Tuesday, October 30, 2012

මදක් සිතන්න



මෙතන සිටම කියවන්න.

මදක් සිතන්න. විලාසිතාවට ඉඩ දෙන්න. ඔයාලා බලයි ඇයි මම බාගෙට ඇඟ පෙන්නනවට කැමති කියලා. ඇත්තටම කීවොත් මම එහි වරදක් දකින්නේ නෑ. අපි සිතෙන දේ කරන්න අපිට නිදහසක් ඇත. ඒ නිදහසම කාන්තාවටද ඇත.

මොක්ද මේ කෙහෙල්මල් විලිවත. අපි පරණ ඇයෝ ඒ කාලේ ඔය ඇදුම් නැතිවම ජීවත් උනේ. ශරිරයේ ආරක්ෂාවට(මදුරුවන් වැනි සතුන්ගෙන් බේරීමට. සීතලෙන් බේරීමට) කොළ අතු අඳගෙන ආපු ගමන දැන් ඉතින් ඔන් රෙදිත් අදින්නේ(විලිවත වසා ගන්න කියලා). ඒ මදිවට ඔන් දැන් දැන්(දැන් කිවට ටිකක් පරණයි) පලාපු රෙදි ඒ මදිවට කොටට ඇදුම් අදින්නේ.

මිණිසුන් ලඟ තිබෙන ගතියක් තමයි කුතුහලය. අනේ අප්පා අපේ ඇයෝ ඔන් ඔය රෙදි ඇඳලා විලි වහගෙන මොකද්ද හංගා ගන්න. අනේ මේ කුතුහලය තියෙන මිණිසා ආසාවෙන් බලනවා මේ හංගගෙන ඉන්නේ මොනවද කියලා. මොනවා කරන්නද මිණිසාගෙ හැටි ඔහොම තමයි. උගෙ වැඩේ හැංගිලා තියෙන රහස් හොයන එකයි. ඒකනේ මිණිස්සු මේ තරම් දියුණු උනේ.

මොකද්ද මේ සංස්කෘතිය. රෙද්දෙන් විලි වසා ගත්ත හැදිච්ච සංකෘතියක් අති රට. අනේ මන්දා. ඔය කිවාට මොක ඉස්සර මිණිහා රෑ වෙලා එද්දි අළු කුල්ලක් මිණිහගෙ ඇඟට හලන්න අපේ බිරින්දලා හොඳට දන්නවා. ලස්සන ලස්සන පරණ කතා අහද්දි මට හිතෙනවා වෙලාවකට මේ රටේ ඔය කියන හැදිච්ච සංස්කෘතිය කොහෙද තියෙන්නේ කියලා. නැත්නම් ඉතින් අපේ අප්ලාගෙ වැඩ බලන් බැරිය ඔයා පරණ අයගෙන්ම අහලා.

ඔය කොහොම කෙසේ කීවත් රෙද්ද අදින්නේ විලි වසා ගන්නනේ. සංස්කෘතිය රැක ගන්න එකත් හොඳයි. යම් සමාජයකට යම් පිරිසකට යම් රටකට යම් ජන පිරිසකට හොඳ යැයි හැඟෙන දේ තවත් අයට නරක් ලෙස දකින්න පුලුවන්. එසේම නරක යැයි හැඟෙන දේ හොඳ යැයි හැගෙන්න පුලුවන්. රෙද්ද බාගෙට ඇන්දට මොකද වෙන්නේ. අපි හිතන විදිහටයි ඒක හොඳ හෝ නරක ලෙස පෙන්නේ.

අනේ මගෙ රත්තරං යාළුවනේ බටහිර සංකර පුරුදු කියලා බටහිර දේ ප්‍රතිෂ්ශේප කරන ඔහෙලා ඇයිද බටහිර දේ නැතුව ජීවත් වෙන්නේ නැත්තේ. බටහිර ජංගි කොට ගවුම් කොට අදින්න එපා. අනේ. අදින්නකෝ ඔයා අපේ සරම බැනියම රෙද්ද හැට්ටේ. ඇයි බැරි අදින්න. බටහිර ඇදුම් ඇඳගෙන බටහිර කුමයට කොටට පලාපුවා අදින එක විවෙචනය කරන්න ලැජ්ජා නැද්ද? බටහිර කුමයට අදිනවානම් බටහිර රටවල් වල ඇති මොන විලාසිතාවත් වැරදි නෑ. හැබැයි පුතේ අපේ රටේ ක්‍රමේට අදින්න ගිහිල්ලා ඔන් දැදුමඇඟ පේන්න ඇන්දොත් වැරදියි.

කාන්තාවනි අදින ඇඳුම කුමද්ද යන්න තීරණය කීරිම ඔබ සතු වේ. ඔබ කොටට හො පලපු ඇදුම් ඇන්දොත් ඒ දෙස අරි අමුතු විදිහට පිරිමි බැලුවොත් අන්න එතන අපෙ මහ ලොක සංස්කෘතිය ගැන සිතන්න යමක් තියෙනවා. බුදු දහමින් පොෂණය වු දැහැමින් දිවි ගෙවු සමාජයක්(මවා පෙන්වූ) ඇති රටක මිණිසුන්ගෙ හිත් ඇයි මේ තරම් කාමුක වූයේ. කො බුදු බණ. කෝ හැදියාව. මල විකාර. ඇයි සිත් මෙතරම් කාමුක. සිතන්න.

අපි අදින විලාසිතාව නොව වැදගත් වෙන්නේ. අපි සිතන ආකාරයයි වැදගත් වෙන්නේ. ගැහැනියකගෙ ඇඟෙ පුංචි තැනක් දැක්කොත් (සුද්ද සිංහලෙන් කියනවා නම් මොල් වෙන) කාමුක හැගීම් ඇති වෙනවානම් ඔය තරම්, ඇයි අපට බැරි උනේ අපේ සිත දමනය කර ගන්න. හිතන්න මගේ මගේ බුදු රත්තරං අම්මේ තාත්තේඅයියේ අක්කේ මල්ලියේ නංගියේ හාමුදුරුවනේ මේ නම් දුක් වෙන්න ඕන කරුනක්.

