Saturday, June 22, 2013

බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා!



  • මිහිදු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස උතුම් නිර්මල ධර්මය රැගෙන ලංකාවේ මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
  • බුදු වී සිව්වන සතියේ බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
පිංබර පොසොන් මංගල්‍යයක් වේවා!

මගේ දෙමව්පියන්ට ,ඔබගේ දෙමව්පියන්ට ,මම ඔබ ආදරය කරන අනෙකුත් සියළුම දෙනාටත් ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් බැති බර පොසොන් මංගල්‍යක් වේවා! ජිවිතයේ අරුත වටහාගනිමින් යහපත් ලෙස, අනෙකුත් සත්වයන්ට අවැඩක් සිදු නොවන පරිදි ජිවන ගමන අවසන් වන තෙක් සැහැල්ලුවෙන් සහ නිදුක් නිරෝගි බවින් යුක්තව ජිවත් විමට ශක්තිය ධෛර්‍ය අප සියළුම දෙනාට  ම ලැබේවා!
Read More

Monday, June 17, 2013

෴නීතිය සහ මනුෂ්‍යත්ව එකම අම්මාගේ දරුවන් දෙදෙනෙකු වැනිය෴

            
යහපත් පැවැත්මක් උදෙසා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. විනය රැකෙනුයේ එවිටය. නොසන්සුන් වු මිනිසෙකු හික්මුණු පුද්ගලයෙකු බවට පත් කිරීමට නීතියට හැකිය.  එහෙත් මනුෂ්‍යත්වයද නීතිය පිටුපසින් පැමිණිය යුතුය.

සෑබැ මිනිසත්කම 1 සම්පාදනය :     භග්ගමුවේ සිරි රතනාලංකාර ස්ථිවිර 


මෙම පොත සම්පාදනය කළ උන්වහන්සේට බොහෝමත් පිං. අද ඇස ගැටෙන සෑම දේම විසිතුරු සරුංගල වැනිය. මම ලියනවාට වඩා උන්වහන්සේ ගේ සිතුවිලි ටික අකුරු කරමි.


සම්පාදකගේ සටහන: ඇතැම් විට මෙහි සඳහන් දෙය ඔබට අරුචි විය හැකිය. එහෙත් කළබල නොවී සැනසිල්ලේ කියවා බැලුවොත් කිසියම් තේරුමක් - අදහසක් වැටහී යාවි. මට උවමනා වුයේ මේ අපේ සමාජය ගමන් ගන්නා භයානක පරිහානිය  - විනාශය පිළිබඳව තොරතුරු ටිකක් දැක්විමටයි. එය සාර්ථක වීද - නොවීද මම නොදනමි. ගුණධර්මයන් මුළුමනින්ම නාය යෑමට ගොදුරු වී ඇත. ඒවා නැවැත්වීමට යන්න දරන්නෝ හෝ දකින්නෝ නැත්තාහ.


ආදර්ශමත් කථාවක් මෙන්ම සිත කම්පනයට පත් කරවන වර්තමාන ලාංකීය ජන ජිවිතයේ තවත් එක් අඳුරු පැතිකඩකි. මේ මොහොත වන විටත් කී දෙනෙකු නම් කුස ගින්නේ වකුටු වි නිදි බරව කඳුළු සලනාව ඇත්ද?

මේ සමාජය ගමන් කරන්නේ කුමන ඉලක්කයක් කරාද? යන්න වටහා ගන්නට නුපුළුවන. අවවාද දිය යුත්තෝ මර නින්දේ පසුවෙති. ඒ නිසා නොඇසෙති. නොපෙනෙති. හිමියකු - වගකිව යුත්තකු නැති අසරණ ජාතියක් කෙසේ නම් කෙළින් සිටීවිද? රුපියල් - සත සඳහාම සිතන පතන, වැඩිහිටි ගුණවතුන් නොහඳුන්නාවු  ජාතියකින් බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? ලිවිය යුතු දේ රැසකි. නමුත් මුද්‍රණ වියදම් වැඩිවීම ඔබට මහ බරක් වන බැවින් කෙටි කෙළෙමි.  


