Monday, December 31, 2012

2013!



2013!
නව වසර අපි,  නැවුම් මනසකින් සැබෑ අරුතකින් ජිවිතය ජිවත් කරවමු.


මම ජිවිතය දකින්නේ, ඉගෙන ගන්නේ, ලියන්නේ මම ලැබු අත්විඳිම්, අත්දැකිම් තුල සිටය. මම ඒ තුල සැපත දුක, පව පින, කුසල් අකුසල්, ඇති විම නැති විම දුටුවෙමි. මම ජිවිතයේ වැඩි වශයෙන් අකුරු කර සහ කියවා ඇති අකුරකි “ම”. එක්තරා දේශණයකදී මට මෙසේ ඇසුණි. “මිනිසා යනු සත්ව ජාතියේ  උත්තම කුලය වේ”. එවන් වු  උත්තරීතර මිනිසාට දියුණු මනසක් සමඟ සෘජු ලෙස සිට ගැනිමට හැකි පරිදි වර්ණවත් කොටස් වලීන් හැඩ වු අපූරු නිර්මාණක් නිර්මානය වි ඇත. බුදුරඳුන් පැවසු පරිදි මිනිසෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ කරන ක්‍රියාවෙන් මිස උපතින් නොවෙයි.

 මිනිසත් බව ලැබු අපි මහා පොළවට මිහිදන් වන තුරු කරන ක්‍රියාවන් දෙස බැලු කළ අද මට මහ අසරණකමක් දුකක් හිතට දැනෙයි. මම සසල කළ ආසන්නම සිද්ධි ලෙස “මේලොව ඉපිද මහ පොළව ස්පර්ශ කිරීමටත් මත්තෙන් ගින්නක අළු වු ඒ අහිංසක පුංචි සිඟිත්තාත් ඔහු ගේ අම්මාගෙත් සහෝදරයා ගෙත් මරණය යි”. තාවකාලික තෘප්තීන් ඔස්සේ තම මනස ක්‍රියා කරන ඇතමුන් ගේ උගත්කමත්, බුද්ධියත් එම ආශාවන් වලට යටපත් වි ඇත. උගත්කමත්, බුද්ධියත් හැඩිදැඩි සහ රූ සිරින් පිරි සිරුරක් තිබු පමණින් පරිපුර්ණ මිනිසෙකු බවට පත් නොවේ. යහපත් ගුණ ධර්ම , විනයගරුක කම අද කෙමෙන් වියැකි යමින් පවති. සමාජය තුල දකින්නට අසන්නට ලැබෙන දහසකුත් බිහිසුණු සාපරාදි ක්‍රියාවන්  ඒ බව මනාව පෙන්නුම් කරයි. අපි ඒ මිනිසත්කම මුදලත් බලයත්,නිමා නොවන ලිංගිකත්වයත් වෙනුවෙන් යටපත් කොට හමාර ය. පසු ගිය  කාලයේ මිනිසා බියටත් අන්දෝලනයටත් පත් කෙරුණු ලොක විනාශය සත්‍ය වශයෙන් ම සිදු වුවා නම් මේ කියන නින්දිත හපන්කම් සියල්ල ම අවසන් ය.

මම නිතර ම ප්‍රාර්ථනා කරන පරිදි ලැබු උපත ජිවත් ව සිටියදි වටිනාකමක් සහිත මතකයේ රැදෙන පරිදි  සහ තවත් මිනිස් ජිවිතයක් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කර මිය යාමට හැකි නම්, මහ පොලවත් අහස් කුසත් ඔබට ගරු බුහුමන් පුද කරයි . මේ මහා පොළව තුල අපි තාවකාලික නවාතැන්කරුවෝ මිස එහි අයිතිකරුවෝ නොවන බව වටහා ගෙන තම ජිවිතය යම් කිසි විනය වාරණයකින් පරිස්සමින් රැගෙන යාමට එළඹේන වසරේ අදිටන් කර ගනිමු. උපතින් භාෂාවක් , ආගමක්, ජාතියක් රැගෙන නොයෙන අපි, මිහිපිට තුලදි ලබන විවිධ වු අභාෂයන් සමඟ නොයෙකුත් මනංකල්පිත සේයා ජිවිත තුලට යා කර ගනිමින් එහි ගුණ අගුණ පිළිබඳ අල්ප මාත්‍රයක්වත් නොදෙන බොහෝ දුර ගිය පසු ජිවිතය නාස්ති කර ගනි.



මහළුවිය පැමිණෙන තෙක් සිටිය යුතු නැත බණ පදයක් අසන්නට සීල් රකින්නට. ඒ වන විට පාප ක්‍රියා ඔබෙ ගතින් සිතින් සිදු කර ඇත්තෙකු නම්, ඔබ මිය යන්නේ පරාජිතයෙකු ලෙසය. ඔබ මන්දිරේ පැල්පතේ මාවතේ ඉපිද ජිවිතය වරද්දවා ගත් තැනදී ඔබ ජාතක කර වුවන්ට දොස් පවරා ඵලක් නැත. ලැබු ජිවිතය ඔබ ගිය භවයේ කළ කී දේ අනුවය. ජිවිතය පරිස්සමින් සකසුරුවම් කර ගැනිම ඔබෙ වගකිමය. ඔබට නැවතත් නිවැරදි වෙන්නට ලබා දුන් වරම ඔබ කෙසේ හෝ ගොඩ දමා ගත යුතුය. මිනිසෙකු වුවත් පෙරේත ලෝකයක ජිවත් වන්නෙකු සේ ජිවිතය ගෙන යන්නේ පෙර පවට ය. දැනුම් තේරුම් වයසකට පැමිණි පසු කිසිම ජිවියෙකුට හිංසාවක් පිඩාවක් නොවන ආකාරයට තම ජිවිතය ජිවත් කර ඊළඟ භවයේ දී දුකින් මිදෙන්නට ‍, අපි ප්‍රාර්ථනා ගෙන එමු සහෝ.

පිපි පරවෙන ස්වභාවධර්මයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ය. ගස්,වැල්,ඇළ සහ දොළ ඔබෙ බඩ ගින්දරත් පිපාසයත් නිවාලන්නේ ජාතීය, කුලය, ආගම දැක හඳුනාගෙන නොව ඔබ සත්වයෙකු පමණක් සිතාගෙන ය. එහෙත් දියුණු මනසකින් හෙබි අපි එක් එක් වර්ගීකරණ යටතේ මිනිසා වඳ කරයි. ලොකයේ තිබෙන පහත්ම ගති ලක්ෂණ තම ජිවිතයට අරූඩ කර ගනිමින් මිනිසා එකිනෙකාට නින්දා අපහාස කරමින් අ‍ගෞරව කර ගනී. 

එළඹෙන නව වසර මත්වතුරින්, අඩදබර වලින් ආරම්භ නොකොට අකාශය දෙස හෝ මිහිතලය දෙස බලාගෙන සුභ ප්‍රාර්ථනාවකින් පිබිදෙමු. එවිට ජිවිතය වඩාත් ඵලදායිතාවයකින් යුතුව ජිවත් කරලීමට හැකි වනු ඇත.



"මටත් ඔබටත් දෙපයින් නැඟි සිටින්නට ශක්තිය දුන් සෙනෙහෙබර දෙමාපියන්ටත් ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අද වන විට ඔබට මට යම් පිළිගත හැකි කඩ ඉමකට එන්නට උපකාරි කර සියළු දෙනාටත්, වචනයකින් හෝ ඔබව මම සැනසු සියළුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් වසරකට සුභ පතමි"!!!.  

      රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර මිනිසුනේ... ඔබගේ පවුල් වල සියළුම දෙනාට නව වසර සැනසිම සහිත පිංබර වසරක් ම වේවා!
Read More

Sunday, December 23, 2012

නත්තල් පණිවිඩය




         
සිංහල බ්ලොග් ලෝකයේ සෑම් සහ සීරා ඇතුළු බ්ලොග් සහෝදරයන් ගේ එකතුවෙන් පැවැත්වෙන “සුහද හමුව” දිනය  ජනවාරි මස 27 වන දින ස්ථානය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි.

සම්බන්ධතාවයක් ශක්තිමත් විමට එකිනෙකා අතර අන්නොන්ය සුහදතායව වර්ධනය විය යුතුය. බ්ලොග් සහෝදරත්වය ශක්තිමත් කරගැනිමේ සහෘද එකතුවට, ඔබ ගේ සහභාගිත්වයද එම සම්බන්ධතාවය ශක්තිමත් විමට පුරුක කි. එම නිසා බ්ලෝග් සහෝදරයත්වය වර්ධනය කර ගැනිමට මෙම හමුව උපකාරි වන බව මාගේ හැඟිම ‍වේ.
         
විවිධාකාර අධ්‍යාපන කඩඉමි, විවිධ කුසලතා, විවිධ දේශපාලන මත නියෝජනය කරමින් තම දැනුමෙන් සහ තම අත්දැකිම් තුලින් සමාජයට හරවත් යමක් එක් කිරීමට මේ සහෘද මිනිසුන් උත්සහා ගනි. ඔවුන්ගේ දැනුමෙන් අපව පෝෂණය කරයි.එවැනි වු විවිධ   සමාජ සත්කාරයන්ද  ඔවුන් සිදු කරයි.
         