මෙවන් හැදියක් තියෙනවා කියන සමාජයක, හොඳ සංස්කෘතියක් තියෙනවා කියන සමාජයක, බුදු දහමින් පෝෂණය වුන සමාජයක ඇයි අපට බැරි උනේ මිණිස් සිත හදන්න. වැරද ඇත්තේ කොතනද? සිතන්න. බුදු දහම කෝ හාමුදුරුවරු පිස්සු නටනවා. ගුරුවරු කෝ ස්ටයික් දලා පඩි ඉල්ලනවා, දෙමාපියෝ කො ජොබ් අස්සේ හොර ලව් අස්සේ, සමාජයෙ වක කිව යුත්තො කෝ ඒ අය කැපි පෙන්න පොර බදනාවා. සමාජය වෙනස් වෙලා. හැකිද අපිට මේ චංචල මිණිස් සිත හදන්න. හැකි දේ කුමක්ද?

වැරදුනේ කෙතැනද? කාටවත් බනින්න එපා. සිතන්න. නැවත මේ නවීන යුගයෙන් පැනලා පෙර හැදියවක් තිබ්බයි කියන යුගයට යා හැකිද? නැත අපිට කල හැක්කේ වර්ථමානයත් එක්ක ජීවත් වී අපේ ජීවිත යහපත් දේට හැඩ ගස්සවා ගන්න එක. මුදල් පසු පස යන සමාජයක හැදියාව බලාපොරොත්තු වන්න එපා. හැදියවක් නැති සමාජයක පැවැත්ම ගැන සහතික වෙන්න එපා. අපි කවුරු හො කෙනෙක් හොඳ කෙනෙක් විදිහට නිර්මාණය කළ හැකි නම් එය කරන්න. හැබැයි බැඩිපුර සිදු වන දේ (නරක උනත්) ඉඩ දෙන්න. කල හැක්කේ පුංචි හෝ සිතක් යහපත් මගට ගැනීම පමණි. එය කල හැකි නම් යහපති.