පිටුව :49


පාලන නීතය හා යුතුකම

      
      කිසියම් පවුලක සමාජයක හෝ දේශයක යහපත් පැවැත්මට හේතු වන්නා වු පිළිගත් සම්මත (නීතිය) නම් වෙයි. එය හුදෙක් සමාජ සදාචාර පැවැත්ම සඳහා විනය ගරුකභාවය හා උභයලෝකාර්ථ සංසිද්ධිය පිණිස හේතු වන්නේය. මෙම සම්මත (නීතිය) කඩන්නවුන්ට දඬුවම් නියම කෙරෙන්නේද, කරවන්නේද නැවතත් ඔවුන් වැඩක් ඇතියවුන් ලෙස සමාජ වගකීමක් දරන්නන් ලෙස හික්මවා ගැනීමටය. එසේ නැතිව සමාජ දුෂකයන් ජාතිභ්‍රෂ්ටයන් සේ සලකා විනාශ කරලීමට නම් නොවේ. මෙහිදී සමාජ චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම රාෂ්ට්‍රපාලන නීතියත් එකට ගමන් කළ යුතු වෙයි. සමහර විට මෙකී සමාජ සම්මතය හා පාලන නීතිය එකම ලී දණ්ඩක දෙකොන සේ එක් නොවන අතර තවත් තැනකදී මනුෂ්‍යත්වය මත එකට එක් වෙයි. තවත් විදියකින් කියතොත් රෙද්දේ ගාණට මිනිසා කපනවද? මිනිසාගේ ගාණට රෙද්ද කපනවද? සිතතොත් මිනිසාත් රෙද්දත් රැකගෙන දෙකෙන්ම ප්‍රයෝජන ගන්නවාදැයි විවේකව සිතා මතා තීරණයක් ගැනීම මැනවි. මෙහිදී කෙළින්ම බුද්ධියට ඇමතිය යුතුය. නොඑසේ වුවහොත් ප්‍රජා විනාශය ආරම්භ වන්නේ එතැනිනි.

     
   සෑම සමාජයකම හෝ පවුලකම දියුණුව රැදී පවත්නේ ඔවුන්ගේ ක්‍රියා පද්ධතිය මතය. ඒ සඳහා උදවුවන්නේ දින චරියාවයි. කාල සටහනයි. එහි පාන්දර අවදි විමේ පටන් නැවත රැය නින්දට යනතුරුම සටහන් තිබිය යුතුය. මෙහිදී අවදිවීම, ආහාර ගැනීම, සිරුරුකිස, කාර්මාන්තයෙහි යෙදීම, පිරිස් පාලනය, නින්දට යෑම යන කරුණු ප්‍රධාන වන්නේය. ඉතිරි සියල්ල සුදුසු පරිදි ඉහත කී කොටස් තුළට ඇතුළු කිරීම මැනවි. ගොවිපළේ හෝ කර්මාන්තායතනයේ වැඩ කටයුතු පිළිබඳව සකස් කර ගත්තා වු කාලසටහන අනුව මේ මේ දෙය කළයුතුයැයි සටහන් විය යුතුය. එසේ පාලනයක් කරගන්නට නොහැකි වුවහොත් ඔබ ඉතා අසරණ බවට දුඛිත තත්වයට ගොදුරු වන්නෙහිය. හකුරු කතත් ගුරුන් ගෙන් අසා කීවත් මෙන් බුද්ධිමත්ව තීරණ ගතයුතු අතර ගැටලුවක දී ඒ ගැන දන්නා පිරිසකගෙන් උපදෙස් ලබා ගැනීම අගනේය. හැම මනුෂ්‍යකුටම ඇතිවන දුක සැප සතුට, වේදනාව පැවසීමට අදාළ කල්‍යාණ මිත්‍රයකුවත් සිටිය යුතුය. ඔහු කිසිවිටක ඔබ අත් නොහැර සෙවණැල්ලක් සේ ළඟ සිටිනු ඇත. මේ උතුම් මිතුරා නිවන් දැකීම දක්වා පිහිට වෙයි. මෙකී මිතුරා පියා, මව, බිරිඳ හෝ ලේහුරු නෑයකු, ආගමික පුජ්‍යයකු නැත්නම් විජාතිකයකු වන්නට පිළිවන. කුණු කසළ ගොඩක තිබුණද මැණික් අගනේමය. වටනේමය. කළ යුත්තේ විවේක බුද්ධියෙන්, ප්‍රයෝජන ගැනීමට හුරුකිරීමයි. (මෙද කියවන්න)

     
ඔවුහු කළුතර පෙදෙසේ පුංචි පැල්පතක දිවි ගෙවන අසරණ පවුලකි. වසර තුනක සුරතලෙක්ද සිටියි. නියම රැකියාවක් නැත්ද අසල රබර් වත්තක යම් යම් දේ කොට ලත් මුදලින් දිවි ගැට ගසා ගනිති. පෙබරවාරි මාසය ලැබුවේය. දැන් රබර් වත්තේ වැඩ නැත. සතියක් ගෙවිණි. පාන් කීපයකින් දිවි ගෙවා ගත්හ. පුංචි පැටියාට කුසගිනි ඉවසිය නොහැක.“අම්මේ!බඩගිනියි. කියමින් නොනැවති අඬයි. විකිණිය හැකි කිසිවක් මේ පැල්පතේ ඇත්තේ ම නැත. ගෙය පුරා ඇවිස්සුවද පයිසයක්වත් සොයා ගන්නට නොහැකි විය. දහ අතේ කල්පනා කළ බිරින්දෑ සිය හිමියාට


