වර්ථමාන මිනිසා උත්සහා කරනුයේ
ජිවත්විමට නොව ජිවිත නැති කිරීමටය. වාර්ථමාන ඝාතන යනු පරිඝනක ක්‍රිඩාවක් හා සමානය. එතරම් ම ජනප්‍රියත්වයට පත්ව ඇත.
ප්රභාකරන් ගේ පුත් බාලචන්ද්‍ර හමුදාව
විසින් මරා දමා ඇතැයි තවත් පිරිසක් මහා උජාරුවෙන් කථා කරයි. ප්‍රභාකරන්ගෙ බාල පුත් පමණක් නොව ඒ
ගඳ ගහන අතීතය තුල තවත් අහිංසක සිංහල මුස්ලිම් දමිළ දරුවන්ගෙ නිහඩ වු ජිවිත
තිබෙන බව අමතක වි ඇත. මානවහිමිකම් කඩ වුයේ ප්රභාකරන් පාර්ශවයේ පමණක්ද? මිය
ගිය ලක්ෂමන් කදිරගාමන් දමිළ ජාතීකයෙකු නොවේද? ඔහුගේ
මානවහිමිකම් ගැන ඇයි කථා නොකරන්නේ ?. තාක්ෂණය
අද මිනිසා පරාජයට පත් කර ඇත. ඉතිං එවැනි වකවානුවක මිනිස් මනසට අසු
නොවන ලෙස ඉතා සියුම් ආකාරයෙන් මිනිසා මෙහෙයවන්නට තක්ෂණයට හැකියාව ඇත. බාලචන්ද්‍ර දරුවා මරණ විට ළඟ සිටියා සේ
ඇතමුන් ඔහු වෙනුවෙන් පෙනි සිටියි. විදේශ බලවේග මේ සඳහා ඕනෑවටත් වඩා උපකාර
කරයි. ඒ බාලචන්ද්‍ර වෙනුවෙන්වත් මේ රටේ සත්යවාදින්
වෙනුවෙන්වත් නෙමෙයි. ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට වන හානිය
නිසාවෙනි. ඒදා අනුරාධපුර බස්නැවතුම්පොළට එල්ල වු
ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය විඩියෝ දර්ශණ දැක තිබුණත් ඒ දෙස බලා කම්පා නොවන හිත් අද
එක් ජිවිතයක් වෙනුවෙන් පමණක් හඩ නඟයි. සත්‍ය නම් යුද්ධයේ දි මිය ගිය සියළුම දෙනා
වෙනුවෙන් හඬ කැගිය යුතය. ශ්‍රිලංකාව පුරාම ත්‍රස්තවාදින් සිදුකළ ප්‍රහාර අමතක වි
ඇත. එම ප්රහාරයන්ට ලක්ව මිය ගිය දරුවන් අඟහරු ලොකයේ දරුවන් ද? ඉතා සුක්ෂම ලෙස
සකසන ලද පින්තුර සහ විඩියෝ දර්ශණ වලට හඬක් අවදි කරන්න තරම් මානෂිකත්වය තිබෙන අපේ
ඇත්තන්ට මිට කලකට ඉහතදි සත්‍ය ලෙස කපා කොටා මරා දැමු අහිංසක දරුවන් ගේ මළසිරුරු
දකිද්දි ඒ ඇස් වැසෙන්නේ මන්ද? ඒ කථාව මම
එසේ මතු සම්බන්ධ කරමින් ලියන්නට ගත් විශේෂ කරුණ මෙසේ ලියමි.
TNL රූපවාහිනි නාලිකාව මඟින් ගෙනහැර දක්වන young Asia TV මඟින් ඉදිරිපත් කරන ‘විවිධත්වයේ සහාජිවනය සොයා යන වාර්ථාමය
වැඩසටහන අහම්බයකින් මෙන් ඊයේ රාත්‍රියේ නරඹන්නට අවස්ථාව ලැබිණි.
