන්නොත් මාතර ගැන යමක් කමක්
ඔබ දන්නවා නම් ඔබ තවත් ප්‍රශ්ණයක් ඇසිය යුතුමය.
‘ගම
මාතර කොයි හරියේ’ දැයි අසන්නට ඕනෑමය.
ඒ
මක්නිසාද කිව්වොත් මාතර කියන්නේ ඡන්ද කොට්ඨාස හතක, ප්‍රදේශීය ලේකම් කොට්ඨාස
දහහතරක් පුරා පැතිරුණු ලොකු කුඩා ගම් එක් දහස් හයසිය පනස් අටකින් හෙබි මහා ගමක්
නිසාය.
අපේ ගම මාතර යැයි කිව්වම මොකක්දෝ ගතියක් දැනෙන
නිසා මාතර මිනිස්සු කවුරුත් වගේ අපේ ගම මාතර යැයි කියති. මාතර නගරයෙන් බොහෝ දුර
බැහැර මිනිස්සුද බොහෝ විට අපේ ගම මාතර
යැයි කියන්නේ ගම මාතර යැයි කිව්වම දැනෙන මේ ගතිය නිසාමය.
එය
සැබෑවකි. මට වුණත් එය එසේමය. ඔබත් මාතර නම් ඔබටත් එය එසේමය. අපේ කතෘතුමාද ඉපදුණේ
මාතර නගරයට තරමක් දුරින් පිහිටි ගමකය. එහෙත් එතුමාන්ටත් මේ ගතිය දැනුන නිසා ‘අපේ
ගම මාතර’ නම් කෘතිය මේ ආකාරයට එළි දක්වා ඇත.
මාතර පිහිටිම, එහි විකාශනය හා ජනගහනය වැනි බොහෝ
තොරතුරු මෙම ‘කොහේ තියෙන මාතරක්ද?’ ද
යන කොටස තුල ලියා ඇත.
එන්න අපි යමු අපේ ගම මාතරට!
ඊළඟට තිබෙන්නේ මෙම පොතේ හි මා වඩාත්ම ඇලුම් කරන කොටසකිය.
මාතර ජනවහර
භාෂාව
කිසියම් ජාතියක් නැත්නම් ගෝත්‍රයක් අනන්‍යතාව හඳුනා ගැනිමේ වැදගත්ම සාධකයකි. එකම
ජාතියක් නැත්නම් ගෝත්‍රයක වුණත් භාෂාව භාවිතා කරන විලාසය හා සමහර යෙදුම් නිසා
වෙනස්කම් දැකිය හැකි අවස්තා තිබේ.
මාතර
ඇත්තන්ගේ භාෂාවද එසේමය. එහි සමහරක් යෙදුම් භාවිතා කිරීමේදි මා ද අපහසුතාවයට පත් වු
අවස්ථා එමටය.මා රාජකාරි කරන පරිසරය විවිධ පළාත් නියෝජනය ඉසව්වකි. එක් දිනක් කුමන
හෝ තැනකදි පොල් ඔයන්න කියලා මම කිව්වෙමි. තව
දිනක් රැයින් අවදි වන්නට උවමනා බව පැවසුවෙමි.
තවත් දිනක් ඔයාට ඕහේ කියලා කියවෙන ලදි. මේ සෑම
අවස්ථාවකදීම මගේ යාළුන්ගේ මට සිනහා විය. එයින් පසු කථාවේ යෙදුණේ පරිස්සමින්ය.
නැවතත්
මම ඔබව අපේ ගම මාතර වෙත රැගෙන යන්නෙමි.
මාතර සිනමා ශාලාවක ‘මේ
දෑස කුමටද’ සිංහල චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් තිබුණත් චිත්‍රපටය
නරඹන්නට නම් ඒ හැටි සෙනඟක් ආවේ නැතිලු.
‘මේ
මොකද අනික් පළාත්වල නම් සෙනඟ පිරිලා’ චිත්‍රපටයේ නිශ්පාදකයා මාතර සිනමාහල් හිමියාගෙන් ඇසුවාලු.
