Sunday, February 10, 2013

දැන දැනත් දුර ගියා

පින්තුර ගත්තෙ music.lk


දැන දැනත් දුර ගියා
යළි මෙ මං එමි කියා
නා .....වේ ඇයිදෝ ඔයා....................... //
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා//
ඒ කාලයේ මතකය මා හා ලං වෙලා
රිද වුවා ඇති තරම්
ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත්
රිද වුවා මදිදෝ තවත්
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා//
මේ පාළු කතරේ හි මම තනි වෙලා
හැඬුවා ඉකි ගසාත් එය නෑ සුනේ ඔබට පමණයි ඉතිං
නෑ මෙලොවෙහි තව කෙනෙක්
මිරිඟුවක් වි මාව රවටලා
නොමරා මැරුවා මා ආදරෙන් ‍වෙළලා
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා//

සංහිඳියාවට පත් ව ඇති හදවතකට ආලය කෙතරම් නම් වටිනවද?. ආදරය කරන දෙස බලමින් ඇතමෙකු එයට බොළඳ සහ ආදරය අන්ධයි යන අනුවර්ථන නාමයන් යොදා ගනිමින් උපහාසයට බඳුන් කරයි. එයට හේතුව ලෙස මම දකින්නේ ආලය නැමති භුමිකාව තුල විවර වන සිතුවිලි සෞම්‍ය බවකින් සහ මෘදු වචන වලින් යුක්තව පවතිවන නිසාවෙනි.

මෙම ගීතය මට ඇසුනේ අහම්බයකින් ය. පරාජිත පෙම්වතුන් ගේ සිත් තුල දෝංකාර දෙන වචනය විරාහව වෙයි. විරාහව උස් පහත් සහ තරාතිරම් නිළයන් යන වර්ගීකරණයකට අයත් යමක් නොවන අතර, භේදයකින් තොරව සැමට අත්විඳින්න ‍වෙන දෙයකි. ලේන කුලේ සිට පතාගෙන එන ආදරයක් අපි හැමෝටම උරුමය. එහෙත් එම උරුමය හරි හැටි හඳුනා ගැනිමට නොහැකි විම සහ අවබෝධ නොකර ගනිමින් ක්ෂණිකව ඇතිවන හැඟිම් මත දකින රුවක් ළඟ සිත නතර කිරීමට උත්සාහ කරයි. එහෙත් ටික කාලයක් ගිය පසු රුචිකත්වයන් එකිනෙකට වෙනස් වු විටදි නොගැළපිම පිළිබඳව සිතන්නටත් දුරස් විමටත් සැරසෙයි. තාවකාලික සුවයක් පතා යන ගමන අතර මඟදි මේ ආකාරයට හැර දමා යන්නට සැරසුනාට මොකද පෙම්වතියකට නම් එය එතරම් පහසු කටයුත්තක් නොවන බව නොරහසකි. ඒ මන්දයත් පිරිමියා සේ නොව ගැහැණියකට මේ සමාජය තුල විඳින්නට වෙන අපහාස නින්දා සුලභ නිසාවෙනි. ඇරඹුම ම කඳුළක් බවට පත් වන්නේ එබැවින්ය.

දැන දැනත් දුර ගියා ලු අසරණතාවයට පත්ව ඇති බව දැන දැනම ඔහු ඇයව තනිකරා දමා යන්නට ගොස්ය. දමා ගිය පෙම්වතාට කරන කන්නලව්වකි. ඇයට හිතන තරම් එසේ අමතක කිරීමට නොහැකිය. එහෙත් අවසානයේ කන්නලව්ව විලාපයක් වි ඇත.

