Friday, February 22, 2013

෴නීතිය සහ මනුෂ්‍යත්වය෴



                මනා පාලනයට නීතිය අවශ්‍යය එය පිළිගනිමි. වරදට දඬුවම අවශ්‍යය එයද පිළිගනිමි. එහෙත් නැවත පුනරුත්ථාපනය විමට වරදට සමාවද දිය යුතුය. එයද මිනිස් ජිවිතයට වැදගත් ය. අන්‍යයන්ට උපකාර කිරීම සදාචාරයට අයත් කොටසකි.
        
                       නීතියට පටහැනිව අයථා ලෙස ජිවිතයට නොගැළපෙන නොහොබිනා කාරණා වෙනුවෙන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට ඇතමෙකු පෙළඹිම අද සුලභය. එහෙත් විටෙක සාධාරණ අවශ්‍යතාවයන් ඉටු කර ගැනිමට යාමෙදී නිතීය හරස් වන අවස්ථාද ඇත. මටත් එවැනිම අවස්ථාවකට මුහුණ දිමට සිදුවිය. පවතින ඒකාධිපති රටාව තුල සාමාන්‍ය මිනිසෙකුටතම  දෛනික අවශ්‍යතාවයන් ඉටු කර ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට සිදුවිම සාමාන්‍ය තත්වයකි. හයියක් බලයක් නොමැතිව කාර්‍යලයකට ගොස් තම කාර්‍ය් කරගැනිමට අපහසු වතාවරණයක් අද උදා වි ඇත. තමාට වාසියක් නොමැති නම් අන්අයට උපකාර කිරීමට මැලි කමක් දක්වයි. එයට මුලිකව බලපාන සාධකය වනුයේ උග්‍රව පවතින ආර්ථික දුෂ්කරතායලැබෙන වැටුප ප්‍රමාණවත් නොවිම මිනිසා වරදට පොළඹවයි. එහෙත් උපයන වැටුපට සරිලන පරිදි තම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට අපි උත්සහා කළ යුතුය.තවද මිනිසා තුල තිබිය යුතු මුලික ගුණාංගයන් වන කරුණාව සහ ගුණ ධර්ම ඔවුන්ගේ ජිවිත තුලින් මඟ හැරි ඇත.   
            
සියළුම ආකල්ප එහෙමම තිබියදි මම කථාවට පිවිසෙමි. ජිවන මාවතේ ඔබටත් මටත් අපි වගේම මිනිසුන් හමු වෙයි. මා වෙත උපකාරයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන මිනිසෙකු ආපසු හැරවිමට මත්තෙන් කුමක් හෝ යමක් කළ හැකිද?, එය කරදෙමි යන සිතුවිල්ල තුල අපි හැම විටම සිටිය යුතුය. මුදලට වඩා මිනිසත් කමට අපි වටිනා කමක් දිය යුතුය. ඒ මන්දයත් ඔබටත් මටත් තිබෙන්නේ එකම අරමුණකි. එය ජිවත් විමය. ජිවත්විම තුල අවශ්‍යතාවයන් එකිනෙකට වෙනස්ව පවති. එවිට එකිනෙකාට උපකාර කර ගැනිමට සිදුවෙයි. එම නිසා හැම විටම නීතිය ඉදිරියට ගෙන මනුෂ්‍යත්වය පසුපසට දමන්න අපි උත්සහා නොකළ යුතුය. මටත් ඔබටත් රටටත් හානියක් නොවන එහෙත් නීතිය එය නොවන විටදි මනුෂ්‍යත්වයට ඉදිරියට ඒමට ඉඩ දිය යුතු නොවේද?
        
    නීතියත් මනුෂ්‍යත්වයත් අතර දෝලනය වන සිත යම් විටෙක මනුෂ්‍යත්වය අභියස නතර කිරීමට පුළුවන් නම් එය උතුම් කොට සලකමි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම යථාර්ථයක් වන්නේ එවිට ය.

