Sunday, January 27, 2013






 ෴පිං හිත පුර හඳ  බුදුන් වඳිනවා!











සිල් ගත් දෝතට පියුම් පිපෙනවා!
පිං හිත පුර හඳ  බුදුන් වඳිනවා!
මිත්තනියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා//

බෝසත් සිරිතේ කථා කියා දී
බෝසත් ගතිගුණ පුරුදු කළා
බෝසත් දරුවන් රටකට බිහි කළ
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
නුඹ නිවන් දකිනවා!

බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩු අම්මා වාගේ  
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා!
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

සිල් ගත් දෝතට පියුම් පිපෙනවා!
පිං හිත පුර හඳ  බුදුන් වඳිනවා!
මිත්තනියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා//


මිනිසුන් කොටස් දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත. ඉන් එක කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමා ගන්නා අයයි. මගේ පියා නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වි සිටින ලෙසයි. එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරඟයක් නැති බැවිනි. තරඟය ඇත්තේ වැඩ නොකර ලකුණු ගන්නා මිනිසුන් අතරයි”. මහත්මා ගන්ධි තුමා එසේ පවසා ඇත.
    
     මගේ මිත්තනිය මෙතරම් දාර්ශණික නැත. එහෙත් ගත කළ ජිවන රටාව තුල, මහත්මා ගන්ධිගේ දර්ශණයට අනුව පළමු කොටස තුල මගේ මිත්තනියද සිටි බව  මම නිතර දුටිමි. මහපොළවට ණය නැති ඇය ජිවන චක්‍රයේ එක්තරා යුගයක කළ පවක් මේ භවයේ ගෙවා අවසන් කරමින් සිටින දිරිය මවකි.

දරුවන් හත් දෙනෙකුගේ මව වන ඇය මුණුපුරන් මිණිපිරියන් දහහතර දෙනෙකුගේ මිත්තණිය වේ. අවාසනාවකටද වාසනාවකටද මන්දා අදටත් තමන් විසින් උපයන මුදලින් තම ජිවිතය පමණක් නොව දරුවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේද දුක ළඟ තම ශ්‍රමය ශක්තියක් ලෙස තබති. සීයා මිය ගිය දින සිට හැම විටම දරුවන්ගේ බඩගින්දර නිවාලිමට සමත් විය. එහෙත් අදටත් ඇය විශ්‍රාම නොගැනිම පිළිබඳව මම සිටින්නේ කනස්සල්ලකිනි. උත්තමිය නඩත්තු කිරීමට මටද හැකියාව ඇත. එහෙත් ඇය ඉගෙන ගත් ධර්මයට අනුව කා හටවත් අත නොපා ජිවත් විම අපටද ආදර්ශය කි. දරුවන් දුන්නොත් ගන්නවා මිස ඉල්ලන් කෑමක් ඇයගේ ජිවන දැක්ම තුල නොමැත. දැනටමත් ඇය සිත තුල මොන මොන බලාපොරොත්තු රැදි ඇත්ද කියලා මම නොදනමි. එහෙත් මිය යාමට පෙර ඉෂ්ඨ කර ගත යුතු පැතුම් තවමත් සිතුවිලි පමණක් වි ඇති බව නොරහස කි.

සුවිසල් මැදුරු වල නුඹේ දරුවන් සුව විඳිති. එහෙත් ඔබ තවමත් නුඹට පණ මෙන් ආලය කළ ආදරණීය ස්වාමියාගේ සුවඳ රැඳි පුංචි නිවහනේ කාලය ගෙවිමට තරම් නිහතමානී විය.

පින්වන්ත මව් කෙනෙකුගේ දියණිය විමට මට මඟ එළි කළ දුන්නේ නුඹයි  මගේ මිත්තනියේ. ඇය තරමට නුඹ මට කරුණාවන්ත විය, ඇය තරමටම සෙනෙහස නුඹද දුන්නෙමි අපට, මම කරන්නා වු සියළු යහපතේ බලයෙන් තව චිරාත් කාලයක් නිරෝගිව සිට දුකක් නොමැතිව මෙම භවයට සමු දෙන්නට නුඹට ඒ පිං අනුමොදන් වෙත්වා!