“අඩුගානේ
මාතර මිනිස්සුන්ට තේරෙන විදියෙ නමක්වත් තිබුණා නම් සෙනඟ ඒවි. ඇහැක් නම් ‘ මේ ඇස්දෙක මක්කටෙයි’ බලන්න
කියලා මාතරදි විතරක්වත් නම වෙනස් කරන්න එතකොට සෙනඟ ඒවි.”
මාතර සිනමාහල් හිමියා කිව්වලු.
නම වෙනස් කළාට පසුව මේ අස්දෙක මක්කටෙයි බලන්න
සෙනඟ පෝලිමේ එන්න පටන් ගත්තලු.
මේ වගේ කතාවල ඇත්ත නැත්ත කුමක් වුණත් මාතර
ජනතාවගේ අනන්‍යතාවේ එක් ලක්ෂණයක් නම් මාතර බාසාවයි. මාතර බාසාවේ කතා ශෛලිය මෙන්ම
යෙදුම්ද මාතරටම ආවේණිකය.
ඉංග්‍රිසියෙන් you කිව්වම මහ රජ්ජුරුවොත් යූ ය. අම්මටත් යූ ය.
තාත්තා යූ ය. ගෞරවාර්ථයටත්, සමානයන් හැඳින්වීමටත් ඉංග්‍රිසි භාෂාවේ එකම සර්වනාමය
යූ ය. මාතරද යූ ලා ‘ඔහේලා’ වෙති. ඔයා, මෙයා, තමුසෙලා, තමුන්නාන්සේලා වගේ
යෙදුම් භාවිතා කරන අනික් පළාත්වල ඇත්තන් කොහොම වුණත් මාතර නම් ඉන්නේ ඔහේලාය.
මාතර
කුඹි නැත. මාතර ඉන්නේ හින්නෝය. හිනි කියන්නේ
සිහින් යන අර්ථයෙන් යැයි මාර්ටින් වික්‍රමිසිංහ මහත්තයාගේ පොතක ලියා තිබේ. සිහින්
නැතත් මාතර හීන් මහත්තයලා, හීන් හාමිනේලා, හීන් අප්පුහාමිලා අප්‍රමාණය.
“මේ
තේ එකට තව සීනි හින්නිකිතර දාල දෙන්නකො ”
යැයි මාතර කෙනෙක් කිව්වොත් ඒ කියන්නේ බොහෝම ටිකක් කියන එකයි.
මාතර
ගස්ලබු නැත. මාතර ගස්වල තිබෙන්නේ පැපොල්ය. ලබු
හැදෙන්නේ වැල්වලය.
ගස්වල හැදෙන දිවුල් මාතරට ජූල්ය. කිතුල් පැනි පදමට හදාගත් ජූල් කිරිවලට කැකුළු
හාල්බත් ටිකක් දමාගත්තාම වෙන මොනවවත් ඕනැ නැති විත්තිය මාතර මිනිස්සු දනිති.
මතක්
වෙන විටත් ගෙදර යන්න හිතෙයි. කතෘතුමා පිළිබඳව මම ආඩම්බර වෙමි.
වෑංජනයක්
ළිපේ තියන්නට ඉස්සර අඩුම කුඩුම දමා හොඳට ඒදන්නට
ඕනෑ විත්තිය මාතර ගැහැනු දනිති.
බුලත්විට සමඟ කන මල් ජාතියක්ද මාතර තිබේ. ඒ ගස්
දිගේ බඩගාන බුලත් වැල්වල හැදෙන වැම්මල්ය.
මාතර මිනිස්සු වෑයෙන් රහිති.උදැල්ලෙන්
අහිති.
මාතර
මිනිස්සු ළතෝනි දෙති. කෑ ගසති. ඒ අතර මොර ගසති. ඒ අතර දොඩති.
“මොර
ගහන්නේ නැතිව හිටපං ළමයො. මම උඔ කිව්ව කාරණාව ගැන තාත්තාත් එක්ක දොඩල බලන්නම්කො.”
