Friday, November 30, 2012

ජය ජය ශ්‍රි!



මේතුමිය මේ දවස් වල පුහුණු විම් වල.කැමති ම ක්‍රිඩාව.අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලි ය.ගියවර එනම්, 2011 වර්ෂයේ උතුරු මැද පළාත වෙනුවෙන් ක්‍රිඩා කරලා අනුශුරයෝ බවට පත් විමට සිදු විය. දුර්වල පන්දු යැවිම හමුවේ ජයග්‍රාහනය පෙනි පෙනි තිබියදී පරාජය උරුම විය. මෙවර නැගෙනහිර ප්‍රදේශයේ පුහුණු විධානය නියෝජනය  කරන අතර, ශුරතාවය ලබා ගැනිම තමයි එකම අරමුණ.
          තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ රුහුණු පුරේ ඒ කියන්නේ දකුණු විධානයේදී ය. දින 10 ක් පුරා තරඟාවලිය පැවැත්වෙන නිසා අන්තර් ජාලයේ රැදි සිටිමට අවස්ථාවක් ලැබේවිද මන්දා.
          මෙය ලියන මොහෝතේදී ගියවර මතක සැමරුම් බලන්නද මම අමතක නොකරෙමි. එයින් බිඳක් ඔබටද දැක ගැනිමට සලස්වමි. එහෙනම් ඉතිං හෙට පන්දරින්ම දක්ෂිණ දීශාවට ගමන් අරඹමි. 15 දෙනෙකුගෙන් සැදුම් ලත් දක්ෂාතා වලින් පිරිපුන් කණ්ඩායමක් අප සතුව ඇති අතර, මෙවර අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලියේ ශුරියන් විමේ අධීෂ්ඨානයෙන් යුතුව දක්ෂිණ දේශය වෙත පිය නඟමි.  ඔබ සැමටත් තරඟාවලියට සහභාගි වන සියළු කණ්ඩායම් වලටත් අපි පසු කර යන කළුතර බෝ සමිදුගේ අශිර්වාදයත් කන්ද විහාරයේ අධිපතිගේ ආශිර්වාදයත් ලැබේවා!.ඔබටත් එම අශිර්වාදයේ බලයෙන්  ඔබ කරන සියළු කටයුතු සර්ථකව නිම කර ගැනිමට හැකි වේවායි මම ඒ සමඟම ප්‍රාර්ථනා ගෙන එමි.

සම්මා සම්බුදු සරණයි!
Read More

Monday, November 26, 2012

ඔබ සියළු දෙනාට ම සුභ ඉල් මංගල්‍යයක් වේවා!





        ඔබ තුල තිබෙන මිනිසත් බවෙන් රට තුල වියකෙන විකෘති මනස සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්‍ය  නිරතුරුවම ලැබේවා!
        
    නිර්මල බුදු වඳනින් සියළු සිත් නිවි සන්සුන් වේවා! ඔබ යම් උත්සහායක් ,වෙහෙසක් දරා කරනා සියළු ප්‍රයත්නයන් රටේ ත් ඔබේ ත් සියළු දෙනාගෙත් ම යහපත පිණිස ම වේවා!

ඔබටත්,ඔබ මේලොවට දායාද කළ හැදු වැඩු දෙමාපියන්ටත් ඔබට ආදරය කරන සියළු දෙනාටම නිදුක් නිරෝගි පින්බර දිනක් වේවා!
ජිඑම් වෙදගේ.
 
Read More

Sunday, November 25, 2012

ප්‍රථමාධාර



මගේ ගිනි නිවිමේ සටහනේ, මිනි විසිතුරු අපට ලබා දෙන සහෝදරයා   ඇසු ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස මම ඉගෙන ගත් දැනුමින් පිලිස්සුමක් ඇති වු විට දෙන ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට සිතුණි. මේ පිළිබඳව අමතරව යමක් ඔබ දන්නේ නම් සහ විෂමතාවයක් තිබේ නම් ඒ පිළිබඳවද කරුණු ගෙන හැර දක්වන ලෙස ඉල්ලා සිටිමි.

මුලින් ම බලමු ප්‍රථමාධාරයක් යනු කුමක්ද? කියලා
          
     යම් කිසි හදිසි අවස්ථාවක දී, හදිසි රෝග තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් නිසි ප්‍රතිකාර ලබා දිමට ප්‍රථම රෝගියා වෙතට කරණු ලබන ආධාරය.

ප්‍රථමාධාර දිමේ පරමාර්ථ

බිය දුරු කිරීම
රෝගියාගේ ජිවිතය බේරා ගැනිම
අතුරු ආබාධ අවම කර ගැනිම
දෙවනුව ලබාදෙන නිසි ප්‍රතිකාර වලට පහසු වීම සඳහා.

