Tuesday, March 12, 2013

සුන්දර සහ අසුන්දර අතීතය වර්ථමානය සාමකාමි කරනවා සේම අනාගතයටද රැකවරණය ලබා දෙයි



චරිත්මා
   
 රටේ යහපත අපේ මතය විය යුතුය. පසු කරපු සෑම තත්පරයක්ම ස්වභාවධර්මය අපට දුන් සම්පත් මෙන්ම අපෙන් උඳුරා ගත් සම්පත්ද අති මහත්ය. එම ධර්මතාවයට අපි හිස නමන්න පුරුදු විය යුතුය.
           
        ගෙවි ගිය කාලය ඇතුලත  අකුරු වු සෑම ලියමනක්ම මම විසින් ගොඩනගා ගත් ජිවිතය තුල ඉඳ අත්විඳී අත්දුටු සිදුවිම්  මිස අමුතු කථාවක් නැත.
          
      රාජකාරි ජිවිතය ආරම්භ කිරිමත් සමඟම මාගේ පෞද්ගලික ජිවිතයට කුඩම්මාගේ සැළකිලි දක්වන්නට සිදුවිය. ජිවිතයේ විශේෂ අවස්ථාවක් මඟ හරිමින් රාජකාරි ජිවිතයට එක් විමට මට සිදු විය.. එතැන් පටන් මේ දක්වා පවුලේ උදවියත් සමඟ සතුටු වෙන්න තිබු විශේෂ අවස්ථාවන් බොහෝ සේ මඟ හැරෙන්නට ඇත. එහෙත් මගේ අම්මත් සහෝදරියනුත් ඒ පිළිබඳව වටහාගෙන සිටිම මට මහත් අස්වැසිල්ලක් විය. සමහරක් අවස්ථාවල මගේ අවශ්‍යතාවය උවමනා කළද, එය දරාගනිමින්  ඔවුන් එයට තනියම මුහුණ දුන්බව මම පසුව දැන ගත්තෙමි.
         
     රාජකාරි ජිවිතය තුල කොළඔ, යාපනය, මැදවච්චිය, ත්‍රිකුණාමලය, තොප්පුර්, යන ප්‍රදේශයන්හි ගත කළ ජිවිතයේ මතකයන් බොහෝ ඇත. එදා යුද්ධය පැවති යුගයේ යාපනය බලා යන්නට වුයේ ගුවන් යානා මඟින් හෝ නෞකාවකින්ය.
          අතරමැඳි කඳවුරේ හි බොහෝ දින ගත කිරිමෙන් පසු මව් කඳවුර වෙත ආපසු රාපොර්තු කරන විට නිවාඩුවට මාසයක් පමණ ගත වි ඇත. ඉතිං මම ගිය පසු අනෙකාට නිවාඩු යාමට සිදු වන්නේ තුන් මසකට පසුවය. එවැනි දුෂ්කර දින අපි පසු කළේ මේ රටට සාමය උදා කිරිමට මිස මිනිසුන්ගේ මානව හිමිකම් නැති කිරිමට නොවන බව මතක් කළ යුතු කාරණාවකි.

