Tuesday, March 20, 2018

මිනිස්සුන්ද

෴මිනිසුන් කියන්නෙ මිනිසුන්ම පමණයි෴
මේ රටේ තම ජාතීය,තම අාගම වෙනුවෙන් කියා වචන වලින් මරා ගන්නවා
තව කොටසක් දෙපැත්තටම නැ වගේ ඉඳගෙන බලාගෙන ඉන්නවා
තව කොටසක් ප්‍රගතිශීලී යැයි කියාගෙන වචන වලින් හෙළා දකිනවා
තව කොටසක් මේවා බලා ආතල් ගන්නවා...........................................
එත් පාරට බැස්සම මේ කවුරුත් නැ...දුප්පත්කම එක පැත්තක යනවා
පොහොසත්කම තව පැත්තක යනවා
පතාලය,මත්ද්‍රව්‍ය උවදුරු බෝවෙනවා
සියලුදෙනා නිහඬව එ දෙස බලාගෙන යනවා
Read More

Friday, October 6, 2017

මම නැවත ලියමි
Read More

Sunday, December 14, 2014

සෑම කෙනෙකුගේම යහපත වෙනුවෙන්ම යමක් නිර්මාණය කරන්න එය විනාශ නොකරන්න.




අද රටේ දකින දේ ගැන එතරම් පැහැදිමක් නැතිකම නිසාමදෝ මට ලියන්නත් හිතක් නැති තරම්ය.මොනවද මේ වෙන්නේ? එය ඔබටත් මටත් මායාවකි. දකින ඇත්තට වඩා නොපෙනෙන යථාර්තයක් අප ජිවිත තුලම ඇති බව මට හැඟෙයි. ඒ යථාර්තය නම්, මේ ලෝකයේ ජිවත් වෙන සෑම සත්වයෙකුම සතුටින් තබන ඇත්තකි. එහෙත් අවාසනාවකට එය සිහිනයක් පමණි. ඒ මන්දයත් අප තුල පවත්නා ආත්මාර්ථකාමි ස්වභාවය හේතුවෙනි. වර්ථමාන මිනිසා නොමැරෙන ජිවතයක් උදෙසා සටන් කරති. ඒ තුල බොහෝ දේ රැස් කරමින් නිමා නොවන ආශාවන් පසු පසද ලුහුබදිති. මට කීමට අවශ්‍ය දේ හරිහැටි අමුණා ගන්න මා මහත් වෙහෙසක් දරමි. එහෙත් එතනට ඒමට හරිහැටි මාගේ සිතුවිලි අකුරු බවට පත් නොවෙයි. එළිය දුටු මොහොතේ සිට හිරු අවර වන තෙක්ම මුදල් හම්බ කිරීමට පමණක් මුල් තැන දෙමින් ගෙවන දෙබැඩි ජිවිත, නිසියාකාර ව යහපත් මාර්ගයකට ගැනිමට හැකි නම් මා කියන්න අදහස් කරන කාරණාව ඒ මාර්ගයේ යන ඔබට දැක ගැනිමට හැකි වෙයි.

 අපි මැරෙන දවස අපි නොදන්නෙමු. ඒ නිසා ජිවත් වෙන ටික කාලය තුල මිනිසුන්ට තම ජිවිතය තෘප්තිමත් කර ගැනිමට ක්‍රමයක් අවස්ථාවක් මං කියන්නද? මා පෙන්වා දෙන තැනට ගොස් ඔබට ඒ මොහොත සන්සුන්ව විඳ ගන්න පුළුවන් නම්, ඔබට යම් කිසි දිනයක සැනසුම් සුසුමක් හෙලන්නට පුළුවනි.එපමණක් නොව ඔබේ දවස යහපත් ලෙස නිමා කිරිමට ඔබටත් සිතෙයි. දවස හොඳින් නිමා කිරීමට හැකි මනසකට උරුමකම් කියන අඩම්බරකාර සත්වයෙක් විදියට අපි අපේ යුතුකම හරිහැටි කරනවාද? කොහොම ද මේ දවස හොඳ කර ගන්නේ? අනුන් ගේ දෙයක් කඩා වඩාගෙනද?,තව කෙනෙකුගේ හිතක් රිදවලාද?,කෙනෙකුට අපහාස කරලද?කෙනෙකුගේ ජිවිතයක් අහිමි කරලද?කුමන හෝ අරමුණක් උදෙසා තව කෙනෙකුගේ ජිවිතයකට හානි කරමින් ලබා ගන්නා දේ කුමක්ද ? එයින් ලැබෙන්නේ පසුතැවිම සහ දුක වේදනාව විතරමයි. එහෙත් කෙනෙකු ගේ හිතක් සුවපත් කර ලබා ගන්නා තෘප්තිය මිල කළ නොහැකි ප්‍රිතිමත් දෙයක්  බවට පත්වෙනවා නොවනුමානයි.

