Wednesday, October 17, 2012

මතකයෙන් බිඳක්



Admiral Wasantha Karannagoda RSP, VSV, USP, MBA, MSc, ndc, psc, DISS, MRIN, MNI

නිවාඩු අවසන් වි ආපසු යන්න කාලය එළඹ ඇත.හදිසියේ මගේ මව ඔබතුමාව සිහි කරන ලදි. ඈ එසේ සිහි කිරීමට හේතුව මම කළ පුංවි විහිළුවට පිළිතුරු ලෙසය.අද එය විහිළුවක් සේ මට දැනුනද එදා එය විහිළුවක් නොවන බව මගේ මව මට පවසන ලදී.කරාන්නාගොඩ සර්ටත් පිං අයිති වෙන්නයි අද මම සැනසිමෙන් බත් කටක් කන්නේ.මගේ අම්මා ආතීතයෙන් බිඳක් අවාර්ජනය කරන විට මම නිහඩ විය.

නායකත්වය සිහිවිය ඉතිං කෙසේද මම යමක් නොලියා ඉන්නේ
 
තිස් වසරක කුරිරු යුද්ධයේ නිමාවට නාවික හමුදාවේ වගකිම නිසියාකාරව දැන සිටි විශිෂ්ඨ නායකයෙකි.නායකයෙකු සතු ගුණාංග සියල්ල ඔබ තුල පිහිටා තිබුණි. 2005 සැප්තැම්බර් මස 01 වන දින සිට 2009 ජුලි මස 15 වන දින දක්වා ඔබ නාවික හමුදාධිපති ලෙස කළ මෙහෙවර අනගි බවනීය වේ.
වෙඩි හ‍‍ඬක නිමාව අපටත් වඩා අපේ දෙමාපියන්ටය සැනසිමකි. ඔවුන්ගේ තැති ගැන් වු හඳවත් වලට මහත් අත්වැසිල්ලකි. මෙය අකුරු කරන විට ආතීතය නැවත නැවත මතකයට නැඟි කඳුලක් නෙතු අඟ තිබෙන බව මට දැනේ.ඒ මන්දයාත් යාපනයේ මාදගල්
,කරේයිනගර් ප්‍රදේශ වල මම රාජකාරි කරමින් සිටියදි මගේ මව සහ සහෝදරියන් මම නිවාඩු අවසන් වි ආපසු කඳවුරට යාමට දින දෙක තුනක් තිබියදී සැරින් සැරේ මාව තුරුළු කරගෙන හැඬු මතකය අද සිහිපත් කරන්නේ ඉතාමත් ආදරණීය ලෙසය.(මම විහිළු කළේ මාව ටිකක් එදා වගේ තුරුළු කර ගන්න කියලයි)

යුද්ධය අවසාන පරිච්ඡේදයේ නැගෙනහිර ප්‍රදේශයේ තෝපූර් ගම්මානයේ තිබු නාවික කඳවුරේ මම සේවයේ යෙදි සිටියදි ඔබතුමා පැමිණ අපිත් සමඟ සුහදව කථා කිරීම එම අවස්ථාවේ අපට මහත් ශක්තියක් ඇති විය.
    අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුමණි ඔබ සැබෑම නායකයෙකි.

-ජිඑම්-



2 Comments
Tweets
Fb Comments

2 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. සින්දුව නං කරදරයක් කියලා තමය ිවට හිතුනෙ....

    ReplyDelete
  2. ඔන්න මම අයින් කරා

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...