නෞකාවක ගමන තරමක් දුෂ්කර වුවද ගතට තෙහෙට්ටුවක් ඇති කළද හිත ශක්තිමත් වු හෙයින් එම ගමන් සුන්දර කර ගැනිමට හැකිවිය. යාපනයේ රාජකාරි කරන පුද්ගලයෙකු නිවාඩු ගොස් නැවත පැමිණීමේදි  පළමුව පැමිණිය යුත්තේ ත්‍රිකුණාමලයටය. ත්‍රිකුනාමලය සිට යාපනය දක්වා යන ගමනට පැය 10 ක් පමණ ගත වෙයි. මේ අතරම තවත් අත්දැකිමකට මුහුණ දිමට සිදු වෙයි. එනම් අතරමඟදි ප්‍රධාන නෞකාවෙන් වෝටර් ජෙට් එකකට මාරු විමය.එවන් වු දිනක නිවාඩු ගොස් ආපසු පැමිණිමේදී මම මුහුණ දුන් පුංචි අත්දැකිමක් මෙසේ ලියමි. එදා අධික වර්ෂාව පැවති දිනයකි. ගැඹුරු මුහුදේ මෙම මාරුවිම සිදු වන අවස්ථාවේ අධික වැසි ඇඳ හැලෙමින් පැවති අතර වොටර් ජෙට් එකට ගොඩවන විට අපේ එක් අයෙකුගේ ගමන් මල්ල මුහුදට වැටෙන්නට විය. එම අවස්ථාවේ එම බෑගය ආපසු කෙසේ හෝ ලබා ගත්තද එහි තිබු සියල්ල ලුනු වතුරට තෙත් තිබුණි. නිවාඩු ගොස් ආපසු පැමිණිමේදි කදවුරේ සිටින අයට ගෙදරදි මොනයම් හෝ යමක් කෑමට හදාගෙන පැමිණිම අපේ චාරිත්‍රයකි. එක් එක් පළාත් වලට ආවෙනික විවිධ කෑම වර්ග අපට භුක්ති විඳිමට ලැබිම අපි ලැබු පිනක් ලෙස මම දකිමි. එදා ඔහු හදාගෙන ආ වැලිතලප ටික මුහුදේ පා කර හරින්නට සිදුවිය. ඒ මන්දයත් වැලිතලප ටික වතුරෙන් තෙත්ව පැවතිම නිසාය. මගේ මිත්‍රයා එය පා කර හරින ගමන් ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මෙසේ පැවසු බව මට අදටත් මතකය.“අනේ මගේ අම්ම අසනිපයෙන් හිටියත් මට වැලිතලප ටික හදලා දුන්නේ යළුවොත් එක්ක ගිහිං කන්න පුතා කියලයි. ඒ සිදුවිම අදටත් මම මෙනෙහි කරන්නේ ඉතාමත් සංවේදීවයි. එකට එකක් වෙනස් බොහෝ අත්දැකිම් අදටත් මාගේ මතකය තුල ගබඩා වි ඇත.
           
         තවද එම ආතීතය තුලම 2006 ඔක්තෝම්බර් මස 16 වන දින නාවික හමුදාවේ නිවාඩු බස් රථ (convoy buses) ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බකරුවා විසින් පුපුරුවා ගන්නා ලද මහා ඛේදවාචකය පිළිබඳවද සටහන් කළ යුතුමය. නිරායුධ නාවිකයින් 109 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ එම ව්‍යසනය මරාගෙන මැරෙන ත්‍රස්වාදීයෙකු විසින් ලෝකයේ වැඩිම පිරිසක් එක් ස්ථානකදි එකවර ඝාතනයට ලක් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයටද එක් කරමින්ය.

 එදා ඒ මිය ගිය සහෝදරයින් අතර යාපනයේ රාජකාරි කර මාස තුනකට පසු තම නිවෙස් වෙත යන පිරිසක්ද විය. බස් රථය තුල රැදෙන කාලයේ  අපි දහසක් දේ සිතින් සිතමින් සිටියි. එවන් වු සිතුවිලි එදා මිය ගිය අපේ සහෝදරයන්ගේ සිත් තුලත් තිබුණ බව මම දනිමි. මෙළොව එළිය දුටු තම කුළුදුල් සිඟිති දියණියගේ මුහුණ බලන්න සිටි පියවරුද, තම ජිවිතයේ නව යුග දිවියට පිවිසෙන්නට සියල්ල සැලසුම් කර තම විවාහ මංගල්‍යයට සහභාගි විම සඳහා යන නාවිකයින් හා තමා පළමු වතාවට පියෙක් වු බව දැන ගැනිමේ ප්‍රිතිය තම ආදරණිය බිරිඳ සමඟ බේදා ගැනිමට  යන නාවිකයින්ද මේ නිහඬ වු ජිවිත අතර සිටියෝය. මෙකි නොකි තවත් බොහෝ කාරණ වලට තම නිවෙස් බලා යමින් සිටි මිනිස් සම්පත් මෙසේ  අතර මඟදි (දිගන්පතාන දී) නිහඬ විය. එපමණක්ද නොව මෙම හමුදා සහෝදරයන්ගේ දුෂ්කර නිවාඩු යාම යාපනය සිට නෞකාවක පැය 12ක දුෂ්කර ගමනකින් පසු එතැන් සිට එනම් ත්‍රිකුණාමලය සිට නැවතත් බස් රථයකින් තම ගම් බිම් බලා යාමට සිදු වෙයි. ඔවුන් ඇතුළු මිය ගිය සියළුම රණවිරුවන් අද ඉතාමත් ලෙන්ගතුව මම  සිහිපත් කරමි. මිය ගිය අපේ සහෝදරයන්ගෙ පවුල් වල උදවියගෙ නෙතඟින් වැටුණු කඳුළු ආශීර්වාදයක් බවට පෙරලෙමින් මෙම කුරිරු යුද්ධය නිමාවට පත් වු බව මම විශ්වාස කරමි. ඒ නිසාවෙන් අද අපි සැනසුම් සුසුම් හෙළන්නේමු.

