Saturday, October 13, 2012


අපි යන්නේ මොනවා හිතාගෙනද?

        ජාතියක් රටක් විධියට අපි නැවතත් මිනිසාගේ ආරම්භක අවධිය වෙත යමින් සිටින අවධියකි මේ පසු කරන්නේ.එහෙමත් නැතිනම් ලොක විනාශය හෝ මොනයම් හෝ විපර්යාශයක සළකුණු පෙන්නුම් කරන කාලයකි මේ ගෙවමින් යන්නේ.

          ඉතිහසය පිළිබඳව ආඩම්බර වන ගමන්ම නැවත නැවත මනස වෙහෙස කරන තැන්ද නැතුවාම නොවේ. එදා කූවේණීට සිදු වු අසාධාරණයේ සිට ශ්‍රි වික්‍රම රාජසිංහ දක්වා සිදු වු සිදුවිම් පිළිබඳ මෙනෙහි කිරීමේදි බලය නිළය වෙනුවෙන් අපි මොන තරම් අරගල වෙත ගොස් ඇත්ද සහ අපේ පැවැත්ම මොන තරම් පහත් තලයක තිබෙනවාද?

එවන් වු සිතුවිලි පරම්පරාවකින් පැවත ආ පරපුර නතර වු ස්ථානයක් නම් පෙනෙන්නට නොමැත. අපට මතක ඇති කාලයක සිදු වු භීෂණකාරී යුගය එනම් 88, 89 වන කාලවකවානුව සහ වර්ථමානයේ සිදු වන මිනිස් ජිවිත විනාශ කිරීම දක්වා, මේ විප්ලව කර සියළුදෙනාගේම  අරමුණු සිහින විවිධාකාරය, වෙනස්ය. එහෙත් ලැබු එකම ඵලය විනාශය පමණකි.

          එකෙකු පරයමින් තවකෙකු ජය ගැනිමට වෙර දරණ වර්ථමාන සමාජය තුල මිණිමැරිම්, ස්ත්‍රි දුෂණ, මංකොල්ල කෑම්, රටක් විදියට නොව එක්තරා කොටසකගේ අරමුණු උදෙසා කරන අරගල සහ විප්ලව පමණයි අද දැක ගැනිමටත් අසන්නටත් තිබෙන්නෙ.

          මගේ කථාවට ප්‍රවේශයකි ඒ.
උපහාසයට බඳුන් කළ යුතු කරුණු ඇත.ඒත් මෙවැනි මතෘකා උපමා කිරීම්,කාටුන් බවට පරිවර්ථනය විම?
          කර්නල්-විදුහල්පති යන මතෘකාවද අනෙකුත් මතෘකා සේම අයහපත් විධියට අද පුංචි මනසටද ඉතාමත් බරපතල විධියට ඇතුළු කිරීමට ජන මධ්‍ය උත්සහා දරණ බවක් මට පෙනේ. මා කථා කරන්නේ මේ මතෘකාවේ ගුණ දොස් නොවේ. තම මධ්‍ය ජනප්‍රිය කර ගැනිම උදෙසා පුවත කුමක් වුවත් ඔවුන්ට ගැටළුවක් නැත.තම අභිප්‍රාය සඵල වනවානම් එපමණකි. එය නොවේද වර්ථමායේ අපි සිටින මානෂීක තත්වය.

හමුදාවද අද බොහො පුවත්පත් වල කාටුන් බවට පත්ව ඇත. කර්නල් නිළයේ සිට නොව ජනරාල්ගේ සිට ආධුණික සෙබළ දක්වා මේ සෑම නිළයක්ම තරාතිරමක්ම ඔවුන්ට  හිමි දේයකි. ඔවුන් මේ රට වෙනුවෙන් තම ලේ ඇස් මස් දන් දීපු වීරයින් කොටසකි.

