Wednesday, September 18, 2013

බලාපොරොත්තුව




            දිනපතා පුවත් වල ලොකු අකුරින් තියෙන්නේ මොනවද? දිනපතා පුවත් පත් තුනක සඳහන්  ප්‍රධාන සිරස්තල කිහිපයක් පහත දක්වා ඇත.

  • කෝටි 15 ඉතාලි වන්දිය වංචා කළැයි පියාට නඩු
  • දායාරත්න හිමිටත් වරෙන්තු
  • බිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයි
  • ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ
  • සමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයි
  • මැතිවරණ ප්‍රකාශනයට එරෙහි පෙත්සම් විභාගයට
  • ගොවීන්ට දස ලක්‍ෂ 50 ක මුදලක්‌ හිඟ තබා

  • වී... විකුණා ගන්න විඳින දුකක්
  • දරුවාට දඬුවම් කළැයිකිපී

  • ලිංගික අල්ලස් ඉල්ලූ කොට්ටාවේ විදුහල්පතිට ඇප
තරුණ දියණියන් නිසා ඇප ලබා දෙනවා
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්




  • සබරගමුව සරසවියේ

නවකවදයට හවුල් සියලු දෙනාට දැඩි දඬුවම්

* නවකවදය සරසවි බිමෙන් අතුගා දැමීමට ගත් තීරණයක්
* සිසුන්ට දැඩි ශාරිරික මෙන්ම මානසික පීඩා
* සිසුන් නිරුවත් කළ ජ්‍යෙෂ්ඨ සිසුන් 19දෙනකු හඳුනාගෙන

  • අනුරපුරේ සක්විත්තෝ දෙදෙනෙක් කොටු වෙති


       මොහොතක් සිතන්න. අපි මේ දකිනුයේ එදිනදා සිදුවන දේ හි අල්පයකි. එහෙත් මිටත් වඩා භයානක, දුක හිතෙන, පසුතැවෙන බොහෝ දේ මේ රට තුල සිදුවෙමින් පවති. ඇයි මේ ව්‍යසනයන්? කුමක් අරඹයාද ? ඉපදුණා නම් මැරෙන තෙක් සතුටින් ජිවත් විය යුතුය. එහෙත් ඒ සැපත ළඟා කර ගත් යුත්තේ තවත් කෙනෙකුට දුකක් දී නොවේ. එසේ නුනහොත් යන ගමනේ කෙළවර වනුයේ  දුකින්ය. වරදක් කර ලබා ගන්නා සතුටක් නැත. එහි ඇත්තේ දුක, භය සහ නොසන්සුන්කම පමණි. ලෝකයාට පෙන්න සුදු ඇඳගෙන කළු චරිතයක් ජිවමාන කරන මිනිසුන් සිටින යුගයක අපි දැන් සිටින්නේමු. ජිවිතය විඳින්න අවශ්‍යය. එහෙත් ජිවිතය සැපවත් කර ගත යුත්තේ අන් අයට පිඩාවක් අසාධාරණයක් නොවන අයුරින්ය. එවැනි තවත් කෙනෙකු පිඩාවක් නොවන අයුරින් සැප විඳින මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ සිටිති. අපි එවැනි ජිවිත වලට සුභ පැතිය යුතුය.

