Tuesday, May 7, 2013

මට තාම මතකයි



෴මට තාම මතකයි පුංචි සන්ධිය෴

ජිවත් වන කෙටි කාලය තුල ජිවිතයට නව ජිවයක් එක් කරන අවධියක් ලෙස ළදරු සහ ළමා කාලය හැඳින්විය හැකි ය.අතීතය නැවත මෙනෙහි කිරීමේදී ළමා කාලය යනු නිතර නිතර ප්‍රිතීය දනවන සහ සැහැල්ලුව  එක් කරන  කාල සිමාවකි. ඒ වගේම යෞවනය සහ වැඩිහිටි කාලය යනු බොහෝ දෙනෙකුට නොයෙකුත් පිඩාවන්ගෙන් මනස ව්‍යාකුල වන කාල පරිඡ්චේදයන් වේ.

දරුවන්ට හිමි ළමා කාලය සාමකාමි ලෙස ගත කිරීමට සහ නිදහස් සිතුවිලි උපදින්නට සුදුසු වටපිටාවක් සකස් කිරීම දෙමව්පියන්ගේ වගකිම වෙයි.

මටත් එවන් වු ළමා කාලයක් තිබුණාය. එකල කළ සෙල්ලම් මතක් කරන විට ගතත් සිතත් පුදුමාකාර ලෙස සැහැල්ලුවකට පත් වෙයි. එවන් වු පුංචි පුංචි මතකකයන් කිහිපයක් ඔබත් සමඟ බෙදා ගැනිමට මට සිත් විය.

උණ බට තුවක්කුව

     

        පාසල් නිවාඩු කාලය යනු දරුවන්ගේ වසන්ත සමයයි. මෙම වසන්ත සමය විඳිමට නොයෙකුත් අංගයන් එකල අපි සතු විය. එයින් පළමු සෙල්ලම ලෙස කොළ පාට උණ පඳුරකින් කපා ගත් උණ බටයකින් සදා ගන්නා ලද අපුරු තුවක්කු බටය හැඳින්විය හැකිය. මෙම තුවක්කුවට අවශ්‍ය උණ්ඩ ද අවට පරිසරය තුලින්ම අපි ලබා ගන්නෙමු. උණ්ඩ සඳහා යොදා ගනු ලබන්නේ කීරල ඇට හෝ වතුරේ පෙඟ වු කඩදාසි ගුලිය. වතුරේ පෙඟුණු කඩදාසි ගුලිය බටය තුලින් ගිලිහෙන විට ඇසෙන ශබ්දය රතිඤ්ඤා දල්වන විට ඉන් පිටවන ශබ්දය හා සමානය. සදා ගත් උණ බට තුවක්කුව උපයෝගි කර ගනිමින් නොයෙකුත් වස්තුන් ඉලක්ක පත් කරගනිමින් ඒ තුලට කීරල ඇට හෝ පෙඟුණු කඩදාසි ගුලි විදියි.




සරුංගල් යැවිම
     
        මහන්සිය නිවුණු පසු  නැවතත් වෙනත් සෙල්ලමකට මාරු වෙයි. ඒ අතර සරුංගල් යැවිම, අඹ කොටු පැනිම, ජිල් බෝල ගැසිම, සෙල්ලම් ගෙවල් සෑදිම, නයිස්ටොන් ගැසිම සහ වචු පැනිම වැනි සෙල්ලම්ද ඉතාමත් උද්‍යයෝගයකින් යුක්තව කිරීමට එදා අපි උත්සුක විය. මේ සියල්ලම අපට කිරීමට අවසර තිබුණේ අහස අඳුරු වන තෙක් පමණකි. ඉන් පසුව සියල්ලෝම තම නිවෙස් කරා ඇඳි යයි. ඇඟ පත සෝදා ගෙන ඉන්පසු ඉගනිමේ කටයුතු වල  නිරත වෙයි.









කොට්ටාම්බා කෑම
    
    සෙල්ලමක් කරන විට ඇඟට දැනෙන තෙහෙට්ටුව  සහ ඇතිවන බඩගින්න නිවා ගැනිම සඳහා අවට පරිසරයෙන්ම සොයා ගන්නා ලද මොනයම් හෝ දෙයකින් එම බඩගින්දර නිවා ගැනිමටද අමතක නොකරයි. කොට්ටම්බා යනු එවැනි කෑමකි. නමිනං, උගුරූස්ස, ලොවි, කජු පුහුලං, අඹ, ජම්බු සහ ඇඹරෙල්ලා ද ඒ අතර වේ. තවද සෙල්ලම් බත් ඉවිමද එකල අප ප්‍රිය කර තවත් සෙල්ලමකි.