ප්‍රථමාධාර දෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග

විෂය පිළිබඳව දැනුම
නායකත්වය ගැනිමේ හැකියාව
කාර්‍ය් ශුර බව
තැනට සුදුසු නුවණ
රෝගීන් පිලිකුල් නොකිරිම
ඉවසිලිවන්ත බව

පිළිස්සුම් සහ ප්‍රථමාධාර(BURNS AND FIRST AIDS)

          පිළීස්සිමක් යනු අධික උෂ්ණත්වයකට හෝ අධික ශීතලකට ශරීරයේ කොටස් යොමුවීම මඟින් සමේ හා අනෙකුත් ඉන්ද්‍රියන් වලට හානි සිදුවිමය.

පිළිස්සීමේ ප්‍රධාන කොටස් දෙකකි.

වියළි පිළිස්සීම  උදාඃ ගින්න,විදුලි සැර වැදිම,රත් වු ද්‍රව්‍ය ස්පර්ශ විම,අකුණු වැදිම

තෙත පිළිස්සීම  උදාඃ රසායනික ද්‍රව්‍ය (අම්ල හා භස්ම රත්වු ජලය හුමාලය වැනි දේ මඟින්)


ප්‍රථමාධාර

රෝගියා අනතුරෙන් වහා ඉවත් කිරීම(පිළිස්සීමෙන් පවතින කොටස් ඇත්නම් ගොනියකින් හෝ එවැනි ඝන ආවරණයකින් එම කොටස් වැසිම)

පහසු ඉරියව්වක තැබිම

ජලයෙන් පිළිස්සුන කොටස් නැහැවිම(අවම වශයෙන් පැය භාගයක් වත් ගලායන ජලයට යොමු කිරීම)

රෝගියා ගේ බිය දුරු කිරීම

ඇඳුම් ඇගට ඇලී ඇත්නම් ඉවත් කිරීමට උත්සහා නොකිරීම

බරපතල ලෙස පිළිස්සී ඇත්නම් මුඛයෙන් බිමට නොදිම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම

දිය බුබුලු ඇත්නම් ඒවා නොකඩන්න

Read More

Saturday, November 24, 2012

ගිනි නිවිම II




ගිනි ජලයේ දියවෙන සහ දියනොව වශයෙන් පවති. මධ්‍යසාර, ස්පීතු, රාසයනික ද්‍රව්‍ය ජලයේ දියවන අතර, පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල්, ලිහිසි තෙල්, සත්ව තෙල් ශාක තෙල් ජලයේ දිය නොවේති.

එම නිසා ගිනි නිවිම සඳහා ගිනි නිවාරණ භාවිතා කිරීමේදී සැලකිලිමත්ව නිසි ගිනි නිවනය ගිනි වර්ගය අනුව භාවිතා කිරිමට වගබලා ගත යුතු වේ. මෙවැනි අවස්ථා වල අපි කලබලයටත් බියටත් පත් විය යුතු නැත. එවැනි අවස්ථාවකට මුහුණ දිම සඳහා අපි මනස සුදානම් කර ගත යුතුය. සමහරක් විට වයෝවෘර්ධ සහ පුංචි දරුවන් සිටින ස්ථානයක ඔබ විතරක් විය හැකිය ඔවුන් බේරා ගැනිම සඳහා සිටින එකම ගැලවුම් කරු. එම නිසා ඔබ යම් තරමට හෝ ගිනි නිවිම පිළිබඳව දැනුවත් විම වැදගත් වේ. ඕනෑ ම විෂයක් පිළිබඳව දැනුවත් වු විට එම අවස්ථාවට මුහුණ දිමට පසුබට විය යුතු නැත. කළ යුතු පළමු පියවර විය යුත්තේ තමන් සන්සුන්ව නිසි ක්‍රියා මාර්ගය ගැනිම පමණි.

ගිනි නිවිමේ උපකරණ
        ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

1.   ප්‍රාථමික ගිනි නිවිමේ උපකරණ
2.   ප්‍රධාන ගිනි නිවිමේ උපකරණ

මෙයින් අපට වැදගත් කොටස වනුයේ ප්‍රාථමික ගිනි නිවිමේ උපකරණ පිළිබඳව දැනුවත් විමයි.

වැලි බාල්දි
වතුර බාල්දි
ගිනි පොරවන
ප්‍රාථමික ගිනි නිවිමේ උපකරණයන් ය.

ගෑස් සහ ජල ගිනි නිවනය(Gas and Water Fire Extinguisher)

මෙම ගිනි නිවාරණය රතු පාටින් පින්තාරු කර ඇති අතර, නිවනයේ මුදුනත ඇති ඇණය පහතට තද කළ විට එහි ඇති තුඩ මඟින් ඇතුළත CO2 සිලින්ඩරයේ මුද්‍රාව කැඩී යයි. එවිට ජලය සහිත පිටත සිලින්ඩරය තුලට පිඩනයක් ඇති වී එම ජලය පීඩනයකින් ඉහළ ඇති සිදුරෙන් පිට කිරීම සිදුවේ.මෙම ගිනි නිවනය විදුලි ගිනි නිවිම සඳහා භාවිතා නොකළ යුතුය.මෙය පවිච්චි කිරීමෙදි හැකි තරම් ගින්නට ලංවිය යුතුය.තවද ගින්නෙන් ඇතිවන රශ්මිය හා පිපිරිම් වලින් මුහුණ ආවරණය කර ගැනිම සඳහා 45º ප්‍රමාණයකට ඇල කර මෙය පාවිච්චි කළ යුතුය.
ධාරිතාව :-                ලීටර් 9 කි.
බලපාන දුර :-           මිටර් 6-9
පවත්නා කාලය :-     තත්පර 60-90 කි.
නිවි‍මේ ක්‍රමය :-        සිසිල් කිරිම(Cooling)
සාමාන්‍ය ගිනි නිවිම සඳහා යොදා ගනි.
මෙවා වර්ග දෙකකින් ඇත.
Stord pressure type
Cartridge type