මගේ මිත්තණිය සේ ඔබේ මිත්තණියත් මව්වත් ගුණ වලින් යුක්ත බව මම සිතමි. සමාජය දෙස විමසිලිව බලන විට දසදහස් වාරයක් ඔබ දෙපාතුල වැතිරෙන්නට මට සිත් විය. ඒ මන්ද යත් ඔබ වැදු දරුවන් දුසරිතයෙන් තොර ජිවිත ගෙවන බැවිනි. එහෙත් ඔවුන් ඔබට සාධාරණයක් ඉටු කර ඇත්ද? යන වග මට නම් ප්‍රෙහේළිකාවකි. එහි හිස් කොටු ඇත. හිස් කොටු පුරවන්න ඔබේ දරුවන්ට තවමත් නොහැකි වි ඇති බව මම පවසමි. සමාජයට බරක් නොවන දරුවන් බිහිකර දි අද දුක් විඳින දෙමාව්පියන් නම් කොතරම් ඇත්ද? අම්මා අප්පා හඳුනන්නේ නැති සාමාජයක අප්පා දුව තම ‍ලෙයින් උපන් බව අමතක කරන යුගයක සිටින අපි, එවන් වු කැත උලුප්පා පෙන්වන ගමන් ම සමාජයට නොපෙනෙන එහෙත් දිරිය පියවරු මව්වරු අගය කර සමාජය ඉදිරියේ පිදිය යුතු නොවේද?අද දකින පුවත් සියල්ලක්ම පාහේ ‍මරණ දැන්විම් ය. එහෙත් ඊට වඩා වැදගත්  ධනාත්මක සිතුවිලි වලට පණ පොවන අපේ පියවරු මව්වරු දරුවන් ද පෙන්විමට අපි කාරුණික වෙමු.
 
Read More

Friday, January 25, 2013

෴දෙමාපියන්ට නොසළකන්නා රොඩියෙකි෴







බුදුරඳුන් එක් සමයක සැවැත් නුවර වැඩ සිටි කල්හි එක් දිනක් පිඬුසිඟා වැඩි අතර, අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ නිවස දෙසට වඩිනු දුර සිට දැක බ්‍රාහ්මණයා විසින් මෙසෙ පවසන ලදි. එම්බා හිස මුඬු කළ තැනැත්තා ඔතැනම සිටිනු, එම්බා ශ්‍රමණය ඔතැනම සිටිනු, එම්බා වසලය ඔතැනම සිටිනු මෙසේ පැවසු පසු භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා හට මෙසේ වදාළ සේක.

“ පින්වත් බ්‍රාහ්මණය, වසලයෙකු වීම හෝ වසලයෙකු බවට පත් කරවන කාරණය ගැන ඔබ දන්නවාද?” පින්වත් බ්‍රාහ්මණය සිත හොඳින් යොමා මෙය හොඳින් අසාගෙන සිටන සේක කියා වසල සුත්‍රය දේශණා කරන ලදි.

ගාථා තිහකින් යුත් වසල සුත්‍රය මනුෂ්‍යයෙකු වසලයෙකු නැතිනම් රොඩියෙකු බවට පත් වන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ  පැහැදිලිව දේශණා කොට ඇත.

එයින් දෙමාපියන්ට නොසලකන්නා වසලයෙකු බව වදාළ සේක.