මේ ළමා නිවාසයට මා පළමුව පා තබන්නට පෙර තවත් ළමා නිවාස කිහිපයකටම යන ලදි. එහෙත් ඒ ගිය සෑම තැනකදීම නොදැණුන කුමක් හෝ වෙනසක් මට මෙතනදී දැණුනාය. වචන වලින් විස්තර කිරීමට නොහැකි එහෙත් වෙනස්ම තෘප්තිමත් හැඟිමක් දැණුන බව නම් මම දනිමි.

මෙම නිවාසයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ලියා තිබු දේ වෙත මාගේ දෙනෙත් පළමුව නතර විය.ඡායා රූප ගැනිම තහනම්ය”.ඒ ඇයිද මන්දා සිතින් සිතාගෙනම මා දොරටුවෙන් ඇතුළු වන ලදි. සිත ප්‍රේහේළිකාවට ලක් වු ඒ ප්‍රශ්ණය එහි සේවය කරන මහත්මියෙක්ගෙන් දැන ගැනිමට මට හැකි විය. එතුමිය කියු දෙයින් මා පුදුමයට පත් විය. මිනිසුන්ට මේ තරම් පහත් තත්වයකට පත් විය හැකිද? මා මගෙන්ම ප්‍රශ්ණ කරන ලදී.

ඔබටත් දැන ගැනිමට මා එය ලියන්නෙමි. මෙම ළමා නිවාසයට එන යන ඇතැම් පුද්ගලයින් මේ අහිංසක දරුවන් ගේ ඡායා රූප අරගෙන ගොස් සමාජයට පෙන්වා මුදල් හම්බ කිරීමේ කූට ව්‍යාපාරක් කර ගෙන ගොස් ඇති බවත්, පසුව එය  පොලිසියට හසු විමත් සමඟ මෙහි ඡායා රූප ගැනිම නම් තහනම් කර බව එතුමිය මට පවසන ලදි. තවත් කෙනෙකු ගේ උදව්වක් නොමැතිව තමන්ට තමන් ගැන බලා ගන්න පුළුවන් කම තිබියදී මොකුත්ම කර කියා ගන්න බැරි මෙවැනි අහිංසක ජිවිත පෙන්වා මුදල් හම්බ කරන්න මනුෂ්‍යයෙක් හිත කොහොම හදා ගන්නවද? ඔවුන්ටයි අපව අවශ්‍ය. පුංචි කාලයේ අපි කියවපු කතන්දර පොත් වල සිටි රාක්ෂයින් මෙවැනි පුද්ගලියින් කියා මට හිතෙයි. පිහිටක් අවශ්‍ය මේ අහිංසක ජිවිත වලට පිහිටක් වෙනවා වෙනුවට ඒ ජිවිත වල අසරණ කම පෙන්වමින් අතපය හතර හයිය තියෙන මනුෂ්‍යයන් විදියට එයින් උපයා ගන්නා මුදලකින් බත් කටක් කටට දා ගත්තේ කොහොමද මන්දා?
Read More

Sunday, August 24, 2014

එදා සහ අද අපේ මනස





මේ දෙන්නටම සිදු වු දේ ගැන මට නම් ඇත්තේ කණගාටුවකි

එදා
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද       නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද         නගෝ

හිමියෙකු නැති ගමන් තනි මග කිම්ද  නගෝ

අම්බලමේ නැවතී අපි යම්                  නගෝ



අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන      හන්දා

වසා ගෙන දෙතන බිළිදුගෙ කිරි           හන්දා

බාල මස්සිනා පස්සෙන් එන                  හන්දා

යන්නම් අයියන්ඩි ගම රට දුර               හන්දා

අද
"නංගි ඇඳුමේ හැමතැනම හිල් නේද"

විහිළුවක් කළාට කම් නැත අයියන්ඩි.එහෙත් මෙවැනි විහිළුවක් කීම හරිද මන්දා?