පෙන ගිනි නිවනය (Foam type extinguisher )
      
     මෙම ගිනි නිවනය ක්‍රිම් පාටින් සහ රතු පාටින් පින්තාරු කර ඇති අතර,වර්ග දෙකකින් ඇත. නිවනයේ මුදුනත ඇති හැඩලය වමට කරකවා උසට ඉස් වු පසු ඇතුලත සිලින්ඩරයේ කට විවෘත වේ.ඉන්පසු කිහිපවිටක් උඩට පහතට සෙලවිය යුතුය. එවිට රසායනික ද්‍රව්‍යයන් දෙක හොඳින් මිශ්‍ර වී ප්‍රතික්‍රියා කිරීම නිසා ඉතා ඝන පෙන වර්ගයක් සෑදී නිවනයේ මුදුනත ඇති සිදුරින් පිටතට විදිම සිදු කෙරේ.  

ධාරිතාව :-              ලීටර් 9 කි.
බලපාන දුර :-         මිටර් 6-9
පවත්නා කාලය :-   තත්පර 60-90 කි
නිවි‍මේ ක්‍රමය :-     ඔක්සිජන් වායුව ලැබිම වැලැක් විම Smothering
මෙය තෙල් ගිනි සඳහා භාවිතා කරයි.

CO2 ගිනි නිවනය

මෙම ගිනි නිවනය කළු පාටින් සහ රතු පාටින් පින්තාරු කර ඇත. මේ මඟින් ගින්න නිවුනු පසු ඇවිලෙන සුළු ද්‍රව්‍යයන් කිසිදු වෙනසක් නොවිම නිසා එම ද්‍රව්‍යයන් පෙර සේම භාවිතයට ගත හැකිය. මෙම ගිනි නිවනය නිකරුනේ නාස්තී විම වළකා ගැනිම සඳහා ක්‍රියා කරවන හැඬලයේ ආරක්ෂිත පින් එකක් මඟින් ආරක්ෂිත කර ඇති අතර, එම පින් එක ගලවා ලීවරය මිරිකිමේදී වැල්වය ඇරි CO2 වායුව නලය දිගේ ගමන් කොට එහි කෙලවර ඇති රබර් කෝන් එක මඟින් වායුව හොඳින් විසිරි යාම සිදු කරයි.මෙම වායුව ශාරීරයට අහිතකර නිසා වැඩි වේලාවක් පාවිච්චි කිරීමේදී ඉතා තද සීතලක් ඇති වන නිසා නිවනයේ නලයට ප්ලාස්ටික් කවරයක් දමා ආවරණය කර ඇත.(ආදාල හැඩලයෙන් හැර සිලින්ඩරයෙන් සහ පිටතට ගලා නලය ඇල්ලිමෙන් වළකින්න) වැඩි ප්‍රථිපල ඇතුලත ගිනි සඳහාය.

ධාරිතාව :-                        1kg - 10kg
බලපාන දුර :-           මිටර් 4-6
පවත්නා කාලය :-     තත්පර 8-40 කි
නිවි‍මේ ක්‍රමය :-        ඔක්සිජන් වායුව ලැබිම වැලැක් විම Smothering
  A,B,C,E පංති සඳහා භාවිතා කළ හැකිය.

වියළි රසායනික කුඩු නිවනය(Dry Chemical Powder )
         
        මෙය නිල් පාටින් පින්තාරු කර ඇත.වැඩි වශයෙන් විදුලි ගිනි සඳහා භාවිතා කරයි.මෙහි මුදුනත ඇති ඇණය තද කිරීමෙන් ඇතුළත ඇති CO2 අඩංගු සිලින්ඩරය සිදුරු විම නිසා පිටත සිලින්ඩරයේ ඇති රසායනික කුඩු වර්ගය පිඩනයකීන් නලය දිගේ පිට වේ.මෙම කුඩුද ශාරීරයට අහිතකර බැවින් වැඩි වේලාවක් පාවිච්චි කිරීමේදී නාස් ඇස් ආවරණය කළ යුතුය.

ධාරිතාව :-                        1kg - 10kg
බලපාන දුර :-           මිටර් 3-4
පවත්නා කාලය :-     තත්පර 20-30 කි
නිවි‍මේ ක්‍රමය :-        ඔක්සිජන් වායුව ලැබිම වැලැක් විම Smothering
ඕනෑම ගිනි පංතියක් සඳහා භාවිතා කළ හැකිය.





Read More
Related Posts Plugin for WordPress, Blogger...