2008 අගෝස්තු මස 26 වන රාජකාරි ජිවිතයේ තවත් එක් දවසකි. කෙනෙකුට මරණය ලං වු විට සිතට දැනෙන එකම හැඟිම තමන්ට ඉතාමත් ලෙන්ගතු ඥාතින් සිහිවිමය. ඒ සිහිකිරිම අපිද ඒ දින ඒ මොහොතේ දී සිදු කළ බව කිව යුතුය. ත්‍රිකුණාමලය නාවික කඳවුරට ත්‍රස්තවාදින් විසින් බෝම්බ හෙළන ලදි. අපි සිටි නිවාසය ආසන්නයේ පිහිටි නිවාසයට ත්‍රස්තවාදින් විසින් හෙළන ලද බෝම්බ පතිත විය. එයින් ඇති වු කම්පනයට ඊට‍ ආසන්නයේ සිටි අප නිවාසයට දැඩි හානි සිදු විය. කාන්තා නාවිකයින් වැඩි පිරිසක් එදා නිවාසය තුල සිටි අතර ඇති වු පිපිරිමත් සමඟ නිවාසයේ පසුපස යකඩ දොර කඩාගෙන බිමට වැටුණි.ඒ සමඟම මා සිටි කාමරයට ඉහළින් සවි කර ඇති සුදු පාට සිට් එක දෙබා වි වැලි කැට වැටුණේ මම කමින් සිටි බත් එක මතටය. තවද ආලින්දයේ තිබු සියළුම විදුලි පහන්  පුපුරා බිමට පතිත වන ලදි. තවත් බොහෝ විස්තර ඉන්පසු සිදු වුවද සියල්ල ප්‍රකාශ කිරීම මෙය අවස්ථාවක් නොවන බව මට හැඟෙයි.

තවද 2008, 2009 වර්ෂයන් තුල යුද්ධයේ අවසාන අධියරයට ළඟා වෙමින් තිබුණි. පුල්මුඩේ දිශාවෙන් එල්.ටි.ටි.ඊ ග්‍රහනයෙන් මිදි පලා ආ දමිළ ජනතාව බේරා ගැනිමේ මෙහෙයුමටද ක්‍රියාකාරි දායකත්වය සැපයිමට අපට අවස්ථාව උදාවිය.
  
සිංහල ජාතියක් වන අපි අපේ ලේ ඥාතින්හටවත් නොකළ උපස්ථාන එදා දමිළ ජනතාව වෙනුවෙන් සිදුකරන ලදි. තවද  එවැනි අත්වැලක් අපෙන් අවශ්‍ය වු විට ජාතියක් කුලයක්, ත්‍රස්තවාදීද කියා බල බල සිටිමේ පුරුද්දක් අපි ඉගෙන ගත්තේද නැත. අවශ්‍ය සහාය අවශ්‍ය මොහොතේදී අසරණව සිටි ඔවුන්ට ලබා දීම අපේ යුතුකමක් ලෙස අපි දකින්නේමු. මම ජිවිතයේ අද තෘප්තිමත්ය. මම ඒ බව ඉතා ශක්තිමත්ව පවසන කාරණයකි. ඒ මන්ද යත් බේරා ගත් මිනිස් ජිවිත සහ ඔවුන් සමඟ රැය පහන් වන තුරු ගත කළ දින කෙසේ නම් අමතක කරන්නද? මගේ අම්මා අසනිප වි රෝහල් ගත වි සිටින විටත් මම ඒ මොහොතේ සිටියේ ජිවිතයේ මින් පෙර නොදුටු පුංචි දමිළ දරුවෙක් තුරුළු කරගෙනය. ඒ එදා ඔහු ප්‍රභාකරන්ගේ නෑදැයින් කියලා අපි අහක බලා ගත්තේද නැත. මම කළ කී දේ තුල මට අද සෑහීමකට පත් විමට හැකිය.