මා ඕන දෙයක් විවෙචනය කිරීමට පසු බය නොවෙමි. කියන දේ කෙලින්ම කියමි. අංගන්න දෙයක් නැත. සමහර විට මා මෙසේ කියන විට දේශාභිමානයෙන් පෙලෙන පුහු ජාතිවාදින්ගෙ හිත් රිදෙන්නත් පුලුවනි. ඉගෙන ගන්න http://www1.kalaya.org/ පාට පාට ලොකේ කාන්තාව වෙළඳ භාන්ඩයක් වීමත් පුදුමක්ද?
                මෙහි http://manasindiviyata.blogspot.com/2012/10/blog-post_15.html සඳහන් මගේ  දකින්නකියන ලිපියට ලැබුණු එක්තරා ප්‍රතිචාරය කි,  ඔය උඩින් තියෙන්නේ. මෙම ප්‍රතිචාරය ලබා දි ඇත්තේ මගේ හොඳ බ්ලෝග් මිතුරෙකු ය. මා නැවත එම ප්‍රතිචාරය සහ මගේ නව අදහස්  ඔබේ සංවාදයට යොමු කරමි.මොහු විසින් සඳහන් කරන මෙම කරුණු දෙස බැලු විට මගේ සිතුවිලි තව බොහෝ ඉසව් කරා ගෙන යමි.ඔබත් සමඟ කිසිම අමනාපයකින්වත් අවේගයකින්වත් නෙමෙයි  මෙය පවසන්නේ.
මුලින්ම මම ඔබෙන් මෙසේ අසමි.
ඔබ කැමතිද ඔබේ සහෝදරිය,පෙම්වතිය,මව මෙවන් ඇදුම් ආයිත්තාම් පැලඳ ඔබත් සමඟ එක මඟ යාමේදි කෙනෙකුගේ ඔබ කියන මොල් බැල්මට ඇය නතු ‍වෙනවාට.?
    මෙවැනි මතවල සිටින වෙළඳ දැන්විම් සහ රූප රචන නිශ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ගේද ආකල්ප වෙනස් කර ගන්නේ නම් ඔබ කියන කවුරුන් හෝ යහපත් කෙනෙකු නිර්මාණය කිරීමට හැකිය.යහපත් ස්වාමී පුරුෂයෙකු හෝ පෙම්වතෙකු කිසිම දවසක කැමති වන්නේද? තමන්ගේ බිරිඳවත් පෙම්වතියවත් ඇඟ පසඟ පෙන්වන තරුණ සිත් ඔද්දල් කරන උපහාසයට බඳුන් වන මෙවැනි ආයිත්තම් වලින් විලි වසා ගන්නවාට.එවැනි ඇදුම් වලින් තම දේහය වසා ගැනිම පිළිබඳව සැමියාගේ හෝ පෙම්වතාගේ අමනාපයක් නැතිනම් ඔහු කරන්නේ ඇයත් සමඟ ගනුදෙනුවකි.
    පිරිමින් ගැහැණිය පරික්ෂාවට බඳුන් කරන අවස්ථා තිබේ.කිසියම් පෙම්වතෙකු කථා කළ පමණින් ඔහුත් සමඟ තානායම් ලැඟුම්හලක් වෙත යනවා නම්, ඔහුගේ සිතේ ඇය පිළිබඳව පළමු ඇපැහැදිමට මඟ එය වන බව සත්‍යයකි. ඔහු සිතනවා මාත් සමඟ වගේම තව කෙනෙකු සමඟ ඇය මේසේ යාමට පසුබට නොවන බව’.එහෙත් ඇත්තටම ඇය ඔහුට තිබෙන ආදරයට ඔහුත් සමඟ ගියත්, පිරිමි සිත එසේ නොසිතයි.ගැහැණියගේ පිරිසිදුකම ඔය මහලොකු කථා කියන සමහරක් අය යටි සිතින් බලාපොරොත්තු වෙන දෙයකි.බටහිර පන්නයට හිතන බෝහෝ පිරිස් ඇයි යම් තැනකදී ගැහැණිය පරික්ෂාවට ලක් කරන්නේ?එතකොට නම් ඔය අපහස කරන සංස්කෘතියටත් එහෙමත් නැතිනම් පැරණි යුගයටත් යන්නේ තමන්වත් නොදැනිමෙන් ය. එවිට ඔය කියන  බටහිර පන්නයට හිතන්න අමතක වෙනවා.
    ස්වයං වාරණයක් හැම කෙනා තුලම තිබිය යුතුය. එහෙම නැතිව ඔය කියන එකෙකුවත් හෙට උපදින පුතා හෝ දුවවත් මේ සංකර සමාජය තුල ගුණ ඇත්තෙකු    ලෙස නිර්මාණය කිරීමට දෙමාපියන්ට අවස්ථාවක් උදා නොවනු ඇත. ඔබ කාන්තාව ආරක්ෂා නොක‍රනවා නම් අනාගතයෙදී  සැමියෙකුට හිමි වන්නේ  බිරිඳක් වෙනුවට මොස්තර නිරූපිකාවක් ය. තවද ඇයගේ පසුපස තම ස්වාමියාට යාමට සිදුවෙයි, ඇයගේ රූපලාවන්‍ය උපකරණ ඇසුරුම අතැතිව. පවුල් ජිවිතයක් ගත කරනවා වෙනුවට බොහෝ  විපිරියාස දැක සන්තාප විමට  සිදුවෙයි.
    ඕනම දෙයක දෙපැත්තක් ඇත.ඇයි අප ඒ හොඳ පැත්ත පමණක් ලබා නොගන්නේ. මිහිපිට අපි ජිවත් විමෙදී අපේ යහ පැවැත්ම සහ ඵලදායිතාවයක් උදෙසා  යම් යම් වාරණ අපි විසින්ම ආතීතයේ පැළඳගෙන ඇත. එම වාරණ තුලින් පිරිමියාට වඩා ගැහැණිය බැඳ ඇත්තේ ඇයව ආරක්ෂා කර ගැනිමේ පරමාර්ථයෙන් යැයි මට හැ‍ඟෙ. ඔය වාරණයට නොවැ සංස්කෘතිය කියලා අපි කියන්නේ.
    මගේ මිත්‍රයා සඳහන් කරන පරිදි සිතන ආකාරය අපි වෙනස් කර ගන්න නම්   දකින දසුන වෙනස් විය යුතු නොවේද?අපේ සමහරක් පිරිමි මෙහෙමත් හිතනවා. තමන්ගේ අම්මා විතරයි අම්මා,තමන්ගේ සහෝදරිය විතරයි සහෝදරිය,තමන්ගේ පෙම්වතිය විතරයි පෙම්වතිය.අනෙකුත් සියළුම ගැහැණුන් නිරුවතින් පාරේ ගියත් ඔවුන්ට තැකිමක් නැත.මේ කාන්තා අඩ නිරුවත මුදලට ගන්නා මහත්වරුන්ගේ නොනාවරුන් මෙහෙම වෙළඳ භාණ්ඩ කරයිද?
    නිම් වළලු නැති සිමා රහිත බටහිර අංගයන් සියල්ල අප ගත යුතුද?මෙහෙමවත් මේ සමාජයේ පාරේ බැහැලා යන්න පුළුවන් කමක් තියෙන්නේ ඔය කියන වාරණය අපි පැළඳ සිටින නිසා නොවේද?
    http://www.teledrama.info/samudra/05.htm
http://www.zimbio.com/Sri+Lankan+Celebrities/articles/nXQEnK9ah2E/Rochelle+Adriana+Corera+Miss+Sri+Lanka+2008
(ඕස්ට්‍රේලියාවේ අගමැතිණිය වන JULIA GILLARD ගේ සිදුවිම ගැන මොහොතක් හිතන්න.නොගැළපෙන දැ පැළදීම නිසා මුහුණ පෑමට සිදු වන අපහසුතාව. ඇය පසුව මධ්‍යයට පැවසුවේ එය සාමාන්‍ය සිදුවිමක් ලෙසය.ඇයට සිදු වු අපහසුතාවය සඟවා ගැනිමට එසේ ප්‍රකාශ කරන්න ඇති.මේ තුලින් යමක් ඉගෙන ගැනිමට හැකිය.)නොසිතු මොහොතක මෙවැනි කරදරයකට මුහුණ පෑමට සිදු විම පිළිබඳව උපහාසයට බඳුන් කිරිමක් නොවන වඟ මතක් කරමි.
ගැහැණුන් වෙනස් නොවන තාක් කල් පිරිමින්ගේ නොසන්සුන් වන අසංවර හැඟිම් නැති කිරිමට නොහැකි බවයි මගේ මතය නම්.

-ජිඑම්-
       
38 Comments
Tweets
Fb Comments

38 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඒ ස්වයං වාරණ කතාව මාත් පිළිගන්නවා. ගැහැණු ළමයෙක්ට විතරක් නෙමෙයි පිරිමි ළමයෙක්ටත් ස්වයං වාරණයක් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි. දෙගොල්ලාන්ටම තමයි මම කිව්වේ.එහෙම නැතිව ගැහැණිය ට පමණක් නොවේයි.

      Delete
  2. ///හිතන්න මගේ මගේ බුදු රත්තරං අම්මේ තාත්තේඅයියේ අක්කේ මල්ලියේ නංගියේ හාමුදුරුවනේ මේ නම් දුක් වෙන්න ඕන කරුනක්.///
    මේ ටිකට නම් මට එකපාරටම මතක් උනේ මං අහන්නවත් ආස නැති සුමංගල හාමුදුරුවන්‌ෙග් බණක්.. හි හි..

    ගයනිගේ මේ ලිපියේ එකඟ වෙන සහ නොවෙන කරුණු කීපයක්ම තිබ්බා...