එහි පළමු කොටස ගාලු කොටුව තුල
සහෝදරත්වයයි. පන්සලේ හමුදුරුවෝ, පල්ලියේ පියතුමා, කෝවිලේ පූසාරිතුමා , මුස්ලිම්
පල්ලියේ පුජකතුමා එකට එකතු වි තම නගරයේ වෙසෙන වැසින්ගේ ගැටළු නිරාකරණය කර ගනිමින් ඔවුන්ට
ලබාදෙන උපදෙස් අගය කළ යුත්තකි. නගරවාසින් වෙනුවෙන් බොහෝ සුභසාධන කටයුතු එකමුතුකමින්
සිදුවෙන අන්දම හරි අපුරුය. ගාල්ල කොටුව තුල පිහිටි මුස්ලිම්
පල්ලිය තුලදි මෙම විශේෂ කටයුතු සිදු වු අතර ජාතී බේදයකින් තොරව එම ස්ථානයට ගාලු
කොටුව වාසින් පැමිණ සිටින ලදි. සංහිඳියාවට කැමති ඔවුන්ගේ මුහුණු පිරිලා
තිබිම විශේෂිත වු කරුණකි. එම සහෝදරත්වයට අපි ආශිර්වාද කළ යුතුය.
එහි දෙවනි කොටස කච්චතිව් දුපතේ
ගොඬනැගෙන සංහිඳියාවයි.ඉන්දිය ධිවරයින් පවා මෙම දේව මෙහෙයට
එක් වු අන්දම දැකගන්න තිබුණි. එම ජනතාව අතීතය සිහිකරමින් වර්ථමානය
සතුටින් බුක්ති විඳින ආකාරය පෙනෙන්නට තිබු කාරණාවකි. ලෝකයේ සෑම පුද්ගලයෙකුටම එක හා
සමාන ලෙස ජිවිතය විඳින්න නොහැකි උනත් තමන්ට හිමි සම්පත් තුලින් ඔවුන් සැනසෙන ආකාරය
සංවේදි අවස්ථාවකි. ජිවිත් විමට මහා ලොකු මිල මුදල් ඔවුන්
ළඟ නොතිබුණාට අධ්‍යාත්මික සංවර්ධනයට ඔවුන් මෙම සම්ප්රදායක පිළිවෙත් තුලින් ලඟා
විම සුභ ලකුණකි. ධර්මයේ තිබෙන වැදගත්කම එයයි. නිවුණු
මිනිසෙකු බවට පත් කරන යුගයකට අප යා යුතුව ඇත. එහෙත් රටේ පිළිකාවක් මෙන් පැතිරෙන කුහක මිනිසුන් කිහිප දෙනෙකු මේ
අතර සිටිම බිය විමට කරුණකි. පිළිකාව යනු හඳුනා ගත්තද සුව කළ
නොහැකි පාපයකි. එම නිසා අපි මොන තරම් පරිස්සමට ජිවිතය
හසුරුවා ගත්තද කුමන අවස්ථාවක එය ශාරීර ගත විමට ඉඩකඩ ඇත.
