Friday, September 13, 2013

බිඳුණු සිතකට ගලා ආ සිතුවිලි.....පොදක්





            කොතනකින් අරඹන්නද මේ ලියමන.......සිතා ගත නොහැකිය. මගේ බොහෝමයක් ලිපි මම ලියනුයේ ජිවිතය යන වචනය පෙරටු කර ගනිමින්ය. හැමදාමත් වගේ එම වචනයෙන් පටන් ගැනිම පුදුම විමට කරුණක් නොවන බව මට හැඟේ. ඒ මන්දයත් ලෝකයේ සිදු වන සෑම සිද්ධාන්තයක්ම ජිවිතයත් සමඟ බද්ධ වි සිදුවන බැවින්ය. එහි ප්‍රතිඵලය දුක හෝ සතුට වේවා! එය බලපානුයේ ජිවිතයටමය.
            ජිවිතයක් නිතරම කැළඹිමට හෝ නිසල කිරීමට හැකි ප්‍රධාන සාධක කිහිපයක් ඇත. එනම් ඒ ආදරය, රාගය සහ මුදල්ය.
ළදරු අවදිය,ළමා කාලය,පාසල් දිවිය,යෞවනය, විවාහ ජිවිතය සහ සැදෑ සමය, මේ අපි පසු කරන ජිවිතයේ අවධින්ය. මෙම කාලයන් තුල සිදු වු අත්දැකිම් සහ අත්විඳිම් දෙස වෙනස්ම පැතිකඩකින්  දකින්නට හැකිනම් ඇත්තටම අපි ගත කළ ජිවිතයෙන් ලබා ගත් දේ පිළිබඳව සැහිමකට පත් විය හැකිද?කොහෙත්ම නැත. තමන් තරුණ කාලයේ තව කෙනෙකුට දුන් පිඩනයක් දුකක් පිළිබඳව මහළු වියට ගිය පසු  නිතර නිතර මතකයටවිත් “අනේ ඒදා මං එහෙම නොකරා නම් යන සිතුවිල්ලේ හිඳ ලතවිමටත් පසු තැවිමටත් පත්වෙයි.සිත හඬවයි. කාලයත් සමඟ දුක ලබපු පුද්ගලයාට වඩා දුක් දිපු පුද්ගලයා දුක් විඳියි. යථාර්තය එය බව මට සිතෙයි. ඒ නිසාවෙන් අද අදම සිට අපි තවත් මිනිස් සිතක් නොරිදමු.
අත්දැකිම් යනු ජිවිතය පවත්වාගෙන යාමට පහසුවන ලකුණකි. එහෙත් එය සෑම තැනකදිම වලංගු වන්නේද නැත. එකම පිඩාවකට විටින් විට ගොදුරු වන අවස්ථා ඇත. එවැනි අවස්ථා වල මම පෙර කියු අත්දැකිම් ජිවිතය පවත්වාගෙන යමට පහසු වන ලකුණ වෙනුවට ජිවිතය වැරදි දිශාවකට රැගෙන යන සලකුණක් බවට පත් වෙයි. තවත් මිනිස් සිතක හැඟිමක් සමඟ ගනුදෙනු කිරීමේදී බොහෝම පරිස්සමින් තින්දු තීරණ ගත යුතුය. විශේෂයෙන් ම ආදර බැඳිම් පවත්වාගෙන යන විටදී වඩා සැලිකිලිමත් විය යුතුය. කැමති කැමති දකින දකින දේ අභියස තම සිත නතර කිරීම විශාල අවදානමකි. ආදරය සහ රාගය එකම කාසියේ දෙපැත්ත සේය. ප්‍රේමය සහ රාගය පටලවා ගත යුත්තක් නොවේ. හඳවතට පමණක් සෑම විටම ඉඩදීම ආදරය රාගයක් විමට වැඩි ඉඩකඩක් ඇත. ආදරය සහ රාගය යනු මිනිස් සිතක් කිසි විටෙකත් සැහීමකට පත් නොකරන යමකි. ඔබත් මමත් සදාකාලික දිවි පෙවතක් ගත කිරීමට මේ ලෝකයට පැමිණ නැත. සිත කැමති දේට වඩා ළඟ තිබෙන සතුට සැනසිමක් ලබා දෙන්නේ නම් අපි කළ යුත්තේ එය රැක ගැනිමය. අපි මේ මහ පොළවට අගාන්තුකයින් පමණකි. මෙහි අයිතිකරුවන් සේ තමන් කැමති දේ පමණක් රිසි සේ කරනා පුද්ගලයින් අවසානයේ වෙනත් කෙනෙකුට උවමනා පරිදි මේ මහපොළවට යට වෙයි.