    ///ස්වයං වාරණයක් හැම කෙනා තුලම තිබිය යුතුය./// එකඟයි..

    ////ගැහැණුන් වෙනස් නොවන තාක් කල් පිරිමින්ගේ නොසන්සුන් වන අසංවර හැඟිම් නැති කිරිමට නොහැකි බවයි මගේ මතය නම්.///// ‌මේකට නම් මම එකඟ නෑ...

    මේක මම මෙහෙම කියන්නම්.... ඇඳුම් ඇඳීමේදී තැනට සහ තමන්ගේ සිරුරට ගැලපෙන විදියේ ඇඳුම් තෝරා බේරා ඇඳීම ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම සුන්දර වෙන්න අවස්ථාවක් ලබා දෙයි....

    නොසන්සුන් වන අසංවර හැඟීම් තියෙන්නේ පිරිමින්ට විතරක් නෙවෙයි.. ඒවා එහෙම උනාය කියලා ගෑණුන්ගේ ඇඳුම් වෙනස් කිරීමෙන්, වෙනස් කරන්න පුළුවන් නම් අපි තලිබාන් සෙට් එකක් මෙහෙට ගේමු.. ගෑණුන්ට ලෝගු අන්දවමු... වැ‌ෙඩ් හරි යන්න ඕනේ....

    මේ වෙළඳ පොළේ ගැහැනියගේ සුන්දරත්වය හා නිරුවත කියන්නේ වෙළඳ භාණ්ඩයක්... ඒක වෙනස් කරන්න අපි වගේ රටකට දැං නං පුළුවන් වෙන එකක් නෑ මට හිතෙන විදියට....

    ඕක ගැන මගේ අදහස මේ පෝස්ට් එකේ මම ලිව්වා....

    ගවුම් මෝස්තර

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැ පිරිමි ළමයෙකු සේ සම්පුර්ණ ඇඟ වැසෙන්න ඇඳුම් අඳින්න ඕන කියලා.මම පටු රාමුවක සිට නොවෙයි කථා කරන්නේ.එහෙත් මේ ඇදුම් ආයිත්තම් තුලින් විශාල බලපෑමක් තියෙනවා කියන තැන මම ඉන්නවා.එකට හොඳම නිදසුන් තමයි වෙළද දැන්විම්.ඒ තුලින් ඔවුන් පරිභොගිකයාට ඔවුන්ගේ නිෂ්පාදන කෙරෙහි ගෙන්වා ගැනිම සඳහා පරිභොගිකයාගේ සිතුම් පැතුම් වලට අනුකුලව නොවේද ඔවුන්ගේ නිෂ්පාදන අපි අතරට ගෙන්නේ.බලාපොරොත්තු වන දේ හොදටම පැහැදිලි ඇඳගෙන සිටින ඇදුම් දෙස බැලු කළ.
      අසංවර හැඟිම් දෙපැත්තටම තිබේනවා.එහෙත් මම කථා කරපු මතෘකාවේ ගැහැණිය වෙනස් විය යුතු තැන මම ඉන්නවා.ස්තුතියි ඔබ මේ සංවාදයට එක් වුවාට.

      Delete
    2. ගයනි /// ගැහැණිය වෙනස් විය යුතු තැන//// කියන්නේ මොකද්ද කියලා මට හරියටම පැහැදිලි නෑ....

      Delete
    3. හිරු අපිට තර්ක කරලා ගොඩාක් දේවාල් දිනන්න පුළුවන්.එත් අපේ ජිවිතය අපට එහෙම දිනන්න බැ.මම කියන්නේ නැ සාරි අඳින්න කියලා.එත් පිළිකුලක් ඇතිවන විඳියට ඇයි අපි හැසිරෙන්නේ.ගැහැණියට පුළුවන් වාරණයක් දා ගන්න.එවිට ඔය කියන වෙළඳ දැන්විම් වලට තමන් කැමති ඇඳුම අඳින්න පුළුවන් වෙයි.නැතිනම් වැඩසටහන් නිෂ්පාදකයින්ට උවමනා පරිදි හැමදේම සිදුවෙයි.වෙනස් විම පිළිගන්න ඔබේ දැත දිගු කරන්න.එත් ඔබේ වටිනාකම ගිලිහි යන්න ඉඩ නොතබන්න.

      Delete
    4. ////එත් පිළිකුලක් ඇතිවන විඳියට ඇයි අපි හැසිරෙන්නේ.ගැහැණියට පුළුවන් වාරණයක් දා ගන්න////

      මේ ප්‍රශ්නේවත් උත්තරේවත් ගයනි අපි එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ අතේ තියෙන දෙයක් නෙවෙයි....
      මේක ගැහැණීයට විතරක් අදාළ ප්‍රශ්නෙකුත් නෙවෙයි...

      අපිට කිසිම කෙනෙකුට කියන්න අයිතියක් නෑ ඔයා ඔයා විදියට අඳින්න එපා කියලා... නමුත් අපිට ඕනෙ කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් අඳින්න ඕනේ විදිය... එච්චරයි...

      ගැහැණු කෙනෙක් විදියට අපිට කරන්න පුළුවන් එකම දේ මේ සමාජයේ ජීවත් වෙනකොට, තමන්ට සහ තමන් යන, ඉන්න, තැනට ගැලපෙන විදියට ඇඳුම් අඳින එක විතරයි... දැං ඔය තැන ගැන කිව්වාම පන්සලට යන විදියට පල්ලියට යන කෙනෙක් යන්නේ නෑනේ... කෝවිලට යන විදියට පන්සලට යන්නේ නෑ... මේ සමාජය සංස්කෘති කීපයක් අතර දෝලනය වෙන එකක්.. ..

      ඒක නිසා මම නම් හිතන්‌ෙන් ඕනෙම ගෑණු ළමයෙක්ට දෙන්න පුළුවන් අවවාදය .. දුවේ උඹ ඇඳුමක් අඳින කොට ඉස්සරවෙලා උඹ යන්නේ කොහෙටද, කාත් එක්කද, කොහොමද, කියලා හිතලා බලලා තමන්ට ගැලපෙන ඇඳුමක් ඇඳපන් .. කියලා විතරයි....

