Saturday, August 4, 2012

ඔලිම්පික්

රන් සිහිනය
     මම සැරසෙන්නෙ ඔලිම්පික් ඉතිහාසය පිළිබඳවත් රටවල් ලබා ගත් රන් පදක්කම් පිළිබඳවවත් සටහන් තැබිමට නොවෙයි. එහෙත් යම් කිසි ප්‍රවිෂ්ඨයක් මගේ සිතුවිල්ලටත් ගත යුතු හෙයින් කරුණු දෙකකින් මා මගේ මනස ක්‍රියාත්මක කරමි. මෙවර පැවැත් වෙන්නේ 30 වන ඔලිම්පික් උළෙලය.වසර 116 ක් ගත වි අවසන්ය. සත්කාරක රට වන බ්‍රිතාන්‍ය රටේ ලන්ඩන් නුවර වර්ණවත් ලෙස අරාම්භ විය. එහි අපි සිටින්නෙ කොතනද? එපමණක් ඇත, මාගේ කියමනට.

අපි හැම විටම කරන්නේ උචිත සහ තමන්ට ගැළපෙන යමකට වඩා අපි ඇලුම් කරන විෂයයක් සමත් කර ගැනිමටය. අනෙකුත් දිවයින් සමඟ ගත් කල අපි මනුෂ්‍යකම් අතින් ඉහළින් සිටින රටක් බව බොරු පුරසාරම් කථා කියමින් යන ගමනකි අපි මේ යන්නේ. අපි පුංචි සිහින සැබෑ කර ගන්නවා වෙනුවට, සැබෑ නොවන අපට නොගැළපෙන සිහින පසුපස යාම අද විලාසිතාවක් බවට පත්ව ඇත. ශ්‍රිලංකාවේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් සමඟයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ. එහෙත් ධනවත් කොටසකගේ අභිමතය පරිදි ඔවුන්ගේ රුචිකත්වය මත යන ගමනකි වර්ථමානයේ අපි සියල්ලන්ටම ගමන් කිරීමට සිදු වි ඇත්තේ. කිසි දිනක සාර්ථක නොවන ගමනක් බව වැටහිමක් නැත.  

සුසාන්තිකා ජයසිංහ යනු  ගමක ඉපදි අඟහිග කම් සමඟ ලොකය දිනු කාන්තාවකි. ඇයට වුවද තමන්ගේ ගමන යාමට සිදු වන ලද්දේ නොයෙකුත් අනවශ්‍ය බලපෑම් සමඟ විම කණගාටුවට කරුණකි. එවන් තවත් දක්ෂතාවයන් තිබෙන පුරුක් ඕනෑ තරම් අපේ ගමේ ඇත. එහෙත් අපි බලාපොරොත්තු වන ඉලක්ක නිසා ඔවුන් සැඟවි ඇත. සහජයෙන් හිමි කුසලතා වලින් පමණක් අද ලොකය ජය ගැනිම අපහසු කරුණකි. අපි ඒ බව හොඳින් වටහා ගත යුතු කරුණකි. සිහිනය බොඳවන ප්‍රධාන ලකුණ වනුයේ මුදල්ය. අපි මේ යන්නේ මුදල් පෙරටු කර ගත් ජිවන රටාවකය. එය ඔබටත් මටත් වෙනස් කළ නොහැකි කරුණකි. මමත්වය රජයන වර්ථමාන මගේ මව් බිමේ හැකියාව යනු යාචකයෙක් සිඟමන හා සමානය. මම පුංචි උදාහරණයක් පෙන්වමි.  