"උඹට මොකක්ද මගේ ඇඳුම ගැන තියෙන රුදාව"

උඹත් නංගීයේ පහරක් ගසා නොයා දිගින් දිගටම ගැසිම හරිද මන්දා?



වර්තමානයේ සිදුවන සිද්ධින් දෙස බැලුවම ලෝක විනාශයට අත වනනවද මන්දා?. අනේ මන්දා අක්කා නංගි මරණවා, තාත්තා පුතා මරණවා, පුතා තාත්තා මරණවා, අම්මා දරුවන් මරණවා, තාත්තා දුව දුෂණය කරනවා, නැතිනම් අනුන්ගේ දේ සොරා ගන්නවා මෙවැනි කථා අතීතයේ නම් අහඹු සිදුවිම් ය. එහෙත් අද වන විට එය සුලභ සිද්ධින් බවට පත් වි ඇත.



වාරියපොළ සිදුවිමත් සමඟ සටහනක් තබන්නට සිතුණාය. අප අසා ඇති පරිදි, අතීතයේ නම් බොහෝ සිදුවිම් අභියස මිනිස් මනස සන්සුන් කරගනිමින් පිළිතුරු දෙන ලදි. එහෙත් වර්තමානය වන විට ඒ සන්සුන් බව වෙනුවට, විකෘති ආශාවන් නිසා මනස නොසන්සුන් කරගෙන ඇත. තරඟකාරි ලෝකය තුල මිනිස් මනස කුමන හෝ පිපාසයකින් නිතර පෙළෙති.



වාරියපොළ සිදුවිමේ තරුණයාට හරි හැටි රැකියාවක්ද නොමැති අතර, එක්දරු පියෙකු බව මාධ්‍ය තුලින් අනාවරණය කරන ලදී. කරුණු එසේ තිබියදී එම තරුණ පියා මෙසේ බස්නැවතුම් පොළේ වේලාව කා දැමිම කණගාටුවට කරුණකි. තවද ඔහුට සිටින්නේ ගැහැණු දරුවෙක්ද? යන්න වග මම නොදනිමි. මෙවැනි සිදුවිම් සුළුකොට ගෙන තැකිම එතරම් හොඳ දෙයක් නොවේ. එම තරුණ පියාගේ දරුවා ගැහැණු දරුවෙක් නම්, ඇය ඇතුළු සමාජයේ ගමන් කරන අනෙකුත් ගැහැණු දැරියන්ට අනාගතයේ දිනක මිට වඩා කඳුළු කථා වලට මුහුණ දිමට සිදුවනු ඇත. ඒදා වචනයට පමණක් සීමා වු රණ්ඩු සරුවල් අද වන විට වෙඩි උණ්ඩයකින් නිමාවට පත්වෙති. එදා දේපළ අරාවුල් ග්‍රාම සේවක මහතාට විසඳිමට හැකි වුවාද අද එය විසදෙන්නේ දෙපිරිසකගෙන් එකෙකුට හෝ දෙදෙනෙකුට මරු කැඳවාගෙනය. මේවැනි සිදුවිම් වලදි ට හෝ ට බැණ වැදිමෙන් සිදු වන්නේ තම නැඟණිය, තම දියණිය, තම බිරිඳ, තම මව මහ මඟ තනිව යාම අනාරාක්ෂිත විමය. තවද දඩබ්බර තම පුතු, තම සහෝදරයා තව තවත් මෙවැනි සිද්ධින් කරා යාමය.අප මේ කරන්නේ උඩ බලන් කෙල ගැසිමය.


ශ්‍රි ලංකාවේ සෑම පවුලකම වාගේ පිරිමි සහෝදරයෙකු ඇත. ඒ සෑම පවුලකම සිටින සෑම ගැහැණු ළමයෙකුම රෙද්ද හැට්ටය අඳින්නේද නැත. තවද තම සහෝදරියකට එවැනි සිද්ධියකට මුහුණ පෑමට සිදුවුවහොත් අද ඒ වාරියපොළ තරුණියට කියන කථා තම සහෝදරියට කීයයිද?



අපේ මනස අද යන්නේ කුමක් ඉලක්ක කරගනිමින්ද?   

Read More

Tuesday, July 8, 2014

තව බොහෝ දුර යා යුතුය!

කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි!!!
Read More
Related Posts Plugin for WordPress, Blogger...