Monday, February 11, 2013

බැඳිමක ඇති වටිනාකම නොහඳුනන මිනිසුනේ කවදාද ඔබේ හදවත් මනුෂ්ය ත්වයෙන් පිබිදෙන්නේ




අකුරු ඉගෙන ගත් පමණි            
උගත් කෙනෙක් නොවේ යසි         
එයින් උගත යුතුව තිබෙ             
නොයෙක් සතර උගනිවි  දැ         

    මිනිසෙකු කොපමණ උගතෙකු වුවත් ඔහු ගුණධර්ම වලින් හීන නම් ඔහු රටට ලබා දෙන දායකත්වය ඒ තරමටම හීන ය. එපමණක් නොව රටට කරන අලාභයද සුළුපටු නොවේ. අත අහිමි වු අචලා නම් නීති ශිෂ්‍යාව පිළිබඳව දිගින් දිගටම පල වු අනුවේදනීය ලිපි  දෙස මම බෝහොමත් සංයමයකින් යුතුව බලාගෙන සිටින ලදි. ඒ මන්ද යත් එවැනි පුවත් ඇස ගැටෙන වාරයක් පාසා මගේ දෙනෙත් තුල කදුළු ගුලි තෙරපෙනවා.

    එදා කටෝර වැස්ස දවස කි. දිනය 1998 අප්‍රේල් මස 09 වන දින අළුයම 0135 පමණ මගේ තාත්තා විසින් නිවස ඉදිරිපිට සිටවන ලද සරුවට වැඩුණු කතුරුමුරුංගා ගස කඩාගෙන බිමට පතිත වන හඬ ඇසි මාත් අම්මත් තිගැස්සී යන ලදි. අපි දෙන්න‍ට දෙන්නා මුහුණට මුහුණ බලාගෙන සිටියා මිස මුවින් එකඳු වචනයක්වත් පිට නොකළෙමි. ඒ තරමටම හඳ ගැහෙන හඬ ඇසෙන්නට විය. කුමක් හෝ නපුරක පෙර නිමිති එක දිගටම සිදු වු දින කිහිපයකි. පුංචි ශබ්දයකින් වුවද හිතත් ගතත් සැලෙන්නට විය. ජිවිතයේ අමාරුම දින කිහිපයකි. කටෝර වැස්ස ගෙන ආ අසුභ ලකුණ සිත සලිත කරන පණිවිඩයකි.

    බකමුණා ගේ ශබ්දය ඇසෙන විට අම්මා කෑ ගසා ඒ හඬ නවත්වන්නට උත්සහා ගන්නා ලදි. බකමුණාටත් අපි දොස් පවරන්නට විය. මේ මොහොතෙ මට මේ වචන ගලපා ගන්න නොහැකිව පරිඝනකය මත දෑත් තබාගෙන දැස් පියා ගෙන ඒ පව්කාර මොහොත සිහිකරමි.

    හදිසි අනතුරකට භාජනය වු මගේ පියා මාතර මුලික රෝහලට ඇතුලත් කළේ 1998 වු අප්‍රේල් මස 04 වන දින රාත්‍රි 8.25 ට පමණය. ඊට පසු දින තාත්තාව ශෛල්‍යකර්මයකට භාජනය කරන ලදි. සැත්කමට පසු ඉතාමත් හොඳින් අපි සමඟ කථා කළ මගේ තාත්තා හදිසියේ 07 වන දින සිට ආපසු ටික ටික යම් කිසි වේදනාවකින් පෙලුනු අතර 08 වන දින මධ්‍ය ම රාත්‍රියේ දරාගත නොහැකි දැඩි වේදනාවකි පසු වු අතර, වචන පිට කිරීමට නොහැකිව  සාත්තුවට සිටි මාගේ මාමාට යමක් පවසා ඇත. එම හස්ත සංඥාව මාමා ට තේරුම් ගැනිමට එතරම් ම අපහසු වි නැත. තාත්තා ඒ තරම් වේදනාවකින් පෙළෙමින් සිටියද පවසා ඇත්තේ අපි බලා ගන්න කියලයි.