      ///එවිට ඔය කියන වෙළඳ දැන්විම් වලට තමන් කැමති ඇඳුම අඳින්න පුළුවන් වෙයි.නැතිනම් වැඩසටහන් නිෂ්පාදකයින්ට උවමනා පරිදි හැමදේම සිදුවෙයි.////

      මේක ගැන කියන්න තියෙන්නේ, මේ දේ කරන්න අපේ සමාජය පරක්කු වැඩියි කියලා... ඒක හරියට පිටරටින් ගේන දේවල් නවත්තලා සුපර් මාකට් වහලා, අල බතල වවාගෙන කන්න කියනවා වගේ... ( සිරිමාවෝ ආණ්ඩුව ඒක කරන්න හැදුවා.. එදා ඒක කරන්න පුළුවන් තත්වයක් තිබුණා.. ඒත් විවෘත ආර්ථිකේ අවාට පස්‌ෙස් ඒ දේ කරන්න බෑ.. උදාහරණයක් විතරයි...)

      නමුත් ස්වයං වාරණයක් දා ගැනීමෙන් කෙනෙක්ට තමන්, අනුන්ගේ හිනාවට ලක් වෙන එක නවත්තගන්න පුළුවන්... මම හිතන්නේ අපිට කරන්න පුළුවන් වැදගත්ම දේ ඒකයි කියලා...

      Delete
    5. මම හමුදාවක් තුල ජිවිත් විම ගැන මම අද සතුටු වෙනවා හිරු.ඒ ඇයිද දන්වද?අපේ ආකල්ප යම් කිසි නිතී රාමුවක් තුලින් වාරණය කරන නිසා.ඒ නිසා අපි අඳින්න ඕන ගැළපෙන සංවර ඕනෑම එකක්.අවස්ථාවට උචිත ඇදුම අනිවාර්යෙන් අඳින්න ඕන.ඉතිං හරි ලස්සනක්,පුදුම පැහැදිමක් ඇති වෙනවා දකින විට.

      Delete
    6. මේක දකින්න පරක්කු උනා මම.. සොරි..

      මේ ලියන්නේ කොලර් තියෙන ටී ෂර්ටුයි, විළුඹ වැහෙන සායවලුයි විතරක් හොය හොය ඇන්ද කෙනෙක් කියන එක ගයනි පිළිගනීද දන් නෑ.. හි හි...

      ඔයා අනිත් අයට දීලා තියෙන රිප්ලයි වලින් මට හිතෙන්නේ ඔයා කියන්නේ නීතියක් මඟින් මේවා නවත්තන්න පුළුවන් කියන එක වෙන්න ඕනේ.... ඔව්.. නීතියක් දැම්මොත් ඒක පිළිපදින අයත් ඉදියි.. ඒකට විරුද්ධ අයත් ඉඳියි... එතකොට විරැද්ද වෙන අයව හිරේ දානවද...? නැත්තම් තලිබාන්ලා වගේ මොකක් හරි දඬුවමක් දෙනවාද කියන එක මට ප්‍රශ්නයක්...

      ඒත් ගයනි දන්නවා නේද බුදු දහමේ උනත් නීති පනවලා නැත්තේ ඇයි කියලා....? උඹලා මෙදාට අනිවාර්‌යයෙන්ම පන්සල් යන්න ඕනේ, මේ මේවා කරන්න ඕනේ කියලා නීති දාලා නැත්තේ අවබෝධ කරගෙන දෙයක් කරන එක හොඳයි කියලා පිළිගත්ත නිසා.. එහෙම සමාජයකට නීති දාලා ( හමුදාවේ වගේ) හදන්න යන එකෙන් ඇත්තටම සමාජ ක්‍රමය කඩං වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි... හමුදාවක් ඇතුලේ තත්වය වෙනස්... සමාජයක් ඇතුලේ තත්වය වෙනස්...

      තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස කියන්නේ මානුෂීය අයිතිවාසිකමක්... ඒක නීති වලින් තද කරලා බැඳලා දාන්න බෑ... පුළුවන් එකම දේ තමයි සමාජීය, ආගමික සාරධර්ම වලින් පෝෂණය කිරීමෙන් සමාජය යහපත් මාවතකට ගේන එක...

      පන්සලකට පාට ඇඳගෙන යන අය ( කළු, නිල්, රතු වගේ තද පාට) දැක්කම මට මාර තරහක් එනවා... හිතලම කරනවා නම් වැඩිය හොඳ උනත් එහෙම නොකරන නිසා, පන්සලකට යන කොට සුදු දිග ඇදුමක් ඇදගෙන යන්න කියලා බෝඩ් එකක් දාන එක වැරදියි කියලා මම හිතන්නේ නෑ.. ඒත් පන්සලකට යනකොට සුදු රෙද්දක් ඇදගෙන යන්න කියලා නීතියක් දැම්මොත් ඒක මට අනුව නම් වැරදියි... මම ඒක කරන්නේ නෑ...

      මේ ඇත්තටම මගේ අත්දැකීමක් ගයනි... එක පන්සලකට යද්දි විළුඹ ළඟට දිග සුදු සායකුයි, කර වැහිච්ච, අත් දෙක වැලමිටට පල්ලෙහාට දිග සුදු බ්ලවුස් එකක් ඇඳලා හිටපු මට, ඊට උඩින් රෙද්දක් ඇන්දපු එකෙන් මට ඒ පන්සල එපාවටම එපා උනා.. කොච්චර හොඳ තැනක් උනත් මට ඒකේ කිසිම පන්සලක ගතියක් දැනෙන්නේ නෑ.. ඒක මට පේන්නේ මුස්ලිම් පල්ලියක් වගේ... පන්සලක් කියන්නේ මගේ හිතට හරිම නිදහසක් තියෙන තැනක් වෙන්න ඕනේ... මම අදටත් එතනට යන්නේ නෑ... ඒ වෙනුවට මම වෙන පන්සලකට යනවා...