හෙමි හෙමින් මට ලං විලා ආදරය එහෙමය. ළඟට වෙන්නේ හිතටත් නොදැනිමය. නාඳුනන හිතක් අභියස පුරුදු ලෙස නවතින්නේ ය. එතැන් සිට ආදරයේ සියළු සුංගාරයන් විඳමින් රිසි සේ ගලාගෙන යයි. ජිවිතයේ අනෙකුත් සියළුම කාරණා පසෙකට දමා ආලය තම ජිවිතය කරගනි. ආදරයට කෝඩුකාරයින් එහෙම නොවේද?. කුළුදුල් සෙනෙහස උතුම් කොට සලකමින් විටෙක තම දෙමාව්පියන්ගේ අවවාද ද අනවශ්‍ය බලපෑමක් ලෙස සිතමින් පව්කාරකමක්ද කර ගනි.

බෝහෝ දෙනෙකුට ස්වභාවිකව ඇති වෙන මෙම තත්වය යම්කිසි අවබෝධයකින් සිත දමනය කරගනිමින් ඒ සුන්දරත්වය විඳගනියි. එහෙත් ඇතමෙක් ආපසු හැරෙන්නටවත් සිතා ගැනිමට නොහැකි තරම් දුර තම හැඟිම් පාලනයකින් තොරව රැගෙන ගෙන ගොස් සිහින ලොවක අතරමං වෙයි. පියවි සිහියෙන් වුවද ආදරයත් සමඟ ගත කරන කාලය තුල තමනුත් තමන්ට ආදරය කරන පුද්ගලයත් පමණයි මෙලොව සිටිනේ යන ආකල්පයෙන් යුක්තව හැසිරෙමින් එකිනෙකාට එත්තු ගැන්විමට උත්සහා කරන්නේ තමන්ව ආරක්ෂා කරගැනිමට, තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට හැකි සහ තමන්ව හඳුනන එකම කෙනා ඔහු හෝ ඇය පමණයි යනුවෙනි.
පාළු කතරේ හි මම තනි වෙලා තනි වෙච්ච හිතකට එහෙම දැනෙන්නේ අතීතය මෙනෙහි කරන විටය. ඒ අතීතය තුල තමන් කැමති සෑම දේම දී සෙවණැල්ලක් මෙන් පිටු පසින් සිට ඇත.
හැඬුවා ඉකි ගසාත් එය නෑ සුනේ ඔබට පමණයි ඉතිං ඒ වින්ඳ සුන්දරත්වය කිසිවිටෙක අමතක කිරීමට ඒ හිතට නොහැකිය. ලෝභකමක් සිතට තදින් දැනෙන්ට විය. ගියත් නැවත පැමිණෙන්ට අරාධනා කරන්ටද අමතක නොකරයි. තව කෙනෙකුට දෙන්නට තරම් යමක් ඉතිරිවද නැත. නෑ මෙලොවෙහි තව කෙනෙක් අහිමිව ගිය පැරදුන දමා ගිය ආදරය තරම් ආදරයක් මේලොව තවත් නැති බව පරාජිත හඳවතට දැනෙයි. එය සත්‍යයකි.

මිරිඟුවක් වි මාව රවටලා
නොමරා මැරුවා මා ආදරෙන් ‍වෙළලා
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා.
 විඳවලා විඳවලා හිතත් ගතත් වෙහෙසටත් දුර්වලතාවයටත් පත් විමෙන් පසු තමයි හිතෙන්නේ තමා ගොස් තිබෙන්නෙ මිරිඟුවක් පසුපසය කියලා. මුලාව තුලයි හැම සුරංගනා කථාවක්ම සිදු වෙලා තිබෙන්නෙ.
දැන දැනත් දුර ගියා සිතක් පිළිබඳව අවසානයේ හිතන්නට තිබෙන්නෙ හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා.