            විශ්වාසය රඳා පවතිනුයේ ඔබත් මමත් පවසන වචන මතය. එම නිසා හිතට නැඟෙන සෑම වචනයක්ම තමන්ට ආදරය කරන කෙනෙකුට පැවසිමේදී දෙවතාවක් සිතා බැලිය යුතුය.තමන්ට එය කළ නොහැකිද එයින් ඇතිවන තත්ත්වයන් පිළිබඳව සම්පුර්ණයෙන් නැතැත් යම් වැටහිමක් තිබි යුතය. පොරොන්දු කැඩුණු පසු නිදහසට කරුණු කාරණා කොතෙක් තිබුණත් එය මනුෂ්‍ය ක්‍රියාවක් නොවෙනු ඇත. මම නැවත කියමි. ඔබත් මමත් සදාකාලික දිවි පෙවතක් ගත කිරීමට මේ ලෝකයට පැමිණ නැත. අපි මේ මහ පොළවට අගාන්තුකයින් පමණකි. මෙහි අයිතිකරුවන් සේ තමන්ට රිසි සේ දිවි ගිවිමට ඇතමුන්  ක්‍රියා කළද, එම ක්‍රියා සැදෑ සමය නොසන්සුන් කරයි. අතීතයේ තමන් කළ කී දේ පිළිබඳව මෙනෙහි කිරීමේදී  පසුතැවිමක් පමණක් සිතට ගෙන දෙයි.
බෞද්ධයින් වැඩි වශයෙන් සිටින ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිසුන් මහළු වියට පා තැබු පසු පිනට දහමට වැඩි වශයෙන් නැඹුරු වන්නෝය. එයට හේතුව ලෙස මම දකිනුයේ අතීතයේ තමන් සිදු කළ පව් සමාකර ගැනිමට සහ ඒ තුලින් වර්තමාන සිත සන්සුන් කර ගැනිමට එකම මාර්ගය පිං දහම් කිරීම යන සිතුවිල්ලේ සිටිමය. එහෙත් ජිවිතයේ අවසන් කාලයේ තමන් කරන පිං දහම් තුලින් අතිතයේ තමන් කළ පව් සමාකර ගැනිම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. දෙවියන් වහන්සේ වුවද ඔබ මම කළ විටදි වැරදි වලට සමාව දෙනුයේ එය වැරැද්දක් ලෙස අවබෝධ වී නැවත එවැනි වැරැද්දක් තමන් අතින් සිදු නොවිමට උන් වහන්සෙ ඉදිරියේ පොරොන්දු වුවහොත් පමණි. වරද වරදක් ලෙස දැකිමට මහළු විය එන තෙක් සිටිය යුතු නැත.
            තවද මුදල් යනු අප ජිවිතය පවත්වාගෙන යාමට උපකාරකයක් පමණි.එය මුළු ජිවිතයම කරගෙන මිනිසුන් කරනා නොමනා ක්‍රියා අද සමාජය තුල කොතෙක් නම් ඇත්ද? මුදල් වැඩි වශයෙන් අත ගැවෙසන පුද්ගලයා නිතරම තමන්ට සිතෙන සිතෙන දේ කිරීමට පෙළඹෙති. අතමිට සරු නැති පුද්ගලයා එය ලබා ගැනිමට මුදල් ඇත්තන්ට ගැතිකම් කරමින් ඔවුන්ගේ ඕනෑ ඒපාකම් වලට සහයෝගය ලබා දී මුදල් උපයයි.එහි හරි වැරැද්දක් ගැන මේ දෙපිරිසම ‍නොසිතයි. මුදල් නිසා බොහෝ මිනිසුන් යම් කිසි දවසක තමන් ඉදිරියේම අසරණ තත්ත්වයට පත් වෙයි. විසදුම් නැති පටලැවිලි තුල අතරමං වෙයි. මේ අතර සෑබැ මිනිස් සුවඳ හඳුනනා මිනිසුන්ද ඕනෑ තරම් අප අතර සිටිති. ඔවුන් තමන් උපයන මුදලින් කොටසක් අහිංසක බලාපොරොත්තු සඵල කර ගැනිමට යොදවයි. මිනිසුන් අතර උතුම් මිනිසෙකු වනුයේ වචනයකි හෝ අසරණ වු සිතක් දිරිමත් කරන්නෙකු පමණකි.
            මෙවැනි උතුම් මිනිසුන් සැදෑ සමයට පිය මනින විට පිං දහම් අමුතුවෙන් පිං දහම් කිරීමට අවශ්‍ය නැත.  
31 Comments
Tweets
Fb Comments

