Sunday, October 6, 2013

සම්මතයට අභියෝගයකි







        සම්මතය යනු බහුතරයගේ රුචිකත්ත්වය වේ. මා සම්මතය දකිනුයේ එහෙමය. මට එසේ සිතුණද, සම්මතය පිළිබඳ විවිධාකාර වු අර්ථකන ඔබ තුල ඇත. සම්මතයට එපිට සිට ලෝකයාට නොදැනෙන්න බොහෝ හදවත් සතුටු වන අතර, ඔවුන්ගේ සැඟවි තිබෙන දුක්බර කථා ලෝකයාට අසම්මතයකි. සම්මතය ලෝක නිතීය සහ රීතිය වුවාට වැඩි පිරිසකගේ සතුට රැදී ඇත්තේ අසම්මතය තුලය.
          සුන්දර වගේම හැඟුම්බර මිනිස් හඬකින් ගැයෙනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මෙම ගීතයට මම බොහෝ ලෙස ඇලුම් කරමි. ගීතයක් ලිය වෙන්නට පාදක වන කථා වස්තුව කුමක් වුවාත් එම නිර්මානය සෑම කෙනෙකුගේම අත්දැකිමක් බවට පත්වනුයේ එහි තිබෙන වචනයන් නිසාය. ඊට හොඳම නිදසුනක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. සම්මතයට අභියෝග කරන බොහෝ කතන්දර ඔබද දැක අසන්නට ඇත. මේ පවසනුයේ නිවසේ සිටින අහිංසක බිරිඳ හෝ ස්වාමියා රවටා වෙනත් කෙනෙකු සමඟ යහන්ගත වන මිනිසුන් පිළිබඳව නම් නොවේ. සමාජය ඉදිරියේ සම්මතය රකිමින් එහෙත් ඇතුලතින් වේඳනා විඳින බොහෝ හදවත් වල සෝ සුසුමන් අපට නැසේ. ඔවුන් අසරණ වන අවස්ථා ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථා වල ලෝකයට හොරෙන් ඉකිගසා හඬනවා ඇරෙන්න වෙන කරන්නට යමක් නැති තරම්ය. ආදරය නැතිව ජිවත් විය හැකිද?එය මිනිසාට තවත් අභියෝගයකි. ආදරයේ රසය නොදැනෙන තුරු ආදරය නැතිව ජිවිත් විය හැකිය. එහෙත් ආදරයේ මිහිරි රසය විඳපු අයෙකුට නම් එය නැතිව ජිවත් විම එතරම් පහසු කරුණක් නොවේ. අප විරහාව පිළිබඳව වැඩි වශයෙන් කථා කරනුයේද ඒ නිසාවෙනි.  
මට මගේ නොවන මගේම දේ කොතෙක් නම් ඇත්ද? අයිති කර ගන්න බැරි කොතෙක් නම් දේ අපි අතින් ගිලිහි යනු ඇත්ද? සැබෑ ලෙසම සිත නිවන, දුක නැති කරන සතුට හිත ළඟට ගෙන දුන්  මගේ නොවන මගේම දේ මට නොලැබෙන විට මා කුමක් කරන්නෙහිද? අපි ලෝකයා සතුටු කරනවද? එහෙම නැති නම් අපි සැනසෙනවාද? අතරමං වු හදක නැඟෙනා සුසුම්..........පොදක්
ආදරය සුළඟ සේ හමා විත් මුළු ගතම ස්පර්ශ කරමින් සිසිලස දී ළඟ නොරැදි නැවතත් හමා යන්නකී. සුළඟ නුඹ නැවත හමා එන තුරු බලා හිදිමි.
ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා

දමා ගිය ආදරයක් තුල ඇත්තේ වේදනා බර සිතුවිලි පමණයි.

හීනේන හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

          සිහිනයක් විලස සියල්ල දමා ගොස් හමාරය.ඉතිරිව ඇත්තේ මතකයන් පමණකි.
ලෝකයා ඉදිරියේ පැවසිය නොහැකි ආදරයක හැඟුමන් කොතෙක් නම් දුක්බරද තනි වු සිතක් කොයිතරම් නම් අසරණද...................