මේ ඇහුනද? පොඩි එකා බඩගින්නේ අඬනවා.දෙන්න කිසිම දෙයක් නෑ.උදේ කැඳ ටිකක් දුන්නා.දැන් කොත්තමල්ලි ටිකක් තම්බා පෙව්වා. ඒත් අඬනවා. අන්න අර පොඩි මහත්තයාගේ වත්ත පල්ලෙහා කොස් ගහක පාතම ලොකු ගෙඩි තියෙනවා දැක්කා. ගිහින් මහත්තයට කියලා ගෙඩියක් ඉල්ලාගෙන එන්න. යි පැවසුවාය. එය පිළිගෙන මිදුලට බැස්ස විට


  “මේ මේ නොකියා එහෙම කඩාගෙන එන්න එපා. යි බිරිඳ  කීවාය. එයත් හිතේ තබාගෙන වත්තේ ගේට්ටුවෙන් ඇතුළු වන විටම අයිතිකාර මහත්තයා මොටෝරියේ නැගී පිට වී ගියේය. නැවතී කල්පනා කළ ඔහු

  
 දැන් ආපු එකේ කොස් ගෙඩියක් කඩාගෙන ම යනවා හෙට උදේ මහත්තයට කියනවා යි තීරණයට බැස ගසක තිබු කොස් ගෙඩියක් කඩාගෙන ගොස් බිරිඳට දුන්නේය. එය අතට ගත් ඕ තොමෝ විස්තරය කීවේය. අනේ මන්දා මේවා ළමයින්ට කවලා අපායේ යයිද මන්දා කියා දිග සුසුමක් හෙළා ඉක්මනින් තම්බා ලුණු ටිකක් ඉස කන්නට දී දරුවා නිදි කළාය. පසුදින උදේ කොස් ගෙඩියේ විත්තිය කීම සඳහා යෑමට මිදුලට බැස්සා පමණි. ඔහු ඉදිරියේ පෙනී සිටි පොලිස් නිළධාරියකු දැක හොදටම බය විය.

පොලිස් නිලදරුවා:   ජේමිස් කියන්නේ කවුද?


ජේමිස් :          මමයි රාලහාමි,ඇයි ?රාලහාමි


පොලිස් නිලදරුවා තමාට විරුද්ධව කොස් හොරකමක් ගැන පැමිණිල්ලක් තියෙනවා.එනවා යන්න පොලිසි යන්න.


ජේමිස් :අනේ! රාලහාමි.......අනේ! රාලහාමි මම........මම..........හො.... හොරෙක් නෙමේ


පොලිස් නිලදරුවාමට ඒවගෙන් වැඩක් නැහැ.ලොකු මහත්තයාගෙන් බේරාගන්නවා. එනවා යන්න.

      
     පසුව පොලිසිය මඟින් උසාවියට ඉදිරිපත් කෙරිණි. නඩු දිනයේදී අර අසරණ කාන්තාව (බිරිඳ) පොඩි දරුවාත් කිහිලි ගහගෙන අඩ නිරුවතින් උසාවියේ පෙනී සිටියේ මුළු ලෝකයම තමන්ගේ පවුලට විරුද්ධව අවි අමෝරාගෙන සිටිනු දකිමින් බියෙන් හා තැති ගැනිමෙනි. පැමිණිල්ලේ කරුණු සලකා බැලු විත්තිකරු අමතා:


විනිසුරුතුමා -   තමාට නිදහසට කරුණු කියන්නට අවස්ථාව


විත්තිකරු  -අනේ හමුදුරුවනේ මම හොරකමක් නොවේ කළේ.....මේ මේ පුංචි දරුවාගේ .......වශයෙන් කී අඳෝනාවෙන් මුළු උසාවිය නිශ්ශබ්දව ගල්ගැසී ගියේය.


ඉතා හොඳින් එයට කන්දුන් විනිසුරුවරයා වරදට මා ළඟ කිසිම සමාවක් නැ. විශේෂයෙන් හොරකමට දියහැකි ඉහළම දඬුවම නියම කරනවා. අයිතිකරුට නොදන්වා කොස් ගෙඩියක් කඩාගෙන ගියාට සැහැල්ලු වැඩ ඇතිව මාස හයක් සිරගෙට යවනවා. (මුළු උසාවිය මවිතයෙන් බලා සිටී) විත්තිකරු හිරෙන් නිදහස්ව එනතුරු මේ දරුවාගේ හා කාන්තාවගේ නඩත්තුව සඳහා මාසයකට රු. දෙදස් පන්සියය බැඟින් මාස හයක් පැමිණිලිකරු විසින් ගෙවිය යුතුයි.තිරණ දුන්නේය.