ගීතයේ හඬ තස්මි ජයවිරය. ඇය මැක්සි ජයවිර නම් ගයාකයානන් ගේ දියණිය වෙයි. බැරි බර කාරේ තියන් ගීතය ගායනා කරන්නෙ ඔහු විසින්ය.
33 Comments
Tweets
Fb Comments

33 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. සමාන්‍යයෙන් එක පාරට ගීත වලට හිත යන්නෙ නෑ. ඒත් මේකෙ අමුතු තාලයක් තියෙන්නෙ කටහඬත් නියමෙට ගැලපෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔබට සේම මටත් ඒ ආකාරයෙන්ම දැනෙන්ට විය.ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete
  2. ගයනිත් දැන් විවිධ ඉසව් ස්පර්ශ කරනවා.. ඉතා හොදයි..

    ReplyDelete
    Replies
    1. ධර්මය මෙන්ම ගීතයද මාව පින වු අවස්ථාද ඇත.ස්තුතියි නලින් අයියේ ඔබේ වචනයට

      Delete
  3. කියන්න හුගක් දේවල් නෑ.එක තනි වචනයක්.. 'ලස්සනයි'

    ReplyDelete
  4. හ්ම් අපූරු ගීයක් අපූරු විචාරයක් ...

    ReplyDelete
  5. මේ ගිතයනම් අද තමයි ඉස්සෙල්ලම ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. මමත් දවස් දෙකයි අහලා

      Delete
  6. මැක්සි ජයවීර මහත්මයාගේ ගීතය නම් අහල තියනවා. මේ ගීතය නම් කලින් අහල නෑ. මේ විදිහට වෙනස් ක්ෂේත්‍ර ඔස්සේ ලිපි ලියන එකට මමත් කැමතියි..

    ReplyDelete
  7. සිංදුව හොදයි...
    ලවු ගැනනං කතා කරලා තේරුමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරියා.ආදරය කෙනෙකුගේ හිනා ගස්සන විට කෙනෙකු හඩවයි

      Delete

  8. ඇත්තටම සින්දුව ලස්සනයි... ගායිකාවගේ කටහඬත් වෙනසක් මුසු කරනවා ගීතයට... සින්දුව ඇහුවෙ නම් පළමු වතාවට ස්තුතියි...

    ඔයාගෙ සටහන කියවනකොට මොන හේතුවක් නිසාද මන්දා මට මතක් උනේ නන්දා මාලිනියගේ මේ සින්දුව... වචන නම් හරිද මන්දා... සින්දුව ඇහුවෙ නෑ කාලෙකින්...
    වාසනාව ඇගේ නෙතයි
    මාළිගාව ඇගේ සිතයි
    වේදනාව ඇගේ වතයි
    ආදරයේ... කෝඩුකාරයෝ...


    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්. මෙවැනි අර්තවත් ගීතයක් මතකයට ගෙන ආවට නැවතත් ස්තුතියි.

      Delete
  9. අමුතුම විදියේ ගීතයක් ඒවගේම වෙනස්ම අර්ථකථනයක් ඔන්න අක්කේ මම ගීතය Download කරගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී.ඔබ කවදත් හරි නිහතමානී කොල්ලෙක්

      Delete
  10. මැක්සි ජයවීර ගේ ගිත අහල තිබුණත් තස්මි කියන නම පවා ඇහුවේ අදයි. එහෙම වෙන්නඑක හේතුවක් තමයි නූතන ගායක ගායිකාවන්ගේ ගිත කිසිම හරයක් හෝ ගුනයක් සහිත සාහිත්‍යමය රසියක් ජනිත නොවිමයි.

    ඒත් ඔබේ මේ රසවින්දනාත්මක සටහන් නිරන්තරයෙන් අගය කරනවා. එයින් ලබාගත හැකි වින්දනීය ඉසව්ව සාහිත්‍යයෙන් පෝෂණය වී ඇති නිසා.

    ReplyDelete
    Replies
    1. දයානන්ද අයියේ ඔබේ අදහසට මම ගරු කරමි.70 80 දශකයට තරඟයක් එල්ල කරන්න තරම් ගීත අද බිහි නොවේ.එහෙත් ලැබෙන දෙය යම්කිසි ආකාරයකටවත් ඵල ඇති කිරිමට ගන්නා වෑයමකි.ඔබ එය තේරුම් ගැනිම පිළිබඳව නැවතවාරයක් ස්තුතියි.