    මනුෂ්‍ය ජිවිතයක් මොන තරම් අසරණ වෙනවද? මගේ තාත්තා මිය යාමට දින දෙකකට පෙර තාත්තට මාතර රෝහලෙන් කරාපිටිය රෝහලට යන්න ඕන කිව්වා. අපි ඒ බව වෛද්‍යවරුන්ට පැවසු විට ඔවුන් පැවසුවේ සැත්කමක් කර ඇති නිසා අපි වගකියන්නේ නැ ඕන නම් අරගෙන යන්න කියලයි. ඉතිං දෙවියනේ එසේ කියද්දී අපි කොහොමද අර‍ගෙන යන්නේ.

    තාත්තා එදා කරාපිටියට අරගෙන නොගිය පසුතැවිම අදටත් අපේ හදවත් තුල තිබෙනවා. සැත්කමින් පසු නිරෝගිව සිටි මගේ තාත්තා 06 වන දින උදරය ප්‍රදේශය වේදනාවක් ඇති බව රෝහල් කාර්‍ය මාණ්ඩලයට පැවසුවද, එතරම් තැකිමක් කළේ නැත. මගේ අහිංසක තාත්තට වෙනත් රෝහලකට යන්න ඕන බව කිව්වෙ ඒ නිසයි.

    මනුෂ්‍ය ජිවිතයක් ලැබුවාට ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබා රටේ පිළිගත හැකි ‍රැකියාවක් කළාට මනුෂ්‍යයෙකු තුල  පිහිටන්න ඕන ගුණ ධර්ම සහ තවත් හදවතක ගැහෙන හඬ නොඇසෙ නම් ඔහු හෝ ඇය මනුෂ්‍යයෙක් වෙනවද?

    අද තරමට ම එදා ජනමාධ්‍ය මහජනතාව අතර සිටියේ නැත. එහෙම උනා නම් මගේ තාත්තා පිළිබඳව ඔවුන් රටට කියාවි. පාසල් යන වයසක සිටි මට උනත් එදා කිරිමට පුළුවන් උනේ කඳුළු සැලු මගේ අම්මට මගේ උරතලය ළං කිරීම පමණකි.

    ලස්සනට හැඩ කරලා මට මේ සටහන ලියන්න බෑ. මාගේ තාත්තා ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති. පෙර භවයක කළ අකුසලයක් මේ භවයෙදී ගෙවා නිම කරන්න ඇති.
   
    මගේ තාත්ත උනත් පෙර භවයක දැඩි අකුසලක් කර ඇති නිසා වෙන්න ඇති මේ භවයෙදි මේතරම් වේදනාබර මරණයකට මුහුණ දුන්නෙ. එහෙත් අද උපදින දරුවගෙ සිටවත් මිනිසත්බව සහ එහි වටිනාකම කියා දිය යුතු නොවේද? ඇතැම් පුද්ගලයින් කියනවා දහම් අධ්‍යාපනය ට කළ හැකි දෙයක් නැති බව. එදා ඒ මොහොතේ සිටි එකඳු පුද්ගලයෙකු තුලවත් ඒ මනුෂ්‍යකම තිබුණා නම් මගේ තාත්තා මේ තරම් වේදනාවකින් කෑ ගසන විට කරන්නට යමක් තියෙන්නට ඇත. සැත්කමින් පසුවද ශරීරය අභ්‍යයන්තරයට රුධිරය වහනය වි ඇත. ඔවුන්ගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් මගේ පියා මට අහිමි විය. ඒ අහිමි විම මටත් මගේ පවුලේ උදවියටත් මිස රෝහලේ කාර්්‍ය මාණ්ඩලයට එය තවත් එක් රෝගියෙකු පමණකි. ඔබටත් මටත් නොපෙනෙන තවත් කොතෙක් නම් ජිවිත මේ ආකාරයට අකාලයේ නිහඬ වන්නට ඇත්ද? එහෙත් එවැනි මමත්වයෙන් පිරි සිතුවිලි වලට පණ පොවන තාක්කල් මේ රට තුල ජිවත් වන අපේ පණ උගස් කළ භාණ්ඩයක් මෙන්ය.

