Monday, October 15, 2012

දකින්න


නෙතු පින වු වස් කවියක් මෙන්ය

අද දින සිදු වු පුංචි අත්දැකිමක් ඔබේ දැන ගැනිම පිණීස මෙසෙ සටහන් තබමි.
          ක්වා ඇති රූප සටහන අද දින රූපවාහිනී නාලිකා කිහිපයක උදැසන වැඩසටහන් මෙහෙය වු නිවේදිකාවන්ගේ ඡායාරූප කිහිපයකි.
           
          නාලිකා කිහිපයකම හරවත් යමක් පිළිබඳ කථා කෙරුණු  වැඩසටහන් තිබුණි. මාගේ අවශ්‍යතාවයක් මත මම එක්තරා ආයතනයකට යන ලදි. එම ස්ථානයේ වැඩි කොටසක් පිරිමි නියොජනයකි. කාන්තා පක්ෂය  සහ තවත් කිහිපදෙනෙකු හැරුණු කොට බහුතරයකගේ රුචිකත්වය තිබුණේ මම ඔය සළකුණක් කර ඇති නිවේදිකාව විසින් කරගෙන ගිය වැඩසටහන නැරඹිමටය. වැඩි මනාපයට ඉඩ දිමට සිදු විය.එම වැඩසටහනෙන් ඇති ඵලක් ඒ නරඹපු පිරිමි කොටසට තිබුණේ නැත. එහෙත් එම නිවේදිකාවගේ විවර තිබු දෙපා සහිත ආයිත්තම් වලින් හැඩ වු රූපය දෙස නෙත් යොමු කිරීම  ඔවුන්ගේ ආශාව විය. එම තරුණ පිරිස කථා කර සමහරක් වචන මට මෙහි ලිවිමට අවශ්‍ය නැත.එය ඔබට සිතන්නට ඉතිරි කරමි.එම නිවේදිකාව විටෙක අපහසුතාවකින් සිටි බවක් නරඹන්නාන්ට දකින්නට ලැබුණු තවත් කරුණකි.ඒ මන්ද යාත් එතුමිය හැඳ සිටි ඇඳුම නිසියාකාරව සකස් කර ගැනිමේදි ලක් වු අපහසුතාවයි.
           
                     මේ මා කියන්නේ සෑබැම සත්‍යයකි.

ඇයගේ එම අපහසුතාවය පවා දැක විඳින්න එය නැරඹූ මා අසල සිටි තරුණයින් කැමැත්තක් දැක්විය. මම දන්නේ නැහැ ඒ තරුණයින් මොන විදියේ වින්ඳනයක් ලැබුවද කියලා. එහෙත් ඔවුන්ගේ සමහරක් කථාබහින් මට හැඟි  ගිය කරුණ‍කි එය.
          මම මේ විවෙචනයක් කරන්න උත්සහා කිරීමක් නෙවේයි.එහෙත් මේ දකින දසුන් නිසා පාලන කර ගත නොහැකි ඇතමෙකුගේ කාමුකත්වය පිනවිමට ගොදුරු බවට අද පත් විමට සිදු වි ඇත්තේ ගමක සිටින අහිංසක පාසල් සිසුවියකට හෝ යුවතියකටය.
          එම දසුන් වල තවත් අතුරුඵලයකි මේ. ගමේ විරැකියාවෙන් සිටින සමහරක් ගැහැණු දරුවන්ගේද සිත් මේ කෙරෙහි ඇඳි යයි.එවිට තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබෙන ඔවදන්ද පරයමින් මෙවන් මාර්ග තුලින් තමන්ට දියුණුවක් ඇති බව සිහින මවමි.
"කරන්න  දෙයක් නැත්නම් ගෙදරට වේලා හිටපන්. ඒත් ඔය මනස්ගාත බහුබුත වලට යනවා එහෙම නෙමෙයි".මේ හඩ තවමත් සුන්දරත්ව කැටිව තිබෙන ගම්මානයක අහිංසක පියෙකුගේ හදවතේ නැගෙන හඩකි.කෙතරම් අඟහිගකම් තිබුණද ලැජ්ජාව,පරපුරෙන් රැගෙන ආ අභිමාන සහ අත්ම ගරුත්වය මිල මුදල්වලට ගනුදෙනු නොකරන අපේ ඇත්තො කිහිපදෙනෙකු හෝ ගම්මානයක් තුල තවමත් සිටි. ඔවුන් දිවිහිමියෙන් රැක ගත් ගරුත්වය අද දරුවන්ද කෙලසන්නේ මෙවන් වු  විලන්බිත අණුකරණය කරමින් තම ජිවිත වලට ගලපා ගන්න උත්සහා දැරිම තුලින්ය.