      ඔය වගේ අත්දැකීම් ගොඩක් මට තියෙනවා.... දළදා මාලිගාවට කොට කලිසම් ඇදන් යන අය බෞද්ධයෝ ගැන එහෙම... හි හි.

      ඉතිං ඔය මම වගේ, එක එක විදියට හිතන අය ගොඩක් සමාජයක ඉන්නවා.. එහෙම එකේ ඔය වගේ නීතියකට විරුද්ධ වෙන අය කොච්චර ඉඳියිද... අනිත් ප්‍රධානම දේ අපේ රටේ තියෙන්නේ මිශ්‍ර සමාජයක් වීම...

      කලිනුත් කිව්වා වගේම අන්තිමටම මට කියන්න තියෙන්නේ මෙච්චරයි... සාමාජයක් හදන්න අපිට බැරි වෙන්න පුළුවන්.. නමුත් තමන්ට හැදෙන්න පුළුවන්... ( කෙනෙක් වැරැද්දක් කරනවා දැකලා අනිත් අයත් ඌ කරනවා නම් අපි කළාම ‌මොකෝ කියල හිතන සමාජයක මේක අමාරුයි) එතකොට 10ක් ඉන්න තැන 7ක් හැදුනොත් අනිත් 3ට හැදෙන්න වෙනවා.. අවාසනාවකට වැඩිපුර වෙන්නේ මේකේ අනිත් පැත්ත... නමුත් කරනවා නම් කරන්න පුළුවන් ඔච්චරයි...

      Delete
    7. හිරු ඔයාගේ තර්කය එක පැත්තකින් හරි.ඒ නමුත් මේ මුළු ලොකය පුරාවට නීතියක් තියෙනවා.එවන් නිතීයක් නැති උනා නම් අපි මෙහෙමවත් ඉඳලා ඉවරයි.හමුදා නීතීය සිවිල් නිතය දෙක්ක.එත් නීතය සධාරණයි.යුක්තිගරුකයි.එත් සමහරක් ඔලමොට්ටලයින් නීතිය අතට ගත්තෙ නැති නම් මේ තරම් අරගල නැ රටේ.සුද්දා හදපු රේල් පාරේ විතරක් අපි අදත් යන්නේ මේ අරගල නිසා.අපි තවම ආතීතයේ ඉන්නේ .වෙලා තියෙන්නේ වයසට ගිය එක විතරයි.එහෙත් අසල් වැසි ඉන්දියාව අපිට පෙන්නේවත් නැති දුරක.රටේ ප්‍රමාණය නොව වැදගත් අධිෂ්ඨානය සහ කැපවිමයි අවස්ස.ඉන්දියාවේ සම්මාන උළෙලක් බලන්න.ඒ මිනිසස්සු අත් දෙක එකතු කරන්නේ අවංකව.එයින් පිට වෙන සද්දය හරි ශක්තිමත්.එත් අපි අනුකරණය කරලා තියෙන්නේ ඇදුම විතරයිද මන්දා

      Delete
  3. සියල්ලට මුල මිනිසුන්ගේ ආකල්පයන්ය. මීට වසර ගනනාවකට පෙර අපේ අම්මලාගේ තාත්තලාගේ කාලයේත් මිනිසුන් කොටට ඇන්දේය. මාලනී ෆොන්සෙකලා කොටට ඇදගෙන ච්ත්‍රපට වල රගපෑවේය. නමුත් අද කොටට ඇදගෙන රගපාන උන්ට කතන්දර කියන්නේය..කලකට ඉහත මාර්කට් උනේ ගැහැණිය හා ගැහැණියගේ නිරුවතයි. දැන් දැන් පිරිමියාගේ නිරුවතත් මාර්කට් වෙමින් පවතී. සමහර ඉන්දීය චිත්‍රපට හා වෙළද දැන්වීම් හොද උදාහරණය.
    අපි සංස්කෘතිය නම් වූ බැම්මකින් බැදී සිටින්නෙමු. බටහිර රටවල් වලට එවන් බැමි නොමැත. අප සගවන්නට දගලනා බොහෝ දේ ඔවුන් එලිපිට කරන්නේය. සමාජ ක්‍රමය එක දිනකින් වෙනස් කරන්නට නොහැකිය. එය ටිකෙන් ටික පරිණාමය වන්නකි. සුදුසුම දෙය අප එයට හුරු වීමයි. නැතිනම් අපද ඩයිනෝසරයන් මෙන් විනාශ වී යනු ඇත. සංවර කර ගත යුත්තේ සිතය. එයට කාන්තා පිරිමි බේදයක් නොමැත්තේය. පිරිමියා කලිසම් කොට් ඇදගෙන ගැහැණියට ඔසරිය අදින්න යයි පැවසීම විහිලුවකි. වෙනස් වනවා නම් අපි සැවොම වෙනස් විය යුතුය. මක් නිසාද.. මේ සමාජය ගොඩනැගෙන්නේ ගැහැණිය හා පිරිමියාගේ එකතුවෙන් වන නිසාය.

    ජය..

    ReplyDelete
    Replies
    1. ඔබේ සමහරක් අදහස් වලට මම එකඟ වෙමි.ඔසරිය අඳින්න කියනවා නෙමෙයි සහොදරයා.එහෙත් ඉතිං මට නම් හිතෙන්නේ අපි යා යුතු සිමා පරයමින් ඉදිරියට ගොස් ඇති බවය.මා කියපු කරුණු මා අත් දුටු කතන්දර තුලින් ගොඩනැඟුණු ඒවාය.ඔවුන්ගේ ඒ කියන්නේ පිරිමි ළමයා සහ ගැහැණු ළමයා යන දෙදෙනාගෙම සිත් තුල තෙරෙපන සිතුවිලි තමයි මම කියන්නේ.කවුරුන් හෝ නැහැ කියනවා නම් මට එයට නිදසුන් පෙන්විය හැකිය.සමහරක් අවස්ථා වල යථාර්තය තුලද අපිට දොළනය විමට සිදු වේ.ඒ අපිත් ඒ වර්ගිකරණ තුලට ඇතුලත් වි ඇති නිසා.මම අමුතුවෙන් අතිශෝක්තියෙන් මම යමක් පවසා නැත.මේ රටේ සෑම තරාතිරමක අයව මට ඇසුරු කරන්න අවස්ථාව තියෙනවා.ඔය සැඟවුනු සිතුවිලි එක්තරා අවස්ථාවක ප්‍රසිද්ධියට පත් වන්නේ ඔවුන්වත් නොදැනිමය.