හැට
හතර මායම් දන්නා ගැහැනු මාතරද සිටිති. ඒත් වෑංජනයක් උයාගත්තතාට පසුව හට්ටියේ
ඉතුරුවන මායම කොයිදේටත් වැඩිය රස විත්තිය
ගැහැනු දනිති.
මාතර මිනිස්සු දණහිස් කටුවට දණ පොලොත්ත යැයි කියති. එවගේම දියලුණු දමා තිබෙන
පොල්කටුව ලුණු පොලොත්තය.
“පොඩිත්තක්වත් මට ආදරේ නැත්නම් මමත්
ඩිංගිත්තක්වත් ආදරේ නැහැ. කවුරුවත් නැති වුණත් මට පුළුවන් මගේ පණ ඩිංග රැකගන්න.” යි ඩිංගි හාමිනේ ඩිංගි මහත්තයාට ලියුමක් එවා
තිබුණාලු.
කරපිංචා මාතරදි කරපුංචා
වෙයි. පපඩම් මාතරදි පප්පඩම් ය. සමහර වේලාවට
කඩදාසි කරදාසි වෙන වෙලාවලුත් තිබෙන අතර සබන්
වලට රබන් කියාත් බිත්තර වලට බිස්තර කියාත් කියන ඇත්තන් මාතර නැත්තේම නැත.
උදේ
පන්දරම මාතර කඩයකට ඔබ ගොඩ වුණොත් අද ඔහේ තමයි
ඔන්න කඩේ අලේ කළේ කියා කිව්වොත් බය වෙන්න එපා.
එ කිව්වේ ආලය කිරීමක් ගැන නොවේ. ඉස්සරවෙලාම ගනුදෙනු කළාය කියන එකය. “ සිංහල අවුරුද්දට ගේ අලේ
කරන්න එන්නය කියලා ආලවතී කිව්වම නොගිහින් ඉන්නේ මක්කරලා” දැයි
ආදරපාල කිව්වේ මේ නිසාය.
වෙනත්
භාෂාවල පොතපත සිංහලයට පෙරළන අයට මාතර භාෂාවෙන් උකහා ගතහැකි ජිව ගුණයෙන් පිරුණු
යෙදුම් අප්‍රමාණ ය. “අල්ලපු ගෙදර ගෑනු මනුස්සයා ඒකිගේ
තියෙන මව්වත්කමට මට ලෙන්ගතු කමෙන් සලකනවා දැක්කම අපේ ගෙදර එක්කෙනා තරහෙන් කුරුන්ද
කුරුන්දා කටකමිස්සිරියාවක් නැතිව දොඩවනවා ඔහේට ඇහැක් නම් මේ ගැන මක්ක හරි කරන්න
බලන්නකො යි මහ පාරේ ගෙදර මහතුන් මල්ලි අපේ පවුලට කියා තිබේ.”
අපේ
අම්මත් අපි පුංචි කාලයේ මොනව හරි ඉල්ලා කංකෙදිරි ගෑවම
අප්පේ මේ ළමයින්ගෙ කටකමිස්සියාවක් නැනේ මේක අරං
දෙනකම්. අම්මා එහෙම කියයි.
මාතර
ජනවහර එතකින් නිමයි.
මේ වගේ මව්වත්කම, අලුකුත්තේරුව, කටකමිස්සිරියාව,
කුරුන්දනවා වගේ අපූරු එවගේම ජිව ගුණයෙන් පිරුණු අප්‍රමාණ වචන මාතර මිනිස්සු වහරති.
“අපේ ගම මාතර” මතුසම්බන්ධයි.
අපේ ගම |
මක්ක කියනවද මන්දා///
ReplyDeleteමාතරත් ගමක්ද?
කැළණිය කෝමෙයි ????
මක්ක කථා කරනවද? ඔහේ ඇවිත් බලන්නකෝ මාතර
Deleteදෙන්නම වැරදියි
Delete@සෑමා : මාතරත් ගමක්ය විය යුතුයි
@ගයනි : මක්ක දොඩවනවැයි ?
ඔහේල මොනවැයි මේ දොඩන්නෙ.
Deleteවැරදි නේන්නන්.සුදීක අයියා හරි නොවැ.