             
    අනතුරුව මෙතෙක් විස්මයෙන් හා පුදුමයෙන් උසාවියේ පැවති නිහඬකම බිදිමින් උකුළේ සිටි දරුවා බිම තිබු කාන්තාව හමුදුරුවනේ ඔබ වහන්සේ බුදු වේවා යි වැඳ වැටුණාය.


මේ සත්‍ය සිද්ධියකි. විනිශ්චකාරතුමා තාමත් සේවයේ යෙදේ. නම මහානාම තිලකරත්නය. 12 පිටුවේ නඩු තීන්දුවද මෙතුමාගේය. (කොස් ගෙඩිය, පැමිණිලි කරු ,ජේමිස් හා විනිසුරුතුමන් දෙස ඔබගේ සිත යොමු කරන්න.)


හැමදේම දන්නවා වගේ අපි අද එකිනෙකාට අවලාද කිවාට  මොකද අපි තවමත් ගල් යුගයෙන් එපිටට ඇවිත් ඇත්ද? හරිහමන් කෑමක් බිමක් නැතිව එදා වේල පිරිමහා ගන්න වෙහෙසෙන අපේ ඈයෝ ඕනෑ තරම් මේ දීපයේ අදටත් ඇත. ඉපදුණ දවසේ සිට බොහෝ ආදර්ශ පාඨයන් යටතේ හැදි වැඩෙන අපි කොයිතරම් නොහික්මුණු පුද්ගලයන් කොටස්කද යන්න වඟ විටෙක මට සිතේයි.  උගත්කම සැමට එක සේ නොපිහිටන බව සෑබැවකි. තවද ඈතපිටිසර දුඛිත ජිවිත ගත කරන මිනිසුන් තුල පිහිටා තිබෙන මනුෂ්‍යකම නිහතමානීකම තරම් වටිනා උපාධියක් මේ ලෝකයේ කොතනකටවත් ගොස් ලබා ගැනිමට නොහැකිය. එවැනි මිනිසුන් බොහෝමයක් මගේ රාජකාරි ජිවිතයේ මට හමු වි ඇත. ඔවුන්ගෙන් මට වටිනා මනුෂ්‍යකම් ඉගෙන ගැනිමට හැකිවිය. පතපොතේ දැනුම ඔවුන් දැන නොසිටියාට මොකද ඊට වඩා බඩගින්න නිවා ගැනිමට අතපය වෙහෙසන්නේ කොහොමද කියලා නම් හොදහැටි දැන සිටින ලදි.


    මෙම ලිපිය අවසන් කරමින් හිතට නැඟුණු තවත් සිතුවිල්ලකින් මෙම ලිපිය අවසන් කරමි. මේ ලෝකයේ බොහෝ දැ රැදී ඇත්තේ විශ්වාසය මතය .එම නිසා ඒ විශ්වාසය පළුදු වු තැන ඇත්තේ වෛරයක් සහ කළකිරීමකි.
            වචන උගස් කර ලබා ගත් විශ්වාසය කඩ නොකරනු!!!

Read More

Monday, June 10, 2013

නිමා නොවන සිරිලක සුන්දරත්වය


     සෝබා අයිලන්ඩ් (Sober Island) යනු ශ්‍රි ලංකාවට අභිමානයක් ගෙන දුන් තවත් එක් උරුමයකි. ඵෛතිහාසික වශයෙන් ජාතික වස්තුවකි. සාමුද්‍රිය වශෙයන්ද අපට තිබෙන වැදගත්ම පුරාවස්තුවකි. තවද ත්‍රිකුණාමලය වරායටද ඉතා වැදගත්කමක් ලබා දිමට මේ කුඩා දුපතට හැකි වි ඇත. තවද එහි භුගෝලීය පිහිටිම සෝබා අයිලන්ඩ් දුපතට මහත් වටිනාකමක් ගෙන දි ඇත. එය  වරාය කටයුතු සඳහා අත්‍යවශ්‍ය වු පිහිටිමකි. එහි පිහිටිම සෑම අතකින්ම අනර්ඝය. ඒ බවක් අතීතයේ අපේ ඇත්තන්ට වඩා අපි යටත් කර ගැනිමට පැමිණි සෑම ජාතීයක්ම දැන සිටින ලදි. බටහිර ආක්‍රමයන්ට එදා මෙන්ම අදත් අපි නතු වෙමින් පවති. ඔවුන් අපේ රටෙන්  නික්ම ගියද අපේ රට පිළිබඳව ඇති කරගත් කෑදරකම නම් පහව ගොස් නැති බවක් පෙනෙන්ට තිබෙන කාරණාවකි.  ඒ කෑදරකම තව තවත් බලාපොරොත්තු සහිත සිහිනකයක් බවට පත් කරලිමට අපි ලබා දුන් සහ තවමත් ලබාදෙන සවිය නම් පාපයකි.




