Sunday, June 2, 2013

වින්දනාත්මක හෝරාවක්










     දැනට දින කිහිපයකට පෙර ජපානයට සහ පකිස්ථානයට අයත් නෞකා දෙකක් අපේ රටට සේන්දු විය. එම නෞකා දෙකටම ගොඩ විමට සහ එහි අපුරු නිර්මාණයන් දැක බලා ගැනිමට අවස්ථාවක් මටද හිමි විය. එහි තිබු තක්ෂණයට ළඟා විමට අපට තව සියවස් ගණනක් බලා සිටිමට සිදුවේද මන්දා?. ජපන් ජාතීකයින් ඉතාමත් සුහදශිලි ජාතියකි. ඔවුන් නිළයට වඩා මනුෂ්‍යත්වයට ඉඩ දෙන්නෝය. තම මව් බිමේ අනන්‍යතාවයට ප්‍රමුඛතාවයක් ලබා දිමට ඔවුන් කැමති බව නෞකාවට ගොඩ වු අවස්ථාවේදීම දක්නට තිබු කරුණකි. තවද නෞකාවේ තිබු සෑම දැන්විම් පුවරුවක්ම ජපන් අකුරු වලින් හැඩ වි තිබුණි. නෞකාවේ කිසිදු තැනක ඉංග්‍රිසි අකුරක් නොතිබිම එහි තිබු තවත් විශේත්වයකි. ඉංග්‍රිසි නොදැනිම හෝ එය භාවිතා නොකිරිම ඔවුන්ගේ දියුණුවට බාධාවක් නොවන බව ඔවුන් පෙන්වා දී අවසන්ය. ඔවුන් තුල තිබු කඩිසර විලාශය මහත් සිත් ගන්නා සුළුය. නිරත වු කාර්ය අවසන් වන තුරුම එයින් මිදිමට ඔවුන් නොසිතයි. ලෝකය ජය ගත හැකි වනුයේ කඩිසරව තමන්ට පැවරි ඇති රාජකාරින් නිවැරදි ලෙස නිමාවට පත් කිරීම තුලින්ය. නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට සහ පිටුපස ස්ථානගත කර තිබු හෙලිකොප්ර යානාවටද ගොඩ විමට අපට අවස්ථාව උදාවිය.  
    මා ලබපු අත්දැකිම ලියවිල්ලක් බවට පත් කිරීමට ආසන්නම හේතුව වුයේ මුහුණු පොතේ දුටු එක්තරා විඩියෝ දර්ශණයක් මා නෙත ගැටිමත් සමඟය. එහි දක්නට තිබු උසස් පාසලක සිසුවියන් පිරිසක් එක්තරා ගීතයකට පංති කාමරයක් තුල නර්තනයේ යෙදෙන දසුනකි. නොයෙකුත් විවේචනාත්මක ප්‍රතිචාරද එහි සටහන් වි තිබුණි.
    කණගාටුවට කරුණ නම් මෙවැනි දේ උලුප්පා පෙන්විමට තරම් අපේ මානෂිකත්වය අද කොතනද තිබෙන්නේ යන්නය. අපි හැමදාමත් කිරීමට උත්සහා කරනුයේ කෙනෙකු ලැජ්ජාවටත් අසරණතාවයටත් පත් වු විට ඒ පුද්ගලයා තවත් අසරණ කරමින් අස්වභාවික වින්දනක් ඒ තුලින් ලැබිම පමණකි. ජපානය වැනි පෙරදිග රටවල් එසේ තම ඥාණය සහ ශක්තිය උපයෝගි කර ගනිමින් තම රට සෑම අතකින්ම ශක්තිමත් කිරීමට උත්සුක වෙද්දී පෙර දිග මුතු ඇටය සේ හඳුන්වන මගේ රටේ මිනිසුන් උනන්දු වන්නේ වෙහෙසෙන්නෙ කුමක් අරඹයාද යන්න ප්‍රෙහ්ළිකාවකි.
    බුදුන් අපෙ රටේ ඕනෑ තරම් ස්ථාන වල වැඩ වාසය කරති. එහෙත් අපි කරන්නා වු අවැඩ නිසාවෙන් උන්වහන්සේ අපිරිසිදු සිත් අභියස ආශිර්වාදය නොතබයි.
ආතර් ශ්‍රි ක්ලාක් වැනි ලොව සුපතල මිනිසුන් ජිවත් විමට ශ්‍රි ලංකාව සුදුසු බව තීරණය කරද්දී  අපි අපේ රටට වටිනාකමක් දිමට අපොසත් වි ඇත. උසස් තාක්ෂණයක් හඹා යාමට තරම් ඥාණයක් ඇයි අපට නොපිහිටන්නේ?
    ලෝකයේ වැඩියෙන්ම ජාතික අභිමාන ගීත ලිය වුණ සහ ගායනා වන රට ශ්‍රි ලංකාව වෙන්නට ඇත. වගේම ලෝකයේ සිඝ්‍රයෙන් පැතිරි යන නොහදකමත් ඉක්මනින් වැළඳ ගන්නා රටද අපේ රට වෙන්නට ඇත. ඉතා සුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වා ශ්‍රි ලංකාවේ අහිංසක මිනිසුන් ට ලබා දි එම ජිවිත විනාශ කරමින් උපයන මුදල් කිසිදිනක තමන් ළඟ නොරැදෙන අතර කුමන ආකාරයකින් එම මුදල් නැති නාස්තිද වේ.එයද සත්‍යයකි. කණගාටුවට කරුණ නම් පව්කාරයන් මිය යනනේ  තවත් වටිනා ජිවිත රැසක් විනාශ කරමින්ය.