කොට්ටම්බ

කොට්ටම්බ

කිරි රසැති කොට්ටම්බ


   

       ඒ සුන්දර අතීතය සිහි වන විට අප්‍රමාණ සතුටක් ඇති වන සේම එක්තරා ආකාරයක සියුම් වේදනාවක්ද සිත කොණක හට ගනි. ඒ මන්දයත් එම පරිසරය අද විනාශ වි ගොසින්ය. සිඝ්‍ර‍යෙන් වෙනස් වන පරිසරයත් සමඟ අපේ වෙනස් විමට භාජනය වන්නේ කුමක්ද? අනවශ්‍ය විපිරියාස අපි වටකරගෙන හමාරය. රටක් විදියට අපි සංවර්ධනය වෙමින් පැවතියාට මොකද, මත් වතුරින්, මත් කුඩින්, දුෂණයෙන්, වංචාවෙන් ලෝකයේ අනෙකුත් රටවල් පරයමින් පෙරටම ගමන් කරන්නෙමු.
53 Comments
Tweets
Fb Comments

53 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. බොහොම හොදයි නගා මේවා ලිව්වට, අද කාලේ ළමයි මේවා දන්නේ වත් නැතුව ඇති. මට පුංචි කාලේ මතක් උනා.

    ReplyDelete
  2. අඩේ මම නේද පළවෙනියා උනේ , හුරේ

    ReplyDelete
    Replies
    1. අසාදාරණයි ..ඔයා එකත් අරන් දෙකත් අරන්.. මට තුන හරි ඉතුරු කරපු එකට ස්තූතියි මොනවා උනත්.. :D

      Delete
    2. දෙක සහන් අයියා තමයි.අඩන්න ඒපා.ඩොක් අයියා ස්තුතියි දිරි ගැන්විමට.

      Delete
  3. බොහොම හොඳයි පෝස්ට් එක නම්.අපෙත් පුංචි කාලේ මතක් උනා..ඒත් අපි දැන් ලොකු ළමයි නේද...? ඒකට හැඩ ගැහෙන්නත් ඕනේ නේද...? දැන් ඉතින් ගෑණි දරුවන්ට කන්න අඳින්න හොයන්න ඕනේ නේද...? ඉතින් මන් ළමා කාලය අමතක කරලා ඉන්නේ. .. දැන් ඔයා තාත්ත කෙනෙක් සහන් කියලා මගේ නෝනා කියද්දී කොහොමද අනේ කොට්ටම්බා තල තල ඉන්නේ...?


    ( විහිළුවක් හොඳේ ... ඔයාගේ පෝස්ට් එක දැක්කම පුංචි කාලේ මතක් උනා ..)

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට නෝනත් කොට්ටම්බා කන්න කැමති ඇති.

      Delete
  4. කොට්ටං නං තාමත් අහුලන් කනවා!
    ඒකට ගහන්න කෑමක් නෑ ලොවෙත් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.
      සුභම වේවා!!!

      Delete
  5. සත්තකින්ම මටද ළමා කාලය මතක් වෙනවා. නමුත්, වැඩි කාලයක් ගත නොවුනත් අද ළමුන්ට එම ජීවිතය සිඝ්‍රෙයන් අහිමිව යනවා. ඊට විවිධ හේතු සාධක තිබෙනවා.ඔබ කියන කොට්ටම්බා මා කා නැහැ. සොයා ගැනීමට නොහැකියාව නොවේ. ඒ පිළිබඳව එම කාලයේ දැනුවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ නිර්මලා.අපේ පැත්තට ආවොත් කන්න දෙන්නම් කොට්ටම්බා.

