Friday, April 12, 2013

ඊයේ අද නොවේයි - අද හෙට නොවේයි



ගෙවි ගිය කෙටි කාලය තුල ලිපියක් පල කිරිමට නොහැකි වුයේ රාජකාරි ස්වභාවය තරමක් වෙනස් වි ඇති වු කාර්‍ය බහුලත්වය හේතුවෙනි. උදා වන සෑම දිනයක්ම පිං බර දිනයක්ම වේවායි! පතමින් උදැසන පිබිදිම මගේ සිරිතකි. තමන් විශ්වාස කරන කුමක් හෝ සිහිකිරිමකින් දවස අරඹන්නට හැකි නම් ඒ දවස තමන්ට ඉතාමත් උද්‍යායෝගයකින් අවසන් කිරීමට හැකියාව ලැබෙන බව මම විශ්වාස කරමි. තවද එදිනදා තමන්ට මුහුණ දිමට සිදුවන අභියෝග අභියස සන්සුන්ව පිළිතුරු සෙවිමේ හැකියාව ද ලැබෙනු ඇත.

ජිවිතය දකින්න දකින්න (අභියෝග වලට මුහුණ දිමෙන්) ජිවිතය වටහා ගැනිමට ඇති හැකියාවද පහසු වනු ඇත. අද හිතන දේ හෙට නොවෙන්නට පුළුවනි. ඊයේ හිතපු දේ අද නොවෙන්නට පුළුවනි. එය වටහා ගනිමින් ජිවිතය හසුරුවා ගැනිමට අපිට හැකි නම් කෙතරම් නම් අගේද?

අද ඉපදෙන දරුවා අපි ඊයේ කළ කී දේ හෙට නොකරනු ඇත. අපි වයසට යන විට පරිසරයද ඒ හා සමානව වෙනස් විමට භාජනය වනු ඇත. එහෙත් ඊයේ දවසේ මුතුන්මිත්තන් ප්‍රයෝජනයට ගෙන අපටද ඉතිරි කළ දේ අපිද ප්‍රයෝජනයට ගෙන හෙට දවසටත් ඉතිරි කළ හැකි දේ අපි පරිස්සම් කළ යුතුය.

තුරු ලිය ඔකඳ වෙයි තම ඵල බර                සතුව
මී අඹ සුවඳ ඇත නලවැල් තුළ                    එතුව
කෝකිල කුජනය එයි ඒ වැද                        මතුව
පැතුමන් සැබෑවෙයි සිරි කත සිතු                 පැතුව

          මගේ මිතුරියක් ඉන්නවා වත්තල. ඇයගේ ආගම කතෝලිකය. එහෙත් ඇයගේ ජාතිය සිංහලය. ඇයත් ඇයගේ පවුලේ උදවියත් අපි වගේම අලුත් අවුරුද්දට නැකතට ලිප් බැඳ ගිනි දල්වා කිරි උතුරවා කිරිබත් පිළියෙල කරති. නැකතට ආහාර අනුභව කරති. අනතුරුව වැඩ අල්ලා ගනුදෙනු කරති. වැදගත් යැයි ඔවුන්ට හැඟෙන චාරිත්‍ර කිහිපයක් එදිනට ඔවුන් සිදු කරයි. තවත් අතුරු කාරණාවක් මේ සමඟ සිහිපත් කිරිමටද මට සිතුණි. එය නම්, මාතර පිහිටි කාතෝලික පල්ලීයේ වාර්ෂිකව සිදු කරන මංගල්‍යයට ඔවුන්ද සහභාගි වන අතර, එම කාලය තුල ඔවුන් නවාතැන් ගනු ලබන්නේ අප නිවසේය.

          අපි විසින් සිදු කරනු ලබන කාරණා අභියස භෞතික වශයෙනුත් අධ්‍යාත්මික වශයෙනුත් අලුත් විය යුතුය. ජිවිතය විඳින්න මිල මුදල්ම අවශ්‍ය නැත. එකි නෙකා අතර පවතින සුහදත්වය නැවුම් සුවයක් කරා අපිව රැගෙන යන්නේමු.


          ආලේ නිසා මහ වරිගෙන් ඈත්          උනා
          කාලේ ගතවෙලා දරුවෝ මහත්        උනා
          බාලේ හැදුන නෑ පිරිවර මතක්           උනා
          කෝලේ ඇතත් නෑගම් යන්න පිට     උනා

වැඩිහිටියන් පිදිම වරදක් නොවන අතර කරුණාවන්ත මව්පියවරු විසින් දරුවන් කළ වරදට සමාව දිමේද වරදක් නැත. එම නිසා එවැනි වු කාරණද මුල් කර ගනිමින් සිදුකරන වත්පිළිවෙත්ද අනුගමන කිරිම වරදක් නොවනු ඇත.

සුර්ය්‍යා මේෂ ලග්නයේ සිට මින රාශියට පැමිණිම හේතු කොටගෙන පැවැත්වෙන සුර්ය්‍ය මංගල්‍යය  දිනයේ දී, මම මෙසේ ප්‍රර්ථනා ගෙන එමි. ලක්වාසී සියළුම දෙනාටත් සහ විදේශගත වි සිටින සියළුම ශ්‍රි ලාංකීය දු පුතුන්ටත් සෞභාග්‍යමත්, සරල, චාම්, සමගිසම්පන්න ජිවිතයක් ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය වාසනාව නිරතුරුවම ලැබේවා!!!
16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. හොදයි හොදයි, බොහොම හොදට ලියලා තියනවා

    ReplyDelete
  2. අඩේ මම නේද පළවෙනියා, හුරේ

    ReplyDelete
  3. මංජුලා නගාගේ අනාගතේ තවත් සාර්ථක වෙලා, තවත් මේවගේ දේවල් ලියන්න ලැබේවා. ඔයාට සුභ අලුත් අව්රුද්දක් වේවා (අක්කා සමග අපි ඔක්කොම ඔයත් එක්ක)

    ♥ ♥ ♥ ♥

    ReplyDelete
  4. ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සැමටත් වාසනාවන්ත එකක් වේවා

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  7. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  9. සියලුම සිතුම් පැතුම් ඉටු වන, ඉන්නා තැනින් අඩියක් හෝ ඉදිරියට තබන්නට හැකි වන සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  10. සුබ නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  11. ඔයාටත් සතුට ආදරය පිරී ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා

    ReplyDelete
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් ගයනි නංගි. අපි හම්බන්තොට ඉඳලා ආවේ අදයි. ඉතින් පමා උනා සුබ පතන්න.

    ReplyDelete
  15. කාලෙකින්.පුරුදු බ්ලොග් වලට ගිහින් හැමෝමට අවුරුදු සුබ පැතුම් දීලයි ආවේ.ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් !

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...