එදා ඔවුන් භාවිතා කර ටෙනිස් පිටිය












වර්ථමානයේ දෙපැත්තකට බෙදී අපි අපිම  ඇණකොටා ගනිද්දී එහි වාසිය සහ ලාභය සම්පුර්ණයෙන් විදේශීය බලවේගයන් වෙත ලැබෙණු ඇත. අපේ රට පිළිබඳව කැක්කුමක් අපට නැත. එහෙත් මේ රටේ පිහිටිමේ ඇති වැදගත්කම විදේශිකයින් අධ්‍යයනය කර හමාරය. එම නිසා ඒ උගුසු ඇස් නිරන්තරයෙන් මෙරට සිදුවෙන සෑම සිදුවිමක් දෙසම යොමු කර ඇත. අසරණ වු ලක්මතාව විජාතීයන්ගේ කෙණහිලිකම් අදත් ඉතාමත් ඉවසිමෙන් දරා ගනිති. ඒ ඇගේ නිහමානිකමය. ඈ හැදිච්ච විදිය වේ. ඒ විදියට හැදෙන්න අපි අපොසත් විය. ඒ සියල්ලම ඉවසා සිටියත් ඇය දුක් වන්නේ මෙරට ඉපදී මෙරට විදේශිකයින්ට පවා දෙන ශ්‍රි ලාංකීකයන් පිළිබඳවය. මහත් කරුමයක් සහ අපලයක තවමත් ලක් මතාව ගෙවමින් සිටින්නීය. අද ඉපිද හෙට මැරෙන යන සිතුවිල්ලක සිට අපි මෙ ගෙවන ජිවිත කෙතරම් නම් අභාග්‍ය සම්පන්නද? රටට කුමක් වුවත් මම ජිවත් වන කාලය මට සුරපුරයක් කර ගැනිමට හැකි පරිදි ඕනෑම තීරණයක් ගන්න පුළුවන් මනසක් සදාගෙන ඇත.

මේ රටේ උරුමයන් දැක ගැනිමේ විශාල කැමැත්තක සහ සිහිනයක සිටින මා, එම සිහිනය විටින් විට සෑබැ කර ගැනිමට උත්සහා කරන්නෙමි. ඒ සිහිනය සැබෑ වු තවත් එක් අවස්ථාවක් ලෙස සෝබා අයිලන්ඩ් වෙත පා තැබු දිනය හැදින්විය හැකිය. එය මම අඩම්බරයෙන් යුතුව සිහිපත් කරන්නෙමි.

සෝබා අයිලන්ඩ් දුපතේ වැදගත්කම කාලයෙන් කාලයට වෙනස් වේ. එල්.ටී.ටී.ඊ යුධ සමයත් සමඟ වෙරළ ආරක්ෂා කිරීමේ ජාලයක් ලෙස භාවිතා කරන ලදි. තවද එහි පිබිදිම සිදු වි ඇත්තේ මිට වසර 400 කට පමණ ප්‍රථමය. ප්‍රංශ ජාතීකයින්ට රාජසිංහ රජු විසින් 1672 මැයි මස 28 වන දින මෙම ගාම්භිර දුපත ඇතුළු තවත් වටිනාම සම්පතක් වු ත්‍රිකුණාමලය වරායද ගිවිසුමකින් ලියා දෙන. විජාතීන් හට ත්‍රිකුණාමලය වරාය  අත්පත් කරගැනිම සඳහා විශාල ලෙස උපකාරි වු දුපතක් ලෙසද මෙය හැදින්විය හැකිය. ඒ වගේම ඔවුන්ගේ නාවික කටයුතු, භට පිරිස් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතර මැදි කඳවුරක් ලෙසද, භට පිරිස් රඳවා තැබිම,  සැපයුම් මධ්‍යස්ථානයක් සහ බර අවි ස්ථාන ගත කිරීම සඳහාද මෙම භුමිය යොදා ගෙන ඇත. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ජාතීකයින්ගේ පෙරදිග නිවාසය බඳු වි ඇත. බ්‍රිතාන්‍ය ජාතීකයින් විසින් වරින් වර නිපද වු නව බර අවි  නැවත නැවත මේ ස්ථානයේ ස්ථාගන ගත කොට ඇත. මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසද මේ ස්ථානය භාවිතා කර ඇත. විටෙක ලන්දේශින් විටෙක ඉංග්‍රිසින් මේ භුමිය අත්පත් කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගෙන ඇත.  ඔවුන් මෙරට යටත් කර ගැනිමට මුලික සැකසුම් සැකසු තවත් එක් භුමියක් ලෙසද මෙම කුඩා දුපත හැදින්විය හැකිය. එකල සිංගප්පුරුවේ බිඳවැටිමත් සමඟ මෙහි වටිනාකම තවත් වැඩි වි ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයින් ජපානයත් සමඟ  යුද්ධය කිරීමේදී මෙම භුමිය වඩාත් ප්‍රයෝජනයට ගෙන ඇත. 1942 දී ජපානය විසින්ද මෙම දුපත ආක්‍රමණය කර ඇත. තවද ආතීතයේ ලාදුරු රෝගින් මෙම දුපත තුල රඳවා තබා ඇත. වර්තමානයේ  අපි භාවිතා කරන සමහරක් තක්ෂණික ක්‍රම ඔවුන් විසින් එදා යොදා ගනිමින් මේ භුමියේ නොයෙකුත් ක්‍රියාකරම් සිදු කොට ඇති බවට සාක්ෂි අදට ඉතිරිව ඇත. එම ස්ථානයට පා තබන ඕනෑම කෙනෙකුට ඒ බව දැක ගැනිමට පුළුවනි.