31 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. හොද ලිපියක්.
    ඔබ කියල තිබෙන දෙය සහතික ඇත්ත.
    >>මෙවැනි උතුම් මිනිසුන් සැදෑ සමයට පිය මනින විට අමුතුවෙන් පිං දහම් කිරීමට අවශ්‍ය නැත.<<

    ReplyDelete
    Replies
    1. මම එය අත්දැම් දන්න දෙයක් කේන්ජි.දැන් මා සිටින තැනට මා පැමිනියේ මල් යහනාවක් මත සිට නෙමෙයි.ජිවිතයේ මනුෂ්‍යෙයකු ලැබේන අවස්ථා බොහෝමයක් මම පසු කර ඇත.කිහිප දෙනෙකුට ලැබෙන අවස්ථා මා පමණක් තනියෙන් මුහුණ දී ඇත.ඒ සෑම තැනකදීම මාව ශක්තිමත් කරේ මා ලබපු අත්දැකිම් පමණයි.

      Delete
  2. හිත හොඳන් යමක් කළ හැකි නම් තවත් පිං වෙනම කුමටද?

    ReplyDelete
  3. "වරදක් ලෙස දැකිමට මහළු විය එන තෙක් සිටිය යුතු නැත" වරද වරදක් විදියට දකින්නේ අද කාලේ කීයෙන් කී දෙනාද දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා මිසක් පියවරක් ගන්නේ කීයෙන් කී දෙනාද? අපේ මිනිස්සුන්ට පිං දහම් කරන්න මතක් වෙන්නේ මාරයාගේ කට ලඟට ආවාට පස්සේ.

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ මල්ලී එය අපි දකින ඇත්තය.

      Delete
  4. //බෞද්ධයින් වැඩි වශයෙන් සිටින ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිසුන් මහළු වියට පා තැබු පසු පිනට දහමට වැඩි වශයෙන් නැඹුරු වන්නෝය. එයට හේතුව ලෙස මම දකිනුයේ අතීතයේ තමන් සිදු කළ පව් සමාකර ගැනිමට සහ ඒ තුලින් වර්තමාන සිත සන්සුන් කර ගැනිමට එකම මාර්ගය පිං දහම් කිරීම යන සිතුවිල්ලේ සිටිමය.// සහතික ඇත්ත කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි.මේ වචන ලස්සන සුරංගනා කථාවක වචන නෙමෙයි.දැකපු විඳපු අත්දැකිම් අත්විදීම් තුලින් ලියපු ලියමනක්.