එම වැඩසටහනේ තුන්වන කොටස වැරැද්ද
නිවැරදි කරනුවස් මාවනැල්ල නගරවාසීන් ගෙ එකමුතුකමය. 2001 වර්ෂයේ මාවනැල්ල නගරයේ මහත් බිහිසුණු
අරගලයක් ඇති වු බව ඔබද දන්වා ඇත. මුස්ලිම් සහ සිංහල දෙපිරිසක් අතර ඇති වු මෙම
සටනින් විනාශ වු මිනිස් සහ දේපල හානි වලින් ලබා ගත් විමුක්තියක් නැති බව වටහා ගත්
ඔවුන් එම වැරද්ද යළි නොවන්ට වග බලා ගත්තේය. ඒ වෙනුවෙන් ඔවුන් යම් යම් වැඩසටන්
කිරිමට උත්සහාක යෙදුනේය. එයින් ප්‍රධාන තැනක් ගැනිමට ලේ
දන්දිමේ වැඩපිළිවෙල සමත් විය. සිංහල මුස්ලිම් හැමෝම එම වැඩපිළිවෙලට සහායෝගය
දක්වන්නේ ඉතාමත් උනන්දුවකින්ය. තවද ඔවුන් විසින් 2010 වර්ෂයේ ඇති කරගත් මාවනැල්ල එක්සත් වෙළඳ සංගමය මඟින් තවත් බොහෝ සේවාවන්
සිදුවෙයි. තවද මොනයම් හෝ ගැටළුකාරි අවස්ථාවක්
ඇති වු විට ඔවුන් පළමු කොට ඒ සඳහා උපදෙස් ලබා ගන්නේ පුජ්‍ය පක්ෂයෙන්ය.එයින් නතර නොවි නිරකාරණය කර ගැනිමට
අවශ්‍ය තවත් උපදෙස් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති ගෙන් ලබා ගනිති.
එහි හතරවන අවස්ථාව විශේෂ අවශ්‍යතා
වෙනුවෙන් අත්වැල සැපයිමය. මඩකළපුව ප්‍රදේශය මුල් කරගනිමින් ආබාධීතයින්ගේ
සංවර්ධන ජාලයේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙල සිදු කරන ලදි. එහිදී අවශ්‍යතාවයන් අවශ්‍ය මිනිසුන්ගෙන් රටේ සංවර්ධනය වෙනුවෙන්
ලබා ගැනිමට හැකි දායකත්වය පිළිබදව නිරික්ෂණය කිරිමට විය.
ආගම යනු යහමඟ මිස මිනිසා වෙන් කරන
රේඛාවක් නොවන බව කිව යුත්තකි. කුහක කම සිතපුරා තබාගෙන කුහක සිතින් සියල්ල දෙස බැලු
කළ සියල්ල පෙනෙන්නේ තම මතය නිවැරදිම මතය විමෙනි. බුද්ධියට උගත්කමට අධ්‍යාත්මික සංවර්ධනය එක් වු කල්හි සාර්ථක මිනිස්
සංකල්ප බිහිවිම වැළැක්විය නොහැකිය.වැරදි කරන මිනිසුන් හැම ජාතීන් අතරම
සිටියි. අපේ කෝරලේ මල්ලී කතරගම යන විට මුහුණ
දුන් සිදුවිම බලන්න. එම පුද්ගලයා තුල අවශ්‍ය අධ්‍යාත්මික
බව තිබුණා නම් සුහදශිලිව මිනිසුන්ට ආමාන්ත්රණය කරනු ඇත. අර්බුදය වර්ගීක ප්‍රශ්ණයක් නොවන අතර අර්බුදය තිබෙන්නේ අප සිතුම්
පැතුම් තුලය. එම නිසා විවිධ වු විශම අදහස් අත්හැර ගැනිමට හැකි නම් ජාතීන් අතර ප්‍රශ්ණයක්
ද නැත. විප්ලව කිරීමට අවශ්‍ය කිහිප දෙනෙකුට පමණි. එහෙත් ඒ සඳහා උපයෝගි කර ගන්නේ අහිංසක නිහතමානී හදවත් ඇත්තන්ය.ඔවුන් එම බිල්ලට නතු වන්නේ තමා තුල
තිබෙන උපකාරී කිරිමේ ගුණය නිසාවෙනි. ප්රභාකරන් යුද්ධයට බාලචන්ද්‍රගේ වයසේ
දරුවන්ද යොදා ගත්තේය. එම දරුවන්ගෙ මානව හිමිකම් ගැන කථා කරන්නේ කවුද?
ඇමරිකන් කාරයා ඔවුන්ගෙ අවිආයුධ ටික
අළෙවි කරගැනිමට යුද්ධයක් මවන්න උත්සහා කරන අතර අපේ සමහරක් ඇත්තන් එයට සහායෝගය
දක්වයි.