 ඒ භුමිය තුල ගත කරන කාලය ගතටත් සිතටත් මහත් සිසිලසක් ඇති කරයි. 

ඔබට අවශ්‍ය තවත් විස්තර මෙතනින් ලබා ගන්න.


Read More

Thursday, June 6, 2013

නිරෝගිකම ඉහළම ලාභය




ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං
ප්‍රශ්ණයක් වු විට දෙපැත්තට බෙදි කඹ අඳින්නේ නැතිව රටට හිතකර තීරණයකට අපි එන්නේ කවදාදෝ?


           ආරෝග්‍ය පරමා ලාභා - උතුම්ම ලාභය නිරෝගී කමයි, සන්තුට්ඨි පරමං ධනං - සතුට උසස්ම ධනයයි. විස්සාස පරමා ඥාතී - ලොවේ හොඳම නෑයා (ඥාතියා) විශ්වාසයයි. නිබ්බානං පරමං සුඛං - නිවන උතුම්ම සැපයයි යන්නයි. මේ අදහස එදාට වගේම මෙදාටත් ඉතා වලංගු කාරණයක්.

           වර්ථමානයේ අපට තාවකාලික පණනල රැක ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට සිදු වි ඇත. අපි විසින්ම නිර්මාණය කර ගත් නොයෙකුත් විපිරිසාස නිසාවෙන් රට විශාල අවදානමකට ලක් වි ඇත.  සිදු වෙමින් පවතින සෑම සිදුවිමක්ම යුද්ධයක ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ මන්දයත් එහි ඵලයන් අවදානම් ස්වරුපයක් ගන්නා බැවිනි.

           ඩෙංගු මදුරුවා යනු ගරිල්ලා ත්‍රස්තවාදියෙක් වැනිය. ඩෙංගු මදුරුවා මර්ධනය කිරීම අපි සතු වගකිමකි. එකිනෙකාට දොස් පවරා ගනිමින් සිටිනවා මිස මෙම අවදානම් තත්වයට පිළියම් සෙවිමට අද අපි අපොහෝසත් වන්නෙමු. තමන්ගේ නිවස අපවිත්‍ර කරගැනිම තමන් විසින් සිදු කර ගන්නකි. එයට වගකිව යුත්තාද තමන්මය. ඒ වගේම රජයේ ආයතනද අපි සතු සම්පතකි. එය රැක ගැනිමද අපි සතු වගකිමකි. අද රට සෑම අතින්ම අගාදයට යාමට හේතුව ලෙස මම දකින්නේ පවතින විනාශකාරී දේශපාලන මාපියාව වේ.

          මසකට දෙවතාවක් හෝ සතිඅන්ත දිනයකදී තමන් සිටින ප්‍රදේශය අවට පිරිසිදු කර ගැනිමට තරම්වත් උවමනාවක් අපට නැත. එහෙත් තමන්ටවත් වැදගත් නොවන ඉල්ලිම් ඉල්ලමින් මහා මාර්ග හරස් කරමින් ගෙන යන උද්ඝෝෂණයන්ට තම ශ්‍රමයත් දායකත්වයක් ලබා දෙන්නේ කිසිදු පැකලිමකින් තොවරය. අවදියෙන් සිටිය යුතුය. එහෙත් ඒ අවදිවිම අර්ථවත් යමක් වෙනුවෙන් කැප කළ යුතුය.

          ඩෙංගු මදුරුවා නිසා මිය ගිය නිතී පිඨයේ  සිසුවිය ‍වෙනත් ආකාරයකින් මිය ගියා නම්? අද සියළුම විශ්ව විද්‍යාල සිසුන් පාරට බසිනු ඇත. එවැනි ආකල්ප දරණ, එවැනි ශක්තියක් සහ එකමුතුකමක් තිබෙන ඔවුන්ට ඩෙංගු උවදුර නැති කිරීමට තම ශ්‍රමදායකත්වය ලබා දිමට නොහැකි විම කණගාටුවට කරුණකි. තම පෞද්ගිලික අභිප්‍රායන් වෙනුවෙන් විශාල පිරිසක් එකරාශි කර ගනිමින් තම මතය ලොවට හඬනඟා කිමට දක්ෂ නායකයින් අප අතර සිටිති. එහෙත් මෙවැනි පොදු කාරණා අභියස නිහඩය. එයින් පෙනි යන්නේ රටට ආදරය කරන එකදු නායකයෙකුවත් රටේ අනාගතය ලෙස සිතන පිරිස් අතර නොමැති බවකි.