          රණසුර පදක්කමේ සිට පරම වීර විභුෂණය දක්වා මේ බුහුමන් පිදෙන්නේ

රට ජාතීය වෙනුවෙන් තම ජිවිතය ගැනද නොසිත සමුහයකගේ ජිවිත බේරා ගැනිම උදෙස වු උදාරතර හැඟිමකින් තම ජිවිතය ස්වේච්ඡාවෙන් පුද කරනා වීර සෙබළුන් හටය.ඉතිං අපේ සමාජයේ මේ මිනිසුන් මේ විහිළුවට ලක් කරන්නේ එවන් උත්ම රාජකාරියක් ඉටු කර මේ මහපොළව වැලඳ ගත් උදරතර මිනිසෙකුගෙ තරාතිමකි.

ආධුණික සෙ‍බළෙකු ජිවිතය පුජා කර පසු ඔහුගේ තරාතිරම සා/සෙ තරාතිරම දක්වා උසස් කරනවා.

හැම දෙයක්ම විහිළුවක් කර ගත් ජාතියක් බවට අද අපිව පත්ව ඇත.

ප්‍රභාකරන් එක් අවස්ථාවක පවසා තිබෙනවා ඕනම දෙයක් ඉක්මනින් අමතක වන ජාතීය සිංහල ජාතිය බව.එම නිසා ඔවුන්ගේ ඉලක්ක වෙත යාම එතරම් අපහසු නොවන බව. මෙහි සත්‍යය අසත්‍ය බව ඔබම තීරණය කරන්න.
-ජිඒම්-
12 Comments
Tweets
Fb Comments

12 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ප්‍රභා ගොයියාගේ කතාවනම් සහතික ඇත්ත. අපේ මිනිස්සුන්ගේ ඒ දුර්වල කම කවද නැති වේවිද දන්නේ නැහැ.

    ReplyDelete
  2. අපිට එකතු උනොත් මේක කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  3. බෙහෙවින් තුති!මනසින් දිවිය ස්පර්ශ කළාට කෝරලේ මහත්තයා

    ReplyDelete
  4. මගේ නම් හිතේ තියෙන්නෙ හමුදා සෙබලුන් පිළිබඳව අපරිමිත ගෞරවයක්. අප පවුලේ කිහිප දෙනෙකුත් හමුදා සේවයේ ඉන්නවා. අපි අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔවුන්ට පින් සිදු වෙන්නයි. කෙනෙක් කල වරදකට හැමෝම ඒ මිම්මෙන් මනින්නට ඕනෙ නෑ. සෙනෙහසින් ඔබට ජය ! පතනවා.

    ReplyDelete
  5. හිතට ගත්තා හැරෙන්න විචාරාත්මක කිසිවක් නොලියමි. ඊට හේතු කිපයක්ම තියෙන නිසා.ඇයි එහෙම වුනේ කියන කාරනය ගැන කල්පනා කරන්න වෙන නිසා..

    ReplyDelete
  6. හමුදා නිළධාරීන් ගැන මගේ හිතේ නම් හැමදාම ගෞරවයක් ඇති උනා සහ හැමදාම ඒ ගෞරවය පවතීවි. පහුගිය දිනවලදී ඇතැම් සිද්ධීන් මුල්කරගෙන ඇති උන කතාබහ කීපයක් උඩ හමුදා නිළධාරීන් ගැන මිනිසුන් තුල යම් යම් කාරනා සම්බන්ධව ගැටලු මතුවෙලා තියෙනවා. නමුත් බහුතරයක් මිනිසුන්ට අදටත් හමුදාවන් කෙරෙහි ඇත්තේ ගෞරවයක්.