ජාතිය ආගම තිබිය යුත්තේ තමන්ගේ මිනිස් ගති
පෝෂණය කිරිමටය.
ඉතාමත්ම වටිනා සටහනක්. මානව හිමිකම් නම් කාටත් ම එකසේ විය යුතුයි.
ReplyDeleteඔව් අයියේ රටේ අවශ්‍යතාවය මෙරට ජිවත් වන සියළුම ශ්රිලංකීකයින් වටහා ගත යුතුය.අවස්ථාවට අනුව රට වෙනුවෙන් කරන්නට තිබෙන දේ කළ යුතුමය.ඉනපසු සාමාන්‍ය පරිදි මිනිසාට සාධාරණය ඉටුවිය යුතුය.
Deleteමං නං හිතන විදිහට පවතින වාතාවරනෙට වගකියන්න ඕනා ආණ්ඩුව..
ReplyDeleteජාත්ත්යන්තරේට ඇගිලි ගහන්න බැරි වෙන විදිහට වැඩ කලානං ඔය මොකවත් නෑනේ...
තරියා මල්ලීත් එක්ක මම එකඟයි.නිමා වු යුද්ධයට වටිනාකමක් එක් කිරිමට තවම අපොසත් වි ඇත.පෞද්ගලික මත ඔස්සේ යන චින්තනයක් අද තිබෙන්නේ.
Deleteගයනිගේ ලිවීම හොඳ තත්වයකට ඇවිල්ලා...
ReplyDeleteඔය ආගම් ගැන කතා කරනකොට ටිකක් ඈත අතීතයේ ඉඳලා හොයලා බැලුවාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්...
ස්තුතියි හිරු.
Deleteකියවන්නට වටින ලිපියක්
ReplyDeleteස්තුතියි ලොකු ජොන්
Deleteහොඳ ලිපියක් ගයනි. මානූෂීක හදවත් එක් කරන්න කරන අපූරු වෑයමක්..
ReplyDeleteස්තුතියි ළිහිණි.
Deleteප්‍රශ්ණෙ තියෙන්නෙ ඔය ආධ්‍යත්මික තත්වය තියෙන්නෙ සමාජයෙ කීයෙන් කීදෙනාටද කියන ඒකයි. හරිම සංකීරණයි..!!
ReplyDeleteවීයා හුඟ දවසකින්.එක්කෙනා දෙන්නා කරන ඒවා අපි මොන තරම් අනුකරණය කරනවද?ඉතිං අපට මේ දේවල් අනුකරණය කරන්න බැරිද.
Deleteකවුරු හැදෙයිද මේවා කියවලා !
ReplyDeleteඑකෙක් හරි හිතට ගත්තාෙත් වටිනවා..
ජය !
ඔව් අපි අද යන්නේ වෙනස්ම පාරක.ඒ පාරේ මේ දේවල් දකින්නට නැ සෑම්.
Deleteඇමරිකාව හෝ එවන් අධිරාජ්‍යයන් සැමවිටම මාන බලනුයේ තම රටට මොනවාද ගොඩ බා ගනුයේ කියා. වේලාවට අප රටේ තෙල් තවම නොලැබුනේ. ලැබුණානම් සූඩානයට කළා මෙන් මෙහිද නාඩගමක් අරඹා අවසන්. අනමුත් ඔවුන් අප රටේ ද ඔවුනගේ ආර්ථික සැලසුම් ආදිය ඔබ්බවමින් රටේ කටයුතුවලට ද හැකි පමණ ඇඟිලි ගසමින් සිටී.
ReplyDeleteආගම් ගැන සඳහන් කරනවානම්, වර්තමානයේ එක් එක් ආගම්වල සමහර නිකායන් සහ සමහර ශ්රාතෘවරුන්, සමහර අනුගාමිකයින් අන්තවාදී භූමිකාවක් රඟ දක්වනවා. මෙහි අරමුණු විවිධයි. නමුත්, ඉන් නැතිවෙනුයේ රටක සමගිය බව ඔහුන්ට වැටහෙනුයේ නැහැ. පාලන පැලැන්තියද මෙහි ආනිශංස තම ගමනට ආශිර්වාදයක් කර ගැනීමට නොපසුබට උත්සාහයක නිරත වෙනවා.