Deleteමාතරට අල්ලපු දිස්තිරික්කෙ ඉන්න මෙහේ තත්වෙත් ඕක තමයි. හැබැයි මේ භාෂා වෙනස දකුණට අනන්‍ය එකක් නෙවේ. නැගෙනහිර පැත්තෙ තියනව එකක්, අනුරාධපුරේ පැත්තෙ තවත් භාෂාවක්. "සාමාන්‍ය සිංහල" විදියට භාවිතා වෙන කොළඹ තවත් එකක්.
ReplyDeleteඅපේ තාත්ත කියපු කතාවක් මං කියන්නං.
"කොළඹ මිනිස්සුන්ට පොඩි සත්තු හැම එකාම කූඹි. ඒක වැරදියි, අපිට නං ඉන්නව හින්නො, තෙල් හින්නො,.....මේ විදියට වර්ග ගනනාවක්"
ඇයි රාජ් කළු කූඹි, රතු කූඹි, තෙල් කූඹි ඇඹිලිපිටිය පැත්තෙ ඉන්නවා නයි කූඹි. ඊට අමතරව තමයි කඩි දිමි එහෙම ඉන්නේ.
Deleteඈ... ඔහේ මේ මක්කෙයි දොඩලා තීන්නේ... හී හී...
ReplyDeleteඇයි තව කීපයක් තියෙනෙවනේ... දැන් නම් ටිකෙන් ටික මේ වචන භාවිතයෙන් ඈත් වෙනවා..
මුත්‍රා කරනවා = හුරිජ්ජ කරනවා / දොට්ට පිලට යනවා
පොඩ්ඩක් = ඇබිත්තක් / හින්නිකිතර /ඇටිකිත්තං
ඔබට පුළුවන්ද ? = ඔහේට ඇහැක්කෙයි ?
ගාල්ල බලපිටිය පැත්තෙ කෙල්ලෙක් අපේ කැම්පස් එකට ආවා.. උන් කෙසෙල් ලෙලි ගහනවට කියන්නෙ කෙහෙල් පට්ට ගහනව කියලා...ලොල්
අපිට නම් හෙන ආතල්..
සමරසිංහ ගුණසේකර කියන්නෙ මං බොහොම ආස ලේඛකයෙක් අක්කි.ඔය අමුතුසේනගෙ කතා එහෙම හරි ජොලි පොතක්.අහල පුරුදු දේවල්ම වෙනස් විදියකට ලස්සනට ජීවිතේට එකතු කරගන්න පුළුවන් විදියට කියන්න පුළුවන් ලේඛකයෙක් එයා.
ReplyDeleteලිපියත් මහන්සි වෙලා ලියූ එකක් කියලා තේරෙනවා.හැබැයි එක දෙයක් අමතක වෙලා තියෙනව.ඒ තමයි මාතර පෞරාණික හුගක් වැදගත් පන්සල් ගොඩක් තියෙනව.ඒ ගැන සමහර විට ඊළග ලිපියෙ කියවේවිනෙ.ඒ ලිපියත් කියවන්න බලාගෙන ඉන්නව.ජය වේවා!
බොහොම හොදයි , ගොඩක් වටිනා දේවල් ලියලා තියනවා
ReplyDeleteදිගටම මේ වගේ දේවල් ලියන්න
ඔයැයිට කියන්න මේ පෝස්ටුව කියවලා හොඳටම හිනා ගියා..මාතර නොවුනත් පොත කියවන්න හිතාගත්තා ඕං..
ReplyDeleteමගේ යාලුවෙක් ඉන්නවා. මිනිහා මාතර නෙවෙයි වගේ ඉන්න උත්සාහ කරනවා. ඒත් තද වුනාම
ReplyDelete"ඕන යටිබඩක්", "මකුන්ද වගේ" වචන කියවනවා.
ලියුං කරදහිය නං සීනිපොල්කොහු වගේම රසවත්!