      Delete
  6. බට තුවක්කු වලට දං තමයි හොඳම. කඩදාසි ගුලි අවාරෙට. කිරල ඇට ගැන දැනන් හිටියේ නෑ. අපේ ළමා කාලය සිහි වුනාම දැන් ඉන්න දරුවෝ ගැන හරි දුකක් ඇති වෙනවා. ඔයා බැලුවම කොල්ලන්ගේ සෙල්ලම් නේ කරලා තියෙන්නේ:)

    ReplyDelete
    Replies
    1. " දං " ගෙඩි බට තුවක්කු වලට දාලා වෙඩි තියෙන එක හරි අපරාදයක්නේ සුදීක.අපරාදෙනේ රසට කන්න පුළුවන් දේකට එහෙම කරන්නේ.ඕක කියද්දී මතක් උනේ මම දැක්කා මේ පාර මීරිගම ගිය වෙලේ පොඩි ළමයි " පනා මල් " කඩන් කනවා කිරි රසයි කියලා..අම්මලත් ඔහේ බලන් ඉන්නවා..හරි අපරාදයක් කෑමට තියෙන දේවල් වලට එහෙම කරන එක.

      Delete
    2. දෙන්නම කියුවට මේක කරලා නෑ වගේ.... මේවට දාන්නෙ බලු දං......හැබැයි හිල පොඩි මස වැඩි බටේ හොයාගෙන තුවක්කුව හදා ගන්න ඕනි.... මොකද බලු දං ඇටේ පොඩියි...

      බටේ අග කෙලවරෙයි මුල කෙලවරෙයි ට්වයින් නූල් වලින් තදට ඔතලා තිබ්බම ඕන ප්‍රෙෂර් එකක් ගන්න පුලුවන් තුවක්කුවට...පලු එන්න තියන්න පුලුවන්.... කෝට්ට හොයාගන්න එකත් ලොකු ගේමක් තමයි.... ඔය කෝට්ටෙ අගට රෙදි පටියක් එතුවාම ඔය තුවක්කුව වතුර තුවක්කුවක් කරගන්නත් පුලුවන් ඉතා ලේසියෙන්..... හැබැයි බටේ ටිකක් දිගට ගන්න ඕනි....

      Delete
    3. අපි නම් ගත්තේ කූරටියා කෝට්ට.කඩදාසි කොළ තමයි පොඟවලා බටේ ඇතුළට දාන්නේ.කඩදාසි කොළ ගත්තම බටේ මොන ප්‍රමානෙ උනත් ප්‍රශ්නයක් නැහැ.

      බැහැයි කවදාවත් වතුර තුවක්කුවක් නම් හදලා නැහැ ඔය ක්‍රමෙන්.මොකද අපේ ගෙදර තිබ්බා සිංගර් අත් පොම්පයක්.ඒක තමයි මගේ වතුර තුවක්කුව උනේ.අඩි දෙක හමාරක් විතර දිග අඟලේ බටේ...වතුර ලීටරයක් විතර අල්ලනවා ඒකට ..

      Delete
    4. මේ පැත්තෙනං ඔය බට තුවක්කුවට දාන ගෙඩි වලට කියන්නෙ කිරිල්ල කියල. ඒව නැතිවෙන දවස්වලට කඩදාසි කොළ පොඟවලත් දානව.

      Delete
    5. අපිත් ගත්තේ කිරිල්ල. තව ඉද්ද ගෙඩි, දවුල් කුරුඳු ගෙඩි එහෙමත් ගන්නවා. දවුල් කුරුඳු ගෙඩි හරියටම හරි යන්නේ ඊල්ල නැත්නම් එරමුදු ලී වලින් හදන බට තුවක්කු වලට.

      Delete
    6. අනේ සුදීක අයියා අපේ ගමේ වැඩි හරියක් පිරිමි ළමයි හිටියේ.ඉතිං අපි දෙතුන් දෙනාටත් ඒ සෙල්ලම් තමයි කරන්න උනේ.එත් අපි සෙල්ලම් බත් ඉව්වා,වචු පැන්නා,චග්ගුඩු සෙල්ලම් කළා.මල් පළතුරු කළා,පන්චි දැම්මා,ටැංගොර් ගැහුව්වා,

      Delete
    7. ප්‍රසන්න අයියා කිව්වම මතක් උනේ.අපි කිරිල්ලා කියන්නේත් කිරලා වලට තමයි.ඒ දවස් වල කියපු පුරුද්දට කිරලා කිව්වේ.