මම මුහුණ දුන් එක්තරා පුංචි සිදුවිමක් තුල ගොඩ නැඟුණු සිතුවිලි කිහිපයක් අකුරු කරගෙන යන අතරේ එම සිදුවිම මේසේ සාරාංශ ගත කරමි. මාගේ වැටුට මාතර පිහිටි  එක්තරා බැංකු ශාඛාවක මගේ ගිණුමට බැර විය. එහෙත් පෞද්ගලික අවශ්‍යතාවයක් මත එම ගිණුම එම බැංකුවේම වෙනත් ශාඛාවක් වෙත මාරු කර ගන්නා ලදි. අප වැටුප් අංශයට මාතර පිහිටි ශාඛාවෙන් ලිඛිත ලියවිල්ලක් රැගෙන එන ලෙස මා හට උපදෙස් දෙන ලදි. අවශ්‍යතාවය ඉක්මන් හෙයින් නැවත මට කොළඹ සිට මාතරට පැමිණිමට සිදු විය.කෙසේ හෝ අදාල බැංකුව වෙත මම 1545 (සවස 0345) පමණ වන විට පැමිනෙන ලදි. මුදල් ගනුදෙනු ඒ වන විට නවතා තිබුණද කාර්්‍යාලය තුල නිළධාරින් කිහිප දෙනෙකු තම රාජකාරියේ යෙදි සිටින ලදි. මම එක් නිළධාරිණියක් වෙත ගොස් මාගේ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කිරිමක් කරන ලදි. එවිට එම මහත්මිය මට මෙසේ පවසා සිටින ලදි. ගනුදෙනු කටයුතු මේ වේලාවේ සිදු නොකරන බවත් කළමණාකාර තුමත් දැනට නොමැති නිසා හෙට දිනයේ පැමිණෙන ලෙසත්"තවද දැනට ඔබේ ගිණුම අපගේ ශාඛාව තුල නොමැති හෙයින් එවැනි ලියවිල්ලක් නිකුත් කිරීමට නොහැකි බවය. ඉන් පසු මම ප්‍රකාශ කර සිටියා මට එවැනි ලිපියක් වැදගත් සහ හෙට දිනයේ ආ පසු අප ආයතනයේ වැටුප් අංශයට එම ලිපිය භාර දිමට උවමනා බව. එහෙත් එතුමිය මට උපකාර කිරීමට මැළි විය. වටපිට බැලු මම වෙනත් නිළධාරියෙකු වෙත ගොස් නැවත මගේ අවශ්‍යතාවය පවසා සිටියෙමි. එතුමා මාගේ ගැටළුකාරි අවශ්‍යතාවය වටහාගෙන අදාළ ස්ථානයට මාව යොමු කර අවශ්‍ය ලිපිය සකසා ගැනිමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලදි.

මම එතුමාට ස්තුතියි කියලා කිව්වෙ නැත. බොහෝමත් පිං මේ කළ උදව්වට යනුවෙන් පවසා මම එන ලදි. ඇය නිතිය පිළීබඳව කථා කරද්දී ඔහු මනුෂ්‍යත්වයට ඉදිරියට ඒමට ඉඩහරින ලදි.

    පන්සලට පල්ලියට කෝවිලට යන්නම අවශ්‍ය නැත මනස සන්සුන් කරගැනිමට තමන් කරන කියන දේ තුල එම සැනසිම ඇති බව මම අත්දැකිමෙන් දන්නා කරුණකි.

දකින්නට නොහැකි ලෝකය දකින්න යනවාට වඩා තමා ඉදිරියේ තිබෙන පුංචි ප්‍රදේශය නරඹා සැහිමකට පත්විමට හැකි නම් මැනවි.