ReplyDeleteතාත්තගේ ගම ගාල්ල, හැබැයි මේ භාසාවට මම ආසම නෑ අනේ :( හරියට අපහසුතාවයට පත් වෙනවා සමහර වෙලාවට,,
ReplyDeleteඑහේ අය කූම්ඹින්ට කියන්නේ - හින්නෝ කියලා (ඉතින් ඔන්න මම අලුත් සත්තු ජාතියක් හොයනවා)
මොනවා හරි හැලුනොත් ඒකට කියන්නේ හීරුනා කියලා - (ඒ වෙලාවට මම කැරකි කැරකි හීරුනේ කොහෙද හොයනවා)
හරිම අගෙයි මාතර ජනවහර ගැන පොත් දෙක තුනක්ම කියවලනං තියනවා. මේ විස්තරය හරි ම අපුරුයි.
ReplyDeleteවිහිලු කතාවක් මතක් වුනා.
ReplyDeleteචිත්‍රපටියක් ආවනේ "මේ දෑස කුමට ද " කියල. ඕක මාතර ප්‍රදර්ශනය කලාම බලන්න මිනිස්සු එන්නේ නැහැ ලු. පස්සේ හෝල් එකේ අය කල්පනා කරලා පෝස්ටර් වෙනස් කළා මෙහෙම. "මේ දෑස මක්කටෙයි" අන්න එදා ඉඳන් හෝල් පිරෙන්න සෙනග. :D (මාතර ඇත්තෝ කෝප නොගනිත්වා. විහිලු කතාවක් පමණි)
පොතේ විස්තර ටික නම් අල්ලලා ගියා. සලකා බලන්න ඕනේ ඒ ගැන.
මමත් මේ කතාව අසා තිබෙනවා....
Deleteපංකාදු පහයි ඈ..
ReplyDeleteඔයාගේ ගම මාතර නිසා ඔන්න මොකුත් කියනේ නෑ. නැත්නම් මාතර ගැනත් කියන්න දේවල් අපිටත් නැතුවා නොවේ.
ReplyDeleteමම නම් මාතර කීප විටක්ම ඇවිත් තියෙනවා. දුම් රියේ එන යන ඒ ගමන නම් සෑම වරෙකම ගොඩක් රසවත්. බොහොමයක් වචන ඒ නිසාම කනට හුරුයි. තවත් විස්තර ලඟදීම ලැබෙයි කියල හිතනවා.
ReplyDeleteඇත්තටම රසවත් ලිපියක්.. දකුණු පලාතේ ඉඳන් ආව යාලුවෙක් "කට්ටිය" කියන වචනය වෙනුවට පාවිච්චි කලේ "කාන්ඩෙ" කියන වචනෙ. "ඔය කාන්ඩෙ දැන්ම යනවද" වගේ දේවල් කියද්දි අපිට මුලදි නුහුරු ගතියක් දැනුනත් පස්සෙ නම් පුරුදු උනා.
ReplyDeleteපළාතෙන් පළාතට සිංහල භාෂාවේ තියෙන වෙනස්කම් අධ්‍යයනය කරන ඒක සෑහෙන ආස හිතෙන දෙයක්...
හරිම රසවත් ලිපියක්,බලාගෙන ගියාම පළාතෙන් පළාතට භාෂාවේ වෙනස්වීම් හදාරන්න වටින දෙයක්
ReplyDeleteමං අපේ ආත්තම්මලයි (ටිකක් දුරින් නෑ වෙන) ගෙදර ගියාම මට කිව්වේ නැතෑ "පුතේ පොල් ගෙඩියක් ඔයන් එන්න කියලා" ඕන් ඉතින් ටිකකින් මං පොල් ගස් යට පඳුරු තලතලා පොල් හොයනවා. :D
ReplyDeleteමක්කෙයි දොඩන්නැත්තේ? මගෙන් ඇහුවනම් මං කියන්නේ අවාරේ හින්දා කියලා.
මාතර තියෙන්නෙත් අපූරු උප සංස්කෘතියක් නෙව.
This comment has been removed by a blog administrator.