යෝ මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තෝ න භරති
තං ජඤ්ඤා වසලෝ ඉති

යෝ මාතරං වා පිතරං වා
භාතරං භගිනිං සසුං
හන්ති රෝසේති වාචාය
තං ජඤ්ඤා වසලෝ ඉති




හොඳට කා බී වසන රිසි සේ
දරුවො පමණක් සිටිති සුව සේ
දිරන මව්පියො වසති දුක සේ
මොවුන් වසලය දනුව මෙලෙසේ




මාපියන් හා සොහොයුරන් ගැන
නෑසියන් හට හෝ දුකක් දෙන
කෝපයෙන් දොස් පරොස් පවසන
කෙනා වසලය දනුව මෙලෙසින්

අවුරුදු විස්සක් යන තුරු කන්න දී හැදු දෙමාපියන්ට ඔබ අද ඔබේ වැටුපෙන් කීයක් දෙනවද? හෘදසාක්ෂියට එකඟව කල්පනා කරන්න. දිරාපත් වෙච්ච, නොහැකියාවට පත් වෙච්ච, විඩාබර වෙච්ච දෙමාපියන්ට ඔබ සළකනවද? ගෙවි ගිය අවුරුද්දේ ඔබට එම උතුම් වගකිම ඉටු කර ගැනිමට නොහැකි වුවා නම් .... අද සිටවත් ඔවුන්ට උපස්ථාන කරන්න.
උප්පත්තියෙන් නොව කරන වැඩ වලිනුයි රොඩියෙකු නැතිනම් වසලයෙකු වන්නේ බව බුදුරජාණන් වහන්සේ අවුරුදු දහස් ගණනකට පෙර දේශණා කොට වදාළ සේක.

නව වසරේ පළමු පෝය දින සුභ ප්‍රාර්ථනාවකින් පිබිදෙමු!

මව්පියන් යනු වචන‍යකින් දෙකකින් අර්ථ දැක්විය හැකි යමක් නොවේයි. ඒ උත්තරීතර බවට නිගා කරන කොටසක්ද අද සමාජයේ සිටිති. එහෙත් දෙමාපියන් යනු දේවත්වයෙන් ගරු කළ යුතු කොටස කි. ඔබටත් මටත් ජිවය ලබා දුන් ඔවුන් දෙපළට පිංබර දුරුතු මහේ  නිරෝගිමත් බව සහ සැනසිලි බවින් පිරි දිනක් උදා වේවායි මම පතමි!


  • මගේ ජිවිතයේ සය වසරකට පෙර හමු වි එදා සිට දුකේදී සතුටු වෙච්ච තැන් වලදී මාත් සමඟ ම සිට සහෝදරියක සේ මට උපදෙස් දෙමින් මාව දිරිමත් කළ ඔබ,

  • අද දින සිට රාජකාරි ජිවිතයේ නව මාවතකට පැමිණ ඇත. ඔබගේ නව උසස් විමට මගේ හද පිරි සුභාෂිංසන ගෙන අතර, මින් ඉදිරියට ඔබහට  වගකිම් මෙන්ම අභියෝගද වැඩි වශයෙන් පැමිණෙනු ඇත. ඒ සියල්ලටම මනා මනසිකින් යුක්තව මුහුණ දිමට අවැසි ශක්තිය ධෛර්‍ය ඔබ සතු බව මම විශ්වාස කරමි!.

සියළු අභියෝග ඔබට ජය ගත හැකිය!

  • ගම්පහ පැවැත්වෙන ගෙට්ටුවට මට පැමිණිමට නොහැකි බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුවෙයි.මගේ රාජකාරි ස්වභාවය මත නිවාඩු ලබා ගැනිමට අපහසු නිසාවෙන් එයට සහභාගි වන සියළුම දෙනාට සුභ පැතිමට මෙය අවස්ථාවක් කර ගනිමි. මගේ ජිවිතයේ වැදගත් අවස්ථා බොහෝමයකට මට සහභාගි විමට නොහැකි වන ලදි. එහෙත් එවැනි අවස්ථා වල ක්‍රියා කිරීමට මනස සන්සුන් කරගෙන ජිවිතය හසුරුවා ගැනිමට  බුදුදහම මට මහත් උපකාරි වන ලදි.
Read More
Related Posts Plugin for WordPress, Blogger...