Thursday, August 9, 2012

පාපෝච්චාරණය සමදරාගේ


           
       එකමත් එක රටක සිහින පුර නම් ගමක් තිබුණා. සිහින පුරේ සිටි සමදරාට මල්ලීලා දෙන්නෙක් සිටියා. අම්මා තාත්තා වත්ත පිටියේ එළවළුවක් වගා කරලා ලබන ආදායමෙන් තමයි එයාලා ජිවත් වුනේ. පුංවි නිවසක අඟහිග කම් මැද  මේ පවුල ජිවිතය ඉදිරියට රැගෙන ගියා.
          සමදරා යනු අවංක හදවතක් ඇති ආදරයට ආදරේ කරන සිහින සිතිවිලි වලින් පිරිච්ච කෙල්ලක්. සමදරා අම්මා තාත්තා දුක් විඳින එකට එතරම් කැමැතක් දැක්වූයේත් නැහැ. ඒක නිසාම ඉක්මනට රැකියාවක් කිරීමේ අදිටන ඇය සිත තුල ධාරණය කර ගත්තා.
          මල්ලීලා දෙන්නට ගොඩාක් ආදරේ කළ සමදරා බුද්ධිමත් කෙල්ලෙක්. වාසය කළ නිවසද පැල්පතකි. තාත්තට ගෙවල් හදන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. එදා වේල හම්බ කර ගත්තෙත්  බොහොම අමාරුවෙන්. අම්මාත් මොන මොනවා හරි කළා ජීවත් වෙන්න. උසස් පෙළ කලා අංශයෙන් තමයි සමදරා අධ්‍යාපනය ලැබුවේ. එයාට ඉගෙන ගන්න එතරම් උනන්දුවක් තිබුනෙත් නැහැ. හැබැයි බුද්ධිත් කෙල්ලෙක් තමයි සමදරා කියන්නේ අර ඉස්සෙල්ලා කියපු විදියට.
          
             කාලය ගෙවි ගියා. විභාගයටත් පෙනී සිටියා. දැන් කෙල්ලට නිදහසක් හිතට දැනුනා. දිග සුසුමකුත් ඇරියා. දැන් ඉතිං ඉක්මනට රැකියාවක් හොයන්න පටන් ගත්තා. දන්න කියන  අයට කිව්වා.ඒ අතර තුර පුවත් පතක දුටු දැන්විමකට අනුව ඉල්ලුම් පතක් මඟින් රැකියා සිහිනය සෑබැ විය. හොඳ වැටුපක්, පිළිගත් රැකියාවක්. අම්ම නම් කැමති උනා. එත් තාත්තා ටිකක් කැමති වුනේ නැහැ. කෙල්ල ගෙදරින් පිට කරන්න තාත්තෙකුට සිතට හරි මඳි. කෙල්ල ලව්වා හම්බ කරන් කනවා කියලා රට්ටු කයි කතන්දර කියාවි කියලාත් අම්ම එක්කත් කිව්වා. කොහොම හරි සමදාරා හා හා පුරා කියලා රැකියාවකට  ගියා.
         
             ටිකක් විතර නුහුරු බවක් දැනුනාම නොවේ. හිතා ගන්න බැරි උනා. යළුවොත් ඇති උනා. නැවුම් අත්දැකිමක්. ගෙදරට ලියමනකුත් ලිව්වා. අම්මටත් සතුටුයි. මාස හයක් ගතවීගියා. වැටුපත් හිතුවටත් වඩා ලැබුණා. දැන් ඉතිං ස්ථිරයි. විවිධ පරිසර වල හැදුණු වැඩුණු ළමයි. හරි අමාරුයි ඉතිං පාලනය කරන්න. හැබැයි එම රැකියා ස්ථානයේ විනය හොඳින් පවත්වාගෙන ගියා. මාස 06 කට පස්සේ සමදරාට ටිකක් දුර පළාතකට මාරු විමක් ලැබුණා. වැටුපත් ටිකක් වැඩි නිසා කැමැත්තෙන්ම ගියා.
          
