Sunday, November 25, 2012

ප්‍රථමාධාර



මගේ ගිනි නිවිමේ සටහනේ, මිනි විසිතුරු අපට ලබා දෙන සහෝදරයා   ඇසු ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස මම ඉගෙන ගත් දැනුමින් පිලිස්සුමක් ඇති වු විට දෙන ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට සිතුණි. මේ පිළිබඳව අමතරව යමක් ඔබ දන්නේ නම් සහ විෂමතාවයක් තිබේ නම් ඒ පිළිබඳවද කරුණු ගෙන හැර දක්වන ලෙස ඉල්ලා සිටිමි.

මුලින් ම බලමු ප්‍රථමාධාරයක් යනු කුමක්ද? කියලා
          
     යම් කිසි හදිසි අවස්ථාවක දී, හදිසි රෝග තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් නිසි ප්‍රතිකාර ලබා දිමට ප්‍රථම රෝගියා වෙතට කරණු ලබන ආධාරය.

ප්‍රථමාධාර දිමේ පරමාර්ථ

බිය දුරු කිරීම
රෝගියාගේ ජිවිතය බේරා ගැනිම
අතුරු ආබාධ අවම කර ගැනිම
දෙවනුව ලබාදෙන නිසි ප්‍රතිකාර වලට පහසු වීම සඳහා.

ප්‍රථමාධාර දෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග

විෂය පිළිබඳව දැනුම
නායකත්වය ගැනිමේ හැකියාව
කාර්‍ය් ශුර බව
තැනට සුදුසු නුවණ
රෝගීන් පිලිකුල් නොකිරිම
ඉවසිලිවන්ත බව

පිළිස්සුම් සහ ප්‍රථමාධාර(BURNS AND FIRST AIDS)

          පිළීස්සිමක් යනු අධික උෂ්ණත්වයකට හෝ අධික ශීතලකට ශරීරයේ කොටස් යොමුවීම මඟින් සමේ හා අනෙකුත් ඉන්ද්‍රියන් වලට හානි සිදුවිමය.

පිළිස්සීමේ ප්‍රධාන කොටස් දෙකකි.

වියළි පිළිස්සීම  උදාඃ ගින්න,විදුලි සැර වැදිම,රත් වු ද්‍රව්‍ය ස්පර්ශ විම,අකුණු වැදිම

තෙත පිළිස්සීම  උදාඃ රසායනික ද්‍රව්‍ය (අම්ල හා භස්ම රත්වු ජලය හුමාලය වැනි දේ මඟින්)


ප්‍රථමාධාර

රෝගියා අනතුරෙන් වහා ඉවත් කිරීම(පිළිස්සීමෙන් පවතින කොටස් ඇත්නම් ගොනියකින් හෝ එවැනි ඝන ආවරණයකින් එම කොටස් වැසිම)

පහසු ඉරියව්වක තැබිම

ජලයෙන් පිළිස්සුන කොටස් නැහැවිම(අවම වශයෙන් පැය භාගයක් වත් ගලායන ජලයට යොමු කිරීම)

රෝගියා ගේ බිය දුරු කිරීම

ඇඳුම් ඇගට ඇලී ඇත්නම් ඉවත් කිරීමට උත්සහා නොකිරීම

බරපතල ලෙස පිළිස්සී ඇත්නම් මුඛයෙන් බිමට නොදිම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම

දිය බුබුලු ඇත්නම් ඒවා නොකඩන්න

29 Comments
Tweets
Fb Comments

29 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මෙහ්? අධික සීතලට අහු වෙන එකත් පිළිස්සීමක්ද? මට හිතාගන්න බෑ.
    [ ප්‍රථමාධාර දෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග යටතේ,
    තැනට සුදුසු නුවණ ලඟට රෝගීන් පිලිකුල් නොකිරිම වෙන් වෙලා නෑ. ඒක හදාගන්න.]

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ.නිවැරදි ලෙස සකස් කරා.

      Delete
  2. පොඩි සරල උපදෙස් වුනත් ඒවා ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete
  3. මේ ගැන තවදුරටත් දැනුවත් කරන්නට පුළුවන් නම් හුඟක් වටිනවා , මොකද අපේ බොහොමයක් රෝගීන් රෝහලට ගේනකොට වෙන්න නොවිය යුතු දේ වෙලා ..ඒ උපකාර කරන්නන් හරියට ප්‍රථමාධාර ගැන නොදන්නා නිසා .