නිරුවත වසා ගැනිමට ඇඳුම නිර්මාණය වුවද වර්තමානයේ එයටද හිමි වන්නේ ප්‍රධාන තැනකි.
         
                  කාන්තාව අද වෙළඳ භණ්ඩයක් වි හමාරය.
       
      එහෙත් මම ඉල්ලීමක් කරමි.දුෂණයට විරුද්ධව හඬ නඟන ආයතන පළමුව කළ යුත්තේ දුෂණ වලට මුලික සිද්ධාන්ත වන මේ ගැහැණුන්ට විලිබිය හුරු කිරීමය.


ජිවිතය මන්ද මානෂිකත්වයට පත් කරන මා දුටු තවත් සියුම් පැති කඩකි.
  

-ජිඑම්-
25 Comments
Tweets
Fb Comments

25 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. වරක් එක්තරා ඉංග්‍රීසි මෝස්‌තර නිර්මාණ ශිල්පියෙක් කියූ දෙයක් උපුටා දක්වනු කැමැත්තෙමි. ඔහුගේ වදන් ඒ අයුරින් මතක නැතත් අදහස වුයේ මෙවැන්නකි.

    "කාන්තාවන්ට ඇඳුම් නිර්මාණය කරද්දී, ඇඟ පත වැහෙන්න ඇන්දම බොහෝ දෙනෙක්ගේ ඇස යන්නේ නැහැ. ඒ වගේ ම පහසුවෙන් ඇඟ පෙනෙන්න ඇඳීමෙන් ඒ අවධානය ගන්නත් බැහැ. නමුත් පොඩි උත්සාහයක් දරද්දී බාගෙට පේන්න අඳින ඇඳුමකින් තමයි ඇඟ මාකට් කරන්න පුළුවන්."

    කවුරු කෙසේ කිව්වත් ගැහැණිය වෙළඳ භාණ්ඩයක් වී හමාර ය. වඩාත් නිවැරදිව කියන්නේ නම්, වෙළඳ භාණ්ඩයක් කර හමාර ය. එහි වරද, ඔබත් මාත් ඇතුළුව සමස්ත සමාජය විසින් ම භාර ගත යුතු ය.

    මේ ලිපිය කියවන විට මගේ සිතට එකවර ම නැගුනේ සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍ර මණ්ඩලේ' ගීතය යි.

    ඔබේ පණිවුඩය ලබා ගතිමි. එමෙන් ම ඔබේ වෑයම අගය කරමි!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. රැංගෝ මල්ලීන්ම ඔබට තුති මගේ මනසින් දිවිය ස්පර්ශ කිරීම පිළිබඳව.ඔබ ඉදිරිපත් කර ඇති උපුටා ගැනිමද ඉතාමත් කාලොචිත වැදගත් කියමනකි.ඔබටත් ජය!

      Delete
  2. දැලි පිහිය ඇත්තේ හිස රැවුල බාගන්නට මිසක් වෙන කිසිවක් කරන්නට නොවේ. එහෙත් වෙන යම් කාර්යන් සදහාද එය අද භාවිත කෙරේ. එහෙත් එහි සාර්ථකත්වය ඇත්තේ ඔහුගේ චේතනාවට අනුවය. අප විලි වසා ගැනීමට ඇදුම් අදින්නෙමු. එහෙත් අද ඇදුමක් ඇද දෑතද එයට උපයෝගී කරගන්නට වී ඇත. ඒ මන්ද ස්වකීය මනසට ඔවුන් දී ඇත්තේ ඇදුමක් අදින්නේ විලිවසා ගැනීමට නොව නිරුවත ලෝකයට පෙන්වීම සදහාය. මෙන්න මේ චින්තනය අද සියලූම ස්ත්‍රී පුරුෂ යන දෙපිරිසම අනුගමනය කරයි. එහි අනිසි ප්‍රතිඵලය වින්දනය කරනුයේ සත්‍යය වශයෙන්ම ගම්බද පංචි මල් කැකුලකි.