      Delete
  4. කාලින සංවාදයක් ගයනි.....ස්වයං වාරණය තමයි එකම විසඳුම.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ මම කොහොමත් එනවා

      Delete
  5. අනේ මන්ද...මට තාම ඕව ගැන තේරුමක් නෑ. මං තාම අවු 23ක පොඩි එකෙක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්....23 ත් පොඩි නැ මලයෝ..

      Delete
  6. යම් සීමාවක ඉඳන් බලනව නම්...
    ශෘංගාරය කියන එක ගැහැණියක් දිහා බලලත් , ගැහැණිය සිත්තමකට , කවියකට නගලත් , සමාජය තුල විවිධ ආකාරයට උපයොගී කරගෙන තියෙනව.
    කාන්තාවක් කොටට ඇඳල යනකොට පිරිමින් ඒ දිහා බලල යම් ශෘංගාරාත්මක හැගීමක් ලබනව.
    ඕක ආදි කාලෙත් තිබුනා කියලයි මට හිතෙන්නෙ. අපේ බිතුසිතුවම් වල , කවිවල ඉස්සරම කාලෙ.
    පස්සෙ...ගීතවල ..කවිවල..මේවායිනුත් ඔය ශෘංගාරය මිනිස්සු ලැබුව.
    දැන් ක්‍රමේ වෙනස් වෙලා විතරයි කියලයි මටහිතෙන්නෙ.
    හොඳම උදාහරනය..අපේ රජවරු..!

    ReplyDelete
    Replies
    1. අපට ඕනම දෙයක් සිතින් සිතිය හැකිය.එහෙත් ඕනෑම දේයක් ක්‍රියාවට නැඟිමට පුළුවන් කමක් නැත.ඔයා කියන එක්ක පිළි ගන්න මට වෙනවා.එදා ගැන කථා කරන්නේ අපි පොත්පත් වල ඇති දේ ඇසුරෙන්.එත් අද අපි කථා කරන්නේ අත්දැකිම් තුලින්.මම පටු කොටු වල සිට කථා කරන්නේ නැ.එත් පිහිණුම් තටාකයේ අඳදින ඇදුම සමාජය තුල අඳිනවා නම් අන්න එක ගැනයි මම කථා කරන්නේ.ඔය අඳින අයට ප්‍රශ්ණයක් නැ.‍ඒ දේවල් දැකලා සමහරක් මිනිස්සු බිල්ලට ගන්නේ අහංසක ගැහැණු ළමයි.අන්න උන් ටික ගැනයි මම කථා කරන්නේ.

      Delete
  7. හරි විදිහට ,තමන්ට ගැලපෙන විදිහට ජිවත් උනා නම් මොන අවුලක්වත් නැහැ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.හිරු හිමාවි මම කියන්නේ නැ සාරිය අඳින්න කියලා.එත් ඉතිං මේ වෙන දේවල් නවත්වන්න බැ.එත් කවදක හරි තේරුම් ගනිවි ලාංකීය කාන්තාව තමාට ගැළපෙන්නේ මොනවද කියලා.

      Delete
  8. තමන්ට හරියි කියලා හිතෙන දෙයක් කලාට කමන් නෑ. ඒත් පොඩ්ඩක් හිතන්ඩ ඕන ඒක කොයිතරම් ගැලපෙනවද කියලා.කොටට ඇඳන් ගියාට අවුලක් නෑ නංගි, හැබැයි මිනිස්සුන්ට නොබලා ඉන්න කියලා නම් කියන්න බෑ..
    ඔයා දන්න්නවද ලෝකේ තියෙන රසවිඳින්න පුලුවන් හොඳම දේ ගැහැනිය කියලා. අන්න ඒ නිසයි සමාජයේ ඇස් ගොඩක් ගැහැනියට යොමු වෙලා තියෙන්නේ.




    ReplyDelete
    Replies
    1. මිනිස්සු ලස්සන දැක්කට කමක් නැ අයියේ.එත් මිනිස්සු කන්න බලනවා නම් වැරදියි.

      Delete
    2. ඒක හරි... කන්න වගේ බලනවා විතරක් නෙමෙයි සිතට එන කාමුක සිතුවිලිත් පාලනය කරගෙන ඉන්න ඉගෙන ගන්න ඕන.

      Delete
    3. ඒ පාලනය නැති නිසා තමයි අද අපි මෙවැනි මතෘකා ගැන කථා කරන්නේ.

      Delete
  9. හ්ම්!
    ශිෂ්ටාචාරයක් විදියට දියුණු වෙච්ච ලෝකෙක අපි විලි වහගන්න ඕන.මොකද ඒක තමයි ශිෂ්ටත්වය කියන්නෙ.
    කොහොම වුණත් බටහිර සිරිත් ලංකාවේ මුල් බැස ගත්තෙ අද ඊයෙක නෙවෙයි.ඉතින් කාලයක් තිස්සෙ පුරුදු වුණ දේවල් අපිට වෙනස් කරන්න බැහැ.
    කෙල්ලො කොටට සාය පලාගෙන පෙන්නගෙන යන කොට කොල්ලො බලනවා තමයි.නැත්නම් ඉතින් උන් කොල්ලො නෙවෙයි කියල දන්නවනේ.
    කෙල්ලො සමහරු, කොල්ලො තමන් දිහාට ඇදල ගන්න නෙව ඔය වගේ එව්ව ඇදන් යන්නෙ..බටහිර බලපෑම නසා තමයි ලංකාව මෙච්චර සවුත්තුවෙලා තියෙන්නෙ..
    බුදු දහමෙ කියන විදියට අනාගතේ මිනිස්සුන්ගේ රාගය ඒ කියන්නෙ කාමුක ආශාවන් වැඩිවෙනව.මිනිස්සු රාගය පස්සෙ දුවනව.ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදියට තමයි ලෝකේ විනාශ වෙනව කියන්නෙ..
    මම නම් කියන්නේ ඔක ගැන කතා කරල වැඩක් නැහැ.
    ඕක නිකන් කෙස් පැලෙන තර්කයක් විතර යි.
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. තර්ක කරලා ගොඩක් දේවල් දිනන්න පුළුවන්.එත් ඉතිං මිනිස්සු සුමගට නෙමෙයි යන්නේ නොමඟට.මෙච්චර විනාශ වෙලත් හැදෙන්නෙ නැත්තේ ලොක විනාශය ලග ඇති.