    ආචාර කර හිස නමා පිදිය යුතුතේ එවැනි මිනිසුන්ය. නීතියට අපි යටත් විය යුතුය. එහෙත් මනුශ්‍යත්වයට අපි ගරු කළ යුතුය. නීතිගරුක වන ගමන් උතුම් මිනිසෙකු විය හැකි නම් මනුෂ්‍ය ජිවිතයේ අප ලබන තෘප්තිය එයම වෙයි.
20 Comments
Tweets
Fb Comments

20 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. නංගී මුලින්ම ඒ මහතාට ස්තූතිය පුදමි. නොදැක වුවත් ඔහු කවුරු වූවත් ඒ මනුස්සකම අගය කල යුතුයි. පසුගිය සතියේ අප ව්‍යාපාරයේ කටයුත්තකට මාත් මගේ මහත්තයාත් ශ්‍රී ජයවර්ධන පුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගියෙමු. එතනදී අප වේලාවක් කලින් ගෙන එහි සේවය කරන මහත්මියක හමුවීමට නියමිතව තිබුණි. ඒ මහත්මිය අපට වෙලාව දී තිබුනේ උදේ 10.00 ටයි , අපි දෙදෙනා 9.45ටත් කලින් එතන ට ගියෙමු. නමුත් ඇය 10.00ට රැස්වීමක් ඇතිබව පවසා එළියට ගොස් සිටියා. අපි ඇගේ කාර්‍යාල සේවිකාවට දොස්පැවරුවා එහෙම නම් අපිට පෙරදා මේ වේලාව දුන්නෙ ඇයි කියා. දහසක් වැඩ හා මද අසනීප තත්වයෙන් ඉන්න මාත් සමඟ එතන දහවල් 12.30 වන තෙක් ඉන්න මහත්තයා කැමති උනේ නෑ. අපි අපහසුතාවයට පත්ව ඇතිබව දැක්ක එතන හිටිය ලේකම් තුමිය අප හා කතා කොට ඒ අවශ්‍ය ලියකියවිලි සකසා බොහෝ සේ කරුණාවෙන් ඒ වැඩය අපට කර දුන්නා. මට මහත් සතුටක් දැනුනා මේවාගේ අය තාමත් අපරටේ ඉන්නා නිසා. නංගී ඊයේ ඔබේ බ්ලොග් එකේ කමෙන්ටුවක් දැක බොහෝ සේ කලකිරුනා. මේ වගේ පහත් මිනිසුන් අපි අතරේ ඉන්නා නිසා. මිනිසත් කම ගෑවිලාවත් තියේද මේ අය තුල. කරන්න දෙයක් නෑ හෙලා දකිනවා ඇරෙන්න. නමුත් ඔබේ උත්සාහයෙන් කවදා හෝ මිනිසත් කම අගයන සමාජයක් බිහිවේවා! කියා මගේ ප්‍රාර්ථනාවයි.

    ReplyDelete
    Replies
    1. කරුණාකර ඒ කොමෙන්ටුව කුමක්දැයි කියන්න.

      Delete
    2. අක්කෙ සදාචාරයක් නැති එවැනි මිනිස්සු තුලින් මිනිසත් කමක් බලාපොරොත්තු විය නොහැකිය.ඇනෝ කියන්නේ මොන වාගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන් නේ.සිංහලයෙකු හෝ සිංහල දන්න ශ්‍රි ලංකීයෙකුගේ වැඩක්.මම එක මකා දැම්මා.ඒ තරම් පහත් විදියට එක තිබුණේ.එවැනි මිනිස්සු දකින වාරයක් පසා මම මගේ අම්මට පිං දෙමි.ඒ මාව එවැනි අසංවර විදියට මිනිසුන් අතර පිළිකුල් වෙන යමක් මගේ අතින් නොවන විදියට අපිව නිර්මාණය කිරීම පිළිබඳව.

      Delete
  2. හිතන්න දෙයක් තියන හොද පෝස්ට එකක් අක්කෝ..

    ReplyDelete
    Replies
    1. නංගීයො ස්තුතිය ඔබටත්.