      Delete
  5. බුදුන් දෙසූ මග යන්නට බොහෝ අයට මතක් වන්නේ මහලු වයසට ගොස් හොට බිම ඇනුනු පසු බැව් සැබෑවකි. එහි ප්‍රතිඵලයක් තිබේ යැයි මට නොසිතේ...ධර්මය අවබෝධ කරගැනීමට සුදුසු කාල වකවානුවක...විශේෂයෙන් තරුණ අවධියේම මේ වෑයම ගන්නවා නම් බොහෝ වෙනසක් අපේ සමාජයේ වේවි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනස තේරුම් යන්නේ යමක් කමක් කර ගන්න බැරි උන කාලයක.

      Delete
  6. හොද ලිපියක්. සහතික ඇත්ත කියලා මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මේ පැත්තට පැමිණියාට.

      Delete
  7. බොහොම අගේ ඇති ලියමනක්.මමත් යමක් වැටහෙන කාලයේ සිට උත්සාහ කරන්නේ ආපසු හැරී බැලූ විට පසුතැවිලි නොවෙන දේවල් කරන්නයි.

    ReplyDelete
    Replies
    1. හොඳ සිතුවිල්ලක්.

      Delete
  8. කොහෙද පහු ගිය ටිකේ උන්නේ.. අපි හිතුවේ ඔයාත් යන්නම ගිහින් කියලා.. :(

    ReplyDelete
    Replies
    1. නැ සහන්.මේ දවස් ටිකේ වැඩ අධිකයි.ඒකයි.

      Delete
  9. ඒක ඇත්ත. ඉන්නේ බොහොම ටික කාලෙනෙ. මේ ඉඳලා හෙට මරෙයිද කියන්න තරම්වත් ෂුවර් එකක් නැති ජීවිතයක් මේ. ඉතින් කාටවත් වරදක් නොකර, තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ටත් උදව් කරමින් ගුණ ගරුක ජීවිතයක් ගෙවන කෙනාට හොඳ මානසික නිදහසක් වගේම තෘප්තිදායක මනසක් හිමිවෙනවා. ටාකක් ආඩම්බරයෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. තවත් හොඳ සිතුවිල්ලක්.

      Delete
  10. සොදුරු ලියන්නිගේ තවත් වැදගත් ලිපියක්......ජීවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.අර උඩින්ම තියෙන පින්තුරේ ඇතුලේ කාබන් පෑනෙන් ලියල තියෙන වදන් ටික නම් සිත් ගත්තා. ඔයාට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැතුමට ශානු.

      Delete
  11. ගයනි.. වයසට යනකොට මිනිස්සු ආගමට දහමට යන්නෙ හේතු ගොඩක් උඩයි එකක් දරුවන්ගේ බරෙන් නිදහස් නිසා කාලය තමන්ගේ වීමයි.. අනික ජීවිතය ගැන ගොඳ වැටහීමක් මේ වෙනකොට ඔවුන් ලබන එකයි..තරුණ කාලෙ ජීවිතේ පෙනෙන්නෙ ඉවර කරන්න තියෙන මී බඳුනක් වගෙයි.. වියපත්වෙනකොට මීබඳුනෙ වැඩිය තියෙන්නෙ වස විස කියලත් ඉතිරි ටික ස්වල්පයක් කියලත් තේරුම් යනවා. ඔන්න එතකොට සත්‍යය පැහැදිලියි..

    ReplyDelete
    Replies
    1. ඔබ තරම් දැනමක් හෝ ඔබ තරම් පරිනතභාවයට මා පත්ව නැත.එහෙත් සරත් අයියේ මිනිසුන් කිහිප දෙනෙකු ලබන කටුකයි කියලා මිනිසුන් හඳුන්වන බොහෝ අත්දැකිම් මේ කාලය තුල මං මුහුණ දී ඇත.ඒ වගේම බොහෝ දේ මම දැක ඇත.මං එයින් පන්නරයක් ලැබුවා මිස කොතනකදීවත් සැලුණේ නැත.බොහෝ මිනිසුන් වයසට යන විට දන්නවා තමන්ට යමක් කර ගන්න බැරි කාලය සහ මරණයට ළං වෙනවා කියලා.ඒක නිසා තරුණ කාලේ කර කී දේ පිළිබඳව පසුතැවෙනවා.අද අපි මුහුණ දෙන සමාජය කොයි තරම් නම් කුරිරුද?මොනවද අපි දකින්නේ මොනවද අපි කරන්නේ.මේ වයසට යන මිනිසුන් කළ කී දේ තමයි අද ඉන්න අය කරන්නේ.හෙට මීටත් වඩා මේ සමාජය දරුණුයි.