    පුංචි කාලයේ මගේ දෙමව්පියන් අපිව දහම් පාසල් යැව්වේ ඉතා ඕනෑකමකින් ය. ඒ ලබා ගත් පන්නරය අපේ ජිවිත මනුෂ්‍යකම් වලින් පොහොසත් කළා පමණක් නොව අප ඉදිරියට පැමිණෙන ඕනෑම නොහඳුනන රුවක් වුවද නිහතමානීව පිළීගැනිමට පුළුවන් මනසකින් සංවර්ධිත වි ඇත. එයට නිදසුන් ඕනෑතරම් මගේ ජිවිතයේ ඇත. උතුම් මිනිසුන්ද මේ අතර සිටින බව පැවසිය යුතු විශේෂ කරුණකි.
   
    අද උනත් මම මේ ටික කියන්නෙ මනුෂ්‍යත්වයේ ගුණ පිළිබඳ මම ලියන සටහන් වලට සමහරක් ඇනොලා ප්‍රතිචාර දක්වන්නෙ උපහාසයකින්ය. මට එතුමන්ලට කියන්නට තියෙන්නෙ කකුල් දෙකකින් හිටගත් පමණින් මනුෂ්‍යයෙකු නොවන බවය.
මිට වඩා මෙ සටහන මට දුර අරගෙන යන්න බැ .     

48 Comments
Tweets
Fb Comments

48 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. උගතෙක් පහත් කර තකන්නට මා අකමැතිය. එහෙත් ලොවේ උගතා මෙන්ම බුද්ධිමතා යනුවෙන්ද දෙදෙනකු නම් කොට ඇත.

    ReplyDelete
    Replies
    1. අයියේ මම උගත් කමට කිසි විටෙකත් නිගා කරන්නේ නැ.ඒත් ඒ උගත් කම රත්තරං ගාපු විදියට වඩා නියම රත්තරං වෙන්නේ මනුෂ්‍යකම් එකතු වු විටය.

      Delete
  2. පෝස්ට් එක ගැන මුනා කියන්නද මන්දා? අර කාමරේ නම් මගේ කාමරේ වගේ.. 'මේක පිස්සු ලෝකයක්'

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙනවා

      Delete
  3. අනිවා ගයනි.. මොන උගත්කම් තිබුනත් මිනිසත් කම හඳුනන්නේ නැත්නම් වැඩක් නෑ.

    සමීපතමයින් ගෙන් වෙන් වීම දුකක් තමයි. ඒත් ලෝක ස්වභාවය එයයි. ඔබේ පියා හොඳ ස්ථානයක උත්පත්තිය ලබල ඇති.

    ReplyDelete
    Replies
    1. මමත් ප්‍රාර්ථනා කරන්නෙ එච්චරයි චන්දන.

      Delete
  4. ඔය හරි..දෙකකුලෙන් සිට ගත් පමණින් මිනිසත් කම් දන්නා..දැනෙනා මනුස්සයෙකු විය නොහැකියි.

    බැහැර කල යුතු දේ බැහැර කරන්න. අනවශ්‍ය දේ ඉවතලන්න. බ්ලොග් ලෝකය ජීවිතය තාවකාලික තැනක් යැයි සිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ළීහිණී ඔයා හරි.

      Delete
  5. ධනයට බලයට උගත්කමට කවදාවත් මනුස්සකම කියන දේ ගන්න බැහැ..
    ඒක අව්‍යාජයි...
    උගත් අය සහ බුද්ධිමත් අය අතරින් වඩා වැදගත් වන්නේ උගතා නොව බුද්ධිමතා වන්නේ ඒ නිසාය.....