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

ලිය වි ඇති සෑම වචනයකම ඇත්තේ දුක්බර විරහාව පමණකි. එහෙත් මේ කඳුළුම අතීතයේ දිනයක මගේ පැතුම වි මගේ දිවිය සුවපත් කළාය.අද දුක්බර වි ඇත්තේ එදා මා වින්ද සතුටය.


දමා ගිය ආදරයක විරහා ශෝක⁣ය සහ වේඳනාබර හඬ අසන්නට කෙනෙකු නැති තරම්ය..
(රාජකාරි ජිවිතය තුල මා දුටු ආදර කතා අතර,ජිවිතය නැති කර ගත් යුවතියකගේ ්‍ේමය ගැන ඇයට උපහාරයක් ලෙස මා විසින් මෙේ නිර්මාණය කරන ලදී ) කරගන්න බැරි එහෙත් සැනසුම රැදී ඔබේ සෙවණ දමා යා හැකිද?ජිවිතය ජිවත් කරලිමට ඔබ දුන් ශක්තිය නිරතුරුවම ඉතාමත් හැඟිම්බරව සිහිපත් කරමි. එපමණක්ද නොව මා යන එන මඟ විමිසිල්ලෙන් සිටියා පමණක් නොව කරන්නා වු සෑම කටයුත්තක් පිටුපසම ඉතා ඕනෑකමින් සිටියාය. ආදරය කියා දුන්නේ ඔබමය. ඉතිං මම කෙසේ ඔබ හැරදා යන්නද? ඔබේ හෙට දවස අඳුරු කළ හැකිද? ඒ ගැනම සිතා යන්නම යනවා නම් ඒ අපව මුණ ගැසුණු මේ දේශය අතහැර යනවා මිස ඔබ ළඟින් නික්ම යාමට මේ හිත ඉඩ නොදෙයි.අයිති කර ගැනිමට නොහැකි බැඳිමක සිරවි ඇති ඔබව තවත් අසරණ කළ හැකිද?දවසක සතියක මසක වසරක හමුවිමක්ද? නැත වසර නමයක අහිංසක සෙනෙහේබර බැදීමකටයි, මා මේ සමුදෙන්න ලත වෙන්නේ.............මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

  • ආදරයට  වයසක් මිනිස් භේදයක් නිලයක් කාලයක් තැනක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ සුන්දර හදවතක් පමණි. එහෙත් ඒ දෙස බලන්නන්ට නම් ඒ ආදරය මහ ලොකු වරදකි.
  
40 Comments
Tweets
Fb Comments

40 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....මෙතනින් එහාට කිසිවක් නොලියමී'සොදුරු ලියන්නි නුඔට ජය!

    ReplyDelete
  2. බොහොම හොදයි නංගෝ, ඔයා මේ ගීතයේ වචන වලට හොද අර්ථ කථනයක් දීලා තියනවා. ඇත්තටම ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්, ඒක අතින් අල්ලලා එහෙමත් නැත්නම් විග්‍රහා කරලා පෙන්වන්න බැහැ නේ. ඒක හැගීමක් වගේ අද්දැකිය යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා ඒක එහෙම හැඟිමක්ම තමයි.

      Delete
  3. මේ ගීතය නම් මාරම මාරයි..
    ඇහෙනකොට දුක හිතෙන්න කරපු නිර්මාණයක්.....
    මේ පසු වදනත් අගනේය....

    ReplyDelete
  4. ///ආදරයට වයසක් භේදයක් නිලයක් කාලයක් තැනක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ සුන්දර හදවතක් පමණි. එහෙත් ඒ දෙස බලන්නන්ට නම් ඒ ආදරය මහ ලොකු වරදකි.////
    ඇයි මේ ලොකුවටම දාන්න ඕන එකක් පොඩියට දාලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. පොඩියට දැම්මමත් කියවනවා කියලා හිතුණා.

      Delete
  5. මට නම් හිතා ගන්න බෑ සමහරක් වෙලාවට. සම්මත ක්‍රමය හින්දාම වෙලාවකට අපි ආදරය කරන්න ගිහින් විදවනවා. අනිත් අතට ආදරය කියන දෙයට තියන සම්මතය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු න්ගේ පහසුවට හදාගත් දේවල් නිසා මිනිස්සුම විඳවනවා.