ReplyDeleteඔය ඔහේ කියන කතාව නිසා මම මාතර කොල්ලෙක් එක්ක දවසක් පොඩි ආරවුලකුත් වුනා. පස්සේ මම දන්නේ ඔහේ කියන්නේ ඔයාට කියන එක. පස්සේ මම වරද පිලි අරන් සමාව ගත්තා. මොනවා වුනත් මාතර කෑම ජාතිනම් අපූරුයි. දොඩන් නැත්තේ මොකද ඇහුවාම කියන්න තියෙන්නේ අවාරේ නිසා කියන එක තමයි.හික් හික් හික්..... නියම විස්තරයක්
ReplyDelete"හබල පෙති" කියන කෑම මාතර පැත්තේ නේද වැඩිපුර හදන්නේ. එක වතාවක් කාලා තියනවා.
Deleteනියම විස්තර ටිකක් ලියල තියෙනව.
ReplyDeleteඔය ගස්ලබු පැපොල් කියන වචනනං ගොඩක් පැතිවල දෙකම පාවිච්චි කරනව.
මොනවා නැතත් මාතර මාළු ඇඹුල් තියන විදිහනම් මරු
ReplyDeleteඅඟනා විස්තරක් ගයනි.
ReplyDeletekiyanna lajja nah mama thama mathara
ReplyDeletepas pagala naha...
bohoma watina wisthara tikak gayani...
elamaye..
ගොඩාක් ලස්සන පොතක් වගේ,මේ පොස්ට් එකත් එක දිගට කියවගෙන ගියපු එකේ ඒ පොතත් ඒ වගේම වෙන්න ඇති.
ReplyDeleteවිචාරයක් කියවලා චිත්‍රපටයක් බලන්නට හෝ පොතක් කියවන්නට හෝ මට හිතිලා තියෙන්නෙ ඉතාම කලාතුරකින්. නමුත් මේක කියෙව්වට පස්සෙ නම් පොත අරගෙන කියවන්න දොලදුකක් ඇතිවුනා.
ReplyDeleteඅපිත් ඉතින් මාතටර සුට්ටක් මෙහා තමා ඉතින්..
ReplyDeleteබොහොම ආසාවෙන් කියෙව්වෙ ගයනි. මේ වාගේම පොතක් අපේ රජ්ගම කියලා කාලෙකට ඉහතදී කියෙව්වා. රත්ගම ගැන. කතෘ ජෙන්සන් රන්නුලු. හරිම ලස්සන දේවල් ඒ පොතෙත් මේවාගේ තම ගම ගැන තිබුනා. මගෙ මහත්තයා බලපිටියේ නිසා ඒ පැත්තේ විස්තර කියවන්න මාත් ආසයි.
ReplyDeleteඅපූරු කතාබහක් .. මමත් මාතරට කිට්ටුව අහංගම නිසා , ඔය බස් වහර මටත් පුරුදුව තිබුණා පොඩි කාළෙ , අපේ අම්මල ආත්තම්මල කතා කරන විදිය මතක් වුනා මේ ලිපිය කියෙව්වම .
ReplyDeleteඇත්තෙන්ම බසේ රස නම් අනගියි . ඒ වගේම මේ තොරතුරු අපත් එක්ක බෙදාගත්තාටත් ඔබට තුති !
මේවා නොකියවන මේ ඇස් දෙක මක්කටෙයි හිතුනා මට..
ReplyDeleteඔය වගේ වචන බාවිතය නිසා මාත් අපහසුවට පත් වෙලා තියෙනව.
ReplyDeleteදවසක් අනුරාධපුරේ ගිහින් දොඩම් වගයක් අරන් ඒ ගෙනාව කෙනාට එකක් දීල මම කිව්ව මේක ඔයල දෙන්න කියල.
ඒ ළමය බය වෙලා බලන් හිටිය. තාත්තත් එතන. තාත්ත මගේ දිහා බලල හිනා වෙලා කිව්ව ඕක ලෙලි ගහල දෙන්න කියල.
මම නම් මාතර නෙවෙයි. මම ගාල්ලෙ.
It's wonderful that you are getting ideas from this post as well as from our dialogue made at this place.
ReplyDeleteAlso visit my homepage; cardsharing cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing|