අපේ අම්මගේ පිංබර දෑත් තුලින් මුල් බැස ගත් ගස්, වැල්,
මල් වල සුන්දරත්වය යෙහෙළියගේ කැමරාවෙන් මගේ දෑස් මානයේ උපන් නැවුම් චමත්කාරය විඳ
ගන්න ඔබට ඇරයුම්.
දවස තිස්සේ ම වැස්ස. ටිකක් වැස්ස සමනය වන තෙක්
පුටුවක සිටි මම, වැස්ස දෙස බල බලා කැමරාවත් අරගෙන මිදුල දෙසට සෙමින් සෙමින් පා
තැබුවේ අම්මට හොරෙන් ය. ඒ මන්දයත් වැස්සට තෙමීලා අසනීප වෙනවට අම්මා කැමති නැත. අපේ
අම්ම ගේ ගෙවත්ත මට අපුරු සුන්දරත්වයකින් පෙනෙන්නට විය. ඉතිං මට හිතුණා ඒ
සුන්දරත්වය විඳින්න. බලන්නකෝ ඔයාලත් ඒ සුන්දරත්වය.
වැහි බිංදුවට මම බෙහෙවින් කැමතිය. වැහිබිංදු ගස්
මල් වලට පතිත වන ආකාරය බලාගෙන ඉන්නවා මම. එයින් මම පුදුමාකාර සැනසිමක් ලබනවා. වැහි
බිංදු වැටුණු මල කෙතරම් චමත්කාරද කියලා බලන්න.
 |
pic by GM |
 |
pic by GM |
 |
pic by GM |
 |
Pic by GM |
 |
pic by GM |
 |
Pic by GM |
 |
pic by GM |
 |
pic by GM |
හික්ස්.. ඕව කරා වගේ නෙවෙයි වැස්සට තෙමිල හෙම්බිරිස්සාව හදා ගත්තම :P
ReplyDeleteකඩදාසි බෝට්ටුව මරු :D
මං 1 යේ...
Deleteපින්තූර ටික ලස්සනයි අර කම්මැලි පූස් තඩියගෙ ඇර. මට පූසො සේන්න බෑ. මහ ආත්මාර්ථකාමී සතෙක් :/
බොට්ටුව මම හැදුවේ.අයියෝ අපේ අච්චිලාගේ පුසා.ස්තුතියි සහෝ.
Deleteපූසාට ගැරැහුව එක හෙලා දකිමි :/
Deleteමගේත් විරෝධය.
Deleteමගෙත් විරෝධය, අහිංසක පුසා. බලන්නකෝ පුසා වගේ ඉන්න ලස්සන.
Deleteලස්සන පොටෝ ටික..
ReplyDeleteඅපිනම් වැස්සට පොරොගෙන හොඳටම නිදාගත්ත.
වීයා කියන එක මමත් කරනවා.ස්තුතියි සහෝ.
Deleteඅම්මා මල් වවන්න දක්ෂයි වගේ නේ.... ලස්සනයි පින්තූර ටික...
ReplyDeleteඅර කම්මැලි පූස් තඩියා ඕගොල්ලන්ගේ පවුලේ සාමාජිකයෙක්ද.... හි හි
එම්බා ගෙම්බි...... මොකක්ද අක්කේ කම්මැලි පූස් තඩියා කියලා මගේ වර්ගයාට අපහාස කරන්නේ.
Deleteමගෙනුත් හිරු අක්කට බලවත් විරෝධය..... අර ලස්සන පුස් පැටියට කම්මැලි පුස් තඩිය කිව්වට.......
Deleteඒකනේ සමනලී අක්කේ... බලන්නකෝ අපි වගේ ලස්සන පූස් පැටවුන්ට කියන කතා.:P
Deleteඅනේ ... දුවන්න කිව්වේ කිටියට පොල්ලක් අරං දෙකක් දෙන්න කලින්... හි හි.. අපිනේ දන්නේ ඔය හොර පූසන්ගේ තරම...
Deleteඇත්තම කිව්වොත් මමත් පූසාට..කැ.ම.ති.නැ.ත.ඒත් මගේ ඇස ඒකාව ලස්සනට දැකලා නොවැ.ඔව් ඔව් අපේ අම්මා වවනවා.අපට බැන බැන.අහිංසක පුස් තඩියා අපේ පවුලෙන් අයින් කරන්න ඉන්නේ.හොරා කනවා වැඩියි ඌ.එක්ටැම් ගේ කත් දලා තිබ්බා.
Deleteමෙයත් බැනල පූසට :/
Delete@අතේ ඇති පොල්ල දැක ශේප් එකේ මාරු වෙමින්
මම ආදරයට බනින්නේ.
Deleteආ.... මගේ යාලුවෙක්ගේත් පින්තූරයක් අරන් තියෙන්නේ (පූසාගේ). හිකිස්......... ගාඩන් එක නියමයි ඇස්වහක් කටවහක් නැහැ.
ReplyDeleteඅම්මගේ ශ්රමය තමයි කොරලේ මහත්තයා.ස්තුතියි.
Deleteඅර බෝට්ටු යැව්වේ කවුද? ගයනිද?
ReplyDeleteලස්සන මල් වත්තක් නේ ඔයාලට තියෙන්නේ......
ෆොටෝ ටිකත් අපුරුයි.....
ස්තුතියි සමනළි.බෝට්ටුව යවන්න මාර කට්ටක් කෑවේ.දියඹට දා ගත්තේ අමාරුවෙන්
Deleteලස්සන පින්තූර ටික.. පූස් පැටියත් සෝයි.. උගේ මොන කම්මැලි කමක්ද දැක්කම ආසාවේ බෑ..
ReplyDeleteහොදට මේන් ටේන් කරන වත්තක් වගේ..
ජය..
අම්මට තමයි සියළු ගෞරව.ස්තුතියි බණ්ඩා.
Deleteලස්සන ෆොටෝ ටික.. අඹරැල්ල ගහකුත් තියන්නේ... :)
ReplyDeleteමං නම් වැස්ස වෙලාවට කට පිච්චෙන සයිස් උණු තේ එකක් තොල ගාන ගමන් වැස්ස දිහා බලන් ඉන්නවා..
ඔයා එකත් දැක්කද?ස්තුතියි සහෝ.
Deleteමං අමු අඹරැල්ල පෙරේතයෙක් මි.. :):)
Deleteඒ වෙලාවට එක ඇහැක් වහලා තනි ඇහැකින් බලන්න. වෙනස්ම විදියකට පෙනේවි..
ReplyDeleteතනි ඇහෙන් බලපු කාලේ ඉවරයි.දැන් ඇස් දෙකෙන් ම බලන්න.ඒ වෙනස එවිට වැඩිපුර දැනේවි.හැබැයි අපි තවම වෙඩි තියන්නේ තනි ඇහෙන් නම් තමයි.
Deleteගයානි මම කිව්වේ ස්වාභාව සෞන්දර්යය ගැන වෙනස් විදියකට බලන්නයි, පටලගන්න එපා හොඳේ.
Deleteහරි හරි මම කිව්වෙත් එකම තමයි සහෝ.දැන් ඩිජිටල් කැමර් එකෙන් මොකටද තනි ඇසෙන් බල්න්නේ.මම පටලවා ගත්තේ නැතෝ..
Deleteඋඩවැඩියා ටික සෝයි නේ
ReplyDeleteඅපූරු කඩදාසි බෝට්ටුව කාගේ නිර්මානයක්ද
මගේ මගේ නිර්මාණයක්.ස්තුතියි සහෝ.
Deleteඅපුරු ෆොටෝ ටිකක්.....
ReplyDeleteබෙහෙවින් ස්තුතියි සහෝ.
Deleteපින්තූර ටික ලස්සනයි ගයානි. PS කරන්නෙ නැතුව තිබ්බ නම් ඊටත් වඩා ලස්සන වෙන්න තිබ්බා. අම්මගෙ මල් වත්ත ලස්සනයි කිව්වා කියන්න..
ReplyDeleteමටත් එහෙම හිතුණා.මම පුහුණු විමක් කරේ ළිහිණි.සර්ථකද මන්දා.
DeleteConcrete wanantharayaka jeewath wana apita (mata) sundara dasun pennuwata oyatath oyage ammatath pin GM.Aba gahe thaniyama wahala inna kurulu patiya paw neda ?
