Sunday, February 24, 2013

බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ








බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ ..//

බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා

සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එකඉර හඳ යට හිනහෙන දවසක්
යළි කවදාවත් නේ විද මන්දා

        මගේ ජිවිතය සමබරව හසුරුවා ගැනිමට ධර්මය මට පිටුවහලක් විය. ජිවිතයට දෛවය කළ සරදම් සහ අභියෝග පිළිගැනිමට පළමු කොට මනස සංවර සහ සනසුන් කරගත යුතුය. ඒ සඳහා උපදෙස් ලබා දීමට මට මිතුරියක් හෝ මිතුරෙකු ළඟ නොසිටිය අතර, ධර්මය කියවන විට සිතට සැනසිමක් සහ අවබෝධයක් ලබා ගැනිමට හැකිවිය. ජිවිතයට හිරිහැර වන මොහොතක් මොහොතක් පසා මම කරන කියන දේ පිළිබඳව සැළකිලිමත් විමට පටන් ගත්තෙමි. ඒ මන්ද යත් මෙයින් පසු උපදින භවයේදීවත් එවැනි හිරිහැර මා වෙතට නොයෙන විශ්වාසය ධර්මය මට වටහා දුන් නිසා ය.

අද පිංබර නවම් පොහෝ දිනය යි.
  • ·       බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එම උතුම් තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.
  • ·       බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.

මෙවැනි වු විශේෂ උතුම් කටයුතු කිහිපයක් නවම් පුර පසළොස්වක පෝය දිනයේ සිදු විය.

පිංබර දිනක මම මෙසේ ප්‍රාර්ථනා ගෙන එමි.
  
ඔබටත් මටත් ජිවය දුන් ආදරණීය දෙමව්පියන්ට, ඔබට මට ලෙන්ගතු සියළුම දෙනාටත් ඔබේ ආදරයට නතු වන සියළුම සත්වයින්ටද, යන එන මඟ ඔබට මට වචනයකින් හෝ උපකාර කළ සියළුම මිනිස් සම්පතටද උදා වු අද දින නිරෝගිමත් දිනයක් වේවා!  

ඔබට මට හිරිහැර කරන සියළුම සිත්  නිවි පහන් වේවා!
Read More

Friday, February 22, 2013

෴නීතිය සහ මනුෂ්‍යත්වය෴



                මනා පාලනයට නීතිය අවශ්‍යය එය පිළිගනිමි. වරදට දඬුවම අවශ්‍යය එයද පිළිගනිමි. එහෙත් නැවත පුනරුත්ථාපනය විමට වරදට සමාවද දිය යුතුය. එයද මිනිස් ජිවිතයට වැදගත් ය. අන්‍යයන්ට උපකාර කිරීම සදාචාරයට අයත් කොටසකි.
        
                       නීතියට පටහැනිව අයථා ලෙස ජිවිතයට නොගැළපෙන නොහොබිනා කාරණා වෙනුවෙන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට ඇතමෙකු පෙළඹිම අද සුලභය. එහෙත් විටෙක සාධාරණ අවශ්‍යතාවයන් ඉටු කර ගැනිමට යාමෙදී නිතීය හරස් වන අවස්ථාද ඇත. මටත් එවැනිම අවස්ථාවකට මුහුණ දිමට සිදුවිය. පවතින ඒකාධිපති රටාව තුල සාමාන්‍ය මිනිසෙකුටතම  දෛනික අවශ්‍යතාවයන් ඉටු කර ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට සිදුවිම සාමාන්‍ය තත්වයකි. හයියක් බලයක් නොමැතිව කාර්‍යලයකට ගොස් තම කාර්‍ය් කරගැනිමට අපහසු වතාවරණයක් අද උදා වි ඇත. තමාට වාසියක් නොමැති නම් අන්අයට උපකාර කිරීමට මැලි කමක් දක්වයි. එයට මුලිකව බලපාන සාධකය වනුයේ උග්‍රව පවතින ආර්ථික දුෂ්කරතායලැබෙන වැටුප ප්‍රමාණවත් නොවිම මිනිසා වරදට පොළඹවයි. එහෙත් උපයන වැටුපට සරිලන පරිදි තම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට අපි උත්සහා කළ යුතුය.තවද මිනිසා තුල තිබිය යුතු මුලික ගුණාංගයන් වන කරුණාව සහ ගුණ ධර්ම ඔවුන්ගේ ජිවිත තුලින් මඟ හැරි ඇත.   
            