Deleteනමුත් ඔබ කියන පරිදි //ආගම යනු යහමඟ මිස මිනිසා වෙන් කරන රේඛාවක් නොවන බව කිව යුත්තකි.// එය ඔබ-මා මෙන්ම තවත් බොහෝ පිරිස් සනාත කරාවි. ආගම අප කැඳවිය යුත්තේ සාමයට මිසක, වර්ගවාදයකට නොව.
ඔබේ අදහස් ටිකට මම ගරු කරමි.
Deleteහැමෝන්ටම ආදර්ශවත් වෙන ලිපියක්. මේ ගොඩක් දෙනෙක් උත්සහ කරන්නේ ඇමරිකාවේ ආයුද වෙළඳාම සරුවට කරගෙන යැමටයි.
ReplyDeleteස්තුතියි අසරණයා.
Delete// කුහක කම සිතපුරා තබාගෙන කුහක සිතින් සියල්ල දෙස බැලු කළ සියල්ල පෙනෙන්නේ තම මතය නිවැරදිම මතය විමෙනි//
ReplyDeleteමේ කතාව නම් සම්පූර්ණ ඇත්ත.
අනිත් කරුණු ඇත්ත නෙමෙයිද?
Deleteගයානී@ සියලුම බරපතල කතා මොහොතකට අමතක කරමු.බාලචන්ද්රනුත් යකාටම ගියාවේ කියා සිතමු.යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්න වී ඇත.උතුරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවී ඇත්තේ මන්ද?උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක නොවී ඇත්තේ ඇයි?අවම තරමින් මේ දේවල් වත් ක්‍රියාත්මක වුවා නම් අපේ රට විදේශයන් ඉදිරිපිට මේ තරම් බාල්දු වෙන්නේ නැහැ නේද?මීට එතරම් අදාළ නොවුනත් කෝරලේ මහත්තයා නමින් පෙනී සිටින්නාගේ අදාළ බ්ලොග් ලිපිය ගැනද යමක් කියමි.ඔහු එතනදී පුද්ගලික සිදුවීමක් හේතු කරගෙන යුධ සමයේ අමිල සේවයක් කල ග්රාමාරක්ෂක බල ඇණියට සහ පොලිස් සේවාවට සහාසික ලෙස අපහාස කරන අතරම ඔහු වෙනුවෙන් කොමෙන්ටු දමන්නෝද එයට නොදෙවෙනි ලෙස අපහාස කරති.එතනදී ගයානී බ්ලොග් මිතුරියක් බැවින් කෝරලේ විසින් ත්‍රිවිද හමුදාවට එරෙහිව යමක් නොකියයි.එතරම් දේශප්‍රේමී කෝරලේ මහත්තයාට මායිම් ගම්මාන වල ආරක්ෂාව වෙනුවෙන් අමිල සේවයක් කල ග්රාමාරක්ෂකයන් ගම්බෙට්ටන් බවට පත්වේ.
ReplyDeleteහොඳ ලිපියක් ගයනි. ආගම් වල ඉගැන්වෙන හරය වටහා ගත්තා නම් මේ පවතින අර්බුද හුඟක් දුරට ඇති නොවෙන්න තිබුනා. මිනිස්සු, මිනිස්සු විදිහට දකින්න තිබුනා. ඒත්... ධනය හා බලය අදහන්න ගත්තම මිනිසත්කම් යට යනවා.
ReplyDeleteඔව් චන්දන එක න්ම ඇත්ත.
Deleteවර්ථමානයට වඩාත් ගැලපෙන ලිපියක්!
ReplyDeleteස්තුතියි ගිමන් නිවන්නා.