    එයට හේතුව කුමක්ද?ස්ත්‍රී පුරුෂ එකතූවීම වර්ගයා බෝකිරීමට නොව අද එය විකෘති මානසික ක්‍රියාවක් බවට පත්වී ඇත. මෙයට වග කිව යුත්තේ දෙමාපියන් මෙන්ම විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යය ජාලයයි.කෙනෙක් මට ඇගිලි දික් කරයි මම ඇයි මෙහෙම කියන්නේ කියල? මම මෙක කියන්නේ ලංකාවේ තිබුන ශිෂ්ටාචාරය වියැකෙන කල්හී එය දෙස බලා හිදින්නට නෙහැක්කෙකු අයුරුනි මෙන්ම. කෙනෙකුගේ ශිෂටාචාරය පිරිහෙන්නේ නම් එම මුලූමහත් සමාජයේම විනාශයද එයම බව මා සැබැවින්ම දන්නා නිසාවෙනි.....

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේගේ වචන ටිකත් මට ශක්තියක්

      Delete
  3. ඔවුවා ඉතිං බලෙං අන්දන එවුවා නෙමේනේ...
    තමං කැමැත්තෙං ඇදගන්න එවුවනේ අක්කේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්...වැඩ සටහන් නිෂ්පාදකයාගේ තීරණය නේද ඒක? මම හිතන්නේ නෑ නිවේදෙකාවට නිදහසක් ඇති කියලා තමන් කැමති ඇඳුමක් අඳින්න...

      Delete
    2. ඔබ විටෙක හරි.එත් එයට දැඩි සේ විරුද්ධ විමට පුළුවන්.ගැහැණය යනු කාටවත් ඕන විදියට නටවන්න උපන්නේ නැහැ.ඇය මව් කෙනෙකි.එම අභිමානය අපි හැම තුලම තිබිය යුතුය

      Delete
  4. මල්ලීයෝ ඒ ඇත්තියන්ටත් එක්ක තමයි මම කියන්නේ.

    ReplyDelete
  5. ඕවා ගැන වඩාත් දැනුවත් වෙන්න ඕන බවලත් උදවියම තමයි.

    ReplyDelete
  6. නංගි සටහන හරිම අගෙයි. මේ වගේ දේවල් වලට මූලිකව වග කියන්නට ඕනෙ අම්මලා. තම දරුවා ඉස්සරහින් තියාගෙන බාගෙට ඇඳුම් ඇදන් යන අම්මලා එමටයි. හරියට සාරි හැට්ටයක් අඳින්නෙ නෑ. පිට බාගයක් ඇරිලා. මේවා දකින අපිටත් ලැජ්ජයි ඒ දිහා බලන්නට. ඉතින් පිරිමි ඇත්තො ඇවිස්සෙන එක අහන්නට දෙයක් ද? විද්යුත් මාධ්‍ය ගැන කතා කරල වැඩක් නෑ. එයාල එතන කරන්නෙ අලවියක්. අබුද්දස්ස කාලෙ. බුදු හාමුදුරුවන් කියල තියෙනවානෙ සඳ එලිය නිරාවරණය උනාම තමයි ලස්සන. ඒ වාගෙම ගැහැනියක ගේ ලස්සන තියෙන්නෙ ආවරනය උනාමයි කියල.

    ReplyDelete
  7. බෙහෙවින් පිං මනසින් දිවියට පිවිසිය ඔබට.අක්කගේ අදහස් ටිකට මම ගරු කරමි.තෙරුවන් සරණයි

    ReplyDelete
  8. බොහොම වැදගත් සටහනක් ගයානි...කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත් කරවන එකට පිරිමින්ට වගේම ගැහැණුන්ටත් යම්කිසි වරදක් පැටවෙනවා. ඒත් ගැහැණුන් විසින් මේ නිවේදිකා තනතුරු වාරණය කරන එකත් එතරම් ප්‍රායෝගික නැහැ කියලා හිතෙනවා.