             යෞවන මායිමේ සුන්දර හැඟුමන් වලින් සිත ඉපිලි යන වයස. ඉතිං සමදරාගේ හිතත් ආදරේ ඉල්ලුවා. යහළුවොත් ආදරේ සුන්දරත්වය විඳිනවා දුටු සමදරා? ආයතනයේ කිහිප දෙනෙකුත් තමන් පිළිබඳ උනන්දු වන බව සමදරාට තෙරුණා. තමන්ගේ හොඳම යහළුවොත් එක්ක මේ බව කිව්වා. යළුවොත් ඉතිං කිව්වා කරපං කරපං වයසට ගියාමද ලව් කරන්නේ කියලා. යහළුවොත් කියන නිසා හිතෙත් කැමැත්ත තියෙන  නිසා තමන් ගැන උනන්දු වන එක් අයෙකුට විශේෂ ඇල්මක් තිබුණා. එත් ඉතින් ආයතනයේ ලොක්කෙක්ට තමයි සමදරාගේ හිත දිනා ගන්න හැකි වුණේ. තමන්ගේ පන්තියේ අය මඟ හැරලා තමන්ගේ උසස් නිළාධාරියත් එක්ක සමදරා පෙමින් බැඳුණා. හරි සුන්දරයි කියලා එයාට හිතුණා. හරි සතුටුයි. මෙතෙක් නොවිදපු මිහිරක් මේ අහිංසක හිතට දැනුණා. එහෙම දැනෙන කොට තව තව දුර යන්න හිතුණා. ආදරේ එහෙමයිලු යාළුවෝ කථා වෙනවා. නිවාඩු යන්න බෑ ඉතිං තනියෙන් දැන්. පෙම්වතා එතරම් ආදරේ කරනවා කියලා කෙල්ල හිතනවා. කොල්ලගේ නම මාලක. මාලකට ටිකක් නිදහසේ සමදරාත් එක්ක ඉන්න ඕනලු. එයාගේ පළමු පෙමලු. මට නෙමෙයි කිව්වේ සමදරාට. සම්බන්ධයට වැඩි කාලයක් ගියෙත් නැ. දෙන්නට දෙන්නා නැතිව බැරි උනා. ඔය අතර ඉතිං දන්නේ නැද්ද කෙල්ල කැමති නෑ එයා වෙන කෙල්ලො එක්ක කථා කරනවට. රණුඩුත් ඇති උනා.ටික වේලාවකින් හොඳයි.
           
             ඕන්න ඉතිං ජය ශ්‍රි මංගලම් කියලා දෙන්න එකට නිවාඩුව යන්න හදා ගත්තා. දැන් මාලක කථා කරනවා අද අපි කොහේ හරි ඉඳලා හෙට ගෙදර යමු කියලා. සමදරාට හා කියන්නත් බෑ , බෑ කියන්නත් බෑ.අම්මට මිට කලින් බොරු කියලත් නෑ. හිතටත් මොකද්ද වගේ පණ වගේ ආදරේ කරන මාලකගේ ඉල්ලිම අහක දාන්නත් බෑ. කෙල්ලගේ හිතෙත් පුංවි ආශාවක් නැතිවාම නොවෙයි කොල්ල ළඟ ටිකක් ඉන්න. එත් රැයක් පිරිමියෙක් එක්ක ගත කළ බව අම්මා දැන ගත්තොත් මොනවා හිතයිද? අවසානයේ මාලකගේ ඉල්ලීමට අවනත විමට අකීකරු හිතට ඉඩ දුන්නා.
         
           පසුදා පහන් වන විට කෙල්ලගේ හිතට ලොකු වෙනසක්. කියා ගන්න තෙරේන්නේ නැ. එත් මාලක නම් හරි සැහැල්ලුවෙන්. එත් සමදරා නම් ලොකු කුතුහලයක . කෙසේ හෝ සමදරා එදා නිවසට යන විට අම්මා කඩුල්ල ලඟ ඈත බලාගෙන ඉන්නවා සමදරා ඈත සිටම දුටුවා. කෙල්ලගේ ඇස් දෙකින් කදුළු වැටෙන්නේ කෙල්ලටත් නොදැනීමය. ඇයි කියලා ඒතරම් දුරට සමදරා හිතුවේ නැහැ.
          වෙනසක් අම්මට නොදැනුණා නෙමෙයි. එත් හදිසියෙන් ගෙදර එන කෙල්ලගේ හිත රිද්න්න අකමැති වුනා. කාලය ගෙවි ගියා. ආදරේත් පටන් ගත්ත වගේ නෙමෙයි ලෙන් ගතු කමත් ඈත් වේලා. මාලක කථා කරන්නෙත් ඕනවට ඒපාවට. සමදරාගේ හිත හොඳටම පෑරිලා. එත් නිවාඩු යන්න ලං වෙන කොට මාලක කොහොම හරි සමදරාට ආදරෙන් කථා කරනවා. ඒකට හේතුව සමදරාට නොතේරුණාට මාලක දන්නවා ඒ ඇයි කියලා. මේ දෙන්නා එකට ඉන්න හැම දවසකම මාලක බෙහෙත් පෙති වගයක් අරගෙනයි එන්නේ. මුලදි සමදරාට නුහුරු බවක් ඇති උනාට කාලයත් සමඟ ඒ හැම දෙයක්ම වටහා ගත්තා.
          
