Monday, February 18, 2013

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම




    ජිවිතයට කුමන හෝ අයුරකින් යහපතක් සිදු වේ නම්, අපි කළ යුත්තෙ ‍ඒ හොඳ ජිවිතයට යා කර ගැනිමය.
  
සිදුහත් කුමරු ගිහිගෙය අතහැර සත්‍ය සොයා යන ගමන දෙස වැළපුණු සිතින් යුතුව දරා ගැනිමට නොහැකිව තමන් දෙස බලන් සිටින චන්නට සිද්ධාර්ථ කුමරු මෙසේ පවසයි.

චන්න නොසැලි සිටින්න”. කථාව අරම්භයම සිත යම් කිසි ඉසව්වක නතර කරයි. පහන් සිතුවිල්ලකින් කථාවට ප්‍රවේශ විම මගේ සිත් ගන්නා ලදි. සිදුහත් චරිතය අපට කියවන්නට ලැබෙන්නෙ කුඩා කාලයේදීය. ධර්මයේ සාරය අපි තුල තැන්පත් විමට පටන් ගන්නේ මව් කුස තුල පිළිසිඳ ගත් දින සිටය.

සිද්ධාර්ථ කුමරුගේ ප්‍රාර්ථනාව ලොකවාසී සැමට එක සේ සළකමි යන්නයි.මමද වර්ථමානයට එම ප්‍රාර්ථනාවට ප්‍රාර්ථනාවක් එක් කරමි.

වර්තමානයට කදිමට ගැළපෙන හැඩයට නිර්මාණය වී ඇති මෙම රචනය නරඹන විට සිත සංවේදීතාවයට පත් වෙයි .සිද්ධාර්ථ චරිතය ඉතා තැන්පත් චරිතයකි.මෙම සිනමා පටය නරඹන විට අපට එය දැනෙයි.

අසිපත් දහසිකින්වත් මට වැඩක් නැත, සත්‍ය මගේ රැකවරණය යි  සිද්ධාර්ථ මෙසේ පවසන්නේ ගිහිගෙය අතහැර වනගත විමට යාම ඉතාම භයානක මෙන්ම සොරසතුරන් සහ සතුන්ගෙන් කරදරයක් වන්නට හැකි බව චන්නගේ ප්‍රකාශයෙන් පසුවයි. අද වන විට මටත් ඔබටත් වැඩි වශයෙන් දැක ගැනිමට සහ අසන්නට ලැබෙන්නේ ජිවිත නැති කිරීමට යාමය. මිනිස්සු ජිවිත නැති කරන්නේ හරියට එළවළු කපනවා සේය. මම එසේ පැවසිම වරදක් නොවනු ඇත. ඒ තරමටම අප සිත් දුෂණය වි හමාරය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙවැනි සිතුවිලි තුලින් මිනිස් සිතක් වෙනස් කිරීමට නොහැකි බව. එහෙත් එක්තරා දිනයක සියළුම අපරාධකරුවන්ට තමන් කළ පව් මතක් කිරීමේදී මෙවැනි සිතුවිල්ලක් තම සිතක රැදි තිබුණොත් එදාටවත් එවැනි දුෂිත සිත් යහපතට පත්විමට මම ප්‍රර්ථනා! ගෙන එමි.
  