    ReplyDelete
  9. බෙහෙවින් තුති! සයුරි.ඔබටත් තෙරුවන් සරණයි

    ReplyDelete
  10. රූපවාහිනී නාලිකාවල ප්‍රධානීන් ප්‍රසන්ටේෂන් කරන කාන්තාවන් අඩනිරුවත් කරල වැඩ සටහන් ඉදිරිපත් කරන්න දක්ෂයි. ඒක දැනගන්න ඕනේ ඒ ඉදිරිපත් කරන ශිල්පිනියයි. ඔබ හැමදාමත් කාලින තොරතුරු සාකච්ඡා කරනවා. වැදගත් එයයි.

    ReplyDelete
  11. දයා අයියේ ඔය වැඩසටහන් ඉදිරිපත් කරන හැම යුවතියක්ම ලස්සන රූප සෝබාවකට හිමි කම් කියනවා.එක නිසා අමුතුවෙන් යමක් ආරූඩ කර ගන්න මේ අයට අවශ්‍ය නෑ.අවශ්‍ය දක්ෂතාවය ඔප කර ගැනිමයි.මම කවදාවත් දැකලා නැහැ ඉඳුනිල් දිසානායක මහත්මිය ඔය වගේ ඇඳුම් ඇඳගෙන වැඩසටහන් ඉදිරිපත් කරනවා.ඒත් ඇය අදත් එක සේ ජනප්‍රියයි.ඒත් දැන් අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ දක්ෂතාවය සමඟ නෙමෙයි ඇඳුම සමඟයි.

    ReplyDelete
  12. හ්ම්... අනේ මන්දා ඉතින්.මේවට මොනවා කරන්නද කියලා.

    ReplyDelete
  13. කරන්න දෙයක් නැ.අපි හැදෙන දවස වෙන කම් අපරාධ වෙයි

    ReplyDelete
  14. body language කියල එකක් තියෙනවා ඒත් ලංකාවෙ ඒක භාවිතා වෙන්නෙ වැරදි විදියට.

    ඕක ආරම්භ කළේ මහාචාර්ය ගංගානාත් දිසානායක රූපවාහිනි සභාපත් වෙලා හිටපු කාලෙ. ඔහුට ඒ සම්බන්ධයෙන් නිශ්ච්ත අදහසකුත් දේශපාලන පරමාදර්ශයකුත් සංස්කෘතික ස්ථාවරයකුත් (රෝයල් ස්ටැග් නයිට් තිබුණෙ මේ අවධියේදියි)තිබුණා. ඒත් දැන් ඇගපුරාම දේශප්‍රේමය ගාගෙන මේ වගේ දේ කරනකොට එහි ඇති විකාරය හොදට හයිලයිට් වෙනවා.

    ReplyDelete
    Replies
    1. body language කියන්නෙ ඇඟ පේන්න අඳින එක කියලද ඔයා හිතාගෙන ඉන්නෙ? කොහෙද ඕක හරියටම තියෙන්නෙ? අධිරාජ්‍යවාදී අමෙරිකාවෙද?

      Delete
  15. හ්ම්..අදමයි මේ පැත්තේ ආවේ ඔන්න..ඔය කියන විදිහේ නිරුපිකාවක් නිවේදන කටයුතු කරනවා වර්තමානයේත්..එහෙම අයව මාද්‍ය ආයතනවලින් යොදවාගන්නේ වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම සඳහාලු.නිරුපිකාවන්ටත් වගකීමක් තියනවා තමන් කරන දේ ගැන සැලකිල්ලෙන් ඉන්න.ඒ වගේම මාද්‍ය ආයතනත් ඒ ඉදිරිපත් කිරීම් ගැන හිතන්නට ඕන..
    ....................................
    "කාන්තාව අද වෙළඳ භණ්ඩයක් වි හමාරය."
    එකඟ වෙමි...

    ReplyDelete
  16. මදක් සිතන්න. විලාසිතාවට ඉඩ දෙන්න. ඔයාලා බලයි ඇයි මම බාගෙට ඇඟ පෙන්නනවට කැමති කියලා. ඇත්තටම කීවොත් මම එහි වරදක් දකින්නේ නෑ. අපි සිතෙන දේ කරන්න අපිට නිදහසක් ඇත. ඒ නිදහසම කාන්තාවටද ඇත.