ඉන්පසු උදා වුයේ නැවත පදිංචි කිරිමය. මට එම රාජකාරියට දායකත්වය ලබා දිමට වරම් හිමි වුයේ මඩකළපුව කීන්නියා සහ සාම්පූර් ප්‍රදේශයන් තුලය.





           
        දොළොස් වසරක් ඒ ආකාරයෙන් ගෙවි ගිය බව සිහිපත් වුයේ අදය. මේ මොහොත වන විට අපි අපේ ජාතියට වඩා සහෝදර ජාතිය වෙනුවෙන් කැප වි ඇත. ඒ කැපවිම පිළිබඳව ඔවුන්ට වඩා දන්නා වෙනත් අයෙකු සිටිය හැකිද?
51 Comments
Tweets
Fb Comments

51 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මේක නොතේරෙන එකයි ප්‍රශ්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් එක නම් ඇත්ත.

      Delete
  2. සිංහලයෝ ලඟ අගය කල යුතු ගුණාංගා බොහෝය.
    ගොඩක් විට අපි ඇණ ගන්නේ අපිට ප්‍රශ්ණයක් මතු වු විට ඉවසීමේන් හොයලා බලලා කටයුතු කරන් නැති නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන පැත්තත් ඇත්තකි.

      Delete
  3. ආඩම්බරයි ත්‍රිවිධ හමුදාවේම සොයුරියන් ගැන..(සොයුරන් ගැනත් එසේමයි) නමුත් ඔබ නිවැරදියි.. ඔබලා කරනා කැපවීම් ගැන දන්නේ ඔබලාම පමණි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට පැමිණියාට සහෝ.අපි වගේම ඒ දමිළ ජනතාවත් දන්නවා අපි කළ කැපවිම.

      Delete
  4. කාට නොතේරුනත් ජීවිතෙන් වසර ගනනාවක් කැප කරපු ඔයාලට ඒක කවද හරි තෘප්තියක් වේවි.

    ශක්තිය ලැබේවා..

    ReplyDelete
  5. ආඩම්බරයි ඔබ ගැන

    ReplyDelete
    Replies
    1. ඔයාලා වගේ මිනිසුන් එක්ක මගේ අත්දැකිම් බෙදා ගන්න ලැබුණු එක ගැන මමත් ඉන්නේ සතුටින්.

      Delete
  6. අක්කේ I'm really Proud Of you. ඔයා අපේ කාලයේ වීරවරියක්. මේ අර වැලිතලප කේස් එක පට්ට සංවේදියි.

    ReplyDelete
    Replies
    1. අනෙක ඔයාගේ වසර 16ක සේවා කාලය වෙනුවෙන් සුභ පතන්න අමතක උනා

      Delete
    2. ඔව් මල්ලී එයා ඇත්තටම ඇඬුවා.අදටත් මතක් වෙන කොට දුකයි.මොකද අපේ අම්මලත් ලිප ළඟ බොහෝ වේලාවක් ඉදලයි රසකැවිලි හදන්නේ අපට අරගෙන යන්න.

      Delete
    3. අනේ කෝරලේ මල්ලී මම දැන් දැක්කේ අවුරුදු 12 ක් කියලා වෙනස් වෙන්න ඕන.