      Delete
  3. නීතියත් මනුෂ්‍යත්වයත් අතර දෝලනය වන සිත යම් විටෙක මනුෂ්‍යත්වය අභියස නතර කිරීමට පුළුවන් නම් එය උතුම් කොට සලකමි. මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුකම යථාර්ථයක් වන්නේ එවිට ය

    ඔය තත්වය දැන් නම් කොච්චර දුරට සාධාරණද කියනන් මම දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙත් එවැනි පුද්ගලයින් අදටත් ඉන්නවා නේද?

      Delete
  4. මට මේවට දාන්න කමෙන්ට්ස් නෑ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න ඒපා රජෝ.

      Delete
  5. ගයනිට බැංකුවේදී උදව් කල නිලධාරියා වගේ අය මටත් හමු වෙලා තියනවා. ඔවුන් අපි වෙනුවෙන් වැය කරන්නේ විනාඩි කීපයක් වුනත් අපිට ඒ වගේ අය ළඟ තිබුණු මිනිසත් කමේ සුවඳ කිසිදා අමතක වෙන්නේ නෑ.

    ReplyDelete
  6. ඇතැම් මිනිසුන් බොරුවට නීතියට වැඩ කරන්න උත්සහ කරන්නේ උදවුවක් කිරීමට ඇති අකමැත්ත හා බොරු මන්නයක් පෙන්වීමට. ඕනවට වඩා යන්නේ නැතිව මනුෂ්‍යත්වයෙන් රාජකාරි කිරීමට හැම සේවකයෙකුටම හැකියාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් සමඟ මම එකඟයි.

      Delete
  7. මටත් ඔය වගේ අයනං හම්බෙලා තියෙනවා...
    නීති තියෙන්න ඕනා මිනිස්සුංගේ පහසුවට..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී නීතිය තියෙන්න ඕන පහසුවට සහ ආරක්ෂාවට

      Delete
  8. ඔය වගේ මී හරක් ගොඩක් තැන්වල ඉන්නවා අක්කේ තමන් ඉන්න තත්වේ ගැන ලොකුවට හිතන් ඉන්න උන් ඔයා දන්නවනේ මම ඒ වගේ උන්ව ඛෝමත් පිළිකුල් කරනවා කියලා. මනුස්සකමක් නැති එවුන්.

    ReplyDelete
  9. ඔබට බැංකුව තුල උදව් කල ගනයේ චරිත මේ සමාජයේ සෑහෙන තරමක් සිටිති...නමුත් වංචාකාරයින් සහ.. තමන්ගෙ රාජකාරිය නිවැරදිව ඉටු නොකරන උන් හමුවේ එවැනි අයගේ කීර්තිය සැගවී පවතී.

    ReplyDelete
  10. ආන්ඩුවේ කර්යාලවල නමාර වගෙ හොඳ මිනිස්සු බොහොම විරලයි.. මේ ලඟදී මම වරිපණම් ගෙවන්න ගියා ප්‍රා සබා කාර්යාලෙකට. මගෙ ඉඩම අලුත් නිසා ඒකට ටිකක් කීපදෙනෙක් ලඟට යන්න උනා. ඔන්න කාර්මික නිලදාරිද මොකක්ද ගහගත්ත කෙනෙක් ලඟට ගියාම මට ඉඳගන්න කියලා ඔක්කොම වැඩටික කරල දුන්න. මට හරි සතු‍ටුයි.. දන්නවද හොරේ ? මං යන්න හදනකොට මිනිහා මට එයාගෙ පුද්ගලික ලිපිනය දීල කියනවා ඔයාගෙ ගෙයි ප්ලෑන අඳින වැඩෙත් ඒක පාස් කරල දෙන වැඩෙත් මං කරන්නම් මා ලඟට එන්න .. මගෙ ගාස්තු බොහොම අඩුයි .. කියල..

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...