    මොක්ද මේ කෙහෙල්මල් විලිවත. අපි පරණ ඇයෝ ඒ කාලේ ඔය ඇදුම් නැතිවම ජීවත් උනේ. ශරිරයේ ආරක්ෂාවට(මදුරුවන් වැනි සතුන්ගෙන් බේරීමට. සීතලෙන් බේරීමට) කොළ අතු අඳගෙන ආපු ගමන දැන් ඉතින් ඔන් රෙදිත් අදින්නේ(විලිවත වසා ගන්න කියලා). ඒ මදිවට ඔන් දැන් දැන්(දැන් කිවට ටිකක් පරණයි) පලාපු රෙදි ඒ මදිවට කොටට ඇදුම් අදින්නේ.

    මිණිසුන් ලඟ තිබෙන ගතියක් තමයි කුතුහලය. අනේ අප්පා අපේ ඇයෝ ඔන් ඔය රෙදි ඇඳලා විලි වහගෙන මොකද්ද හංගා ගන්න. අනේ මේ කුතුහලය තියෙන මිණිසා ආසාවෙන් බලනවා මේ හංගගෙන ඉන්නේ මොනවද කියලා. මොනවා කරන්නද මිණිසාගෙ හැටි ඔහොම තමයි. උගෙ වැඩේ හැංගිලා තියෙන රහස් හොයන එකයි. ඒකනේ මිණිස්සු මේ තරම් දියුණු උනේ.

    මොකද්ද මේ සංස්කෘතිය. රෙද්දෙන් විලි වසා ගත්ත හැදිච්ච සංකෘතියක් අති රට. අනේ මන්දා. ඔය කිවාට මොක ඉස්සර මිණිහා රෑ වෙලා එද්දි අළු කුල්ලක් මිණිහගෙ ඇඟට හලන්න අපේ බිරින්දලා හොඳට දන්නවා. ලස්සන ලස්සන පරණ කතා අහද්දි මට හිතෙනවා වෙලාවකට මේ රටේ ඔය කියන හැදිච්ච සංස්කෘතිය කොහෙද තියෙන්නේ කියලා. නැත්නම් ඉතින් අපේ අප්ලාගෙ වැඩ බලන් බැරිය ඔයා පරණ අයගෙන්ම අහලා.

    ඔය කොහොම කෙසේ කීවත් රෙද්ද අදින්නේ විලි වසා ගන්නනේ. සංස්කෘතිය රැක ගන්න එකත් හොඳයි. යම් සමාජයකට යම් පිරිසකට යම් රටකට යම් ජන පිරිසකට හොඳ යැයි හැඟෙන දේ තවත් අයට නරක් ලෙස දකින්න පුලුවන්. එසේම නරක යැයි හැඟෙන දේ හොඳ යැයි හැගෙන්න පුලුවන්. රෙද්ද බාගෙට ඇන්දට මොකද වෙන්නේ. අපි හිතන විදිහටයි ඒක හොඳ හෝ නරක ලෙස පෙන්නේ.

    අනේ මගෙ රත්තරං යාළුවනේ බටහිර සංකර පුරුදු කියලා බටහිර දේ ප්‍රතිෂ්ශේප කරන ඔහෙලා ඇයිද බටහිර දේ නැතුව ජීවත් වෙන්නේ නැත්තේ. බටහිර ජංගි කොට ගවුම් කොට අදින්න එපා. අනේ. අදින්නකෝ ඔයා අපේ සරම බැනියම රෙද්ද හැට්ටේ. ඇයි බැරි අදින්න. බටහිර ඇදුම් ඇඳගෙන බටහිර කුමයට කොටට පලාපුවා අදින එක විවෙචනය කරන්න ලැජ්ජා නැද්ද? බටහිර කුමයට අදිනවානම් බටහිර රටවල් වල ඇති මොන විලාසිතාවත් වැරදි නෑ. හැබැයි පුතේ අපේ රටේ ක්‍රමේට අදින්න ගිහිල්ලා ඔන් දැදුමඇඟ පේන්න ඇන්දොත් වැරදියි.

    කාන්තාවනි අදින ඇඳුම කුමද්ද යන්න තීරණය කීරිම ඔබ සතු වේ. ඔබ කොටට හො පලපු ඇදුම් ඇන්දොත් ඒ දෙස අරි අමුතු විදිහට පිරිමි බැලුවොත් අන්න එතන අපෙ මහ ලොක සංස්කෘතිය ගැන සිතන්න යමක් තියෙනවා. බුදු දහමින් පොෂණය වු දැහැමින් දිවි ගෙවු සමාජයක්(මවා පෙන්වූ) ඇති රටක මිණිසුන්ගෙ හිත් ඇයි මේ තරම් කාමුක වූයේ. කො බුදු බණ. කෝ හැදියාව. මල විකාර. ඇයි සිත් මෙතරම් කාමුක. සිතන්න.