      Delete
  6. සම්මත දේවල් කරන්න ගිහින් ගොඩක් ආදරේ කරන අය විදවනවා..

    ReplyDelete
  7. ආදරයට වයසක් මිනිස් භේදයක් නිලයක් කාලයක් තැනක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ සුන්දර හදවතක් පමණි. එහෙත් ඒ දෙස බලන්නන්ට නම් ඒ ආදරය මහ ලොකු වරදකි.

    හම් එකනම් ඇත්ත මගේ first love එක අක්කා කෙනෙක්

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.... හැම කෙනෙක්ටම එක තියනවා

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි මෙවැනි සුන්දර වචනයන්ගේ සැදුම්ලත් ගීත අපේ හදවත් වලට ළං වෙන්නේ.

      Delete
  8. මම විශ්වාස කරන එක් දෙයක් තමයි, ලැබී පවත්වාගෙන යන ආදරයට වඩා, නොලැබී වෙදානාවෙන් හිතිං හඬන ආදරය රසවත් කියන එක.

    ReplyDelete
    Replies
    1. මොන රසයක්ද සුදීක?ඒක විටින් විට උත්සන්න වෙන පිළිකාවක් වගේ

      Delete
    2. හ්ම්....සුදීක අයියත් විටෙක හරි.එහෙම හිතෙන අවස්ථා ඕනෑ තරම් ඇත.

      Delete
    3. ලැබී පවත්වාගෙන යන ආදරයට තිත වැටුනොත් එහෙම ඔහොම හිතන්නෑ සුදීක අයියා

      Delete
  9. සිරාවට ලස්සන සින්දුවක් තමා... භාව ප්‍රකානය ඉස්තරම්

    ReplyDelete
  10. sammathaya aarakshaawa gana nan dodawana boho deneku yati hithin pathanne asammathayayi

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්ත මිනිස්සු මතුපිටට පෙන්නන්න බයයි.ඒකයි මම කිව්වේ මිනිස්සු වැඩි හරියක් සැනසෙන්නේ අසම්මතය ළඟ.

      Delete
  11. හැමෝම මේ ගැන ලියනවා. ඉක්මනට බලන්න ඕනෙ.

    ReplyDelete
  12. අනේ මන්දා ළමයෝ ආදරයට කොහෙද තියරි එකක්....ආදරය ප්‍රැක්ටිකලි දෙදෙනාට දැණෙන, දෙදෙනාට හැඟෙන දෙයක් නේද? මම දන්න සුද්දෙක් කිව්වා ආදරය ගැන කතාකරන වේලාව ආදරය කරන්න යොදවපන් කියලා. ඒක ප්‍රේමවන්තයින්ට විතරක් නෙමේ ලෝකයටම පොදුයි කියලා මට හිතෙනවා. හරිද මන්දා....

    ReplyDelete
    Replies
    1. ආදරයේ තියරි තමයි ලියුම් ලිවිම.අද නම් එස්එම්එස්.

      Delete
  13. සම්මතය පරයා අසම්මතය මතු වුන තැන්වල තමයි කදිම නිර්මාණ බිහි වුනේ...කවුරුත් ඒ ගැන පස්සෙ කථා කරනවා...තවත් ටික කාලෙකින් අසම්මතය සම්මතය බවට පත්වෙනවා...මේක චක්‍රීය ක්‍රියාදාමයක්....


    ReplyDelete
    Replies
    1. සීරා අයියා හුඟ දවසකින්.ඇත්ත එහෙම වෙන්නත් බැරි නැ.

      Delete
  14. ane manda. puduma lassana vidihata liyanawane oya.
    enisa me nagiya hithuwa ayyata commont ekak danna.
    maru.hodata karanna thawa issarahata..

    ReplyDelete
    Replies
    1. ස්තුතුයි අයියේ.

      Delete
    2. mama ayya kenek neme akkiyooo...nnangi kenek...

      Delete
    3. ආ එහෙමද?සැඟවි වගේ නේද?ඇයි ඒ?තමන් කවුද කියන්න හරියටම බයද?

      Delete
    4. apoooo na.....nama sanduni...