      Delete
  7. මටත් මතකයි බට තුවක්කුවෙන් වෙඩි තියනවා. තරහ කාරයොන්ට වෙඩි තියන්නේ කොළ කෑල්ල කටේ දාල හපලා.කෙලපිටින් විද්දාම කෙලින්ම මුනේ ගිහින් අලවෙනවා.

    මම සරුංගල් හදල, හදල ,හදල ,හදලා උඩයන එකක් හැදුවේ මම 11 වසරේදී..

    ReplyDelete
    Replies
    1. කොහොම හරි දෙපැත්ත සමාන කරගෙන උඩ යවන සරුංගලයක් හදා ගන්න ටික කාලයක් යනවා.

      Delete
  8. අතීතයට ගෙන ගියාට තුති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මේ පැත්තට ගොඩ වැදුනට

      Delete
  9. ඔව් අප්පා පොඩි කාලේ මතක් උනා තමා. ඇයි බං පරණ රිම් කටු අරං කෝටුවෙන් පාර පුරා දුවන ඒවා, හැංගි මුත්තං කෙලීම මුළු ඒරියා ඒකේම. ඔය වගේ නොසෑහෙන්න සෙල්ලං කරා මතකයි මම පොඩි කාලේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ විතරක්ද පුවක් කොළයේ වාඩි වේලා යනවා,ඇඟේ බෝල.

      Delete
  10. කොට්ටාම්බා නම් සුපිරිම කෑමක් තමයි, මම තාමත් ආසයි .

    ReplyDelete
    Replies
    1. ඔව් සුපිරිම සුපිරි.

      Delete
  11. දැං ඉන්න ළමයින්ට පරිගණකයෙන් තොර ලෝකයක් නෑනෙ. පොඩිකාලෙ ඉඳලම දූවිලි ටිකක් ඇඟේ ගාගත්තොත් බනින දෙමව්පියොත් නෙ ඉන්නෙ. නමුත් ඔය දේවල් වලින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් පොතේ අධ්‍යාපනයෙන්වත් ලබාගන්න බෑ. අර අසරණය කියල තියෙනව වගේ උඩයන සරුංගලයක් හදාගන්න කොච්චර ට්‍රයි එකක් දෙන්න ඕනිද.

    නියම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න 100% ඇත්ත කථාව.දෙමව්පියන් තමයි දරුවන් ලෙඩ කරන්නේ.ඒ දෙවල් වල තිබෙන වටිනාකම කියලා නිම කරන්න බැ.

      Delete
  12. istuti..ayamat apiwa tika welawakta hari podi kalayta aragena giyata.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංජිව මේ පැත්තට ආවට.

      Delete
  13. මාත් මේ හැම දෙයක්ම කරල තියෙනවා ගයනි. අදත් ලමා කාලෙ මගෙත් මතකයේ තියෙනවා හරිම සුන්දර ලෙස. මේවා අද දරුවන්ට දකින්න නැති එක හරිම දුකයි. පොල්පිති වස්සෙක් අරන් යන්න කොළපතක වාඩි වෙලා ඇදන් යන්න අපේ මුණුබුරාට නම් දකින්න ලැබේවිද මන්දා. එයාව ගමේ ගෙනියන්න එයාගෙ තාත්තාට වෙලාවක් නෑ කියන්නෙ. අනේ මන්දා , මට නම් හරිම දුකයි ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දි අක්කා .අද දෙමව්පියන් මේ ගැන මිට වඩා හිතන්න ඕන.

      Delete
  14. අපේ පුංචි කාලෙට යන්න මග පාදපු ලිපියක්.. අපි දිය තුවක්කුත් හදනවා ඒ කාලේ.. බට තුවක්කුවට උන්ඩ වෙනුවට ගන්නේ වෙඩික්කා ඇට. වැදුනාම පාරක් පුපුරු යනවා.

    ReplyDelete
    Replies
    1. //වෙඩික්කා ඇට// මොනවද නලින් අයියේ ඒ... ?

      Delete
    2. ඇත්තටම වෙඩික්කා කියන්නෙ මොනවටද?

      Delete
  15. මේක කියෙව්වම ආයෙත් පොඩි කාලෙට යන්න හිතුනා ගයනි...... :)
    අද කාලේ ළමයින්ට මේවා කරන්න තියා හිතන්නවත් නිදහසක් නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනළි.ඒ තරම් තරඟකාරිත්වයකට අද ළමයින්ට මුහුණ දෙන්න වේලා තියෙන්නේ.