    ReplyDelete
  6. මමද ඔබ කියන සිදුවීමක අසන්න අත්දැකීමක් ලබලා තිබෙනවා. එත්, රෝහලේ සිටියා කියාත් ඔහුන් වග කියන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මලා ඒ වගකිම ඔවුන් ගත්තෙ නැ.එත් අපිට ඒ වෙලාවේ ඒ කියන දේට එකඟ වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න තිබුණෙ නැ.

      Delete
  7. ඔව් ගයනි, සංවේදි සටහනක්.. අපි හැමෝම එහෙම හිතුවට ඒක එහෙමම නෙමෙයි. ඔබට කියන්න මගේ අම්මා පපුවේ අමාරුවක් හැදිල ශික්ෂණ රෝහලකට ඇතුලත් කලා. එදා හවස් වෙන කොට අයිසීයූ එකේ ඉදල එයාගේ තත්වය බරපතල බවින් මිදිල තිබුනේ. ඒත් ඒ වන කොටත් මාස්ක් එක දාලා තිබුනත් දෙපාරක් වමනේ දාලා තිබුනා.. අපි කාටවත් ඉන්න දුන්නේ නෑ.. ඒත් ඒ වෙලාවේ හිටිය කට්ටිය ටක් ගාලා මාස්ක් එක ගලවපු හින්දා හොදා. ඒත් රෑ 11 ට විතර මට ඉස්පිරිතාලෙන් කොල් කරා ඉක්මනට එන්න කියලා.. මම ගියා යනකොට අම්මා නැති වෙලා.. දොස්තර ඇවිල්ල මට බටර් ගාලා කොහොම හරි ඒතත්තු ගැන්නුවා ඒගොල්ලන්ගේ වරදක් නැති බව. ඒත් මම ඇහුවා මරණ පරික්ෂණයක් තියන්න ඕන කියලා. එතකොට කියනවා එහෙමනං දවස් දෙකක් වත් යාවි බොඩි එක ගන්න කියලා.. කිව්වා. මට ඒ වෙලාවේ ආපු සැකේ තමා අම්මා නැති උනේ වෙන දේකින් නෙමෙයි දවල් වගේ මාස්ක් එකේ වමනය දාපු නිසා හුස්ම හිර වෙලා කියලා. ඒක අදටත් තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ.. අපි කොච්චර හිතුවත් ඒ දේ වෙලා ඉවරයි.. අඩු පාඩු කම් අනන්තවත් වෙනවා ඔය ඉස්පිරිතාල වල.. ඒක ඇති

    ඔබට කරන්න තියෙන හොදම දේ ඇනෝ කමෙන්කටු ඩිසෙබල් කරන එකයි. මොකද ඔබට අවශ්‍යතාවයක් නැත්නං එහෙම දේවල් අහන්න, ඇයි උවමනාවෙන් අහගන්නේ.. මට නං මුකුත් කිව්වත් අවුලක් නැති හින්දා එහෙම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන්න එපා. ඇනෝ සංකල්පයට ගරු කරන්න, ඔවුන්ව මර්ධනය කරන්න අවශ්‍ය කොටසක් නෙවෙයි. හොඳ ඇනෝලා ගොඩක් ඉන්නවා. ඒ අයට ඉඩ දෙන්න. මගේ බ්ලොග් එකේ ජරා කලේ එකම එක ඇනෝ කෙනෙක්. ඒ ඇනෝ අපි අඳුරන රෙස්ලින්.. :) ඒ ඇරුණාම මෙතුවක් දවස් ඇනෝ ප්‍රහාර නෑ.

