Monday, March 18, 2013

෴අපිට අපි විතරයි - අවිනිශ්චිත ජිවිතයට හිතන්න යමක්.෴

අවිනිශ්චිත යැයි මම පවසන්නේ මන්ද කියනවා නම් හෙට දවසේ අපේ ජිවිත කිනම් තත්වයකට පත්වේද යන්න කිව නොහැකි කරුණකි. එම අවිනිශ්චිත ජිවිතය අපි කෙසේ නම් ජිවත් කළ යුතුද? වසර 75 ක් 80 ක් යනු කෙටිත් නැති දුරත් නැති ගමනකි. එම කාලය සකසුරුවම් කර ගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ඉතාම සරලව සහ ඉතාම ගැඹුරින්ද වටහා ගැනිමට හැකි අයුරින් නිර්මල බුදු දහමයි නිර්මාණය වි ඇත. එහි සාරය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම කිඳා බැස ඇත. ඔබට, මට, මම සහ ඔබ එකිනෙකාට දක්වන ගෞරවය සහ දයාව අපි ඉගෙන ගත්තේ කුමකින්ද? කවුරු කෙසේ කීවත් අදටත් අපි අපේ දරුවන්ට කියාදෙන සහ පුරුදු කරවන සාරධර්ම මේ නිර්මල බුදු දහම හරහා ගොඩ නඟා ගත් කොටසකි. 

            මිට ප්‍රථම  ලිපියකින්  පෙන්වා දුන් පරිදි මෙරට හැර අපට අපේ කියන්නට වෙනත් කිසිදු බිමක්වත් අපි වෙනුවෙන් හඬක් නඟන්න නෑ පිරිවරක්වත් නැහැ කියන එක මම මේ මොහොතේද නැවත පවසමි. මම මේ දේවල් කියන්නේ කුමක් අරමුණු කරගෙනද? යන්න වග  සිතන්න මම ශ්‍රිලංකීකයින් වන ඔබට පවරමි. වාද කරයි, තර්ක ගොඩ නඟයි, මතවාද ඉදිරිපත් කරයි, ලැබු නිදහසක් නැ කියයි,  එහෙම කියන අයට ප්‍රභාකරන් ජිවත්ව ඉඳ මේ රට පාලනය කළා නම් යම් කිසි හෙයකින් දුවන්න වෙනම ලෝකයක් සොය ගන්නට වනවා නොවනුමානයි. ප්‍රභාකරන් වෙනුවෙන් මේ වන විටද පෙනි සිටින ගෙම්බන් කරන නොහොබිනා ක්‍රියා අපි අපේ නායකයින් ඝාතනය කළ විට කිසි විටෙකත් සිදු කළාද? ප්‍රභාකරන්ගේ මානව හිමිකම් කඩ වු බව කිය කියා අපේ මිනිස්සු මහා ඉහළින් සුද්දට පමණක් නොව අපටද ඇඬෙන්නට කථා ගොතයි. 