සිද්ධාර්ථ කථාවස්තුව එසේ ස්පර්ශ වෙමින් යන අතර තුරදී කුමරු තම අභිමතය සපල කරගැනිම සඳහා ගමන් අරඹා ඇත. එක්තරා රාජධානීයක් පසු කරමින් ගමන් කරමින් යන විටදී, එක් ස්ථානයකදී විශාල සත්ව ඝාතනයක් සිදුකිරීමට සියල්ල සුදානම් වෙමින් පවතින ලදිසිද්ධාර්ථ කුමරුට මෙම සිදුවිම දැක අදහාගත නොහැකිව එම ප්‍රධානීයා ඉදිරි පිටට ගොස් මෙසේ අසන ලදී. කුමක්ද? මෙහි සිදු වන්නේ එවිට එම ප්‍රධානියා විසින් ‍මෙසේ පවසා සිටියේ ය. “මට මහත් අපල ඇති බවත් එම අපල දුරු විමට මෙම සතුන්ව බිල්ලට දෙන බවත්ය”. එවිට සිද්ධාර්ථ කුමරු ඔහුට මෙ‍සේ පවසා සිටින ලදි. ඔබ අරාක්ෂා වනුයේ ඔබේ ක්‍රියාවෙන් මිස අසරණ ප්‍රාණයක් නසා නොවන බවත්ය”. වර්ථමානයේ නොයෙකුත් විපත් සිදු කරමින් මංමුලා වි ඇති සියළුම අකාරුණික සිත් මෙම සංවේදී වචන වල බලයෙන් කරුණීකව යහපත් වේවායි මම ප්‍රාර්ථනා ගෙන එමි.  
තම ගුරුවරයා විසින් උගන්වන ලද සියළුම ශිල්ප වලට සිද්ධාර්ථ ප්‍රිය නොකල අතර, එක්තරා දඩයම් ශිල්පයක් පිළිබඳව ගුරුතුමා විසින් පවසා සිටි අවස්ථාවේ ඉතාම තැන්පත්ව දඩයම මම ප්‍රිය නොකරමි සෑම ජිවියෙක්ම මට පුජනීයයිගුරුතුමණි යනුවෙන් පවසා සිටින ලදී.  අද විලාසිතාවක් වි ඇති ජනප්‍රියත්වය වෙනුවෙන් මිනිසා විවිධ වු පහත් ක්‍රියාවන්ට පෙළඹි ඇත. එවැනි මානෂික තත්වයක සිටින සියළුම සිත් සිද්ධාර්ථ කුමරුගේ වචනයේ බලයෙන් සුවපත් වි තැන්පත් භාවයට පත් වේවායි මම ප්‍රාර්ථනා ගෙන එමි.

රාගය තම එකම සතුට කරගත් මනුෂ්‍ය ප්‍රාණයන්ට මෙම කථා වස්තුව තුලින් ආදරය යනු උත්තරීතර පැතුමක් බව මෙනෙහි කරවයි. තම සහකාරිය කුමන ගතිපැතුම් වලින් යුක්ත වි සිටිය යුතු දැයි සිද්ධාර්ථ කුමරු පවසයි. විටෙක තම මව සහෝදරිය ලෙසත් රූප සෝබාව නිසා මාන්නයක් ඇති කර නොගත යුතු බවත්, මෙසේ පවසන්නේ තම ඥාති සොහොයුරත් සමඟ සිදුවන කථාබහ අතරතුරය. මෙය සිද්ධාර්ථ කුමරුගේ මුවින් පිටවන උතුම් වචන වෙයි.  අද සමාජයේ තම සහකාරිය හෝ සහකරුවා සිටියදී වෙනත් ස්ත්‍රියක් පුරුෂයෙකුගේ පහස ලබා ගැනිමට සිත් ඇති වුවහොත් සියළුම මනුෂ්‍ය ප්‍රාණයන්ගේ සිත් නිවි පහන් වේවා යයි මම ප්‍රාර්ථනා ගෙන එමි.

අවසානයේ තම පිය රජතුමාගේ වැරදි තීරණ අභියස සතුරන් මිතුරන් කර ගැනිම තුල තම රාජ්‍යය අරාක්ෂා වන බවත් ඒ සඳහා ලේ සෙලවිය යුතු නැති බවත් පවසා සිටින ලදි. බල තණ්හාවට පත් සියළුම මනුෂ්‍ය ප්‍රාණයන්ගේ සිත් පරාර්ථකාමි වි නිවි සැනසේවා යැයි මම ප්‍රාර්ථනා ගෙන එමි.

වර්ථමානයට කදිමට ගැළපෙන සිද්ධාර්ථ චරිතය තම ජිවිතයට අදර්ශයක් කර ගැනිමට හැකිනම් මේ සසර දනව්වෙ කෙළවර නිර්වානය වෙත අපට ළඟා විමට හැකි වනු ඇත.
47 Comments
Tweets
Fb Comments

47 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. //“අසිපත් දහසිකින්වත් මට වැඩක් නැත, සත්‍ය මගේ රැකවරණය යි”// කාලීනයි. නමුත්, කණගාටුවෙන් හෝ කියන්න වෙන්නේ ගයනී අද සත්‍යයට ඉඩක් නෑ. මා කියනුයේ දාර්ශනිකව නොවේ. සමාජ වියවුල් උපමා කර ගනිමින්. සත්‍යයට ඉඩක් ඇතැයි කියන දේ සමාජ ගතවී ඇත්නම්, අද මෙවන් වාතාවරණයක් මතු වනුයේ නැහැ. හුදෙක්ම බොහෝ මිනිසුන් ආගම ඇසුරු කරනුයේ ද භය නැමැති සංකල්පය පෙරදැරි කරගෙන.

    ReplyDelete
    Replies
    1. ඔබත් සමඟ මම එකඟයි.

      Delete
  2. siddhartha charithaya film eka godak hondai kiyala aranchiyak awa.