තවද තමන් ගේ ජිවිතය සැපවත් වන්නේ තව කෙනෙකුගේ දහාඩිය මහන්සියෙන් නම් ඊට සාධාරණයක් ඉට කළ යුතුය. තමන්ට පැවරි ඇති රාජකාරිය නිසියාකාරව ඉටු කළ යුතුය. මේ පිළිබඳව බොහෝ දුරට රාජ්‍ය සේවකයින් දැනුවත් විය යුතුය. මිට අමතරව ව්‍යාපර අධිපතින් තම යටතේ සිටිනා සේවකායේ ශ්‍රමය ලබා ගන්නවා සේම සහ ඔවුන්ගෙන් වැඩි දායකත්වයක් බලාපොරොත්තු වනවාසේම ඔවුන්ගේ අවශ්‍යතාවන් කෙරෙහිද විශේෂ අවදානයක් යොමුකර එම අවශ්‍යතාවයන් සපුරා ගැනිමට උපකාරි කළ යුතුය. එවිට අවශ්‍ය දායකත්වය සේවකයා නොපිරිහෙලා ඉටු කරති. ඔවුන් ලබා දුන් ශ්‍රමයට සරිලන නිසි දිමනා ලබා දිය යුතුය. සේවකායද තමන්ගේ තරම දැන ඉටු විය යුතු සේවාව තම ප්‍රධානීයා වෙත අවංකව ලබා දිය යුතුය. තමන්ගේ දක්ෂතා, දැනුම, බුද්ධිය සහ උගත්කම මත හිමි ස්ථානයක් ලැබි ඇත්නම් ඒ රේඛාවේ සිට වගකිම් ඉටුකළ යුතුය. තමන් වටා සිටින පුද්ගලයින් සැප පහසු ලැබුවාට තමන් ඒ සැපත බලනේ හෝ තව කෙනෙකුට හිරිහැර කර ලබා ගැනිම මනුෂ්‍ය ගතියක් නොවේ. සැපත ලඟා කර ගත යුත්තේ තමන්ගේ මහන්සියෙන් මිස තව කෙනෙකුට අයිති දෙයක් බලහත්කාරයෙන් ලබා ගනිමින් නොවේ.   

මේ සැවොම එකිනෙකාට ගෞරව කළ යුතුය .අභිමානය යනු සෑම සත්වයෙකුට උරුම දෙයකි. මම ගෞරවය ලබන්න කැමති සේම මා ඉදිරියේ ඇත්තාද එම ගෞරවය ඒ ආකාරයෙන්ම බලාපොරොත් වේ. ඒ ගෞරවය ලබා දෙන්නේ නම් එය පෙරලා තමන්ටද ලැබේ.එවිට සතුටින් ජිවිත් වි සතුටින් මිය යා හැකිය.  

16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. රට කරවනා මහ උන්ට විනයක් නැති කල...පහළින් ඉන්නා උන්ගේ විනය කෙසේ නම් රකින්නද...ජිනාගෙ පොට් එකේ ඉදලා පැනලා දිව්ව ඇමතියට දඩුවම් නැති උනාට පොල් ගෙඩියක් හොරකම් කරන එකාට දඩුවම් තියෙනවා...

    ReplyDelete
  2. ආගමානුකූල නොවු සමාජයක හැටි නොව.

    අධ්‍යාත්මයට වඩා අපේ රජය වුනත් හිතන්නෙ පාරවල්,වරායවල්,ගුවන්තොටුපලවල් හදලා භෞතික දියුනුවක් පෙන්වන්න මිසක අධ්‍යාත්මය දියුනු කරන්න නෙවෙ. අමු හොරු, දූෂකයෝ රැසක් ලං කරන් ඉන්නෙත් ඒකම නිසයි..

    ජය !

    ReplyDelete
  3. මේව අහන්න/දකින්න ලැබෙද්දි හිතට එන්නෙ පුදුම කලකිරීමක්.

    ReplyDelete
  4. ඔබ වපුරන දේ ඔබ කපාගන්නේහිය, ඔබ හොද දේ වපුරුවහොත් හොද දේද නරකදේ වපුරුවහොත් නරකදේද කපාගන්නේහිය. මෙය කාටත් පොදු ධර්මතාවයකි. ඒනිසා නිතරම ඔබ කරනදේ ගැන මොහොතක් සිතන්න. මක්නිසාද වපුරනදෙයින් ලැබෙන අස්වැන්න ඉතාමත් බොහෝයි.

    බොහොම හොදයි නංගෝ මේවගේ දේවල් නිතර මතක්කර දෙන එක.