           අප ආයතනයේ නම්, සෑම සති අන්තයකම උදැසන වරුම වෙන් කරනුයේ අපි ජිවත් වන අවට ප්‍රදේශය පිරිසිදු කරගැනිමටය. මෙවැනි කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබා දිමට අකමැති පුද්ගලින් අප අතරද නැතුවා නොවේයි. නමුත් එවැනි අයවලුන්ගේ ආකල්පද වෙනස් කර ඔවුන්ගේ දායකත්වයද මේ සඳහා ලබා ගනිති. ඒ අපි යම්කිසි නිතී රාමුවක් තුල සිටින නිසා අකමැත්තෙන් වුවද ඒ දේ කිරීමට සිදුවෙයි. යහපත් ආකල්ප මිනිසුන් තුල ඇති නොවන්නේ නම් එය බලෙන් හෝ සිත් තුල ඇති කළ යුතු කාලය එළඹ ඇත. බහුතරයකගේ සුභසිද්ධිය උදෙසා එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ආත්මාර්ථකාමී සිතුවිලි නැති කිරීම වරදක් නොවනු ඇත.

          අද අපේ රටේ සිදු වන්නේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරගැනිම සඳහා මුළු සමාජයේම දයාකත්වය ලබා ගැනිමය. ඒ සඳහා විවිධ වු මුලා කිරීමේ ක්‍රම උපායන් භාවිතා කරන්නේය. බළධාරියා යනු, ඔබත් මමත් අතර සිටින තවත් අපි වගේම පුද්ගලයෙකි. එහෙමත්  නැතිනම් අප විසින් පත් කර ගන්නා ජනතා නියෝජිතයෙකි. රටේ නිතීය ඔහුටද එකහා සමානය.වරදට නිසි දඬුවම නොලැබෙන තාක්කල් අප රටේ සිදුවන දුෂණය, වංචාව සහ අක්‍රමිකතා වැළැක්විය නොහැකිය. නිතීය සැමට එක සේ ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති වුවහොත් ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චාර්ය බවට පත්වනුයේ දුෂණයෙන් සහ වංචාවෙන්ය.

         රජයේ ආයතනයක තිබෙන භෞතික සම්පත් නඩත්තු කිරීම සඳහා ප්‍රතිපාදනද ලැබෙනු ඇත. තවද එහි නඩත්තු කටයුතු සඳහා වෙනමම පිරිසක්ද ඇත. අප අධ්‍යාපනය ලබන හෝ අප රාජකාරි කරන ස්ථානයට යම් කිසි අලාභානියක් සිදු වු විට එය පිළිසකර කර ගැනිම අපි සතු කාර්යක් හෝ වගකිමක් ලෙස නොසිතා ඉවතා බලා සිටිම කොයි තරම් දුරට නිවැරදිද යන්න පිළිබඳව සිතිමට ඔබට තබමි.

        අපි සේවය ලබා ගන්නා, අපි සේවය කරන හෝ අපි යැපෙන ස්ථානය අපි විසින්ම පිරිසිදු කර ගැනිමෙන් අපේ තරාතිරමට හානියක් නොවන්නේමු.