      Delete
  12. ලිපිය නම් මරු පොඩ්ඩක් අකුරු ලොකු උනා නම් හොදයි කියවන තැන හොයාගන්න අමාරුයි.. විශ්වාසය රඳා පවතිනුයේ ඔබත් මමත් පවසන වචන මතය මේක නම් ඇත්ත මම නම් මේවගේ පොස්ට් වලට ගොඩක් ආසයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොරලුගොඩ මහත්තයා.අකුරු පොඩි වැඩියි තමයි නේද.

      Delete
  13. අනේ මන්දා.මේ ටික කිව්වේ හරියට මටමද කියල හිතෙනවා.මොකද ඒ කිව්ව ගොඩක් දේවල් මගේ ජීවිතේට සම්බන්ධ නිසා..අපි හැමෝම උත්සහා කරන්නේ සතුටින් ඉන්න.ඒත් සමහරු ඒ සතුට ලගාකරගන්න විදිහ වැරදියි.එතැන නියම සතුට නෑ.කෙනෙකුට ජිවිතේ හරියන්න වැරදීම් වෙන්න ඕන.ඒ වගේම ඒ වැරදි නැවත නොකරන්න අදිෂ්ඨාන කර ගන්න ඕන.අනික පොරොන්දු කඩ කරන එකත් මන් අනුමටත කරන් නෑ,මන් කියෙව්වා වැඩිද මන්දා..මට මාර දේවල් ඔලුවට ආවේ මේක කියවල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මේ වචන ටිකට.

      Delete
  14. //බෞද්ධයින් වැඩි වශයෙන් සිටින ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිසුන් මහළු වියට පා තැබු පසු පිනට දහමට වැඩි වශයෙන් නැඹුරු වන්නෝය.//
    ශෝකය, තනිකම, මහලුබවට යාවේදී ඇති නැවත උප්පති බිය, මෙ සියල්ල පාදක වෙනවා විය හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන් නිර්මලා.නැවත උප්පත්තිය ගැන සිහි වෙන්නේ මහළු වියට ගිය විටයි.

      Delete
  15. ඉතාම හොඳ අදහසක් ජීවිතේට අදාල කරගන්න පුළුවන්නම්.
    ඒත් අපි කවුරුත් හැල්මේ දුවන්නේ සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කිරිමත් එක්තරා රාගයක් තමයි.

    "ජිවිතයක් නිතරම කැළඹිමට හෝ නිසල කිරීමට හැකි ප්‍රධාන සාධක කිහිපයක් ඇත. එනම් ඒ ආදරය, රාගය සහ මුදල්ය. "

    මේ තමයි හැම මිනිසකුගේම ඇත්ත ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත අද සමාජයේ ඕනෑවටත් වඩා අපි දකිනවා දයානන්ද අයියේ.මිනිස්සු මේ ඇත්ත පිළි ගන්නේ වයසට ගියාට පස්සේ.තමන්ට යමක් කර ගන්න බැරි උන දවසට.ඒදාට ඉතිං පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත..

      Delete
  16. වයසට ගියාම කෙනෙක් පව් සමා කරගන්න කියලා විතරක් ආගම දහමට යොමු වෙනවා කියන්න අමාරුයි මට නම්. මම නම් හිතන්නේ දරුවෝ මත්තෙම මැරිලා ඉස්පාසුවක් ලැබෙන්නේ ඒ කාලෙට කියලා. ඒක පරක්කු වැඩියි තමයි. ඒත් එහෙම හරි යොමුවෙන එක හොදයිනේ

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...