        අවුරුදු හතරක් ගෙවි අවසන්. සමදරගේ ඇස් වල හැම වේලාවකම කදුළු. යාළුවෝ අහනවා ඇයි කියලා.එත් සමදරා නිහඬයි. සමදරා හිතින් හිතනවා දෙයියනේ මම කොහොමද මේවා කටවත් කියන්නේ කියලා. මාලක  මාව රැවට්ටුවා. කෑ ගහල අඬන්න හිතෙනවා. ජිවිතේ නැති කර ගන්න හිතෙනවා. තමන්ටත් වඩා ආදරේ කරපු මාලක පිළිබඳ සිතේ වෛරයක් හට ගත්තා. මාලක ඔය අතර විදේශිය පුහුණුවක් සඳහා ආයතනයෙන් පිටත් කර යවන ලදි.
          
          අතීතය කෙමෙන් කෙමෙන් අමතක වි ගිහින්. සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටියදී හිතවත් වු තවත් පුද්ගලයෙකු සමදරාගේ හිතට එන්න අයාචනා කරනවා. මාලකට වඩා මෙයා ගොඩාක් වෙනස් කියලා හිතුණා. සමදරා මාලකට වගේ මැරෙන්න ආදරේ කරේ නැ. එත් හිතේ තිබු සිහිනය සෑබැ කර ගන්න තවමත් ප්‍රමාද නැතැයි හිතුවා. අම්මවත් මතක් කරනවා. අහිංසක අම්මගේ පාරපු හිතට වෙළුම් පටියක් කර ගන්න හිතුවා මේ අවස්ථාව. 
        
            මොහු මිලාන් විය. මිලාන් මාලක වගේ එක පාරට යම් යම් යෝජනා කළේ නැහැ. සමදරාගේ හිතේ අපහැදිමක් ඇති නොවන්නට සුක්ෂම ලෙස මිලාන් සමදරාව කැමති කර ගත්තා තමන් සමඟ කොහේ හරි දුරක ඇවිදින්න යන්න. දන්නේම නැතිව දවස අඳුරු විය. දැන් ඉතිං රෑ කොහොමද ගෙදර යන්නේ? මිලාන් කලින් පොරොන්දු උනා සවස් වෙන්න කලින් ආපසු ගෙදර යන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක එහෙම වුනේ නෑ. සමදරාගේ දෛවය සමදරා හිතන තරම් ඇයට ලෙන්ගතු වුනේ නෑ. කෙල්ලෙක් තනි උනාම හිතට දැනෙන අසරණ කම කොතෙක්ද??, සමදරාට ජිවිතය පිළිබඳ අවබෝධය තවමත් දැනිලා නෑ .කෙල්ල එදා රැය පහන් කළෙත් අසරණ කමට සහ තමන්ගේ හිත රවටා ගනිමින්. ඒ මන්ද යත් මාලක තරම් නරක පුද්ගලයෙක් නෙමෙයි මිලාන් කියන තැන සමදරා හිටියා. සමදරාට මේ දෙවල් සාමාන්‍ය දේවල් බවට පත් වෙමින් තිබුණෙ. කාලයත් බොහෝ ඉක්මනින් ගෙවෙමින් තිබුණි. මිලාන් යනු දෙදෙරු පියෙකි. එ බව සමදරා දැන් ගන්නා විට මිලාන්ට අවශ්‍ය දේ කරගෙන අවසන්ය.
         
           මේ වන විට සමදරා තුළ ඇගේ ජිවිතයට තිබෙන ආදරය හින වි ගොස්ය. මේ  හැම දෙයක්ම වන අතර තුර සමදරාගේ ලොකු මල්ලීත් සමදරා සේවය කරන ආයතනයට එක් වුණා කියමුකෝ.
           
            සමදරාට යථාර්ථය අවබෝධ වන විට ජිවිතය හදා ගන්න බැරි විදියට අසරණ වි සිටියාය. මවට තිබෙන ආදරය නිසාම ජිවිතය නැති කර ගැනීමේ සිතුවිල්ලද අතහැර දමන ලදි. සමදරා ගෙවන ජිවිතය දෙස මව හූල්ලමින් බලා සිටියත් ඇයගේ අනාගතය පිළිබඳ සිහිනය අත්හැරිමට අකමැති විය. එම නිසා හිතවත් අයට නෑදැයින්ට සමදරාට හොඳ ස්වාමිපුරුෂයෙක් ‍බලන්න කියලා කිව්වා.
           