             අපේ බිමේ නොවන එහෙත් වෙනත් බිමක වෙනත් ජාතීයකට සිදුවන සිද්ධින් පිළිබඳව කදුළු සලමින් හෙළා දකින අපේ ඇත්තන් තමුන්ගේ රටේ මිනිසෙකුට වෙන අසාධාරණක් පිළිබඳව සිතකින්වත් සිතන්නේද නැත. මම මේ කොටු කරන පිරිසට සියළුම දෙනා අයිති නොවන බවද තරයේ කියා සිටිමි. තවද රට තුලද  දේශපාලනික වාසින් උදෙසා අසරණ වන ජිවිත ඇමට ‍යොදා ගනිමින් තම අවස්ථාවයන් සඳහා ලකුණු දමා ගැනිමට ඇතමෙකු උත්සහා දරති. මෙක තමයි ඇත්ත. මේ ඇත්ත සමහරක් අයට තිත්ත වෙන්නට පුළුවනි. තවද ප්‍රභාකරන් වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයින්ට සිංහලයා වහකඳුරු සේය. එහි අනාන්තයටම යන ඔවුන් සිංහලයා දකින්නේ අන්තවිදින් ලෙසය. නා ප්‍රකාර වචන භාවිතා කරමින් සිංහලයා හංවඩු ගසයි. අපේම බත කකා අපටම හෙන ගහපන් කියන ජාතියක් අද අපි අතරම සිටිති. මේ ටික ලියු මටත් කියාවි සිංහල යැයි කියා ගත්ත පුරසාරම් දොඩවන ජාතිවාදයෙක් කියලා . සත්‍ය මෙය නොවෙයි කියාවි. සත්‍ය කියන්නේ ප්‍රභාකරන්ගේ චින්තනය කියලා කියාවි. ත්‍රස්තවාදින් වෙනුවෙන් කෑමොර දෙන මිණිමරු ගැත්තන් අපට මේ රටින් එපිට දී නිදහසේ ගමන් කරන්න දෙනවාද? ඒ තරමටම අපට වෛර කරන තත්වයකට ලෝකයා හැඩ ගස්වමින් දියත් කරන ප්‍රචාරන වැඩ සටහන් වලට ලංකාවේ ඉපිද මේ රටේ හුස්ම ගන්න, මේ රටේ බත බුඳින කොටසක්ද සහායෝගය දෙන බව අපි දන්නේමු. අපි පිළිබඳව නරක ප්‍රතිරූපයක් පිටරැටියන්ට එත්තු ගන්වා අවසන්ය. මේ රටේ ජිවත් වෙන ඇතැම් මිනිසුන්ගේ පහත් බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනිම උදෙසා ත්‍රස්තවාදින්ට උපකාර කරන මිනිසුන්ට හඬ නඟන්න තව දුරටත් ඉඩ දිය යුතුද?අවසන් කරන්න බෑ කියපු යුද්ධයක් අපි අවසන් කරපු ජාතීයක්. සියළුම  විදේශීය කෙණෙහිළිකම් අපි නිහඩව අසාගෙන තවත් ඉවසා සිටිමුද?  මෙරටින් පිටතදදී අපේ කියන්නට කිසිකෙනෙකු නැත. අපි වෙනුවෙන් කවුරුත් කථා කරන්නේද නැත. එකමුතු කමින් යුද්ධය නිමා කළා සේම මෙවැනි අනිසි බලවේගද අපි පරාජය කළ යුතුමය. මම කිසි විටෙකත් යුද්ධය දිනුවා කියන වචනය භාවිතා නොකරමි. ඒ මන්දයත් යුද්ධය නිසා විනාශ වු සියළුම ජිවිත මේ රටට අයිති සම්පත්ය. එය විනාශ විම ජයාග්‍රහනයක් නොවන අතර එය නිමා විම අපි සැමටම නිදහස් සුසුමක් හෙලන්නට කරුණකි.
32 Comments
Tweets
Fb Comments

32 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මං යුද්ධෙ ගැන කතා කරන්නම කැමති නැතෝ...
    දේශපාලනේ ගැන මතක් කරන්නවත් කැමති නැතෝ...
    අද සමාජය ගැන හිතන්නවත් කැමති නැතෝ...

    ReplyDelete
    Replies
    1. යසිත් මමත් කැමති නැ.ඒත් අපට කථා කරන්න වෙනවා. බළධාරින්ගේ නොසැලිකිමත් වැඩ නිසා තද සාමාන්‍ය ජනතාව තාඩන පිඩන වලට ලක් වෙනවා.තමිල්ආණ්ඩුව ඔවුන්ට ඕනෑ සේ අපට හිරිහැර කරයි. ඇතැම් වේලාවට මට මෙහෙමද සිතෙයි.නිහඬව මේ සියල්ල දෙස බලා සිටින්න.

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  2. අපේ එවුන්ගෙ එකමුතු කම නැති වීම තමයි..ඕය කොයි දේටත් මුල..?

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් හිතන්නේ හැම දේටම හේතුව ඒක කියලා තමයි.

      Delete
    2. එක නම් ඇත්ත වීයා,බට්ටි.එක අපි අද බහුලව අත්විඳින කරුණක් බවට පත්වෙලා.