    අපි අදින විලාසිතාව නොව වැදගත් වෙන්නේ. අපි සිතන ආකාරයයි වැදගත් වෙන්නේ. ගැහැනියකගෙ ඇඟෙ පුංචි තැනක් දැක්කොත් (සුද්ද සිංහලෙන් කියනවා නම් මොල් වෙන) කාමුක හැගීම් ඇති වෙනවානම් ඔය තරම්, ඇයි අපට බැරි උනේ අපේ සිත දමනය කර ගන්න. හිතන්න මගේ මගේ බුදු රත්තරං අම්මේ තාත්තේඅයියේ අක්කේ මල්ලියේ නංගියේ හාමුදුරුවනේ මේ නම් දුක් වෙන්න ඕන කරුනක්.

    මෙවන් හැදියක් තියෙනවා කියන සමාජයක, හොඳ සංස්කෘතියක් තියෙනවා කියන සමාජයක, බුදු දහමින් පෝෂණය වුන සමාජයක ඇයි අපට බැරි උනේ මිණිස් සිත හදන්න. වැරද ඇත්තේ කොතනද? සිතන්න. බුදු දහම කෝ හාමුදුරුවරු පිස්සු නටනවා. ගුරුවරු කෝ ස්ටයික් දලා පඩි ඉල්ලනවා, දෙමාපියෝ කො ජොබ් අස්සේ හොර ලව් අස්සේ, සමාජයෙ වක කිව යුත්තො කෝ ඒ අය කැපි පෙන්න පොර බදනාවා. සමාජය වෙනස් වෙලා. හැකිද අපිට මේ චංචල මිණිස් සිත හදන්න. හැකි දේ කුමක්ද?

    වැරදුනේ කෙතැනද? කාටවත් බනින්න එපා. සිතන්න. නැවත මේ නවීන යුගයෙන් පැනලා පෙර හැදියවක් තිබ්බයි කියන යුගයට යා හැකිද? නැත අපිට කල හැක්කේ වර්ථමානයත් එක්ක ජීවත් වී අපේ ජීවිත යහපත් දේට හැඩ ගස්සවා ගන්න එක. මුදල් පසු පස යන සමාජයක හැදියාව බලාපොරොත්තු වන්න එපා. හැදියවක් නැති සමාජයක පැවැත්ම ගැන සහතික වෙන්න එපා. අපි කවුරු හො කෙනෙක් හොඳ කෙනෙක් විදිහට නිර්මාණය කළ හැකි නම් එය කරන්න. හැබැයි බැඩිපුර සිදු වන දේ (නරක උනත්) ඉඩ දෙන්න. කල හැක්කේ පුංචි හෝ සිතක් යහපත් මගට ගැනීම පමණි. එය කල හැකි නම් යහපති.

    මා ඕන දෙයක් විවෙචනය කිරීමට පසු බය නොවෙමි. කියන දේ කෙලින්ම කියමි. අංගන්න දෙයක් නැත. සමහර විට මා මෙසේ කියන විට දේශාභිමානයෙන් පෙලෙන පුහු ජාතිවාදින්ගෙ හිත් රිදෙන්නත් පුලුවනි. ඉගෙන ගන්න http://www1.kalaya.org/ පාට පාට ලොකේ කාන්තාව වෙළඳ භාන්ඩයක් වීමත් පුදුමක්ද?

    ReplyDelete
  17. බටහිර සමඟ අපි ගියා කියලා එකේ තියෙන් හැම දේම අපි ගන්න ඕනද?යළුවා මම කිව්වේ මගේ හිත නෙමෙයි පිරිමි හිත.පිරිමියාගේ ඒ මනස අපට පිරිසිදු කරනන් කළින් අපි ටිකක් හෝ සංවර විය යුතුය.අපි දෙස බැලුවත් නැතැත් අපි ඇයි වෙළඳ භාණ්ඩයක් වෙන්නේ.එකද විය යුත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔබේ සංවාදයට මම නැවත පිළිතුරු ලියමි.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...