         අවසනයේ සමදරාගේ සියළු සිහින මළිඟා බිඳ දමමින් මව ගෙන ආ යෝජනාවට එකඟ විමට සිදු විය. සමදරා සිය සිහින කුමාරවරු ලෙස දුටු, එයාව රවට්ටපු ඒ කපටි අවස්ථාවාදී  දුර්ජනයින්ගෙන් මිදී සිය මව ගෙන ආ යෝජනාවකට අනුව වෙනත් අයෙකු සමඟ ජීවිතය ගෙවන්න කැමති විය .
?
----------------------------------------------------------------------------
-ජිඑම්-

9 Comments
Tweets
Fb Comments

9 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. හ්ම්ම්ම්...
    ගාමන්ට් ආශ්‍රිව වෙන්නෙත් ඔය වගේ ක්‍රියා පටිපාටියක් තමා..
    පව් ඉතිං..

    ReplyDelete
  2. සුපුරුදු කතාවක් !

    ReplyDelete
  3. සෑම් කථාව සුපුරුදු තමයි.එත් මෙක සත්‍ය කථාවක්.මගේ හොඳම යළුවෙක්.මනුෂ්‍ය කම් අතින් ඉහළම තැනක.එත් අවාසනාවකට තමන්ට ජිවිතේ වැරදුණා.ඒ අනාබෝධය නිසා අද ගොඩාක් දුක් විඳිනවා.කොල්ලෙක් නම් නාවලා ගෙට ගත්තම හරි කියනවා.එත් ගැහැණු ළමයෙකුට එහෙම ජිවිතය ගැන සැහැල්ලුවට හිතන්න බැහැ.

    ReplyDelete
  4. ලෝකයට පය තියන්න කලින් ලෝකය ගැන හොඳින් දැන ගත යුතුයි. මේවගේ දේවල් නොදැන කරන දේවල් නෙවේ. හොදින් දැනගෙන සිදුවන්නට යන දේ හොදින් දැනගෙන පටලවා ගත් දේවල් . සමදරා වගේ අය සමාජයේ ඕනෙ තරම් ඉන්නවා. හැඟීම්වලට වහල්විම අනුකම්පා කළ යුතු දේවල් නෙවෙයි.අනෙක් අතට පුදුමේ රෑ වැටුන වාලේ දවාලෙත් වැටුන එක. ඇත්තටම ගැහැණු ළමයි මේතරම් මෝඩද එහෙමත් නැත්නම් හැඟීම්වලට වහල් වෙනවද

    ReplyDelete
  5. මම හිතන්නෙ හිත කියන එකට ඕන දේවල් කරන්න යාම.ඒ ජිවිත වල ඇතුලට එබිකම් කරාම එයාල දෙස ඉතා ඕනෑ කමින් බැලුවම අපි හිතන පැත්තට වඩා යමක් තියෙනවා.ආදරය ඉදිරියේ විතරක් නෙමෙයි මිනිස්සු ජිවිතය හදා ගන්න කියලා මහ මෙරක් තරමට බලාපොරොත්තු තියාගෙන වංචනික පෙම්වතුන්ගේ ආයාචනයට හිස නමනවා.

    ReplyDelete
    Replies
    1. තරුනියක් හැමි විටම නඹය ශීලි විය යුත්තෙ කල්පනා කාරීව. හිතුමතේට ආදරය, ප්‍රෙම්ය වගේ දේවල් වලදි තීරණ ගතයුතු නැහැ එහෙම වුනොත් ඉතිරිවන්නේ පසු තැවිමක් විතරයි. මොකද "ලිවිං ටුගෙදර්" වගේ බටහිර සංස්කෘතියට අපි තවම ඇවිත් නෑ. රැයක් ගත කරන්න තීරනය කල යුත්තෙ මුලින්ම හෙට උදේ ගැන හිතලා

      Delete
  6. අයියේ මම එකඟයි ඔබට.එත් ඔබටයි මටයි මේ යථාර්ථය තේරුම් ගියාට අහිංසක ගම් වලින් පැමිණෙන කෙල්ලට එක තේරේන්නේ අසරණ උනාට පසුව.ඇත්තම කිව්වොත් ඇය ගණිකාවක් බවට පරිවර්තනය වන්නේ තමන් ප්‍රාර්ථනා කරන ලොකය වෙත යාමට සිහින මළිඟා තැනිමට යාමේදී ගන්නා තීරණ මතයි.

    ReplyDelete
  7. වංචාකර මිනිසුන් සමාජයේ බොහෝයි.බොහෝම කල්පනාවෙන් සමාජයට මූණ දෙන්න ඕන

    ReplyDelete
  8. ඒ ටික මේ හැමොටම තේරුම් ගියා නම් එච්චරයි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...