      Delete
  3. මේක ස්ටයිල් එකක් වෙලා ගයනි. තමන් මානව හිතවාදී කියලා පෙන්වන එක දැන් ස්ටයිල් එකක්. ඒ කාලේ මොන විදියට හරි යුද්දේ ඉවර කරපිය කියලා කියපු අයත් දැන් ත්‍රස්තවාදියා ගැන කිඹුල් කඳුළු හෙලනවා. මොනවා නැතත් ත්‍රස්තවාදියා කියපු එක දෙයක් මම පිලි ගන්නවා . ඒ "සිංහලයට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි" කියන එක. සම්පූර්ණ ඇත්ත. අද අපි නිහඬව බලා හිඳින්න හොඳ නෑ. අපිත් මේ වගේ හඬ නගන්න ඕනේ. නැත්නම් අර අවජාතක බලවේග හිස ඔසවනවා. මේකට හේතුව තමයි සිංහල කියන අපේ ජාතියට පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මේ පරදේසක්කාර ලේ මිශ්‍ර වීම. එහම උන් තමයි ඔය සුද්දට කඩේ යන්නේ.

    ReplyDelete
    Replies
    1. \\\\තමන් මානව හිතවාදී කියලා පෙන්වන එක දැන් ස්ටයිල් එකක්. ඒ කාලේ මොන විදියට හරි යුද්දේ ඉවර කරපිය කියලා කියපු අයත් දැන් ත්‍රස්තවාදියා ගැන කිඹුල් කඳුළු හෙලනවා. ////

      +++++++++++++++++++

      Delete
    2. සුදීක අයියත් සමඟ මමත් එකඟයි.

      Delete
    3. @ සුදික

      හරියට හරි සුදික.
      ++++++++++++

      Delete
  4. සිංහල ජාතිය නැතුව ලංකාවේ පැවැත්මක් නැහැ.ලංකාවෙ අනිත් සියලුම ජාතීන්ට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ සිංහල සංස්කෘථියත් එක්ක ලංකාවෙ ගොඩ නැගුණු සභ්‍යත්වය මත.අනිත් අතට බුදුදහමෙන් කොයි වෙලාවකවත් ජාතිවාදය ඉස්මතු කරන්නෙ නැහැ.අපිට බුදුදහම ආගමක් කියලා කියන්න අයිතියකුත් නැහැ.එහෙම කියනවා නම් අපි ඒ දර්ශනය අවබෝධයෙන් යුතුව දකින්න ඕනේ.නමුත් අද අපේ සිංහල බෞද්ධයන් අතරෙන් බහුතරය කරන්නෙ නැත්තෙත් ඒකමයි.අඩුම තරමේ වාසෙට්ඨ සූත්‍රයවත් කියවනවා නම් මේ විදියෙ තත්ත්වයක් ඇති වෙන්නෙ නැති වෙයි..

    ReplyDelete
    Replies
    1. වර්ෂාා ඉදිරිපත් කර ඇති කරුණු සමඟත් මම එකඟයි.

      Delete
  5. මෙහෙමනේ අක්කේ අපේ ජාතිය ආගම ගැන කතාකලොත් අපි ජාති වාදීන්. අපේ සමහර ඉන්නවා මුන් වැරදිලා සිංහල වෙච්ච කොටියට කත අදින්නේ කුට්ටියක් හම්බවෙයි කියලා බලාගෙන වෙන්න ඇති. බෝම්බෙකට අහුවෙලා තමන්ගේ පවුලේ එකෙක් මලානම් (දෙමව්පියෝ හරි දරුවෙක් හරි ගෑනි හරි මිනිහා හරි ලඟම කෙනෙක්) කොටින්ට දෙන එක නවතියි. ඕකුන්ට මගේ වචනෙන් කියනවනම් කියන්නේ කාලකන්නි කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ මල්ලී අපේ මිනිස්සුන්ට දැනෙන්නම ඕන දේයක් අවබෝධ වෙන්න.ඒත් හැමෝම එහෙමත් නැ.ඇතැම් පිරිසක් තමයි මානවහිමිකම් හොයාන්නේ.කමක් නැ එහෙම එක් පර්ශවයක් ගැන විතරක් හිතන්නේ නැතිව සාධාරණව හිතනවා නම්..ඒත් මල්ලී කියන්න වගේ මුදල් පසුපස යන්නෝ තමයි මේ විදියට උඩු බුරන්නේ

      Delete
  6. මේ සම්බන්ධයේන් බුවා යෝජනාවලියක් ගෙනැව්ත් තිබුණා..

    ReplyDelete
    Replies
    1. මම ඒ සටහන කියෙව්වා.ඒත් එහෙම කරන්නත් අපි එකමුතු වෙන්න ඕන.එහෙම එකක් අපි අතර නැ.