    ReplyDelete
  5. aniwa nangooo, api tawa kenekta gaurawa karana wita eya perala tamantada lebee.samaharu hithanawa api gaurawa labanna hoda rekiyawak ,mila mudal, yana wahana,samajaye usas tathwa tibiya yuthu bawa, namuth eee siyalla boru. mokada eee siyalla tawakalikai. api yam kenekuta usas lesa salakanawada gaurawa karanawada, eyai api labana lokuma asirwadaya eyai.

    ReplyDelete
  6. නියම ලිපිය යාලු . තව ඉස්සරහට තව මේ ගතිය වැඩි වේවි
    ශ්‍රී ලංකාවට අවුරුදු 2500 කටත් වඩා පරණ සංස්කෘතියක් අරකක් මේකක් තියනව ගගා බයිලා ගැහුවට මේ තමා ඔය කියන මහා ධර්මප්දීපයේ නිරුවත .

    ReplyDelete
  7. මේ කරණය නිසාම මම සිංහල පත්තර බැලීම අඩු කරලා තියෙන්නේ.

    ReplyDelete
  8. ධර්මද්වීපයක හැටි...

    ReplyDelete
  9. ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ ඕවාත් තියෙන්න ඕනේ. ;)

    ඕවා ගැන කතාකරලා තේරුමක් නෑ.මොකද ලංකාවේ ඉන්න මිනිස්සුනට ඕවා පෙන්නේ නෑ. කොච්චර කතා කලත් දැනෙන්නේ නෑ. ඒ වෙලාවට විතරයි. ඊටපස්සේ හැමදේම අමතකයි.

    ReplyDelete
  10. ලස්ස 10 ක මුදල් බෑගය අයිතකරුට දෙයි..

    මේසන් බාස් දරුවන් 10 දෙනාගෙන් හය දෙනෙක් වෛද්‍ය වරු කරයි.

    ReplyDelete
  11. අපේ මාධ්‍ය උනත් මේවා ගැන ටිකක් හිතන්න ඕනේ. ප්‍රවෘත්තිමය වටිනාකම ගැන විතරක් හිත්නනේ නැතිව

    ReplyDelete
  12. කොනක ඉඳල හදන්න ඕනේ කොහොම උනත් මම හිතන්නේ ලංකාවේ ප්‍රගතියක් අපි ජීවත් වෙලා ඉන්නකල් දකින්න වෙන එකක් නැහැ

    ReplyDelete
  13. ලංකාවෙ මාධ්‍ය කලාව හැසිරෙන ආකාරය ඉතාම පිලිකුල් සහගතයි. සාමාන්‍යයෙන් මාද්‍යවල පළවන්නේ පළ නොකලයුතු දේවල් ඒත් යම් අපකීර්තිමත් පුවතකින් පසු ඔහු යම් අධිකරණයකදී නිවැරදි කරු වුනොත් ඒක ලියන්න කවුරුත්නෑ. මේ කාලයේ ලිංගිකත්වය පිලිබිමු කරන පුවත්වලට මුල්තැන දිම පෙනෙනවා මේක කණගාටු දායක තත්වයක්.

    ReplyDelete
  14. දැන් මාධ්‍ය උලුප්පලා පෙන්නන්නේ පෙන්නන්න ඕන දේවල් නෙවෙයිනේ

    අනික දඬුවම්, අර සිරා අය්යගේ කොමෙන්ටුවේ තියන එක තමයි මටත් කියන්න තියෙන්නේ

    ReplyDelete
  15. සැවොම එකිනෙකාට ගෞරව කළ යුතුය////මේක තමා අපේ උදවිය අතර නැත්තේම. එකිනෙකා දිහා ආදරයෙන් ගෞරවයෙන් බලන්න පුලුවන්නම් එකම ඇති ගොඩක් දේවල් වෙනස් වෙන්න.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...