Thursday, May 23, 2013

ශ්‍රි බුද්ධ වර්ෂ 2557 ත් අපි පසු කරන්නෙමු




 මනුෂ්‍ය ජිවිතයක් ලැබිමෙන් පසු  එම ජිවිතය නිසි අවබෝධයකින් යුක්තව හසුරුවා ගැනිමට මඟ අප උතුම් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එහෙත් ඒ ධර්මය අද අපි කරතබාගෙන යනවා මිස එය විවර කර බැලිමට උදාසීන වි ඇත.

පවතින සමාජ රටාව තුල මුදල් පසුපසම හඹා යාමට අපි සියළුම දෙනාට සිදු වි ඇත. ඒ හඹායාමත් සමඟ අපි තුල තිබිය යුතු බොහෝමයක් වටිනාකම් සැඟවි ගොස් ඇත.  

එකෙකු පරයමින් එකෙකු නැඟි සිටින්නට වෙර දරන යුගයක සිට මම මේසේ අකුරු කරමි.  භක්තිය සිතේ තිබුණාට එය ප්‍රායෝගික කරලිමට අපි අද අපොසත් වන්නෙමු.

සෑම පෝයදාකටම ශ්‍රිලංකාවේ සියළුම පන්සල් අතුරු සිදුරු නැතිව පිරි යන්නෝය. බුදුන්ට දෝතින්ම දහාසක් මල් ද පුජා  කරන්නෙමු. හදුන්කූරු සුවඳින් මුළු පළාතම සුවඳවත් කරන ගමන්, ප්‍රර්ථනා දහාසක් සිතේ තබා පහන් දහාසක් දල්වාලයි. එහෙත් කාත් කවුරුත් නැති අසරණ වුවෝ අනාථ නිවාස වල හුදකලා වි සිටිති. ඒ බව සනාථ කරන නිදසුන් ඕනෑතරම් ඇත. අද රටේ තිබෙන වැඩිහිටි නිවාස සහ ළමා නිවාස ප්‍රමාණය වැඩි වි ඇති බව කණගාටුවෙන් වුවද මම ප්‍රකාශ කරමි. දොහොත් මුදුන් තබා බුදුන් වඳින දෑතින් ස්ත්‍රීය දුෂණය කරන වටපිටාවක් නිර්මාණය වි ඇත. පුතා අම්මා තාත්තා කපා කොටා ඝාතන කරන තත්වයට පත්ව ඇත. දරුවන් මහ මඟ දමා යන පවිටු ගැහැණුද අප අතර සිටිති.  එවන් වු පසුබිමක සිට මේ උතුම් තෙමගුලද අපි සිහිපත් කරන්නේමු.


බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ //

බෝ සත් ගති ගුණ පිහිටන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා

මේ තරමට බුදු බණ අහනා රට
දින දින පිරිහෙන අරුමය මන්දා

සිරිත් විරිත් යහ ගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා

          එක ඉර හද යට හිනහෙන ‍දවසක්
යළි කවදාවත් නේ විද මන්දා

මේ ලෝකයේ අපි අයිතිකරුවන් නොවෙමු - මේ ලෝකයේ අපි අගාන්තුකයින් වෙමු.

එම නිසා යළි යාමට පැමිණි අපි අපට අයිති නොවන යමක් විනාශ කර යාමද යුතුකමක් නොවන්නෙමු. එයත් මතක් කරමින් මේ උතුම් තෙමගුලේ මම මේසේ ප්‍රර්ථනා ගෙන එමි.

නොදන්නා බව දැනෙන විට ඉගෙන ගැනිමට උවමනාවත්
පිළි ගන්නා වෙනුවට තේරුම් ගැනිමේ ශක්තියත්
පරාජය වෙනුවට සර්ථකත්වය ලබා දී
සියළුම යහපත් අභියෝග සතුටින් ජය ගැනිමට  
ඥාණය,ශක්තිය,ධ්‍යෛර්‍ය සහ හරි මඟ
ඔබ වෙත ලඟා කර දෙත්වා!



බුදු හමුදුරුවෝ අපිත් දකින්න ඇති
බණත් අහන්න ඇති ඒ කාලේ
නිවන් දකින්නට  පිං මදි වන්නට ඇති
ඒකායි තවමත් සංසාරේ

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්න පිං මදි වෙන්න ඇති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්න ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ
අපි වෙසක් කුඩු හදන්නේ බිම බට වලින්.


තව වැඩ ඉවර නැ

16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔබටත් එසේම වේවා!