      Delete
    2. ඇත්තටම දේශකයා එවැනි අත්විඳිමක් විදපු කෙනෙකුට ඒ අසරණ බව කියන්න දෙයක් නෙමෙයි තමයි

      Delete
  8. ඔබේ මේ ලියමන සම්පුර්ණයෙන්ම කියවීමි.මගේ ජීවිතය සහ රෝහල් සම්බන්දව බොහෝ අත්දැකීම් ඇති නිසා ඔබේ ලිපියට අමුතුවෙන් විවේචන ඉදිරිපත් නොකරමි.නමුත් ඔබ ඔබේ ලිපියේ අවසානයේ ඔබ විසින් මා වන් ඇනෝලා සම්බන්දව කර ඇති ප්‍රකාශය සමඟ එතරම් දුරට එකඟ නොවෙමි.ඔබට ලැබී ඇති සමස්ත ඇනෝ කොමෙන්ටු නැවත කියවා බලන ලෙස කියමි.ඒවායේ ඔබට එකඟ විය නොහැකි දේ තිබීමට ඉඩ ඇති වුවද,මිනිසත් කමට උපහාස කර ඇති දේවල් එහි ඇති බව නොසිතමි.එම කොමෙන්ටු වලින් බොහෝ ප්‍රමාණයක් මා විසින් පළකර ඇති නිසා මටද එහි වගකීමක් ඇත.මෙතන ඇත්තේ වෙනත් ගැටලුවකි එයනම් ඔබ විසින් ඇනෝ කොමෙන්ට් කරුවන් පිළිබඳව දරන ආකල්පයය.ඔබ ඇනොලා යනු ත්‍රස්තවාදීන් පිරිසක් ලෙසට සලකයි.එසේම නාමිකව ඔබට කොමෙන්ටු දමන ඇතැම් අයද ඇනෝ විරෝධියන් වීමද ඔබේ මතයට දිරි දීමක් වී ඇත.ඇනෝ කොමෙන්ට් කරුවෙකු ලෙස මා සිතන්නේ ඇනොලා නිසා ඕනෑම බ්ලොගයකට අමුතුම අලංකාරයක් ලැබෙන බවයි.ටික කලකට ඇනෝ වාරණය කර ඔබම මෙය අත්දැක බලන ලෙස කියමි.

    ReplyDelete
    Replies
    1. ඇය ඇනෝලා පිළිබඳ ඔබ සිතන ආකාරයේ මතයක් දරනවා යැයි මට නම් නොපෙනේ. ඒසේ නම් ඇයට ලේසියෙන්ම ඇනෝ කොමෙන්ට් ඩිසේබල් කිරීමට හැකිය. ඇය පවසන්නේ 'සමහර ඇනෝ' යනුවෙනි. එයින් අදහස් වන්නේ හොඳ අදහස් පවසන ඇනෝලාද ඇති බව ඇය සිතන බව නොවේද?

      ඇනෝලා වීම හෝ නාමික වීම බ්ලොගයකට අලංකාර එකතු කරන්නේ නැත. කවුරුන් හෝ ලිපියට අදාල කොමෙන්ට් කරනවා නම් එයින් ලිපියේ වටිනාකම වැඩිවනු ඇත.

      Delete
    2. අකල්පයක් තියෙනවා ඇනෝ.ඒ ඔබ කියන විදියේ එකක් නෙමෙයි.අකල්පය නම් එවැනි මනුෂ්‍යත්වයට එරෙහිව කථා කරන පිරිස් පිළිබඳව අනුකම්පාවක් තියෙන්නෙ

      Delete
  9. gayani oyage me blog ekata man godak kamathi.
    oya wenas widihkata hithanne..man kamathi..
    ida thiyenawata ennam comment karanna,
    but before that pls do some changes the
    blog, specially about the font colors...

    ReplyDelete
    Replies
    1. but before that pls do some changes TO the
      blog, specially about the font colors..
      correction|

      Delete
    2. ස්තුතියි සහෝ.ඔබ කියපු දේ හදන්න උත්සහා කරන්නම්

      Delete
  10. බොහොම සංවේදී සටහනක්.කෙනෙකුගේ දෙමාපියන්ගෙන් කෙනෙක් අඩු වයසදී නැතිවෙනවා කියන්නේ ඒ ළමයාට කොහොම කම්පනයක් වෙනවා ඇතිද?. ලංකාවේ දොස්තරලා කරන්නේ රැකියාවක්.එත් ඒ දේ සේවාවක් කියල හිතන පිරිසකුත් ඉන්නවා.ඒ රැකියාව ඕනවට එපාවට කරන මිනිසුන් අහිංසක ජිවිත කියක් බිලිගන්නවද?.

