Thursday, October 18, 2012

හැඩකාර යෞවනය


අපි හැඩ කරනා තවත් විනාශයට යන මනස

සුව නින්ද භයානක සිහින බවට පත් කරන පුවත් නොවේද ඔබටත් මටත් අද අසන්නට දකින්නට ලැබෙන්නේ. මෙ භියකරු ඝාතන අද සාමාන්‍ය පුවත් බවට පත්ව ඇත. මෙම ඝාතන වලට බලපාන මුලික සාධක තුනකි එනම්,
ආදරය
බලය
ධනය
මේ කරුණූ තුනට අමතර තවත් කරුණක් තිබේද?
      88,89 යුගවල දුටු භීෂණකාරී වතාවරණයකි වර්ථමානයේ  පවතින්නෙ.වෙනසකට ඇත්තේ තව සාධක දෙකක් එකතු විම පමණයි. පසුතැවිමම අනාගතයේ දී වර්ථමාන අපරාධකරුවන් විඳවයි.

සටහනට ඇරඹුමකි ඒ,
   
මෙවන් සිතුවිල්ලක් අකුරු කරන්න පාදක වුයේ අද දින මම දුටු එක්තරා ගීතයක රූප රචනය වේ. වර්ථමානයේ බොහෝ තරුණ පිරිසකගේ සිත් ගත් ගීතයක් පිළිබඳවයි මේ සටහන.ගල් මුල් එවි සමහරක් විට.
   
ශාෂිකා නිශාංසලා‍ මහත්මියගේ "දුර යන්න" ගීතයේ රූප රචනයට අනුව කථා සාරාංශය නම් එක්තරා යුවතියක් මුදල් ලබා දී මැර පිරිසකගේ උදව් ඇතිව තවත් යුවතියකට ඇසිඩ් ගසන දර්ශණ ඇතුලත් රූප පෙළහැරකි.
මධ්‍ය යනු විටෙක ප්‍රබලතම අවියකි. එම නිසා මධ්‍ය තුලින් සමාජයට දෙන පණිවිඩය ඉතා වැදගත්ය. මධ්‍ය මෙහෙවර විය යුත්තේ සමාජයේ නෙත් මානට ලං කළ යුත්තේ වරදට නොව සුමගට යන යමකි. අයහපත් යමක් වුවද එම ක්‍රියාව කිරීම තුලින් වරදෙහි යෙදන පුද්ගලයන්ට විපාක ගෙනදෙන බව අවසානය විය යුතුය.
එහෙම නැතිව අවසානය හඳවත් කිහිපයක් හඬවලා අයුක්තිය රජවන තැනකින් කථාව නිමා නොකළ යුතුයි.

එම නිසා ගීතයක් හෝ ගීතයේ රූප රචනයේ අවසානය එවන් සමාජයට ආදර්ශයක් වන ආකාරයේ නිර්මාණ බිහි කිරීමට අපේ නිර්මාණ කරුවාගේ නිර්මාණශිලීත්වය හොඳටම ප්‍රමාණවත් බව මාගේ හැඟිම වේ.

ඔබටත් ඇති අදහස් මම කැමතියි ඔබේ අදහස් දැන ගැනිමට

-ජිඑම්-
8 Comments
Tweets
Fb Comments

8 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔන්න මම වැරුද්ද හදා ගත්තා.නම ගම නොකියන්නේ සිංහලයෙකු නම් වෙන්න බෑ.එත් ඉතිං කමක් නෑ.හැබැයි ඔබ තුමාගෙත් වැරදි තිබේ.මිනිස්සුන්ට කථා කරන්න උගන් වන්න වෙනවා.අනිත් එක අපි තවම ආධුණිකයින් මේ කලාවට.ඕනම වැරුද්දක් පෙන්වන්න මම කැමතියි.වැරදි හදාගෙන ඉදිරියට යන්න.

    ReplyDelete
  3. මං ඔය ගීතය බලලා නම් නැහැ. ගීතයකට උනත් අසුබවාදී දර්ශන එක් කරනවට වඩා හොඳ දෙයක් ඇතුලත් වෙනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්ත්තුයි මනසින් දිවිය ස්පර්ශ කිරීමට ආවට.මේ පිළිබඳව ඔයා ඉන්න ස්ථාවරය ගැන සතුටුයි.ඔබට ජය!

      Delete
  4. නිර්මාණයකින් පාඨකයා හෝ ප්රේ ක්ෂකයා බලාපොරොත්තු වෙනවා කුතුහලයක්.හැම දේම හිත හොඳ මිනිහාගේ ජයග්රාහණයකින් කෙලවර වෙනවානම් නැති වෙන්නේ මේ කුතුහලය.නිර්මාණකරුවෙකුගේ දක්ෂතාවය තමයි මේ කලු චරිතයක ජයග්රරහණයෙන් කෙලවරවෙන අවස්ථාවකත්,ඒ චරිතය ප්රේකක්ෂකයාගේ වීරයෙක් නොවෙන තැන රඳවා ගැනීම.
    ඔබට සුගතපාලද සිල්වා පරිවර්තනය කල ඇට මැස්සාහි ඇට මැස්සා වෙඩි කා මැරෙද්දී,ඒ තුවක්කුව හිමියා වීරයෙක් නොවී ,වෙඩි කෑ මිනිහා වීරයෙක් වෙන්නේ අන්න ඒ නිර්මාපකයාගේ දක්ෂතාවය නිසා.

    ReplyDelete
  5. ඔබ කියන පැත්ත ඇත්ත.එහෙත් සෑම නිර්මාණයක්ම සෑම ප්‍රෙක්ෂකයෙකුටම කළු චරිතය වීරයෙකු නොව්නද එහි ඇති සමහහරක් භායනක තැන් අනුකරණය පිළිබඳව තමයි මගේ තර්කය.ඔබ කියන ස්ථාවරයට යන්න පුළුනවන් නම් අපි අද මේ ම්‍තෘකා කථා නොකරයි.ඔබ කියන ස්ථාවරයේ අද එවැනි මනසිකතත්වයක් බහුතර සමාජය තුල තිබේ නම් අවුරුදු 21 සහ අවුරුදු 18 ක විවාහ යුවලකගේ අභිරහස් ඝාතන සිදු වෙවිද?ඔය ළඟදි උන සිදු විමක් පමණයි.මම ඔබත් සමඟත් එකඟ වෙමි.ඔබටත් ජය!

    ReplyDelete
  6. ගීතයකට රෑපරචනා අවශ්‍ය නැහැ. අමරදේවගේ, නන්දාගේ, වික්ටර්ගෙ ගිතවල පදරචනා තුළම එහෙමත් නැත්නම් ගායනය තුළම රූප රචනා තියෙනවා. ඒනිසා ඒගීතවලට කවුරු හරි රූපරචනයක් කරනවා නම් ඒක හරියට ගිතයට වැහිකබායක් ඇන්දුවා වාගේ.

    දැන් දැන් ගීතවලට රූප රචනා කරන්නේ හැකියාවේ දුරුවලකම වසාගන්නයි.

    ReplyDelete
  7. මම බලාපොරොත්තු උන පිළිතුර ඔබෙන් ඔය විදිය තමයි.සතුටුයි ඒ ගැන ගීතය පිළිබඳ ඔබ දන්නා දේ බෝහෝයි.මම පළමු වතාවට අයියගේ බ්ලොග් එක දැකපු දවසේ මට මහා පුදුමයක් ඇති උනා.ඒ වගෙම සතුටක්.ඔබට ජය!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...