      Delete
  7. බොහොම හොදයි, ඔයා ලියලා තියන දේවල් , තවත් මේ වගේ දේවල් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඩොක් අයියේ ඕන්න මම කියපු විදියට කරා.ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට.

      Delete
  8. //මම කිසි විටෙකත් යුද්ධය දිනුවා කියන වචනය භාවිතා නොකරමි. ඒ මන්දයත් යුද්ධය නිසා විනාශ වු සියළුම ජිවිත මේ රටට අයිති සම්පත්ය.// ඒක ඇත්ත...

    මේ අනෙක් ප්‍රශ්ණ වුනත් විසඳා ගන්න අපි සියලු දෙනා එකමුතු වෙන්නයි ඕන. වෙලාවකට හිතෙනවා විදේශ වල ඉඳන් කෑගහන අයට තුරුම්පු දෙන්නේ අපේ අයම නේද කියල.

    ReplyDelete
  9. තිත්ත උනත් ඇත්ත...අපිට අපි විතරයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත පිළි ගන්නවා වෙනුවට අපේ ඇතමෙක් කරන්නේ ඒ ඇත්ත තවත් අසරණ කරන එක.

      Delete
  10. මනස ගැන කියන කොටයි ගයානි කියන නම අහන කොටයි මට නිකමට හිතුන දන්න කෙනෙක්වත්ද කියල.ඒත් ලිපි කියවද්දි එයා නොවෙයි කියල තේරුනා.තමිල්නාඩුවෙ වයිකෝල අත් අඩංගුවට ගන්න ප්‍රවෘත්ති අහන එකත් මෝඩ කමක්.කවදාවත් නඩු නෑ.තමිල්නාඩු ආන්ඩුවයි මහ ආන්ඩුවයි දනුවත්ව කරන රඟපෑම් විතරයි.ඉන්දියාවට යන උන්ගෙයි වැරැද්ද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත.මහා අණ්ඩුව සහ තමිල්ආණ්ඩුව අතර සිදුවෙන ගනුදෙනුව අපට ආදර්ශයක් නේද?

      Delete
  11. කාලෙකින් මේ පැත්තට අවේ .
    ගොඩක් හිතන්න දේවල් තියෙන පොස්ට් එකක් ....

    ReplyDelete
    Replies
    1. අපි එකමුතු වෙන්න ඕන කියන එක පොඩි දරුවන්ගේ කථාවක් හැටියට සමරක් උදවිය දකින්නේ.

      Delete
  12. දේශපාලනයක් වැඩක් නැහැ. වැදගත්ම දේ රට. අපේ යුද්දේ නිමා උනා කියලා යුද්දේ වවාගෙන කන්න ඕන අයගේ ලේ පිපාසේවත් බල ලෝභයවත් නැති උනේ නැහැ. ඒක කවදාවත් නැති වෙන්නෙත් නැහැ. විවිධ වෙස් මුණු වලින් ඒ අයගේ න්‍යාය පත්‍රය එක එක කාලෙට එක එක විදියට ක්‍රියාත්මක කරන්න ඒ අය උත්සාහ කරනවා. ඒ ප්‍රශ්නය සදහටම නවත්තන්න බැරි උනත් වළක්වාගන්න අපි හැමෝම මිට වඩා කැප කිරීමක් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ජිවිත බොහෝ කැප කරලයි මේ ගින්න නිමා කරේ.ඒත් එක නොතේරේන කොටසක් ඉන්නවා.

      Delete
  13. සිංහලයිනි අවදිවවු! රට ජාතිය, ආගම බේරා ගනිවු!!!

    ReplyDelete
    Replies
    1. අවදියෙන් තමයි ඉන්නේ.ඒත් නිදි වගේ මුණිවත රකියි.

      Delete
  14. බලධාරීන් සදාතනික නින්දේ :(

    ReplyDelete
  15. කාලින මාතෘකාවක්.

    ස්තුතියි ලිපියට.

    ReplyDelete
  16. කවුරු මොනවා කිව්වත් අපගේ කියා මේ ලොකයේ අපට තියන එකම භූමිය රැක ගන්න කුමන දේ කලත් වරදක් කියන්න බෑ

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...