ReplyDeleteස්තුතියි මැඩම්.කුරුළු පැටව් හරි පව් තමයි.
Deleteලස්සන පින්තුර ටික.මගේ හිත ගියේ අර ඕකිඩ් ටිකට. මට බලල් තඩියෙක් ව නම් පෙනුනේ නෑ
ReplyDeleteස්තුතියි සහෝ.බළල් තඩි නැ අනේ.එකා ඉන්නවා.නැති නම් හොරා කන්නවත් ගොහින්ද දන්නේ නැ.
Deleteවැහි බිංදු වැටුණු කොළ ටික තමයි මට වැඩියෙන්ම ලස්සණ! කවුරු මොනවා කීවත් කිටියත් ලස්සණයි. මල්වත්ත ලස්සණයි කීවා කියන්න නංගි අම්මට.
ReplyDeleteමම අම්මට කිව්වා ඕන්න.අම්මට ලැජ්ජ හිතිලා.ඒ වගේ හිතේ සතුටක් ඇති බව පෙනුනා අම්මා වවපු ආදරණීය පැල ටික දෙස බලා.ස්තුතියි අක්කි.
Deleteහරිම ලස්සනයි.. අම්ම ගොඩක් මහන්සි වෙනව වගේ ගෙවත්ත ලස්සනට තියා ගන්න. පින්තූර ගත්තෙ ලස්සන හිතකින් වෙන්න ඕන.. නැත්නම් මේවා මේ තරම් ලස්සන වෙන්නෙ නැහැ.
ReplyDeleteඔව් තරුසසී.අම්මා ඉතිං උදේ හවස ඒයාලට සත්තු කරනවා.ඒ වගේ ම බෙහෙවින් ස්තුතියි ඔබේ අගය කිරීමට.සුභ දවසක් ඔබට.
Deleteමරු පිංතූර ටික !
ReplyDeleteස්තුතියි අයියේ.
Deleteමටත් කියන්න තියෙන්නේ පිංතූරටික අපූරුයි කියලා තමයි.
ReplyDeleteබෙහෙවින් ස්තුතියි!
Deleteමේ ජප පූස් තඩියගේ පින්තූරෙ ආපහු බලන්න උනානෙ :(
ReplyDeleteඅනේ පව් අප්පා.
Deleteඔයාගේ අම්මගේ මල් වත්ත හරිම ලස්සනයි. මමත් කැමතිම වැඩක් වවන එක. මේ දවස්වලනම් වවන්න බෑ මෙහෙ.
ReplyDeleteස්තුතියිතඅපේ අම්මට ඇහෙන්නට නම් කියන්න එපෝ.අපට විසුමක් නැති වෙයි.
Deleteහරිම ලස්සනයි ගයනි අක්කෙ පොටෝ ටික..
ReplyDeleteබෝට්ටුවකුත් දියත් කරල වැස්සෙම හී හී :D
මල් ටික ලස්සනට පොටෝ එකට වැටිලා තියෙනවා.
ReplyDeleteබුනීල, කහ මල්, වතු සුද්ද, ඇන්තූරියම්.....
වැහි බින්දු වැටුනහම වඩා ලස්සනයි.
මං හිතන්නෙ මල් උනත් තෙත ගතියක් තියෙන කොට වඩා ලස්සනයි.
මම හිතන්නේ ඒ සුන්දරත්වය දයාල් අයියට නම් දැනිලා.ස්තුතියි අගය කිරිමට.
Deleteකළා කමි ඇසින් බලන්න ඕනේ..
ReplyDeleteහ්ම්..
Deleteගයනි , අපේ අම්මාගෙත් විනෝදාංශෙ මල් වවන එක තමයි. දවසම හරි මල් වත්තෙ ඉදීවි. මල් වවන කොට මනස පිරිසිදු වෙනව නේ.
ReplyDeleteඔයාගෙ අම්මාගෙ වත්ත හරීම ලස්සනයි .
අම්මාට දීර්ඝායුෂ පිරි නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් තෙරුවන් සරණින් ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා නංගී.
සුන්දර දේ දකින නෙත් දුන්න අම්මාට පින් දෙන්න...
ReplyDeleteබොහෝ අගෙයි දරුවා.
ReplyDelete