      Delete
  11. ගීතය ඇසීමි.ද්‍රවිඩ සිනමා ගීතයක හැඩයක් ඇති බව දැනෙයි.70 දශකයේ ගීත වලට වඩා ප්‍රිය නිසා හෝ ප්‍රේමය ඉතා දුරින් සිට වර්තමානයේ දකින නිසා මේ ගීතය නිසා සිත සංවේදී නොකළ බව කිය යුතුය.සංගීතය පිලිබදව දැනුමක් නැති නිසා මේ ගීය ගැන වැඩියමක් නොකියමි.එතරම් රසයක් නැති බව පමණක් කියමි.ගීතය සම්බන්දව ඔබ දක්වන විවරණයේදී ප්‍රේම වියෝව පිරිමියෙකුට වඩා ගැහැනියකට වඩාත් පීඩාකාරී බව කියයි.නමුත් එය සැමවිටම එසේ නැත.ආදරය සෙල්ලමක් කරගත් ගැහැණුන්ද සිටින බව පෙනේ.එසේම ප්‍රේම වියෝගයෙන් මුළු ජීවිතකාලයම තැවෙන පිරිමින්ද සිටියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ද ස්තුතියි.ඇත්ත ආතීයට තරඟයක් එල්ල කිරීමට වත්මන් පරපුර ට තවම නොහැකි වි ඇත.එහෙත් ලැබෙන දෙය අතරින් මගේ සිත් ගත් නිසා මම මේ ආකාරයට දිග හරින්න විය.

      Delete
  12. විරහව හරි වේදනයි ..හැබැයි සත පහක තේරුමක් නැති
    දෙයක් ගියපු අය ගැන හිතන එක ..
    ( ඕව කිව්වට කරන්න නම් හරි අමාරුයි හැබැයි )

    ReplyDelete
    Replies
    1. වටින ලිපියක්.. අදමයි මේ පැත්තට ආවේ.. ආයෙත් ඇවිත් නිදහසේ අනිත්වා කියවන්නම්..

      Delete
    2. මේ පැත්තට ආවට ස්තුතියි පොඩි කුමාරි.වේලාවක් තිබුනොත් නැවත එන්න.

      Delete
    3. වෙන්න පුළුවන් කරන්න බැරි නැ.හිත තමයි වෙනස් කර ගත යුත්තේ

      Delete
  13. අපූරු ගීතයක්... සංගීතයත් අපූරුයි...ඒ වගේම ලියවිලා තියෙන රසාස්වාදයත් හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රාර්ථනා.

      Delete
  14. මේ ගායකයගෙ හඩේ තියෙන ළදරු ටෝන් එක නිසා මට මේ ගීතයෙ ලොකු රසයක් නෑ... එයාගෙ වයසෙ හැටියට මේ තේමාව ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මට ඒ සින්දුව අහද්දී වෙනසක් තියෙනවා කියලා හිතුනා.ගායකයෙක් නෙමෙයි ගායිකාවක් සිරා අයියේ

      Delete
    2. මම කොමෙන්ටුව කෙටුවට පස්සෙ තමා දැක්කෙ ගායිකාවක් කියලා...මුලින්ම මට ඇහුනෙ පොඩි ළමයෙකුගෙ කටහඩක්...මම ඉතාමත් අවංකව තමයි අදහස් දැකවූයෙ...ගීතයක සාර්ථකත්වයට හඩ පෞර්ෂත්වයත් වැදගත්...

      Delete
  15. පට්ට සින්දුව අක්කියෝ...අනේ කාලෙකින් එන්න උනේ නෑ..මට පොඩ්ඩක් වැඩ අක්කියෝ මේ දවස් වල....

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...