    ReplyDelete
    Replies
    1. සයුරි ඕනම දෙයක් අපි සිතන පතන තැනට ගෙන්න අමාරුයි.මිනිස් සිත සැහිමකට පත් වන්නෙ කලාතුරකින්.මෙම සිනමා පටය දෙසද විවිධ අදහස් ඇත.

      Delete
  3. මම නං බලන්නේ නැත.. මක්කටෙයි දන්නා ටික හොදටම ඇතිය..

    ReplyDelete
  4. චිත්‍රපටය නම් බැලුවේ නෑ ගයනි. මේ ලිපියෙන් කියන දේ නම් අගෙයි. වැඩි දෙනෙක් ඔහොම හිතනවා නම් ලෝකයේ අද අඩු වෙමින් යන මනුස්සකම ආයේ වර්ධනය වේවි..

    ReplyDelete
    Replies
    1. චන්දන, ඔව් එක නම් ඇත්ත.

      Delete
  5. මම කොහොම හරි ඔය ෆිල්ම් එක බලන්න ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මල්ලී මම ඒ සිනමා පටය තුල තිබු දෙබස් ටිකටයි මගේ අවදානය යොමු කරේ.

      Delete
  6. ෆිල්ම් එකනම් බැලුවේ නැහැ ඒත් මේ ලිපියනම් කියෙව්වා ..

    ReplyDelete
  7. අසාර්ථක චිත්‍ර පටයක්...

    ReplyDelete
  8. චිත්‍රපටිය බොහොම අසාර්ථකයි කියල මම අහල තියෙන්නෙ.ඒත් ඉතින් ගන්න කෙනෙකුට ආදර්ශ තියෙනවානෙ..

    ReplyDelete
    Replies
    1. හැම විටම අපට හැම දේයක්ම සාර්ථක කර ගන්න බැ නේද?මම නම් එම නිර්මාණය තුල දකින්න උත්සහා කරේ සහ අවධානය යොමු කරේ ඔය මම ලියපු කරුණු වලටයි.හොඳ දේ අරගෙන අවශ්‍ය නොවන ටික බැහැර කළ විට හරි නේද අංකල්?

      Delete
  9. චිත්‍ර පටයක් වශයෙන් අසාර්ථකයි, එහෙත් බුද්ධ චරිතය ඇසුරින් ගතහැකි පාඩම්නම් බොහොමයි. ඒකට මේ චිත්‍ර පටයම අවශ්‍ය නැහැ ජාතක කථා පොතක දෙබස් සිතට ගත්තත් සිතන්න දේවල් බොහොමයක් ඇත.

    ReplyDelete
    Replies
    1. චමි,අපි හැමෝම ජාතක කථා කියවනවා තමයි.එහෙත් මෙතන කියවුණු සමහරක් කරුණු මම අසා තිබුණෙ නැත.අසාර්ථකය තුල අපට ගන්න දේයක් ඇත්නම් ගත්තට වරදක් නැ නේද?

      Delete
  10. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සුබවාදීව දුටු ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මල්ලී,මම එහි අවධානය යොමු කරේ ඔය මම ලියපු ටිකටයි.එතනින් ඔබ්බට මම එහි ඇති හොඳ නරක බැලුවේ නැත.විවිධ විචාරයන් මමත් දැක්කා.

      Delete
  11. හැම දෙයක් ගැනම බලන දෘශ්ඨි කෝණ එක් එක් කෙනාට වෙනස්. විචාර කීපයක් කියෙව්වා ඒවා ඒ තරම් සුබ වාදී නැහැ. ඒ උනාට ඔබේ සටහන බොහොම සුබ වාදීයි. කෙනෙක් එය බල මොහොත් හිතනවා නම් ඒක අගෙයි. අපි දෙයක් ගැන හැම වෙලාවෙම බලන්නෙ නොපිටට. ඒක මධ්‍යස්තව බලනවා නම් මේ විදියට දකීවි.

    ReplyDelete
    Replies
    1. විචාරය සඳහා බුදුදහමේ ඇති මහඟු නිදහසට ඔබ අකමැතිද?

      Delete
    2. අපොයි නෑ. ඒ නිදහස ඔබට මෙන්ම මටත් හිමියි. මම කිව්වේ මා කියවූ දේ හා මගේ අදහසයි. ගයනි නංගී ලියා ඇත්තේ ඇගේ අදහසයි. බුද්ධ චරිතය විකෘති කරනවාට මා කැමති නෑ. ඔබට පුලුවන් නම් Old Path White Clouds: Walking in the Footsteps of the Buddha -Thich Nhat Hanh පොත කියවන්න. ඔබට තෙරුවන් සරණයි!