සියළුම ආකල්ප එහෙමම තිබියදි මම කථාවට පිවිසෙමි. ජිවන මාවතේ ඔබටත් මටත් අපි වගේම මිනිසුන් හමු වෙයි. මා වෙත උපකාරයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන මිනිසෙකු ආපසු හැරවිමට මත්තෙන් කුමක් හෝ යමක් කළ හැකිද?, එය කරදෙමි යන සිතුවිල්ල තුල අපි හැම විටම සිටිය යුතුය. මුදලට වඩා මිනිසත් කමට අපි වටිනා කමක් දිය යුතුය. ඒ මන්දයත් ඔබටත් මටත් තිබෙන්නේ එකම අරමුණකි. එය ජිවත් විමය. ජිවත්විම තුල අවශ්‍යතාවයන් එකිනෙකට වෙනස්ව පවති. එවිට එකිනෙකාට උපකාර කර ගැනිමට සිදුවෙයි. එම නිසා හැම විටම නීතිය ඉදිරියට ගෙන මනුෂ්‍යත්වය පසුපසට දමන්න අපි උත්සහා නොකළ යුතුය. මටත් ඔබටත් රටටත් හානියක් නොවන එහෙත් නීතිය එය නොවන විටදි මනුෂ්‍යත්වයට ඉදිරියට ඒමට ඉඩ දිය යුතු නොවේද?
        
    නීතියත් මනුෂ්‍යත්වයත් අතර දෝලනය වන සිත යම් විටෙක මනුෂ්‍යත්වය අභියස නතර කිරීමට පුළුවන් නම් එය උතුම් කොට සලකමි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම යථාර්ථයක් වන්නේ එවිට ය.

මම මුහුණ දුන් එක්තරා පුංචි සිදුවිමක් තුල ගොඩ නැඟුණු සිතුවිලි කිහිපයක් අකුරු කරගෙන යන අතරේ එම සිදුවිම මේසේ සාරාංශ ගත කරමි. මාගේ වැටුට මාතර පිහිටි  එක්තරා බැංකු ශාඛාවක මගේ ගිණුමට බැර විය. එහෙත් පෞද්ගලික අවශ්‍යතාවයක් මත එම ගිණුම එම බැංකුවේම වෙනත් ශාඛාවක් වෙත මාරු කර ගන්නා ලදි. අප වැටුප් අංශයට මාතර පිහිටි ශාඛාවෙන් ලිඛිත ලියවිල්ලක් රැගෙන එන ලෙස මා හට උපදෙස් දෙන ලදි. අවශ්‍යතාවය ඉක්මන් හෙයින් නැවත මට කොළඹ සිට මාතරට පැමිණිමට සිදු විය.කෙසේ හෝ අදාල බැංකුව වෙත මම 1545 (සවස 0345) පමණ වන විට පැමිනෙන ලදි. මුදල් ගනුදෙනු ඒ වන විට නවතා තිබුණද කාර්්‍යාලය තුල නිළධාරින් කිහිප දෙනෙකු තම රාජකාරියේ යෙදි සිටින ලදි. මම එක් නිළධාරිණියක් වෙත ගොස් මාගේ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කිරිමක් කරන ලදි. එවිට එම මහත්මිය මට මෙසේ පවසා සිටින ලදි. ගනුදෙනු කටයුතු මේ වේලාවේ සිදු නොකරන බවත් කළමණාකාර තුමත් දැනට නොමැති නිසා හෙට දිනයේ පැමිණෙන ලෙසත්"තවද දැනට ඔබේ ගිණුම අපගේ ශාඛාව තුල නොමැති හෙයින් එවැනි ලියවිල්ලක් නිකුත් කිරීමට නොහැකි බවය. ඉන් පසු මම ප්‍රකාශ කර සිටියා මට එවැනි ලිපියක් වැදගත් සහ හෙට දිනයේ ආ පසු අප ආයතනයේ වැටුප් අංශයට එම ලිපිය භාර දිමට උවමනා බව. එහෙත් එතුමිය මට උපකාර කිරීමට මැළි විය. වටපිට බැලු මම වෙනත් නිළධාරියෙකු වෙත ගොස් නැවත මගේ අවශ්‍යතාවය පවසා සිටියෙමි. එතුමා මාගේ ගැටළුකාරි අවශ්‍යතාවය වටහාගෙන අදාළ ස්ථානයට මාව යොමු කර අවශ්‍ය ලිපිය සකසා ගැනිමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදි.

මම එතුමාට ස්තුතියි කියලා කිව්වෙ නැත. බොහෝමත් පිං මේ කළ උදව්වට යනුවෙන් පවසා මම එන ලදි. ඇය නිතිය පිළීබඳව කථා කරද්දී ඔහු මනුෂ්‍යත්වයට ඉදිරියට ඒමට ඉඩහරින ලදි.