    ReplyDelete
  2. කීප දෙනෙක්වත් බුදුදහම තමන්ගෙ ජීවිතයට අනුගත කරන් හිතන්න ගත්තොත් ලොකු දෙයක්.ගයනි අක්කටත් බ්ලොග් පවුලේ සැමටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

    ReplyDelete
  3. සිත් නිවී පහන් වන සුබ වෙසක් සමයක් වේවා ගයනි ඇතුළු පවුලේ හැමෝටම ...!

    ReplyDelete
  4. සිතට සුවය ගෙනෙන වෙසඟක් වේවා ඔබටත් පවුලේ සැමටත්

    ReplyDelete
  5. ආදර්ශය ලැබෙන්න ඕන ගයානී ඉහලින්ම.මිනීමරු මන්ත්‍රීවරු,ස්ත්‍රීදුෂක ප්‍රාදේශීය සභා සභාපතිවරු නීතියට සරදම් කරමින් නිදැල්ලේ සිටිනවිට ඒවා දකින සාමාන්‍ය මිනිසුන්ගේත් වරදිකිරීමට ඇති බිය දුරුවෙනවා.මුල් කුනුවුන ගසකින් සරුපලදාවක් ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
  6. පෝය දවසේ ඇස් ඇරෙන පොස්ට් එකක්. දැන් කලින්ට වඩා සමාජය විෂ වෙලාද ප්‍රචාරය වැඩි වෙලා ද?.

    ReplyDelete
  7. ඇත්තෙන්ම බුදුදහම දර්ශනයක් විනා ආගමක් නෙවෙයිත ඒ දර්ශනය මැනැවින් වටහාගෙන කටයුතු කිරිම සැබැබෞද්ධයන් ගේ යුතුකමක්.

    සිත් නිවී මෙත් මල් පිපී නෙත් පහන් වේවා...

    ReplyDelete
  8. රැල්ලට වගේ අවුරුද්ද, වෙසක්, පොසොන් පසු කරගෙන අපි ඔහේ යන ගමනක් තමයි තියෙන්නේ. වෙසක් දවසට තියෙන භක්තිය, දානශීලී භාවය හැමදාම තියෙනවානම් මේ බිම පින්බිමක් වෙන්න මාසයක් ඇති. වැඩියක් ඉන්නේ ලේබල් බෞද්ධයෝ. මේ සතිය විතරක් වෙජිටේරියන් වෙන අයගෙන් මම ඇහුව ඊට පස්සේ වෙසක් දවසේ මුස්ලිම් මිනිස්සු මරණ මස් කනවා නේද ? කියලා.

    ReplyDelete
  9. //බුදු බණ කිව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ//

    සමාජ යථාර්තය මැනවින් කියාපාන පද පෙළක්...

    ReplyDelete
  10. කොච්චර බණ කිව්වත් හැදෙන්නේ නැති උන් ඉන්න රටක් තමයි මේක. අනේ මන්දා අක්කේ කල නෙවෙයි මුට්ටිත් එක්ක කිරෙනවා මේ වෙන දේවල් අහන දකින කොට. අක්කට සුභ වෙසඟක් වේවා

    ReplyDelete
  11. අන්තවාදි ආගමිකයන්ගේ ගොඩට දමා ඉතාමත් උසස් දර්ශනයක් වුන බුදු දහම අද කොයි තරම් දුරට බාල්දු වී ඇද්දැයි දැනෙන විට දුක සිතේ....

    උතුම් තෙමඟුලක් ඔබට......

    ReplyDelete
  12. මෙතරම් බන කියන, අහන රටක මෙහෙම් වෙන්නේ ඇයි කියන දේ ගැන විමර්ශනය කරන්න ඕන. මම ඉදිරියේදී මේ පිළිබඳව පොස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  13. මං කාලයක් බීම බට වලින් ඔය කෝස් එක කරන්න ගිහිල්ල බට පැකට් එකක්ම උණු කරා.. අන්තිමට මේසෙ ඉටි ගෑව කියල බැණුනුත් අහල නිකං හිටියා..

    ReplyDelete
  14. වටිනා අදහස් ටිකක් ගයනි. මේ ටිකේ වැඩ වැඩියි. එන්න පමා උනා. සමහර අය බුදු දහම හෑල්ලු කරන එකට නම් මාත් අකමැතියි. එහෙම කරන්නෙ දහමේ අගය නොදන්නා නිසාමයි. අපි එක එක්කෙනා හැදුනොත් රටම හැදේවි.

    ReplyDelete
  15. බුදු බණ කිව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ //ඇත්ත තමයි

    ReplyDelete
  16. වෙසක් සුභ පැතුම් ගේන්න ප්‍රමාද වූවා. සොරි හොදේ.
    පොසොන්වලටවත් සුභ පතන්නම්!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...