      Delete
    3. ඔබට ස්තුතියි මහත්මිය! මගේ ඉංග්‍රීසි දැනුම අඩු බව කියන්න ඕන.මා සිතන අන්දමට ඔබ කියන පොතේ කතුවරයා වන්නේ වියට්නාම ජාතික හිමිනමක් විය යුතුය.උන් වහන්සේගේ වෙනත් පොත් 2ක සිංහල පරිවර්තන මා විසින් කියවා ඇත.

      Delete
    4. චන්දි අක්කේ,මම එහි දකින්න උත්සහා කරේ අපට ගන්න පුළුවන් ටික විතරයි.

      Delete
    5. මගේ ද ඉංගීසි දැනුම ඉතාම අල්පයි. නමුත් අතට අහුවන හැම දේම කියවීමේ පුරුද්ද නිසා එය වර්ධනය කරගන්නට හැකියාව ලැබුනා. ඒ ගැන අප ලජ්ජාවිය යුතු නෑ. මොකද එය අපේ මව් භාෂව නොවන නිසා. මා මුලින්ම ලංකාවෙන් පිට යනවිට වයස අවුරුදු දොළහයි. දැන හිටියේ ඔව්, නෑ කියන්න විතරයි. ඒ නිසා බඩගින්නේ තරු පහේ හෝටලයක් ඉන්නත් උනා. අනේක විධ අසරණ කම් වලටත් ලැජ්ජාවටත් පත්වූ අවස්ථා අපමණයි මල්ලී. එහෙම තමා ඉගෙන ගත්තේ. මේ පොතේ සිංහල පරිවර්ථනයක් තිබෙනා බව දන්නේ නම් නෑ. නමුත් සරලව ලියා තිබෙන්නෙ. ඒ පොතේ අපි දකිනා බුද්ධ චරිතය නම් නෑ. සරල ඉන්දියානු ගමක සරලව යහළුවන් අතරේ ඉන්නා කෙනෙක් ලෙසයි සිද්ධාර්ථ කුමරා ඉන්නෙ. හරිම වෙනස් ආකාරයට ලියා තිබෙන්නෙ. ඒ උනාට සුන්දර සරල ජීවිතයක් පෙන්වා දෙනවා. අපේ විදිහට චරිතයට හානියක් වෙනවා. නමුත් ඒ කාලෙ සරල දිවිපෙවත හා වෙනත් කාරණා අනුව කෘතියක් ලෙස වටිනාකමක් දකිනවා. කතෘ වියට්නාම් ස්වාමීන් වහන්සේ නමක්. වැඩි කාලයක් ප්‍රංශයේ ජීවත් වී තියෙන්නෙ. http://en.wikipedia.org/wiki/Thich_Nhat_Hanh

      Delete
  12. . සිදුහත් කුමාර චරිතයෙන් ගත හැකි ඉතාමත් වටිනා ආදර්ශ අපමණ ඇති බව පිලිගනිමි.එහෙත් ඒ ඔබ කිරුල හිමි කුමරෙකු නොවේ නම් පමණි.ඔබ අනාගතයේ රජවීමට බලාපොරොත්තු වන්නේ නම් සතර පෙරනිමිති දැක අමුතුවෙන් කලබල නොවිය යුතු අතර ඒ සියල්ල සමාජයේ සාමාන්‍ය දේවල් බව වටහා ගත යුතුය.එසේම චන්නට සමාන මිතුරෙකු ලෙසට නොසැලකිය යුතුය.එසේම වයසට ගොස් ඇති කන්ථක අසුට විශ්‍රාම දී.කළුපැහැති තරුණ අසෙකු තම පරිහරණයට යොදාගත යුතුය.තවද වසර 13 බලා නොසිට ඉක්මනින්ම කුමර කුමරියන්ගේ පියෙකුද විය යුතුය.එසේම නන්ද කුමරු ජනපද කල්යානියගෙන් වෙන් නොකර ඔහු රාජධානියේ ප්‍රාදේශීය පාලක තනතුරක් ලබාදී පසෙකට කල යුතුය.

    ReplyDelete
  13. මං නම් ඕක බලන්ඩ ආස නෑ.