    ReplyDelete
    Replies
    1. සමහරක් වෛද්‍යවරුන්ට වටිනාකමක් නැ මිනිස් ජිවිත.

      Delete
  11. තාත්තට වෙච්ච දේ ගැනනං ගොඩක් කණගාටුයි අක්කේ...
    ඔය මාතර ඉස්පිරිතාලේ ඉන්නෙනං වෛද්‍යවරු හෙදියෝ වෙන්න බෑ..
    දැක්කනේ අචලට උන දේ....
    ඇනෝලගේ දේවල්නං සලකා බැලීමකින් තොරව ඉවත් කරන්න..
    එච්චරයි කියන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී ඒ මිනිස්සුන්ට අපේ ජිවිත වල වටිනාකමක් නැ.ඇනෝලා ගැන ඔයා කියපු දේ හරි.

      Delete
  12. සංවේදී සටහනක් ගයනි. මෙවන් සිද්ධියක් නිසා ඔබ සමාජයට වෛර කරන්නෙක් නොවී යහගුණ පතුරුවන කෙනෙක් වෙලා ඉන්න එකම උනත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර මගේ ජිවිතේ මම ඒ අයට වෛර කර කර හිටිය නම් අද මමත් විනාශ වෙලා.වෛර කරනවාට වඩා වගකිමක් ඉටු කරන්න මට තිබුණා.මම එක කළා.

      Delete
  13. හැම දෙම මුදලට තක්සේරුවෙන මදල පස්සෙ දුවන මිනිස්සුන් බහුතරයකින් සැදී ඇති මේ සමජයෙ මනුස්සකම බොහොම විරලයි දරුවො..

    ReplyDelete
    Replies
    1. ඔව් සර් මිනිසුන් සල්ලි වෙනුවෙන් තම අතපයද කපා දෙයි.

      Delete
  14. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. මනුස්සකම නැත්තං.
    බොරුවට ලෝකෙට පේන්න එක දාන්න නෙමෙයි. අවංකවම තමන්ට කරන්න පුලුවන් තරමින් පුංචිම පුංචි දෙයක් හරි කරනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන තැනත් වෙයිද.
    අපි හැමෝම මිනිස්සු නිසා අත්වැරදිම් අතපසුවීම් වෙන්න පුලුවන්.
    ඒත් නොසැලකිල්ල නිසා වෙන වැරදි අතපසුවීම් කියලා කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බණ්ඩා අත්වැරදිමක් උනා නම් මම මේ විදියට මෙ සටහන ලියන්නෙ නැහැ.තාත්තගේ වෙදනාව එයාලට දැනුනේ නැ.