      Delete
  7. ඔබ කියන දේ ඇත්තය.අත්දැකීමෙන්ම දනිමි. කල බොහෝ කැපකිරීම් වල ප්‍රතිපල හඳට ගල් ගැසීමක් බඳු තත්වයකට අද පත්වී ඇත්තේ මන්දැයි විමසා බැලිය යුතුය.මට අනුව නම් යුධ ජයග්‍රහණයේ ප්‍රතිපල අසීමිත ලෙස තම දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම මේ තත්වයට හේතුවයි.අවසන් වශයෙන් ඔබේ 16 වසරක සේවාකාලය වෙනුවෙන් සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. අපට වඩා ඔබලා එහි දුෂ්කර බව දන්නවා.අපිට එය ඒ තරමට දැනුන නම් යුද්ධය අබියස මැරුණු අය කේසේ නම් එය විඳදරා ගන්න ඇත්ද?මම ඔබත් සමඟ එකඟයි.යුද්ධය බිහිසුණුයි.එක නිසා දෙපැත්තෙන් කවුරු මැරුණත් මිනිස් ජිවිත අපරාදේ.

      Delete
  8. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. හිතන්න ඒපා.ඔබ වැරැද්ද පිළිගත් මනුෂ්‍යෙයකි.මිනිසත් බවේ ගුණාංගයක් ඒක.

      Delete
  9. ම්ම්ම්ම්ම්ම්..... හමුදාවෙ හිටියත් මෘදු හදවත් තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අපිත් මිනිස්සුනේ මල්ලී.

      Delete
  10. ඔයාල කරපු ඒ කැප කිරීම් නිසා තමයි අද රටේ මින්ස්සු සතුටෙන් සාමෙන් ජිවත් වෙන්නේ. කාට මොනවා නොතේරුණත් ඔයාලට ඒ පිනම ඇති :)

    ReplyDelete
    Replies
    1. කැප කිරිමට රෙප්ලාගෙන් ලැබුණු ආශිර්වාදයත් එකතු උනා.

      Delete
  11. ඔබ වගේ කොල්ලෝ කෙල්ලෝ නිසා තමයි ඒ නිදහස අපිට ලැබුනේ. යුදබිමේ අත්දැකීම් තියන ඔබට ඒ ගැන අපටත් වඩා සතුටක් ඇති.
    ඉදිරි කටයුතු වලට තව තවත් ශක්තිය ලැබෙන්න කියල පතනවා..!

    ReplyDelete
    Replies
    1. ආ කමෙන්ට් ෆෝම් එක වෙනස් කරලා තියන්නේ. ලස්සනයි. පුළුවන් නම් කමෙන්ට් වල ෆොන්ට් කලර් එක වෙනස් කරන්නකෝ. මේ අපි වගේ නාකින්ට පේනව හොරයි මේ කහ පාට. :D

      Delete
    2. මගේ ඇස් දෙකේ තවමත් කඳුළු. මේ දේවල් හැල්ලු කරන ජාත්‍යන්තරය දැක්කම පුදුම කේන්තියක් ඇති වෙන්නේ. ඇත්තටම අපි දැක්කා හමුදා වල සහෝදර සහෝදරියන් ඒ වෙලාවේ එම අහිංසක ජනතාවට පෙන්වපු ලෙන්ගතු කම. මේවා නොදක්කාද නැතිනම් නොදුටු ලෙස සිටිනවාදැයි නොදනිමි. ඔබ ඇතුළු සියලුම හමුදා සොයුරු / සොයුරියන් කල මෙහෙය අගේ කොට සලකනවා. මෙසේ අත්දැකීම් බෙදා ගැනීම පිළිබඳව අප්‍රමාණ ස්තුතියි ඔබට හිමි විය යුතුයි.

      Delete
    3. ස්තුතියි චන්දන.

      Delete
    4. සුදීක අයියේ මගේ නාවික ජිවිතේට වසර 12ක් සපිරෙනවා.එදා 2008 අගොස්තු 26 වන දින එල්ල උන සතුරු ප්‍රහාරයෙන් අපි බේරුනේ පෙර පිනකට. ඒත් එදා අපේ නාවිකයින් කිහිප දෙනෙකු මිය ගියා.අතීතය මතක් වෙන විට වර්තමානයේ සිදු වන දේ පිළිබඳව දුකක් ඇති වෙනවා.එච්චර ජිවිත කන්දරාවක් පුජා කරලා ලබා ගත් නිදහස අද වන විට දේශපාලනික ප්‍රශ්ණයක් බවට පත් වෙලා.