    ReplyDelete
  14. බුදු හාමුදුරුවො කිව්වෙ “ධර්මය දකින්නා තථාගතයන් වහන්සේ දකී“ කියලනෙ. ඒ නිසා මම ඔය චිත්‍රපටිය බලන්න කිසිම ඕනි කමක් කලේ නැහැ. මොකද බුද්ධ චරිතය අදාල කරගෙන හැදිච්ච නිර්මාණ හරහා බුදු හාමුදුරුවො හෝ සිද්ධාර්ථ කුමාරය ගැන ගොඩනැගෙන ප්‍රතිරූපෙ ධර්මය පරිශීලනය කරන්න ගියාම ඇහැට වැටිච්ච රොඩ්ඩක් වගේ කරදර කරන නිසා...

    ReplyDelete
    Replies
    1. ඔබේ මතයට මම ගරු කරමි.

      Delete
  15. gayani meke akuru wala paata dingak wenas karanna
    puluwanda ...?
    mage moleth eliyata enawa wage danenawa..:D

    ReplyDelete
    Replies
    1. අනේ මම උත්සහා කරා අකුරු පාට වෙනස් කරන්න.එත් බැරි උනා.

      Delete
  16. චිත්‍රපටේ ගැනනං මං මුකුත් කියන්නෑ..
    අන්තිමට අපි දේවදත්තලා වෙන එක විතරයි වෙන්නේ...

    ReplyDelete
  17. ෆිල්ම් එකනම් බලන්න විදියක් නැහැ.

    අවසානයට කියල තියෙන දේවල් එක්ක 100% එකඟයි.සරල වෙන තරමට සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මේ පැත්තට පැමිණියාට.

      Delete
  18. අප කිසිම දෙයක් නිසා මාන්නයක් ඇති කර ගත යුතු නැත.
    පෘතග්ජනයයින් ලෙස අප ඒවැනි සිතුවිලි ඇති කර ගත්තත් පෙන්වන්න නැතුව ඉන්න පුලුවන් නම් කොතරම් හොඳද?

    මේ චිත්‍රපටය අබාගෙන් පටන් ගත් ආදායම් වාර්තා බිඳින දැන් රටේ යන රැල්ලට හදපු එකක් නිසා පොඩි අකමැත්තක් තිබුනත් එය යට කරගෙන බලන්න බැරියෑ. ඒ වුනත් බලන්න බයයි මගේ හිතේ තිබෙන ඒ උත්තමයාගෙ චිත්තරූපය විනාශ වේ යයි හිතෙන නිසා.

    ReplyDelete
  19. සිද්ධාර්ථ ගෞතම පිළිබඳව මේ රසවත් සටහන් ඉතා ආශාවෙන් කියවූවෙමි. මම සුබ පතනවා. තවත් හොඳින් ලියන්න.

    ReplyDelete
  20. සිද්ධාර්ථ චරිතය, වගේම බුද්ධ රචරිතය මේ දෙකම එකක් වුනාට ඒඒ අවස්ථාවන් ජීවිත වලට ගෙන දෙන්නේ නොමද ආලෝකයක්. බුදු දහම තරම් මිනිස් ජීවිත සුවපත් කරන දර්ශනයක් තවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියගේ සිතුවිල්ලට මම ගරු කරමි.

      Delete
  21. බුදු දහම ගැන ඔය තරමින් හෝ නීමාණයකින් දැනුවත් වීමක් කිරීම වටිනවා.
    දැන ගන්න ලැබුන විදිහට නිවරැදි නොවන තොරතුරුත් ඇතුලත් වෙන්වාලු

    ReplyDelete
    Replies
    1. මම එහි අවධානය යොමු කරේ ඔය මම ගත්ත ටිකට විතරයි.

      Delete
  22. තවම චිත්‍රපටිය නරඹන්න බැරි වුණා.. නැරඹුවාට පස්සේ හරියට ම අදහස කියනම්!!

    ReplyDelete
    Replies
    1. මල්ලී මම එයින් ගන්න පුළුවන් ටික විතරයි ගත්තෙ.

      Delete
  23. මම සුජාත දියණි ගැන හිතන්නෙත් මෙහෙමයි.කිසිම දෙයක් අපිට ගෝචර නොවෙනවා කියල ඒව අයින් කරල දාන්න අපිට අයිතියක් නෑ.හැම දෙයකින්ම,පාරෙ ඉන්න හිගන්නන්ගෙන් පවා අපට ඉගෙනගන්න දේවල් තියෙනව.අති විශිෂ්ටයි කියන අයගෙ පවා ප්‍රතික්ෂේප කළ යුතු දේවල් තියෙනව.යහපත් දේවල්වලට හේතු මූලාශ්‍ර උවමනා නෑ.නමුත් සිනමාත්මකව චිත්‍රපටියේ හොද සහ නරක ඒ වගෙම ඒ දෙක අතර ඇති තැන් ගැන අපි කතා කරන්නට ඕන!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...