      Delete
  15. ඔබේ බ්ලොගේ මා කියවූ සවේදීම සටහන මෙය බව ප්‍ර‍ථමයෙන් කියනු රිසි වෙමි...මගේ පියාද කීප වතාවක් රෝහල් ගතව ප්‍ර‍තිකාර ලබා තියෙනවා...ඒ සියලුම අවස්ථා වල ඔහුගේ ඇද අසල නිදි වර්ජිතව හිටියෙ මම.. දැනට මාස දෙකකට කලින් තාත්තට ශල්‍ය කර්මයක් කලා...එයින් පසු ඔහු හුස්ම ගත්තෙ අමාරුවෙන්...ඔහුගෙ ඇද අසලට වෙලා ඔහුගෙ අත අල්ලගෙන මම නිදි නැතිව පහන් කරපු ඒ රාත්‍රිය මට නම් ජීවිතේටම අමතක වෙන්නෙ නෑ...මගේ ආයුෂත් අරන් ඔබ ජීවත් වෙන්න කියන ප්‍රාර්ථනාව විතරයි මට එවෙලෙ තිබුනෙ...පොඩි කාලෙ අපිට සීනි බෝලයක්, චොකලට් එකක් අරගෙන වැඩ ඇරිලා ගෙදර ආපු මතකයේ ඉදන් බොහෝ දේ ඒ රාත්‍රියෙ මට සිහිපත් වුනා...ඒ වගේ අවස්ථාවකට ලක් වූ කෙනෙක් විතරයි ඔබ මා කියන මේ සංවේදී කාරණා පිළිබද හොදින් වැටහෙන්නෙ...ඇත්තමයි මොන තරම් ධනය / බලය තිබුනත් ඒ වෙලාවට අපි හැමෝම අසරණයි... පැතුමක් පමනයි කල හැකිව තියෙන්නෙ.... දැන් තාත්තට හොදයි...ඒ ගැන හිතනකොට සැනසීමක් හිතට දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ජිවිතේ ඒ විදියට අසරණ වෙන අවස්ථා හරි දුක්බරයි.එක දැනෙන්නම ඕන තමයි.සිරා ඔබ හරි.මගේ ජිවිතේ අදටත් මම ඒ සිදු විම සිහි කරන්නේ ඉතාම සංවෙදීව.තාත්තගේ අසරණකම මම ඇස් දෙකෙන් දැක්කා.මම ඒ මිනිසුන්ට වෛර කරන්නෙ නැ.එත් ජිවිතයක වටිනාකම ඔවුන් කවදා තේරුම් ගනිවිද?

      Delete

  16. "මිනිසෙකු කොපමණ උගතෙකු වුවත් ඔහු ගුණධර්ම වලින් හීන නම් ඔහු රටට ලබා දෙන දායකත්වය ඒ තරමටම හීන ය. එපමණක් නොව රටට කරන අලාභයද සුළුපටු නොවේ"

    මසුරන් කතාව ගයානි අක්කේ. මම ඔය රජයේ රෝහල්වල ඉන්න ඩොකාලා නර්ස්ලා වැඩිය ගණන්ගන්නේ නැහැ මට පේන්නත් බැහැ මම ගිය ජනවාරිවල හදිස්සියේ බනියට අසනීප වෙලා බලපිටිය ඉස්පිරිතාලෙට අරන් ගියා මාව එහෙට මෙහෙට රස්තියාදු කරනවා මිසක් මොකෙක්වත් ඇක්ෂන් එකක් ගන්නේ නැහැ පස්සේ කෑගහල බනින්න ගත්තා අටෙන්ඩන්ට් කෙනෙක් ආවා සද්දේ දාගෙන දුන්නා ඌට කනපුරවල එකක් ඩොකා ඇවිත් චෙක් කරනකන් නැවැත්තුවේ නැහැ. කාලකන්නි යක්කු රටේ මහජන මුදල් වලින් ඉගනගෙන අපිටම ලොකු පාර්ට් දානවා. හිතන්නේ උගත්කම තියෙන්නේ උන්ළඟ විතරයි කියල මම අන්තෙටම කලකිරුණා ඒ සිද්දියෙන් පස්සේ ලංකාවේ ඉස්පිරිතාල ගැන.

    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුන්ට අපේ ජිවිත වල වටිනාකමක් නැ මල්ලී.අත්වැරදිමක් නම් හිත හදා ගත හැකිය.ඒත් හිතාමතා එහෙම කළාම ?

      Delete
  17. හ්ම්ම් ඉස්පිරිතාල ගැන නම් අක්කේ කතා කරලා වැඩක් නෑ .... ඒ මිනිස්සුන්ගේ වැරදි හඬ අද කි දෙනෙක් නම් දුක් විදිනවද ..............................අදමයි මෙහෙ අවේ යේ එන්නම්කෝ ජය වේවා ...............!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී මේ පැත්තට ආවට

      Delete
  18. ජීවකවරු අදද ජීවමානයි. ඒ එක්කම නයිටිංගේල්ලා අදද සිටියි. මා මේ කියන්නේ ඉතා වගකීමකින්. ඒත් මුදල් පසුපසම හඹා යන දොස්තරලා ඉන්න සමාජයේ වගකීම් ගැන අපි කතා කරන්නේ ප්‍රමාදවයි. අපි මුලිම මේ මුදල් පසුපස හඹා යන සමාජය නතර කරමු.