    ReplyDelete
  7. චන්දි මහත්මිය ඔබ හරි.හමුදා පුද්ගලයෙකු වුවද වරදක් සිදු කර ඇත්නම් එයට දඩුවම් අනීවාර්යෙන්ම ලැබෙයි.එහෙත් දයා අයියේ සොල්දාදුවෙකු හමුදා සේවයට එක් වෙන ආරම්භයේ සිට ඔහුගේ අනාන්‍යතාවය රැදි තිබේන්නේ නිළය සහ තාරාතිරම මත.එයට හොඳම උදාහරණය තමයි මිය ගිය සෙබලෙකු මිය යන විට තිබු තරාතිරමින් උසස් කිරීම.සිවිල් පුද්ගලයෙකුට මෙම දේවාල් ආරූඩ කරමින් කාටුන් බවට පත් කිරීම හොද දේයක් නෙමෙයි.හමුදා සේවයක පුහුණුවක් ලැබු ඕනෑම කෙනෙකුට මෙය දැනෙනු ඇත.මොන තරම් කැප කිරීම්,මොන තරම් ඉවසිමක්,මොන තරම් දුක් විඳමින් තමයි ඔය නිළය තාරාතිරමට හිමි කම් කියන්නේ.පොතක් කියවලා ගුරුවරයා කියන දේ අසා සිට ලබන දැනුමට වඩා ඒහා ගිය තවත් බොහෝ දේ ඇත.
    දයා අයියේ පුළුවන් නම් ඔබේ සිතේ තිබෙන වටිනා විචාරය මෙහි තබන්න.

    ReplyDelete
  8. ළිහිණියා ඔයාගේ ස්ථාවරය හරි.නමුත් අහිංසක මහජනතාව නොමඟ යවන පරිදි තම පන්හිඳ අසුරන සමහරක් දෙනෙකුට ඔබ කියන තත්වය අමතක වි ඇති බවක් පෙනෙන්ට ඇත.පාලක පක්ෂය මොනයම් වැරැද්දක් කරනවානම් එය එම වැරදියි කියා සමාජගත කරන බොහෝ පිළිතුරු තිබේ.

    ReplyDelete
  9. ජනමාධ්‍ය ප්‍රබල දෙයක් ජන මතය ගොඩනැගීමේදී.විශේෂයෙන්ම සමාජ ජාල අඩවි.ඉතින් මේවායෙන් කරන දේවල් ලාංකීය ජනමතය විනාශයට මිසක් යහපතට හේතු උනේ නෑ.

    ඇත්තටම කියනවනම් හමුදා සෙබළුල් පිලිබද මගේ හිතේ ගෞරවයක් ඉපදුනේ කොටි යුද්දෙත් එක්ක.නමුත් සමස්තයක් විදිහට පොලිසිය කෙරෙහි මගේ තියෙන්නේ දැඩි අප්‍රසාදයක්.

    ReplyDelete
  10. පොලිසිය දෙපාර්තුමෙන්තුවකි.එහි තිබේන රාමුව නිදහස් එම නිසා ක්‍රියාකාරිත්වයටද ඒ හා සමාන නිදහසක් ඇත..අපේ ජතියේ තිබේන ප්‍රබල දුර්වල කමක් විදියට මම දකින්නේ අවශ්‍ය මෙහෙවරක් උදෙසා අවශ්‍ය මොහොතක ඒ අවශ්‍ය හඩ අවදි නොකිරිමයි.

    ReplyDelete
  11. දැන් නම් හමුදාව ගැන මිනිස්සු කලකිරිලා ඉන්නේ ටිකක්...
    මේජර් ගුටි කාලා නඩුත් අහ ගත්තනේ...
    ඒ වගේ සිද්ධි වලට හමුදාව ඔයිට වඩා හොදින් මුහුන දුන්නනං එදා තිබ්බ තත්වෙම තියෙන්න තිබ්බා..
    අනේ මන්දා ඉතිං

    ReplyDelete
  12. හමුදා නීතිය බොහෝ තදයි.මම හිතන්නේ නැහැ වැරැද්දක් කරා නම් අනිවර්යෙන් එයට සරිලන දඩුවම ලැබේවි.එක සත්‍යයක්.මම කියන්නේ මිය ගිය හැම සොල්දාදුවෙක්ටම වටිනාකමක් තියෙනවා.සිවිල් පුද්ගලයෙකුට ඔවුන්ව සම කරන්න බෑ.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...