    පන්සලට පල්ලියට කෝවිලට යන්නම අවශ්‍ය නැත මනස සන්සුන් කරගැනිමට තමන් කරන කියන දේ තුල එම සැනසිම ඇති බව මම අත්දැකිමෙන් දන්නා කරුණකි.

දකින්නට නොහැකි ලෝකය දකින්න යනවාට වඩා තමා ඉදිරියේ තිබෙන පුංචි ප්‍රදේශය නරඹා සැහිමකට පත්විමට හැකි නම් මැනවි.

    ආචාර කර හිස නමා පිදිය යුතුතේ එවැනි මිනිසුන්ය. නීතියට අපි යටත් විය යුතුය. එහෙත් මනුශ්‍යත්වයට අපි ගරු කළ යුතුය. නීතිගරුක වන ගමන් උතුම් මිනිසෙකු විය හැකි නම් මනුෂ්‍ය ජිවිතයේ අප ලබන තෘප්තිය එයම වෙයි.
Read More

Monday, February 18, 2013

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම




    ජිවිතයට කුමන හෝ අයුරකින් යහපතක් සිදු වේ නම්, අපි කළ යුත්තෙ ‍ඒ හොඳ ජිවිතයට යා කර ගැනිමය.
  
සිදුහත් කුමරු ගිහිගෙය අතහැර සත්‍ය සොයා යන ගමන දෙස වැළපුණු සිතින් යුතුව දරා ගැනිමට නොහැකිව තමන් දෙස බලන් සිටින චන්නට සිද්ධාර්ථ කුමරු මෙසේ පවසයි.

චන්න නොසැලි සිටින්න”. කථාව අරම්භයම සිත යම් කිසි ඉසව්වක නතර කරයි. පහන් සිතුවිල්ලකින් කථාවට ප්‍රවේශ විම මගේ සිත් ගන්නා ලදි. සිදුහත් චරිතය අපට කියවන්නට ලැබෙන්නෙ කුඩා කාලයේදීය. ධර්මයේ සාරය අපි තුල තැන්පත් විමට පටන් ගන්නේ මව් කුස තුල පිළිසිඳ ගත් දින සිටය.

සිද්ධාර්ථ කුමරුගේ ප්‍රාර්ථනාව ලොකවාසී සැමට එක සේ සළකමි යන්නයි.මමද වර්ථමානයට එම ප්‍රාර්ථනාවට ප්‍රාර්ථනාවක් එක් කරමි.

වර්තමානයට කදිමට ගැළපෙන හැඩයට නිර්මාණය වී ඇති මෙම රචනය නරඹන විට සිත සංවේදීතාවයට පත් වෙයි .සිද්ධාර්ථ චරිතය ඉතා තැන්පත් චරිතයකි.මෙම සිනමා පටය නරඹන විට අපට එය දැනෙයි.

අසිපත් දහසිකින්වත් මට වැඩක් නැත, සත්‍ය මගේ රැකවරණය යි  සිද්ධාර්ථ මෙසේ පවසන්නේ ගිහිගෙය අතහැර වනගත විමට යාම ඉතාම භයානක මෙන්ම සොරසතුරන් සහ සතුන්ගෙන් කරදරයක් වන්නට හැකි බව චන්නගේ ප්‍රකාශයෙන් පසුවයි. අද වන විට මටත් ඔබටත් වැඩි වශයෙන් දැක ගැනිමට සහ අසන්නට ලැබෙන්නේ ජිවිත නැති කිරීමට යාමය. මිනිස්සු ජිවිත නැති කරන්නේ හරියට එළවළු කපනවා සේය. මම එසේ පැවසිම වරදක් නොවනු ඇත. ඒ තරමටම අප සිත් දුෂණය වි හමාරය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවැනි සිතුවිලි තුලින් මිනිස් සිතක් වෙනස් කිරීමට නොහැකි බව. එහෙත් එක්තරා දිනයක සියළුම අපරාධකරුවන්ට තමන් කළ පව් මතක් කිරීමේදී මෙවැනි සිතුවිල්ලක් තම සිතක රැදි තිබුණොත් එදාටවත් එවැනි දුෂිත සිත් යහපතට පත්විමට මම ප්‍රර්ථනා! ගෙන එමි.
  