Deleteහරවත් ලිපියක් ගයනි....
ReplyDeleteස්තුතියි සමනළි.
Deleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මානව හිමිකම් කාට වුණත් එක සමාන විය යුතුයි. ලංකාවෙත් එහෙමයි. විහේෂයෙන්ම රටක පාලකයන් දැනගන්න ඕනේ විනිවිද බාවයෙන් යුතුව වැඩ කරන්න. එහෙම නැත්නම් බාරි අතපෙවීම් සිදුවෙනවා
ReplyDeleteඑක නම් ඇත්ත.
Deleteමානව හිමිකම් කාටත් එකවගේ වෙන්න ඕනේ. නමුත් මේ ආගමට අපහස කරන රැල්ල නවත්වන්න ඕනේ. ඒක අනිවා වෙන්න ඕනේ දෙයක් අන්තවාදී ආගම් කාරයන්ට කරන්න තියෙන දේ මොකක්ද?
ReplyDeleteඒ මිනිස්සුන්ට ආත්මයක් නැ මල්ලී.
Deleteකෑමට උවමනා නම් ඕනෑම කෙනෙකුට කබරගොයාද තලගොයකු කරගත හැකිය. නමුත් විදවීමට වන්නේ කෑමට ගත් පසුවය. ඇමරිකාව තමන්ගේ ආයුද විකිනීමට හෝ වෙනයම් අරමුණක් මුදුන් පත් කර ගැනීමට උවමනා නැති ප්‍රශ්නයක් ඇදගෙන දැගලුවද ළඟදීම දිනක එහි අතුරු ඵල විපාක ඔවුන්ටද අත්විඳීමට සිදුවනු ඇත.
ReplyDeleteමම කැමතියි උපමාවට.ඔබ කියන පරිදි රෙප් අතුරු විපාක ලැබේවා ඔවුන්ට.එතකොටවත් මේ කරන අසාධාරණකම් වල මහත තේරේවි.
Deleteනොමිස්සු අතරේ මිනිස්සුත් ඉන්න බවට ඔබෙ අර නිදසුන් ටික සාක්ශි...
ReplyDeleteඔව් අංකල්.
Deleteහදවතින්ම කියන්නෙ ගයානි, කාලෙකින් කියවපු හිතට දැනෙන හිත සන්සුන් කරන ලිපියක් මේක කියලා කිව්වොත් එය නිවැරදි..
ReplyDeleteඅද තමයි ඔයාගෙ බ්ලොග් එක පළවෙනි වතාවට කියෙව්වෙ.
ගොඩාක් සතුටුයි..:)
ඉතාමත් අගය කරමි ඔබේ අදහස් ටික.
Deleteවංචාකාරී ව්‍යාජ හඩාවැලපීම් අන්තර්ජාලයේ තිබෙනවා දැකලා මාම්ත් ලිපියාක් පළ කළා.මට නම් හේරත් හල්මිල්ලෑවෙ,මොරවැව සිංහලයො මරපු එකයි,කොක්කඩිහෝලෙ දෙමල අය මරපු එකයි කාත්තන්කුඩියෙ මුස්ලිම් අය මරපු එකයි එකම පිළිකුලක් තිබෙන්නෙ.නමුත් මෙතන බාලචන්ද්රන්ගෙ මරණෙ විතරක් අපරාධයක්.අනික් ඒව සාධාරණයි.මෙහෙම කතාවක් කියන්නෙ මොකක් හරි අතුරු කතා ඒ පිටුපස තිබෙන නිසානෙ
ReplyDeleteඅපේ මිනිසුන්ගෙ තිබෙන කුහක කම සහ මමත්වය නිසා අපි යුද්ධය නිමා කළත් පරාජිත බවක් සහ පසුතැවිමක් ඇතිවෙනවා.ඔව් ඔබ කියන දේ තුල ගැඹුරු අතුරු කථා ගොඩක් තියෙනවා.
Delete