Saturday, March 16, 2013

ඉමිටෙෂන් ‍ඉමිටෙෂන් යුගය



රට වැසියන් එකම අරමුණක නැත. ඒ නිසා අපි අද සෑම අතකින්ම ප්‍රපාතයකට පෙරළි  යන්නෝය.පක්ෂ පාට කුමන ලකුණක තරඟ කළද අපි හැමෝගෙම අරමුණ එකක් විය යුතුය. එවිට අපි පතන ලෝකය අපට ළඟා කර ගැනිමට හැකිය. මම හැම විටම පවසන පරිදි බලය යනු මිනිසාට වැරදිමකින් ලැබුණු වරමකි. එහි අනිසි ඵල අපි හැම විටම අත්විඳියි. පිරිසක් බලය තමන් තුලම රඳවා ගැනිමට වෙහෙසක් ගන්නා අතරම, තවත් පිරිසක් බලය තමන් වෙත යා කර ගැනිමට කුරුමානම් අල්ලති. අපිද දෙපැත්තකට බෙදි ඒ ඔස්සේ ගමන් කරයි. හිරු බැස යද්දී හිරු උදාවද සිදු වෙයි.

ඉමිටෙෂන් යනු මතු පිට පමණක් රන්වන් පැහැය ගල්වා ඇති ආභරණයකි. ටික කලකින් දුර්වර්ණ වන අතරම එය නැවත නැවත ඔප දැමිමට සිදු වන බැවින් එයද අමතර වියදමකි. එහෙත් නියම පවුම් රත්තරං යනු එසේ නොවන ආභරණයක් බව කොයි කවුරුත් දන්නා කරුණකි. අපි මිය ගියද නියම පවුම් රත්තරං එලෙසම පවතියි. විය යුත්තේද එයමයි. අපි මිය ගියද උපදින හෙට දවසට අපි පවතින යමක් ඉතිරි කළ යුතුය. එහි වටිනාමක් ඒ අනාගතයට දැනෙන්නට සැලැස්විය යුතුය. එවිට පරම්පරාවෙන් පරම්පරාවට එය දායාද වන අතරම එයට පෞරාණික බවක් මෙන්ම වටිනාකමක් සමඟ ඉතා ඉහළ අගයක්ද ලැබෙනු ඇත.

ඉමිටෙෂන් ගැන නැවත නැවත කථා කළද එය ඉමිටෙෂන්මය. බොරුව පෙන්නුම් කළ හැකි කදිම උපමාවකි. බොහෝ දෙනෙකුට හඳුනා ගැනිමට නොහැකි පරිදි නිර්මාණය කළ හැකි ඉමිටෙෂන් කාලයාගේ ඇවැමෙන් එය හදුනා ගැනිමට හැකිය. පවුම් රත්තරං එහෙම නොවෙයි නේද?... එය මිනිසුන් අතර විශ්වාසයක් ගොඩ නඟාගෙන ඇත. තවද පවුම් රත්තරං මෙන් ඉමිටෙෂන් පරිස්සම් නොකරයි. හේතුව වටිනාකමක් නැති නිසාවෙනි. හෙට උපදින පණට එය රැක ගෙන ඇති ඵලක්ද නැති බව මිනිසා දන්නා කාරණයක් වුවද එය අවබෝධ කර ගැනිමට තවම අපොසත් වි ඇත. ඉමිටෙෂන් සහ වර්ථමාන ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් පුංචි ශ්‍රි ලංකාව තුල සිදු වන දෛනික ක්‍රියාකරකම් සංසදනාත්මකව සිතමින් කියවනවානම් මැනවි. අපි අමාරුවෙන් හරි නියම පවුම් රත්තරං වලින් භාණ්ඩ නිපදවිමට සහ මිළ දී ගැනිමට උත්සහා කරන්නේ නම් එය අනාගතයට සුභදායක සෙවණැල්ලකි.

වේගයෙන් වේගයෙන් අපි යන්නේ කුමක් අරඹයාද? සැප ඇති තැන මිනිසත්කම හීනය. එහෙත් දුක ඇති තැන මිනිසත්කම පොහොසත්ය. ඒ මන්දයත් දුක පවක් බවත් ඒ පවින් මිදිමට මිනිසත්කම පසුපස හඹා යායුතු බව දුක ඇත්තෝ දන්නා හෙයිනි. එහෙත් සැප ඇත්තෝ දුකක් තිබෙන බව දන්නා කරුණක් වුවද දුක අත්විඳ නොමැති හෙයින් ඔවුන්ට මිනිසත්කම වැදගත්ද නැත. මම මුලින් සිතුවේ එහෙමය. එහෙත් වර්තමානයේ සිදු වන දේ දෙස බැලු කළ එයද එසේ නොවන බව මට වැටහෙයි. දුක දන්නා මිනිසාද මිනිසත්කම නොහඳුන එක පුදුමයට කරුණකි. ලෝකයක් සුවපත් කිරිමට දායක වු ඔබට, අද ඔබේ දෙනෙත් අහිමි වි ඇත. ඔහු වෛද්‍යවරයෙකි. ඔහු කුමන හැඩතල මත ජිවිතය හසුරුවනවද යන්න මම නොදනමි. එහෙත් ඔහුට ඇසිඩ් ගසා අක්‍රිය කිරිම යෝග්‍යද? අහිංසක මිනිස් ජිවිත මේ ආකාරයට නිහඬ කිරිමෙන් ලබා ගැනිමට හැකි යමක් තිබෙදැයි මම නම් කිසි විටෙකත් නොසිතමි.