සිද්ධාර්ථ කථාවස්තුව එසේ ස්පර්ශ වෙමින් යන අතර තුරදී කුමරු තම අභිමතය සපල කරගැනිම සඳහා ගමන් අරඹා ඇත. එක්තරා රාජධානීයක් පසු කරමින් ගමන් කරමින් යන විටදී, එක් ස්ථානයකදී විශාල සත්ව ඝාතනයක් සිදුකිරීමට සියල්ල සුදානම් වෙමින් පවතින ලදිසිද්ධාර්ථ කුමරුට මෙම සිදුවිම දැක අදහාගත නොහැකිව එම ප්‍රධානීයා ඉදිරි පිටට ගොස් මෙසේ අසන ලදී. කුමක්ද? මෙහි සිදු වන්නේ එවිට එම ප්‍රධානියා විසින් ‍මෙසේ පවසා සිටියේ ය. “මට මහත් අපල ඇති බවත් එම අපල දුරු විමට මෙම සතුන්ව බිල්ලට දෙන බවත්ය”. එවිට සිද්ධාර්ථ කුමරු ඔහුට මෙ‍සේ පවසා සිටින ලදි. ඔබ අරාක්ෂා වනුයේ ඔබේ ක්‍රියාවෙන් මිස අසරණ ප්‍රාණයක් නසා නොවන බවත්ය”. වර්ථමානයේ නොයෙකුත් විපත් සිදු කරමින් මංමුලා වි ඇති සියළුම අකාරුණික සිත් මෙම සංවේදී වචන වල බලයෙන් කරුණීකව යහපත් වේවායි මම ප්‍රාර්ථනා ගෙන එමි.  
තම ගුරුවරයා විසින් උගන්වන ලද සියළුම ශිල්ප වලට සිද්ධාර්ථ ප්‍රිය නොකල අතර, එක්තරා දඩයම් ශිල්පයක් පිළිබඳව ගුරුතුමා විසින් පවසා සිටි අවස්ථාවේ ඉතාම තැන්පත්ව දඩයම මම ප්‍රිය නොකරමි සෑම ජිවියෙක්ම මට පුජනීයයිගුරුතුමණි යනුවෙන් පවසා සිටින ලදී.  අද විලාසිතාවක් වි ඇති ජනප්‍රියත්වය වෙනුවෙන් මිනිසා විවිධ වු පහත් ක්‍රියාවන්ට පෙළඹි ඇත. එවැනි මානෂික තත්වයක සිටින සියළුම සිත් සිද්ධාර්ථ කුමරුගේ වචනයේ බලයෙන් සුවපත් වි තැන්පත් භාවයට පත් වේවායි මම ප්‍රාර්ථනා ගෙන එමි.

රාගය තම එකම සතුට කරගත් මනුෂ්‍ය ප්‍රාණයන්ට මෙම කථා වස්තුව තුලින් ආදරය යනු උත්තරීතර පැතුමක් බව මෙනෙහි කරවයි. තම සහකාරිය කුමන ගතිපැතුම් වලින් යුක්ත වි සිටිය යුතු දැයි සිද්ධාර්ථ කුමරු පවසයි. විටෙක තම මව සහෝදරිය ලෙසත් රූප සෝබාව නිසා මාන්නයක් ඇති කර නොගත යුතු බවත්, මෙසේ පවසන්නේ තම ඥාති සොහොයුරත් සමඟ සිදුවන කථාබහ අතරතුරය. මෙය සිද්ධාර්ථ කුමරුගේ මුවින් පිටවන උතුම් වචන වෙයි.  අද සමාජයේ තම සහකාරිය හෝ සහකරුවා සිටියදී වෙනත් ස්ත්‍රියක් පුරුෂයෙකුගේ පහස ලබා ගැනිමට සිත් ඇති වුවහොත් සියළුම මනුෂ්‍ය ප්‍රාණයන්ගේ සිත් නිවි පහන් වේවා යයි මම ප්‍රාර්ථනා ගෙන එමි.

අවසානයේ තම පිය රජතුමාගේ වැරදි තීරණ අභියස සතුරන් මිතුරන් කර ගැනිම තුල තම රාජ්‍යය අරාක්ෂා වන බවත් ඒ සඳහා ලේ සෙලවිය යුතු නැති බවත් පවසා සිටින ලදි. බල තණ්හාවට පත් සියළුම මනුෂ්‍ය ප්‍රාණයන්ගේ සිත් පරාර්ථකාමි වි නිවි සැනසේවා යැයි මම ප්‍රාර්ථනා ගෙන එමි.

වර්ථමානයට කදිමට ගැළපෙන සිද්ධාර්ථ චරිතය තම ජිවිතයට අදර්ශයක් කර ගැනිමට හැකිනම් මේ සසර දනව්වෙ කෙළවර නිර්වානය වෙත අපට ළඟා විමට හැකි වනු ඇත.
Read More
Related Posts Plugin for WordPress, Blogger...