          බුදුන් වහන්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැහැදිලිව දේශණා කොට ඇත. එය පිළිපැදිම සහ නොපිළිපැදිම තුල ලැබෙන දේ පිළිබඳවත් ඉතාමාත් පැහැදිලිව පෙන්වා දී ඇත. එම නිසා තමන් කරන කියන දේ තමන් පසුපස ලුහුබඳින බව සත්‍යයකි.

25 Comments
Tweets
Fb Comments

25 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අඩේ බෝම්බ ගහන්නද යන්නේ, නැත්නම් ජෝලියටද ???

    හොදයි හොදයි , ඔහොම යන්

    මන්ද පළවෙනියා

    ReplyDelete
  2. ජපානය තරම් දුර යා යුතු නැත. අසල්වැසි ඉන්දියාවෙන්ද අපට උගත හැකි පාඩම් බොහෝය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් අපට පින නැ.

      Delete
  3. ඔබට ලෑබී ඇත්තේ විරල අවස්ථාවකි. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන අපට ද තිළිණ කිරීම ගැන ස්තුතියි.

    ReplyDelete
  4. මෙය ලංකාවේ මිනිසුන්ගේ හෝ නිර්මාණ ශීලීන්ගේ වරදක් නොවේ...........
    (කාගේද කියා කිවයුතු නැත)

    ReplyDelete
  5. බුද්ධාගමත් විකෘති කරල දේශනා කරන එකේ තව මොන කතාද.

    ReplyDelete
    Replies
    1. ඔව් ලොක විනාශය අත ළඟද මන්දා?

      Delete
  6. දේශාභිමානී ගීත කප්පරකට කිව්වත් අපේ රට ගැන බහුතරයක් මිනිස්සුන්ට කිසිම ආදරයක් හැගීමක් නෑ. නිකමට හිතන්න අපේ මිනිහෙක් විදේශ නිෂ්පාදන අතර Made in Sri Lanka කියලා සදහන් නිෂ්පාදනයක් ගනීද කියලා කොච්චර හොදයි කිව්වත්...

    ReplyDelete
    Replies
    1. එවැනි හැල්ලුවට ලක් කරන හිත් තියෙන අපි කොයි තරම් තව හැදෙන්න ඕනද?

      Delete
  7. උසස් පාසලක සිසු සිසුවියන් නටල විතරක් නැවතුනා නම් ඇති.. පොඩ්ඩක් Googlize කරල බැළුව නම් ඉස්කෝලෙ ලාංඡන එක්කම හොඳ හොඳ නැටුම් ඕන තරම්..

    ශෝයි නැව අෆ්ෆ.. මට තාම නැවකට නැගඟන්න බැරි උනානෙ.. ගාල්ලෙ මේ නිකං ජෙට් ලයිනර් එක වේලි වේලි තියෙනව. කෝ නිකමට යන්න දෙනවයැ :(

    ReplyDelete
    Replies
    1. ගාල්ලට ඇවිත් බලන්න.

      Delete
  8. අනේ ඕව ගණන් ගන්න එපා

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ වගේ අත්දැකිමක් ලබන කොට මේවැනි සිතුවිලි එන එක නවත්වන්න බැ.

      Delete
  9. සාරංච සාරතෝ ඥත්වා
    අසාරංච අසාරතෝ කියලා තමයි කියන්න තියෙන්නේ..!!

    ReplyDelete
    Replies
    1. හරි දැකීමක් තිබෙන - ලෝකයේ නැණවැත්තෝ සරු නිසරු සියලු දෙය - හොඳින් වටහා ගනිති. ඒ අනුව සියලු දෙය, හොඳින් වටහා ගනිති. ඒ අනුව ටිකෙන් ටික, කෙළෙස් බර ලිහිල් කොට - අජර වූ අමර වූ - නිවන හඳුනා ගනිති...

      හිතවතුනි, හොඳ නරක, දෙකෙන් පිරි ලොවක් මැද - සිටින අප හොඳ නරක - හොඳින් හැඳිනිය යුතුය. හොඳ දෙයක් නරක ලෙස - නරක දේ හොඳක් ලෙස - පෙනෙන්නට ඉඩ තිබේ . පරෙස්සම් විය යුතු ය. තුණුරුවන් හැඳින ගෙන - දිවිය ගත කළ යුතුය. ඒ අතර අරි අටැඟි - මග අනුව යා යුතු ය. එසේ වූ කිසිවකුට - මග නොවරදින්නේ ය. මෙලොව පරලොව දෙකේ - සැපත් හිමි වන්නේ ය.

      Delete
  10. ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි ගයනි...

    ReplyDelete
  11. //අපි හැමදාමත් කිරීමට උත්සහා කරනුයේ කෙනෙකු ලැජ්ජාවටත් අසරණතාවයටත් පත් වු විට ඒ පුද්ගලයා තවත් අසරණ කරමින් අස්වභාවික වින්දනක් ඒ තුලින් ලැබිම පමණකි.//

    ඉතම් වැදගත් ලිපියක් ගයනි.

    ReplyDelete
  12. මේ ෆොටෝස් වල මඩ තියෙන තඩි බෝඩ් එක නිසා ෆොටෝවේ ලස්සන ටිකක් නැති වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා.

      Delete
  13. ලංකාව හැර අනික් සියලු රටවල් තමන්ගේ කියල යම් දෙයක් නිශ්පාදනය කරල දැනටමත්..!

    ReplyDelete
    Replies
    1. ඔව් වීයා එක නම් ඇත්ත.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...