හරි හරියට ඔට්ටුවන මමත්වයෙන් පිරුණු මිනිස් ගැටුම් තුල හරවත් ගැළපෙන යහපත් සිතුවිලි, ආකල්ප සහ චින්තන බිහි නොවනු ඇත. නිර්මාණය වන සිල්ලම ඉමිටෙෂන් වැනිය

31 Comments
Tweets
Fb Comments

31 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔයා කියනදේ ඇත්ත. අපි තුල යහපත් සිතුවිලි ඇති කර ගන්න එක තමා කරන්න තියෙන්නේ. ඒත් මිනිස්සු අතින් ගොඩක් වෙලාවට නොවන්නෙත් ඒකම තමා....

    ReplyDelete
    Replies
    1. ඒකම කරන්න උත්සහා ගත්ත නම් එක අපට කරන්න පුළුවන් නේද?සමනළි

      Delete
  2. අද කාලෙ හැම තැනම බොරුව අෆ්ෆා.. ඉමිටේෂන් යුගයක් නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔව් බොරුව නිසාම අපි හැමෝම රැවටිලා ඉන්නේ.

      Delete
  3. කුරිරු විලේච්ඡයකුගේ ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වූ මේ වෛද්‍යවරයාගේ කුලගොත් සෙවීම අප නොකළ යුතුයි. කෙනෙකුට එසේ කරන්න උවමනානම් ඒ සඳහා ප්‍රහාරකයා යොදාගත හැකියි. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් වචන පෙළක් හෝ දිගහැරීම ඉතා වටිනවා.
    ඔහුට යම් මට්ටමකින් හෝ ඇසේ පෙනුම ලැබේවා කියා අපි නිහඩ ප්‍රාර්තනයක් කරමු!

    ReplyDelete
    Replies
    1. මිනිසුන් ගෙ පහත් ආශාවන් නිසා අහිංසක ජිවිත නිරපරාදේ විනාශ වෙනවා.අපි ප්‍රර්ථනා ගෙන එමු ඇසේ පෙනිම ලැබේවා කියලා!එම වෛද්‍ය තුමා මුලික කරගෙන තමයි මම මේ සටහන ලිව්වෙ නිර්මලා.

      Delete
  4. Replies
    1. ඔබව සාදරයෙන් පිළි ගන්නවා.

      Delete
  5. ඒක හරි. අමාරුවෙන් වුනත් හොඳ දේ වෙනුවෙන් තමයි වෙහෙසෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන.එක වෙහෙසක් උනත් පසුව සැනසිලි සුසුමක් හෙළන්නට පුළුවන්.

      Delete
  6. ඉමිටේෂන් නැති තැනක් තියේද..? මුලු සමාජයම ඉමිටේෂන්ය.

    ReplyDelete
    Replies
    1. එයින් මිදෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

      Delete
  7. ඉමිටේශන් වුණත් ලාබ නිසා තමයි ගොඩක් දෙනා ගන්නේ. ඒ වගේම තමන්ගේ වැඩේ කොහොමහරි කෙරෙනවනම් ඕනෙම පහත් වැඩක් කරන්න ගොඩක් අය පෙළඹෙනවා අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සිතු.පහත් තත්වයෙන් මුදාව ගන්නවට වඩා මිදිමට හැකි නම් ගොඩාක් වටිනවා.

      Delete
  8. ඉස්සෙල්ලම ගොඩක් ස්තූතියි බ්ලොග්
    එකේ අකුරු වල පාට වෙනස් කිරීම ගැන ගයනි..

    ඔයා කතා කරන දේ ඇත්ත.ඒත් මිනිස්සු ඇත්ත තේරුම්
    ගන්නේ නැතුව බොරුව පස්සෙම යනවා...ඇත්තකින් වැඩක්
    නැහැ කිසිම කෙකෙනෙක්ට ...

    ReplyDelete
    Replies
    1. එක තමයි සහෝ.ඉමිටෙෂන් කියලා දන්නවා.ඒත් පළඳිනවා.