අසල්වැසි ඉන්දියාවේ කීනම් හෝ සාමුහික කරුණකදී ඔවුන්ගෙ දැත් එකට එක් වන අන්දම කෙතරම් හැඟුම්බර අවස්ථාක්ද යන්න වග ඔබේ නෙතින් දුටුවා නම් එය පසක් වනු ඇත. එහි තිබේන ශක්තිමත් බව දකින විට නෙත් තෙමි යන්නේ ඔවුන්ගේ හඳවතින් නැගෙන හැගුම් නිසාවෙනි. ඒ රට ජනප්‍රිය සම්මාන උ‍ළෙලකදි පවා ඔවුන්ගේ දැත් එක් වන්නෙ වෙනත් කෙනෙකු ලබා ගන්නා සම්මානයකදී. එහෙත් එය තම තමන්ට ලැබුණා සේ සතුටු වන අන්දම මුහුණු වලින් පෙන්නුම් කරයි. 
  
එවන් වු පරාර්ථකාමි පරපුරක් අපට සිටිනවාද යන්න ? කි. අපි ආකල්ප පිළිබඳ එතරම් තැකිමක් නොකලද එය අපි මුලින් සකසා ගත යුතු කාරණාව විය යුතුය. ඉන්දියාවෙත් තර්ජන,දුෂණ පලි ගැනිම් නැතිවා නොවේ. එහෙත් අපි ස්පර්ශ කළ යුත්තේ එවන් ස්ථාන නොවෙයි.පට පුළුවන් නම් ඔවුන් සේ තව කෙනෙකුගේ ජයග්‍රාහනයක් තමන්ට ලැබුණා සේ විඳින්න එවිට අපේ ඔලිම්පික් රන් සිහිනයද සෑබැවක් බවට පත් විම යථාර්තයක් වනු ඇත.
-ජිඑම්-
6 Comments
Tweets
Fb Comments

6 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මටනං මෙවුවා ගැන හිතලම එපා වෙලා තියෙන්නේ..
    පොඩි උපදෙසක් දෙන්නං..
    කමෙන්ට් වල වර්ඩ් වේරිෆිකේෂන් අයිං කරන්නකෝ..
    කමෙන්ට් කරන්න හරි කරදරයි ඒක නිසා..
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  2. මොනවද තරියා එපා වේලා තියෙන්නෙ

    ReplyDelete
  3. ඡේද වෙන් කරලා ලිව්වොත් කියවන අපට ලේසියි..

    අනික word erification අයින් කළොත් කමෙන්ට් කරන අයට පහසුවක්..

    ReplyDelete
  4. මේවා ගැන නම් වැඩක් නෑ කතා කරලා.. ඔලිම්පික් තියා වෙන ඕන වැඩක් කරන්න ගියත් ලංකාවේ මමත්වය විඩියි.ප්‍රධාන හේතුව විදිහට මං දකින්නේ මිනිස්සුන්ට රට ගැන වුවමනාවක් නෑ.මිනිස්සුන්ගේ හිත් තුල රට ගැන ආශාවක් කැක්කුමක් ඇති කරන්න්න ඕනි.එහෙම නැතුව රට හදන්නවත් ඔලිම්පික් දිනන්න වත් කවදාවත් බෑ.බොරුවට නිකන් කාලෙන් කාලෙට පත් වෙන ආණ්ඩු වලට බැනලා වැඩකුත් නෑ.ආණ්ඩුවත් මහජනතාවත් එකවිට, එක හඩින්, එක හැගීමෙන් නැගිටින්න ඕනි...

    ReplyDelete
  5. සදරුවන් හරි.අකාල්පමය වෙනසක් ඇති කිරීමට මොකද කරන්න ඕන.

    ReplyDelete
  6. ඒක කරන හැටි මටත් තේරෙන්නේ නෑ අප්පා.ඒත් බොක්කෙන්ම රට ගැන ආදරයක් තියෙන ඒකාධිපතියෙක් ආවොත් නම් හරි යයි.මොකද එතකොට එයාගේ තනි මතයටනේ වැඩ කරන්න ඕනි.හැබැයි බල ලෝබීත්වයෙන් පෙළුණු මෝඩ පාලකයෙක් නෙමෙයි ඉඩි අමීන් ලා වගේ.රටට ආදරය තියෙන නායකයෙක්.හරියට නිකන් ගඩාෆිලා,හුසේන්ලා,කස්ත්‍රෝලා වගේ.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...