වැදගත් කරුණ නම් සිංහල බ්ලොග් ලොව තුල බහුතරය කුමන හෝ වර්ගීකරණයක් යටතේ තම අදහස් හෝ තම හැකියාවන් ඉදිරිපත් වුවද ඔවුන් සෑමගේ එකම අරමුණ කුමන අයුරකින් සමාජයට යම් සත්කාරයක් කිරීම ය.

මම මෙම බ්ලෙග් ලොවට තවම ආධුණික ය. එහෙත් එම කෙටි කාලය තුල මම දුටු යථාර්තය නම්,තම තමන් ගේ බ්ලොග් පිටුව තුල විවිධ මාතෘකා යටතේ, හේතු සාධක පෙන්වමින් සමාජය දැනුවත් කිරීමේ සාර්ථක උත්සාහක යෙදෙනවා දුටුවෙමි .තවද එම අදහස් ඔබේ අදහස් සමඟ සමාන නොවු අවස්ථා වල ඔබේ ප්‍රතිචාර සමඟ සංවාදයේ යෙදෙන විට එයින් උපයා ගත හැකි දැනුමද තර වන අවස්ථාද ඇත. බෝහෝ බ්ලොග් හිමිකරුවන් ගේ මනසේ බාහිර ලොකය පිළිබඳ උපදින සිතුවිලි සහ මනස දකින සත්‍ය තුලින් තව කෙනෙකු දැනුවත් කිරීම මිල කළ නොහැකි කටයුත්තක් ලෙස මම දකිමි. අතලොස්සක් හැරුණු කොට විශාල කොටසකගේ අරමුණ රට තුල පවතින යථාර්තය අවබෝධ කිරීම සහ ලොක‍යේ කොතැනක හෝ සිට තමා අත්දැකිම් සහ තමා ප්‍රගුණ කළ යම් විෂයයක් තුලින් සමාජය දැනුවත් කිරීමේ සත්කාරය නොවේද?

ඉතිං ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි ඔබට මෙවැනි වටිනා අදහස් ඇති  සහෘද හඳවත් හඳුනා ගැනිමට හැකිවනු ඇත.

 මගේ මව් රටේ ඉපිද අද කොතනැක හෝ සිටින සියළු කිතුන බැතිමතුන් ටත් ඔබටත් සුභම සුභ නත්තලක් වේවා!
Read More

Wednesday, December 19, 2012

කර්මික දෝෂ..........




මගේ අලුත්ම පෝස්ටුවට වෙච්ච දේයක්. නැවත හමු වෙන තුරු වැහිබිංදුව..... බලන්න.

මුදියන්සේ,චන්දන,හිරු,කෝරළේ මහත්තයා,බණ්ඩා,සමනළී,වී පොකුරේ වීයා,යසිත් මේ ඔයාල ටික මට දෙහි කපනවා එහෙම නෙමෙයි.මට වෙච්ච අහිංසක විස්තරේ පස්සේ කියන්නම්.
Read More

වැහිබිංදුව............



අපේ අම්මගේ පිංබර දෑත් තුලින් මුල් බැස ගත් ගස්, වැල්, මල් වල සුන්දරත්වය යෙහෙළියගේ කැමරාවෙන් මගේ දෑස් මානයේ උපන් නැවුම් චමත්කාරය විඳ ගන්න ඔබට ඇරයුම්.
දවස තිස්සේ ම වැස්ස. ටිකක් වැස්ස සමනය වන තෙක් පුටුවක සිටි මම, වැස්ස දෙස බල බලා කැමරාවත් අරගෙන මිදුල දෙසට සෙ‍මින් සෙමින් පා තැබුවේ අම්මට හොරෙන් ය. ඒ මන්දයත් වැස්සට තෙමීලා අසනීප වෙනවට අම්මා කැමති නැත. අපේ අම්ම ගේ ගෙවත්ත මට අපුරු සුන්දරත්වයකින් පෙනෙන්නට විය. ඉතිං මට හිතුණා ඒ සුන්දරත්වය විඳින්න. බලන්නකෝ ඔයාලත් ඒ සුන්දරත්වය.
         වැහි බිංදුවට මම ‍බෙහෙවින් කැමතිය. වැහිබිංදු ගස් මල් වලට පතිත වන ආකාරය බලාගෙන ඉන්නවා මම. එයින් මම පුදුමාකාර සැනසිමක් ලබනවා. වැහි බිංදු වැටුණු මල කෙතරම් චමත්කාරද කියලා බලන්න.


pic by GM
pic by GM

pic by GM














Pic by GM


pic by GM

Pic by GM



pic by GM
















pic by GM

Read More
Related Posts Plugin for WordPress, Blogger...