      Delete
  12. මරේ මාරු .. ගොඩක් පින් ....

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයා ගොඩ දවසකින්.

      Delete
  13. ඇත්තට ආඩම්මබරයි නුඹ ගැන :) :)
    අර කියුවාත් වගේ නුඹලා කැපකරපු කැප කිරිම් ගැන දන්නේ නුඹලාම පමණයි ඒ කැක්කුම 100% ඇත්තේ නුඹලාටම පමණයි

    ReplyDelete
    Replies
    1. අපේ කිරිමයි ඔයාලගේ ආශිර්වාදයත් නිසා යුද්ධය නිමා උනා.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ගයනී, ඔබ වැනි සොයුරියක ගැන අපිට ඇත්තේ මහත් ආඩම්බරයක්. මගේ මහත්තයා සමඟ එක බත්පත බෙදාකාගෙන එකම පාසැලේ එකටම හිටි කලණ මිතුරා අද නාවික හමුදාවේ උසස්ම නිලයක් දරනවා. ඔහු ත්‍රීකුණාමලයේ ඉන්නා කාලේ සහ යාපනයේ ඉන්නා කාලේ අත්දැකීම් බොහොමයක් අප හා බෙදාගත්තා. මෙවැනි සිදුවීම් හරිම සංවේදීව අප සිහි කලා. මනුශ්ෂත්ටයේ නාමෙන් ඔබ කල සියළුම පින්කම් ඔබට යහපතක්ම ගෙනේවි නංගී. මේ දේ දකින්නට සියළු ඇස් විවරවේවා!

    ReplyDelete
    Replies
    1. එදා ඒ දුෂ්කර ජිවිත හරි අමාරුවෙන් ගෙව්ව බව දමිළ අහිංසක ජනතාව සහ හමුදා සොල්දාදුවන් දන්නවා.එක නිසා එවැනි පසුබිමක් නිර්මාණය විම වලක්වා ගත් යුතුය.අපේ කැපවිමත් අක්කලාගේ ආශීර්වාදයත් නිසා යුද්ධය නිමාවට පත් උනා.

      Delete
  16. යුධ ක්‍රියාකාරකම් වලට ආසන්න පලාතක වසර කීපයක් ජීවත් වූ මමද, විශේෂයෙන්ම කාන්තා සෙබලියන්ගේ මේ අන් අයට පිහිට වීමේ ගුණය දැක ඇත්තෙමි. සමහට විට මිනිසුන්ට උපකාර ඇප උපස්ථාන කිරීමට යොදවා තිබුනේ කාන්තා සෙබලියන් වීම නිසා මෙසේ සිතුනාද නොදනිමි. ශ්‍රී ලංකා රජයේ හමුදා වල බහුතරය විනය ගරුක, සංවේදී පිරිසක් බව නොකිවමනාය. ඕනෑම තැනක සිටිය හැකි පරිදි එතැනත් 'නරක' මිනිසුන් ඉන්නට ඇත. නමුත් බහුතරය ඔබ අප මෙන් සාමාන්‍ය මිනිසුන්ය. ඔබගේ වෘත්තීය දිවියේ අත්දැකීම් ඔබට, කවදා හෝ ඔබගේ දරුවන්ට ජීවිතය ගොඩනගා ගන්නට ඉමහත් පිටුවහලක් වනවාට සැක නැත.

    සොළොස් වසරක වෘත්තීය දිවියට මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තිසර ඔබ කියන සේ නරක මිනිසුන් ඕනෑම තැනක ඉන්නවා.ඒත් බහුතරය හරි සංවේදි ජිවිත ගත කරන්නේ.එවැනි දුෂ්කර ජිවිතයක් නැවත එන්න ඒපා කියලා ප්‍රර්ථනා කරනවා.එච්චර මිනිස් ජිවිත පුජා කරලා නිම කළ යුද්ධය අද දේශපාලනික මුහුණු වරක් ගැනිම පිළිබඳව කණගාටුයි.සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදයත් අපේ කැපකිරිමත් නිසා යුද්ධය නිමා උනා.