    ReplyDelete
    Replies
    1. මල්ලී එක අද අපට නතර කරන්න බැරි තරමට උඩු දුවලා.

      Delete
  19. ජීවිතය හරිම පුදුම දෙයක්...ධන බලය නිල බලය නිසා සමහර වෙලාවල් වලට එහි සාරය විනාශ වෙන්නේ හරිම දුක්ඛිත විදිහට...

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියා දුක්බර කුරිරු විදියට අවසන් වෙන කොට හිතට හරි වේදනාවක්

      Delete
  20. හරිම සංවේදී සටහනක් ගයනි. පරක්කු උනා එන්න. මේ ටිකේ හරිම වැඩ අධිකයි. මේ අය අතරේ ඉතාම මිනිසත් කම අගයන වෛද්‍ය වරු ඉන්නවා. මගේ මහත්තයාගේ අක්කා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්‍ය වරියක්. කවදාවත්ම මුදල් පසුපස හඹා ගියේ නෑ. ඈ කවදාවත්ම චැනලින් කරල මුදල් උපයා නෑ. හරිම කරුණාවෙන් සිසු දරුවන්ට ඉගැන්වීම් කරන්නෙ. දන්නා දේ හැමටම එක හා සමානව කියා දෙනවා. මෙහෙම අය ලෝකෙ ඉන්නවා දැයි මා නිතරම හිතනවා. ඇය ගැන හිතනකොට හරිම පුදුමයි. ඇගේ තියෙන දස්කම් බැලුවම ඇයට ඉහලින්ම වැජබෙන්නට පුලුවන්. නමුත් බොහොම නිහතමානීව ආගමානු කූල ජීවිතයක් ගෙවමින් නිහඬ සේවයක් කරනා උදාර චරිතයක්. මේ වගේ අය අතරේ අර කියන අයත් ඉන්නවා. හැටි එහෙම තමා. කෝරලේ මල්ලි කියල තියෙන්නෙ ඒ අයගෙ හැටි. බොහොම කරුණාවෙන් සලකන හෙදියන් මට හමුවී තියෙනවා. ඔබේ පියාට නිවන් සුවයම පතනවා ඔබ වැනි දිරිය දියණියක් රටට දායාද කල පිනෙන්. ඇනෝ පර්තිචාර කෙරෙහි සැලෙන්නට එපා නංගි. එයාලගෙ අදහස් සමහර ඒවා විවුර්තයි. සමහරු ගුප්තයි. ඒ හැම දේම කියන්න අයිතියක් එයාලට තියෙනවා. ඒවා උපේක්ෂාවෙන් පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. චන්දි අක්කෙ ඔබ පවසන දේ මම හිතට ගතිමි.

      Delete
  21. මාතර හොස්පිටල් එකේ ඉන්නෙ හැඟීම් දැනීම් නැති උන්.. අත යටින් ගාන නොදුන්නොත් ඒ ලෙඩාව බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කථාව ඇත්ත යසිත්.

      Delete
  22. යම් වෘත්තියක් කල යුත්තෙ ඇත්තටම එයට කැමති එම වෘත්තියට ආදරේ උදවිය. එහෙම නැති අයගෙන් වෙන්නෙ මුළු වෘත්තියටම කලු පැල්ලම් ඇති වීම.
    මේ සිදු වීම ගැන ගොඩක් කණගාටුයි!
    නැවත මෙවෙනි දේවල් අසන්න නොලැබෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු!

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ මිනිසත්කම විතරයි.

      Delete
  23. oba thumiya jeevithaya gana, minisun gana liyana me adahas thavath minisun manushshayathvayen pohosath karanna, jeevithaya diha arthavathva balanna mahath se upakaara venava. obey piyata nivan suva.. ohu ithamath vasanavantha piyek oba vani buddimath, gunagaruka diyaniyak me loketa dayada kalata.....

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...