      Delete
  15. සමනල සන්ධ්වනිය තවම ‍බලන්න බැරිවුනත් බ්ලොග් අවකාශයේ වගේම ෆේස් බුන් එකෙත් විවිධ අදහස් හුවමාරු වෙනවා. සංගීතමය ප්‍රේම සංධ්වනිය බලන්න හිත පොළඹවනවා

    ReplyDelete
    Replies
    1. ඒ චිත්‍රපටිය පුරාම ඒ ගීතයේ සුන්දරත්වය රැදි තියෙනවා.

      Delete
  16. ආදරය සුන්දර වරදක් වුනේ අපේ අණ්ඩුකාරතුමාටනේ. සමහර වැඩිහිටියන්ට මේක සමාව දෙන්න බැරි තරම් වරදක්. මට මතක නැහැ මේ වැකිය කවුද කියුවේ කියලා.
    ආදරයෙන් පැරදෙන්නෝ දාර්ශනිකයෝ වෙන බවත්. දිණුවෝත් ......... ඉතිරිය මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතිරි වචනෙත් තිබ්බ නම් තමයි හොඳ.වැඩිහිටියන් ප්‍රශ්ණ දිහා බලන්නේ තමන්ගේ මතයෙන්.

      Delete
  17. මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි. අන්තර්ජාලයේ බ්ලොග් එකක් කිරීමට මගෙන් අවසර ලබා ගැනීමට නම් පිරිමියෙකුට කප්පම් වශයෙන් මම නියම කරන මූල්යඑ වටිනාකම ද ගැහැණියකට නම් මම නියම කරන ස්ථානයක දී වෙලාවකදී මා සමඟ ලිංගිකව හැසිරීමට යොමුවීමට ද අනිවාර්යෙන්ම යටත් වීමට සිදු වේ. මීට එරෙහි වන ඕනෑම අයෙකුට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් නොබලා ඉතාමත් නිර්දය ලෙස කිසිදු අනුකම්පාවක් නොමැති ලෙස මුළු මහත් අන්තර්ජාලය පුරාම මඩ ගැසීමට චරිත ඝාතනය කිරීමට මා විසින් ක්‍රියා කරනු ලැබේ. කැමති නම් මාත් එක්ක හැප්පිලා අන්තර්ජාලය පුරාම මඩ නාගන්න අවස්ථාවක් ලබා දන්න මම සූදානම්. ඇවිල්ලා බලන්න මම කරන මඩ බ්ලොග්වලට. යෞවනයා, විශ්ව දිට්ඨි හා පුංචි කුමාරිහාමි යන බ්ලොග් වලට ඇවිල්ලා බලන්න. ඔබ වැනි පාදක කෙල්ලෙකුගේ බ්ලොග් එකක මෙවැනි සටහනක් තබන්න සිදු වීමත් මට සිදු වන අගෞරවයක් ලෙස මම සලකමි. මන්ද ඔබ මට ලොකු නැත. ඔබගේ වෘත්තිය මට පයිසයක් වටින්නේ නැත. ඔබ මහ ලොකු මාන්නක්කාරකමකින් හිස උදුමවාගත් පරට්ටියකි.

    ReplyDelete
  18. අක්කේ මොකද කේස් එක ඇයි දැන් ලියන්නේ නැත්තේ???????

    ReplyDelete
  19. සම්මතය තුල එල්බ සිටින අසම්මතය විදිමින් ඒ තුල අසහාය ආනන්දයකට පත්වී, අසම්මතයට බැනවැදි සම්මතය තුල එල්බ ගන්න පිරිස් බහුල සමජයක සම්මතයට වඩා අසම්මතයේ ඇති දේ පෙන්වාදීමට උත්සහ කිරීම වටී.
    අප හැමටම බොලද ආදර කතා ඇත. ආදරයෙන් පරාජය වී ඇත. කෙසේ හෝ සියල්ල අතහැර දමා සම්මතය යැයි පිලිගත් අසම්මතයක් තුල එල්බ ගන්නා පිරිස්ද අනන්තය අපමනය. එය එසේ වන්නේ සම්මතය යනු මුදල්, සමාජ තත්ත්වය වැනී ඒවායැයි සිතන විටය. එවැන් අයට අසම්මතයන් වන වෙනත් අය සමග යහන් ගත් වීම වැනි ඒවා සම්මතයන් සේ දැකිය හැකිය..

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...