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙකක් විතර දාන්නම්.ස්තුතියි ඔබේ අදහස් ටිකට

      Delete
  4. ආවේ නම් අදමයි, වටිනා ලිපි ගොඩක් තියෙනවා.
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
  5. ඉස්සර ඉස්කොලේදි ප්‍රථමාධාර වලට කියා දීපු දේවල්. ඒත් මතක නෑ නෙව. මේ දේවල් ආයේම මතක් කරලා දුන්නට පින් !

    ReplyDelete
  6. මේකත් ගොඩක්ම වැදගත් මේ දේ හරියට කලේ නැත්නම පිළිස්සුන පුද්ගලයාගේ ජීවිතේ අවදානමක. ගයානි ඔබේ කොමෙන්ටු තීරයේ පසුබිම් වර්ණය වෙනස් කරන්න හෝ අකුරුවල වර්ණය වෙනස් කරන්න අපැහැදිලි බවක් පෙන්න තියෙනවා

    ReplyDelete
  7. අදත් හොඳ වැදගත් විස්තර ටිකක් ගයනිගෙන් අපට. නංගි , තව ටිකක් විස්තර කලා නම් පැහඳිලි ලෙස හොඳයි. ඒ කියන්නෙ කොහොමද අපි රෝගියාව තබා ගන්නෙ, රෝහලට යනතෙක් වගේ විස්තර. ඒ වෙලාවට අපිට කොහොමද ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් වෙන්නෙ වගේ දේත් ලියන්න පුළුවන්නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අක්කේ අපට උපදෙස් දීලා තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසයි.තව විස්තර තියෙනවා මම ඒවත් අක්කලාගේ දැන ගැනිමට ලියන්නම්.

      Delete
  8. මං හැමදාම කියෙව්වා ගයනි.. එහෙම ලේසියෙන් මට පෝස්ට් එකක් මිස් වෙන්නේ නෑ.. ඒත් කමෙන්ට් එකකට දාන්නේ මොනාද කියලා හිතාගන්න බැරැව හිටියේ... හි හි.. මම මේ දවස්වල මගේ හෝම් සයන්ස් පොත හොයනවා ඔයාට කමෙන්ට් කරන්න.. නැත්තම් මගේ නම්බුව කැලේ නේ.. හි හි..

    කෝරලේ මහත්තයා කියපු එක නම් ඇත්ත... කමෙන්ට් වල අකුරු පේනවා අඩුයි...

    ReplyDelete
    Replies
    1. එක මිසක්.ඔන්න අකුරු පාට වෙනස් කරා.දැන් හරිද?

      Delete
  9. මෙවැනි ලිපි හරිම වටිනව. :)
    ඔන්න අද ඉඳන් නිතර මේ පැත්තෙ එනෝ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ.ඔබේ වචන මට ශක්තියකි.හැමදාමත් එන්න.

      Delete
  10. ප්‍රථමාධාර පාඩම වැදගත් එකක්. අපිට විතරක් නෙවේ පාසල්යන වයසේ දරුවන්ටත් මෙවැනි පාඩම් වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා.දරුවන් නිතරම වගේ අනතුරු වලට ලක් වෙන නිසා වැදගත් මෙවා.

      Delete
  11. ගෙදර දොර භාවිතා කරන්න පුලුවන් බොහොම ප්‍රායෝගික උපදෙස් ටිකක්... වෛද්‍ය ප්‍ර‍තිකාර ලබා දෙන තුරු කරන්න තියෙන මේ වගේ දේවල් තුවාල මගින් වෙන්න පුලුවන් හානිය අවම කරයි කියලා මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ බෝහෝ දුරට ගලා යන රුධිරය පිටවන තුවාල ඇත්නම් එය පාලනය කිරීම තමයි පළමුව අපි කරන්න ඕන.

      Delete
  12. මෙන්න මං ඉල්ලපු පෝස්ට් එක.
    මම අහලා තියෙනවා ඉස්පිරිතාලෙත් මුලින්ම කරන්නේ රෝගියාව ගලා යන වතුරෙන් හෝදන එකය කියලා.
    ස්තුතියි නංගි මේ දේවල් කියලා දුන්නට. අදයි ගමේ ඉදන් ආවේ. ඒකයි කියවන්න පමා උනේ.

    ReplyDelete
    Replies
    1. පහු ගිය දවස් වල හිටියේ නැති එක නම් ප්‍රශ්ණයක් වෙලා තිබුණෙ.දැන් තමයි හේතුව දැන ගත්තේ

      Delete
  13. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්ත දෙයක්.... මේවා අමතකම වෙලා තිබුනේ,ආයෙත් මතක් කරගන්න පුළුවන් උනා... ජය වේවා අක්කේ...!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...