      Delete
  10. මෙහෙමයි මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සුන්ගේ හැඟීම් ආකල්ප වටපිටාව ආදිය වෙනස් වෙනව....ඒක හොඳ විදියටත් නරක විදියටත් යන දෙයාකාරයටම විය හැකියි.හැම මනුස්සයම එක වගේ හිතන්නේ නෑනේ.කෙනෙක්ට හරියි කියල දකින දේ තව කෙනෙක්ට වැරදී.හැබැයි මම හිතන්නේ නෑ අඳින ඇදුම නිසා විතරක් පිරිමින්ට අසංවර හැඟීම් ඇති වනවා කියලා.ඒක එක සාධකයක් විතරයි.අපි හැමෝම තමන්ට ගැලපෙන විදියට, සමාජයටත් ගැලපෙන විදියට ජීවත් වෙනවනම් හරි.

    ReplyDelete
    Replies
    1. එක පැතිකඩක් තමයි මම පෙන්නුවේ සමනළි.

      Delete
  11. මටත් තාම මේවා තේරෙන්නේ නැහැ අෆ්ෆා

    ReplyDelete
  12. එන්න ටිකක් පමා උනා කතාව සම්පූරණ ඇත්ත. ලංකාවේ අපි කරන්න ඕනේ ස්ටයිල්, නමුත් අපට ගැලපෙනවද තැනට ඔබිනවද කියලා බලල විතරයි.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා මට ඇත්තටම සතුටුයි මම කියන දේ තේරුම් ගත්තට.ආතීතයේ රෙද්ද හැට්ටය ඇන්දා කියලා මම කියන්නේ නැ අදත් අපි ඒවා අඳින්න ඕන කියලා.එත් බුද්ධ ධර්මයෙන් පෝෂණය වු සිතක් අපට තියෙන්නේ.සුද්දට වගේ නෙමෙයි.අපිට තේරේනවා හොඳ නරක.ඇඳුම සංවර උනා කියලා අපට ලොකයත් සමඟ යන්න බැරි කමක් නැ නේද?

      Delete
    2. කිසිම අවුලක් නැහැ. දැන් බලන්න පොඩි කාලේ ඉඳලම මම ඉගන ගත්තේ මෙහෙ. මගේ කැම්පස් එක ඇමරිකන් යුනිවර්සිටි ඔෆ් සර්ජා. මේකේ ඉන්න තරමක් ඉන්නේ ඔය වගේ බිකිනි කේස්. කෙල්ලෝ කොටට අඳින්නේ කොල්ලොන්ට බලන්න. කොල්ලෝ බලන්නේ නැත්නම් ඇඳලා වැඩක් නැහැ. මම ලංකාවට ආවේ අහිංසක ලංකාවේ කෙල්ලෙක් හොයා ගන්න. ඔයා දන්නවා මම හොයා ගත්තා. ඒ මගේ බනියා. විච්චූරණ කෙල්ලොන්ට දැන් කොල්ලෝ වැඩිය කැමති නැහැ.

      Delete
    3. අනිවා.ඔයාගේ කෙල්ල නිහතමානි අවංක කෙල්ල ක් නේ.එත් මේ කෙල්ලන්ට තෙරේන්නෙ නැ.මම කථා කරපු සමහරක් දේවල් කොල්ලන්ගෙ අත්දැකිම් එක්ක කියන්නේ.ඒ කොල්ලෝ සමහරක් අවස්ථා වල කෙල්ලෝ දලා යන්නේ කෙල්ලන්ගේ තිබෙන චරිතවත් බවක් නැති නිසා.

      Delete
  13. අපි එකිනෙකා හැදුනා නම් හරි නේ ගයනි. මේ දේවල් වලට මූලිකව වග කියන්න ඕනෙ අම්මලා. එයාලා තමා තම දියණියන්ව ඉස්සරහ තියාගෙන බාගෙට ඇඳ ගෙන යන්නෙ. මම දකින වැඩි දෙනෙක් මැදි වයසෙ අය.එහෙම බැලුවහම කෙල්ලො හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන් ස්වයංවාරණයක් තිබිය යුතුය.එහෙත් අපි සෑමදේනා තුලම එක තිබේනවාද යන්න අද ප්‍රශ්ණයක් නේද?අපි තුල එක තියෙන්නේ එක නීතියක් මඟින්ම එක පනවලා තියෙනවා.ගැහැණු ළමයෙකු අඳින්න ඕන පිළිවෙල.කලිසම අදින්න ඒපා කියලා නැ.එත් ගැළපෙන විදියට යම් ක්‍රමාණුකුලත්වයක් ඇතිව අඳින්න ඕන.අපේ ආකල්ප නීතියක් මඟින් යහ මඟට ගන්න පුළුවන් සාර්ථක ක්‍රමයකි.

      Delete
    2. අපි කිව්වේ හමුදාවක් තුල

      Delete
  14. අපි තාමත් ජීවත් වෙන්නේ දෙලොවක් අතර මම දකින හැටියට ඒකයි ගැටළුව.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...