      Delete
  9. ගොඩක් වෙලාවට පිටින් පෙනෙන දේට වඩා ගොඩක් වෙනස් ඇතුලත

    ReplyDelete
    Replies
    1. ඉමිටෙෂන් කිව්ව එකේ වැරැද්දක් නැ නේද කෝරලේ මල්ලී.

      Delete
    2. හරියට හරි පිට ඔපෙ විතරයි ඔරොත්තු දීමක් කල් පැවැත්මක් නැහැ.

      Delete
  10. අද නම් මොනවා කියන්නද මන්දා ගයනි.. මතුපිටින් බලද්දි එකක්.. ගැඹුරට බලද්දි තව දෙයක් පේන සිද්ධියක් මේක මට නම්...

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධව මිට වඩා පිළිතුරක් මම හිරුගෙන් බලාපොරොත්තු උනා.

      Delete
  11. ඕනෙම දෙයක් දවස් විසි එකක් එක දිගට කලොත් ඒක පුරුද්දට යනවලු. කොයිදේත් එහෙමයි, හොඳ දේ වගේම නරක දේ

    ReplyDelete
    Replies
    1. අපි දන්නවා වැරැද්ද මොකද්ද කියලා.ඒත් නිමක් නැති ආශාවන් නිසා මිනිස්සු වැරදි කරනවා හොඳ සඟවාගෙන එහෙම නේද?අපිට පුළුවන් නම් ඒ නරක අයින් කර ගන්න.

      Delete
  12. සැප විදින මෙන්ම මිනිසත් කම දත්තෝද නැත්තේම නැත. දුක් විඳ සැප ලබන කල මිනිසත් කම දියකර හරින අයත් ඇත. කෙසේ නමුත් අවසානයේ වටිනාකම ඉතිරි වන්නේ මනුස්සකමේ පමණක් බව නම් ඇත්තය.
    අදත් වටිනා අදහස් දැක්වීමක්!

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඔබත් සමඟ එකඟයි.සැප විඳින්නන් අතර හොඳ මනුෂ්‍ය ගති ඇත්තෝ සිටින බව පිළි ගන්නවා.

      Delete
  13. බොහොම හොදයි, මේ වගේ ඒවා තව දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩොක් අයියේ.

      Delete
  14. ඕං ගයනියෝ මම දැක්ක හොද ලිපියක්.. ලිපියේ අභ්‍යන්තරය අනන්තය කරා දිව යාමෙන් හිතන්නයි වැඩියෙන් තියෙන්නේ.. මම කැමති ඔය විදියට. ලියපු දේ ගැන හිතන්න සැහෙන්න දෙයක් තියෙන එක ගැන...

    ReplyDelete
  15. ඔබ පවසන්නේ සත්‍ය යයි ඔබට හොඳටම විශ්වාස නම් නොසැලී සිටින්න. සත්‍ය කවදා හෝ එලියට එනවා. අද ඔබ කොපමණ අපවාද වලට ඔබ ලක් වුවද ඔබ නිවැරදි බව ලෝකය පිළිගන්නා දිනයක් එනවා. ලෝකය සිතන හෝ කියන විශ්වාස කරන දේ මෙතනදී වැදගත් නෑ. ඔබව ලෝකය පිලි නොගන්නේ නම් නිශ්ශබ්ද වන්න. නිවැරදි දිනයේදී ඔබට නිසි තැන ලැබේවි. අද තිබෙන බොහෝ ප්‍රශ්ණ වලට මුල නිමක් නැති ආශා සහ තරගය. ඔය තරගය නිසා පුද්ගලිකව බොහෝ ප්‍රහාර ලැබූ කෙනෙක් මම. ඒත් මම ඉවසීමෙන් බලා සිටිනවා. මට ලෝකයට දෙන්න තියෙන පනිවුදයත් ඒකයි.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියේ මමත් ජිවිතේ බොහෝ අත්දැකිම් ලබපු කෙනෙක්.අදටත් දෛවය මට අභියෝග මිස එයින් නිදහස් විමක් නොදෙයි.ඔබගේ මෙම ප්‍රතිචාරය මම බෙහෙවින් අගය කරමි.

      Delete
  16. උඩුගං බලා පිහිනීම පහසු දෙයක් නෙමේ ඒත් බැරි නැහැ. ඒත් අද ඒකට යොමුවෙන පිරිස වැඩී. ඔබ මට යමක් කලොත් මම ඔබට ඊට වඩා දෙයක් කරන්න උත්සාහ කරන්නේ මගේ උවමනාවටම නෙමේ. බාහිර සමාජයේ පෙළඹවීම මත. ඕකට කාලයේ තාලය කියලත් සමහරු කියනවා. ආකල්පමය වෙනසක් අවශ්‍යයි.. තනිතනිවනම් යමක් කල නොහැකියි. නැත්නම් අර කකුළු කතාවට සමාන දෙයක් මිස වැදගත් යමක් සිදු නොවේවි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...