      Delete
  16. ෂෙහ්...මදේ මාර කිරිරහයි අප්පා............අපිපොඩිකාලෙ කැලේගිහින් තමා කොට්ටම්බ මද කෑවෙ..මිටියක් කොහේද කැලේ..ගලක් උඩ තියල..තව ගලකින් ගහල තමයි තලා ගන්නෙ.

    බට තුවක්කු නම් අපි හැදුවෙ බට වලින් තමා උණබට වලින් නොවේ. තුංකිඥඥා කියල ඇට තියෙන පැල වර්ගයක් තමා තිබුනෙ.ඒ ඇට දාල විද්දෙ.ඇඟට වැදුනම..කිස්කනව.

    පෝස්ට් එකක්ම ලියතෑකි නගේ..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා..දැනුවත් කිරීමට.

      Delete
  17. ඔය සියලුම දෑ මමද කලෙමි...ඒ මතකය සැනෙන් නැවතත් අවදි වීමට ඔබේ පෝස්ටුව ඉවහල් වූ බැව් කිව යුතුමයි. මා දැන් සිටින රටේ කුඩා දරුවන් ළමා කාලයේ කරන ක්‍රියාකාරකම් සහ අප අතීතයේ කල ක්‍රියාකාරකම් අහසට පොළව මෙනි. මෙහි ඇත්තේ රොබෝවරුන් බදු පිරිසකි.

    ReplyDelete
    Replies
    1. එක නමි ඇත්ත සිරා.සිරා අපට කියන්නෙ නැතිවම රටින් ගියාද?

      Delete
  18. හෆ්ෆේ කොට්ටම්බ කිවුවම මතක් උනේ.. එක පාරක් ගෙදර කොට්ටම්බා කඩද්දි දිමියෙක් ඇහැට වැටිලා ඌ මගේ ඇහැ කාලා සතියක් විතර වින්ද දුක..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔය දිමියෝ ගැන නම් කථා කරලා වැඩක් නැ.මී අඹ කඩන්න ගිය දාට ඉවරයි අතපය.

      Delete
  19. ඇත්ත ඇත්ත.මටත් මතක් වෙනවා අපි උණ බට තුවක්කු වලින් විදිගත්තු හැටි,කොට්ටම්ඉා කාපු හැටි.සරුංගල් පස්සේනම් මං වැඩිය එළෙව්වේ නැ.

    ReplyDelete
    Replies
    1. සරුංගල් පස්සේ ගියේ නැත්තේ අව්වට බයේද?

      Delete
  20. ගමේ ගියාම කරන අඑව මතක් උනා :D

    ReplyDelete
    Replies
    1. ඒ මතකයට ගියා නම් මට සතුටුයි.

      Delete
  21. ආයමත් පොඩි කාලෙට ගියා වගේ මටත්

    ReplyDelete
  22. මං නම් වාසනාවට ඔය 3ම කරල තියෙනවා.. එක ගමේ මිනිස්සුනේ නේද අක්කේ?

    ReplyDelete
  23. තාමත් නම් අපි සරුංගල් යවනවා කට්ටියය හිතුනහම.... ගේ ඉස්සරහම තියන වෙල් යාය ඒ කාලේ අපේ ගෙදරට වඩා වැඩියෙන් ඉන්න තැන... සරුංගලේ උඩ යවනවා වගේම නුල දිගේ තව එක එක ඒවා උඩ යවන එකත අපේ එක පිස්සුවක්...

    බට තුවක්කු වලින් හොරා පොලිස් සෙල්ලම් කරපු හැටි මතක වෙනකොටත් හිනා යනවා....

    අපි ඒ පරපුරේ අවසන් සාමාජිකයන් මම හිතන්නේ..

    ReplyDelete
  24. මම නම් ඔය තුනම හොඳ හැටි කරල තියනව. අද කාලෙ ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක් ඔය දෙවල් වලින් එකක්වත් කරල තියනව ඇතිද?

    ReplyDelete
  25. සරුංගල් නම් තාමත් යවනවා.හැබැයි ඒවත් චීන බඩු. ප‍ාසැල් වතුුවල කොට්ටම්බා ඉඳහිටල ළමයි ඇහිදිනවා. තරගකාරී අද්‍යාපනය ලමයි බිලි අරන්.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...