වගකිම් ඉල්ලිම් ගැන කථා කර ගමන් යුතුකම් ගැනද  සිතිය යුතුය.
Read More

Sunday, June 2, 2013

වින්දනාත්මක හෝරාවක්










     දැනට දින කිහිපයකට පෙර ජපානයට සහ පකිස්ථානයට අයත් නෞකා දෙකක් අපේ රටට සේන්දු විය. එම නෞකා දෙකටම ගොඩ විමට සහ එහි අපුරු නිර්මාණයන් දැක බලා ගැනිමට අවස්ථාවක් මටද හිමි විය. එහි තිබු තක්ෂණයට ළඟා විමට අපට තව සියවස් ගණනක් බලා සිටිමට සිදුවේද මන්දා?. ජපන් ජාතීකයින් ඉතාමත් සුහදශිලි ජාතියකි. ඔවුන් නිළයට වඩා මනුෂ්‍යත්වයට ඉඩ දෙන්නෝය. තම මව් බිමේ අනන්‍යතාවයට ප්‍රමුඛතාවයක් ලබා දිමට ඔවුන් කැමති බව නෞකාවට ගොඩ වු අවස්ථාවේදීම දක්නට තිබු කරුණකි. තවද නෞකාවේ තිබු සෑම දැන්විම් පුවරුවක්ම ජපන් අකුරු වලින් හැඩ වි තිබුණි. නෞකාවේ කිසිදු තැනක ඉංග්‍රිසි අකුරක් නොතිබිම එහි තිබු තවත් විශේත්වයකි. ඉංග්‍රිසි නොදැනිම හෝ එය භාවිතා නොකිරිම ඔවුන්ගේ දියුණුවට බාධාවක් නොවන බව ඔවුන් පෙන්වා දී අවසන්ය. ඔවුන් තුල තිබු කඩිසර විලාශය මහත් සිත් ගන්නා සුළුය. නිරත වු කාර්ය අවසන් වන තුරුම එයින් මිදිමට ඔවුන් නොසිතයි. ලෝකය ජය ගත හැකි වනුයේ කඩිසරව තමන්ට පැවරි ඇති රාජකාරින් නිවැරදි ලෙස නිමාවට පත් කිරීම තුලින්ය. නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට සහ පිටුපස ස්ථානගත කර තිබු හෙලිකොප්ර යානාවටද ගොඩ විමට අපට අවස්ථාව උදාවිය.  
    මා ලබපු අත්දැකිම ලියවිල්ලක් බවට පත් කිරීමට ආසන්නම හේතුව වුයේ මුහුණු පොතේ දුටු එක්තරා විඩියෝ දර්ශණයක් මා නෙත ගැටිමත් සමඟය. එහි දක්නට තිබු උසස් පාසලක සිසුවියන් පිරිසක් එක්තරා ගීතයකට පංති කාමරයක් තුල නර්තනයේ යෙදෙන දසුනකි. නොයෙකුත් විවේචනාත්මක ප්‍රතිචාරද එහි සටහන් වි තිබුණි.
    කණගාටුවට කරුණ නම් මෙවැනි දේ උලුප්පා පෙන්විමට තරම් අපේ මානෂිකත්වය අද කොතනද තිබෙන්නේ යන්නය. අපි හැමදාමත් කිරීමට උත්සහා කරනුයේ කෙනෙකු ලැජ්ජාවටත් අසරණතාවයටත් පත් වු විට ඒ පුද්ගලයා තවත් අසරණ කරමින් අස්වභාවික වින්දනක් ඒ තුලින් ලැබිම පමණකි. ජපානය වැනි පෙරදිග රටවල් එසේ තම ඥාණය සහ ශක්තිය උපයෝගි කර ගනිමින් තම රට සෑම අතකින්ම ශක්තිමත් කිරීමට උත්සුක වෙද්දී පෙර දිග මුතු ඇටය සේ හඳුන්වන මගේ රටේ මිනිසුන් උනන්දු වන්නේ වෙහෙසෙන්නෙ කුමක් අරඹයාද යන්න ප්‍රෙහ්ළිකාවකි.
    බුදුන් අපෙ රටේ ඕනෑ තරම් ස්ථාන වල වැඩ වාසය කරති. එහෙත් අපි කරන්නා වු අවැඩ නිසාවෙන් උන්වහන්සේ අපිරිසිදු සිත් අභියස ආශිර්වාදය නොතබයි.
ආතර් ශ්‍රි ක්ලාක් වැනි ලොව සුපතල මිනිසුන් ජිවත් විමට ශ්‍රි ලංකාව සුදුසු බව තීරණය කරද්දී  අපි අපේ රටට වටිනාකමක් දිමට අපොසත් වි ඇත. උසස් තාක්ෂණයක් හඹා යාමට තරම් ඥාණයක් ඇයි අපට නොපිහිටන්නේ?
    ලෝකයේ වැඩියෙන්ම ජාතික අභිමාන ගීත ලිය වුණ සහ ගායනා වන රට ශ්‍රි ලංකාව වෙන්නට ඇත. වගේම ලෝකයේ සිඝ්‍රයෙන් පැතිරි යන නොහදකමත් ඉක්මනින් වැළඳ ගන්නා රටද අපේ රට වෙන්නට ඇත. ඉතා සුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වා ශ්‍රි ලංකාවේ අහිංසක මිනිසුන් ට ලබා දි එම ජිවිත විනාශ කරමින් උපයන මුදල් කිසිදිනක තමන් ළඟ නොරැදෙන අතර කුමන ආකාරයකින් එම මුදල් නැති නාස්තිද වේ.එයද සත්‍යයකි. කණගාටුවට කරුණ නම් පව්කාරයන් මිය යනනේ  තවත් වටිනා ජිවිත රැසක් විනාශ කරමින්ය.

          බුදුන් වහන්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව දේශණා කොට ඇත. එය පිළිපැදිම සහ නොපිළිපැදිම තුල ලැබෙන දේ පිළිබඳවත් ඉතාමාත් පැහැදිලිව පෙන්වා දී ඇත. එම නිසා තමන් කරන කියන දේ තමන් පසුපස ලුහුබඳින බව සත්‍යයකි.

Read More
Related Posts Plugin for WordPress, Blogger...