      Delete
  17. මේවා අමුතුවෙන් ලියලා කියලා මතක් කරලා දෙන්න වෙලා තියෙන එකනේ ගයනි කරුමේ...

    ReplyDelete
    Replies
    1. එච්චර මිනිස් ජිවිත පුජා කරලා නිමා කළ යුද්ධය අද දේශපාලනික මුහුණු වරක් ගෙන ඇත.එකයි දුක.මිනිස් ජිවිතත් එක්ක කරන සෙල්ලමක් යුද්ධය කියන්නේ.අනේ අහිංසක දමිළ මිනිස්සුන්ට රටෙන් කෑල්ලක් නෙමෙයි ඉල්ලන්නේ මිය යන තුරු ජිවත් වෙන්න පුළුවන් පරිසරයක්.ඒ මිනිස්සු අපේ දැත් බලාගෙන කදුළු වගුරමින් ඉල්ලුවෙ ඒ නිදහස.

      Delete
  18. එදා ඒ කැපකිරීම් වල ප්‍රතිපලය තමයි අපි අද‍ මේ අත්විදින්නේ.ඒකැපකිරීම්වලට අපි සදා ණයගැතියි

    ReplyDelete
    Replies
    1. යුද්ධය නිමා කිරිමට අපි කැප උන තරමට ඔබලාගෙන් ලැබුණු අශීර්වාදයත් එකතු උනා

      Delete
  19. මේ දේ තේරුණත් නොතේරුනා වගේ ඉන්නේ ඒ ඒ අයගේ රැකියාවේ ස්වභාවය නිසා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ රටට ද්‍රෝහී වෙනවට මුදල් ලැබෙනවානම් ඒ රැකියාව සහ ජාත්‍යන්තර නිලදාරීන් සධරණේ දැක්කත් නොදැක්කා වගේ ඉන්නේ ඉහලින් වෙන බලපෑම් නිසා වෙන්න බැරිද?.

      Delete
    2. කොහොමටත් අසරණායා යුද්ධයෙන් පසු මේ රටේ සමහරක් වැසියන් තමන්ගේ පැතුම් අදහස් මුදුන්පත් කර ගැනිමට උත්සහා කරනවා මිස මිය ගිය මිනිස් සම්පත් මිය ගියේ කුමටද කියන එකත් අමතක කරලා.

      Delete
  20. ඔයාලා කරපු කැප කිරීම, විඳපු දුක් මහන්සියෙ ප්‍රතිඑලය අද අපි සාමෙන් නිදහසෙන් ජීවත් වෙනවා. අපි ඔයාලට සදහටම ණයගතියි!

    ReplyDelete
    Replies
    1. අපි කළ කැපවිමයි ඔයාලගේ ආශිර්වාදයත් නිසා යුද්ධය නිමා විය.

      Delete
  21. කවුරු මොනවා කිව්වත් ඔයාල කල කැපවීම් ඇපි දැක්ක, ඇහුවා. කිසි දේකින් කලකිරෙන්න එපා ඒ යුගයෙ ජීවත් වුන අපි කාටවත් ඔයාල කරපු ඒ සේවය ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුළු පිරිසක් හැරුණු කොට වැඩි පිරිසක් අපට ආශිර්වාද කළා.ඒ ආශිර්වාදය නිසයි යුද්ධය නිමා කිරිමට පුළුවන් උනේ.

      Delete
  22. අපි පතමු.... නැවත මේවන් වාතාවරණයක් උදා නොවේවා කියා.
    යුද්ධය බලා සිටින්නාට ක්‍රීඩාවකි.
    එයට මැදී වූවන්ට හිසරදයකි.

    ReplyDelete
    Replies
    1. රත්තරං කථාවක්.එම හිසදරය නැවත එන්න එපා කියන්නේ ඒකයි.නිමා වු යුද්ධය නැවත එන්න එපා!

      Delete
Related Posts Plugin for WordPress, Blogger...