Tuesday, July 9, 2013

හැඳිමිටේ තරමටවත් නැද්ද නුවණ



ජිවිතය හිතන තරම් සුන්දර නැත


     මහාචාර්‍වරයාගේ ආශ්චාර්ය ජනක ක්‍රියා කලාපය පිළිබඳව ඔබ මේ වන විට නොයෙකුත් පුවත් දැන සිටින බව සිතමි. ඔහු ගැන ප්‍රමාද වි හෝ පොලිසිය දැනුවත් කිරීමට ඇය ගත් තීරණය අගය කරමි. එහෙත් ඇය ප්‍රමාද යැයි මට හැඟේයි. අන්තර්ජාලයේ සහ තක්ෂණයේ තිබෙන වැදගත්කම අපි ලබා ගන්නේ කුමක් අරබයාද? ස්කයිප් වැනි සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමට අපි ඉගෙන ගත්තා සේම ඒ තුලින් සිදුවන නොයෙකුත් අයහපත් පුවත් පිළිබඳවද දැනුවත් වි සිටිම අපේ ජිවිතය රැක ගැනිමට උපකාරි වේ. දැනුවත් කිරීම්, කොතෙක් සිදු කළත් උපදෙස් කෙතරම් දුන්නත් ඒ සියල්ල ඔඩොක්කු බණ වගේ මිනිස්සු බණ අහගෙන ඉන්නේ හරියට ඒ මොහොතේ සිට පිළිපැද ක්‍රියාවේ නිරත වෙනවා යන හැඟිමෙනි. එහෙත් දේශණයේ අවසනයත් සමඟ අසා සිටි සියල්ලම තමන් වාඩි වි සිටි එතනම දමා යයි. අපි හැමදාමත් එකම අනතුරකට ලක් වන්නේ එබැවින්ය. දෙයක් වු පසු ඒ ගැන ලියන තරම්, අපි ඒ දේවල් හිතට ගන්න උත්සහා කරන්නේ නැත. මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන්න ඕන දේ හිතේ තබාගෙන උවමනා දේ හිතින් අයින් කරයි.
     අවුරුදු ගණනක් කථා බහා කළත් පළමු හමුවිමම යහන්ගත විම අනුමත කළ නොහැකිය. මේ  ශ්‍රි ලංකාවේ පෙම්වතුන්ට නිදහසේ හමුවිමට තිබෙන එකම තැන හොටෙල් කාමරයක් පමණද? වරදක් විමෙන් පසු කා හටවත් ඇඟිලි දිඟු කොට ඵලක් නැත. ගැහැණු ළමයෙකු අන්තර්ජාලයේ කළ යුත්තේ චැට් කිරීම පමණද? කොල්ලෙක්  නම් නාවලා ගෙට ගත්තම හරිලු. එත් කෙල්ලෙක්ට එහෙම බැරිලු. ඔය පදේ අපේ මවුපියන් අපි වැඩිවියට පත්වෙන දිනයේ කියන කථාවක් නොවැ. මේ වැකියේ ලොකු අර්ථයක් ගැබ් වි ඇතිබව ගැහැණියකට තේරුම් ගැනිම අපහසු කරුණක් නොවේ. සල්ලී සහ යාන වාහාන ජිවිතය නොවන බව තමන්ට වැටහිමක් නැත. ඒ බව අවබෝධ වන විට වෙන්න ඕන නස්පැත්තිය සිදු වී හමාරය. අහිංසක දෙමව්පියන්ට දෙන ගින්දරට වන්දි ගෙවන්න වන බව මතක තබා ගත යුතුය. රැයක් දවාලක් නැතිව ඔවුන් වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද?

 තමන්ගේ හෙළුව පාපතරයෙක් ඉදිරියේ ප්‍රදර්ශණය කළා කියන්නේ ඉතිං මුළු ලොවම දැන ගත්තා හා සමානයි. තවත් ඌ කෙරෙහි මොන විශ්වාසයක්ද? ලැජ්ජාවට දෙවැනි වතාවටත් ඒකා ළඟට යාම කොයි තරම් නම් මෝඩකමක්ද? දෙවැනි වතාවට ඔහු කරා යා යුත්තේ නීතියත් සමඟය. අම්මා තාත්තා රවටා හොර පෙම්වතා සමඟ චැට් කරන්න සහ ගමන් බිමන් යන්න පුළුවනි. එහෙත් තමන්ට තමන්ව ආරාක්ෂා කරගැනිමට උවමනාවක් නැත. හැදිච්චකම හිතෙ හංඟාගෙන ක්‍රියාවෙන් ලැජ්ජාව නැති කරගෙන පස්සේ දුක් විම විහිළුවකි. ඇයි අපි එතනට යන්නේ? යන්න ප්‍රථම සහ වරද කර ගන්න කලින් කල්පනා කරන්න ඕන, මම මේ යන ගමන සුදුසුද නැද්ද යන්න වඟ. මේ සිදුවිම් මෙතකින් අහාවර නොවන අතර මේවැනි සිදුවිම් තවත් බොහෝ සිදු වනු ඇත.

තවත් අමාන්දලා සල්ලාල ප්‍රෆෙසර්ලගේ ගොදුරු බවට පත් විමට හීන දකිනවා ඇති. අන්තර්ජාල වෙබ් අඩවි බිහි විමේ මුලික පරමාර්ථය යහපත් සම්බන්ධකම් ගොඩනඟා ගැනිමට මිස මේ වගේ පාපතරයින්ගේ බිහිසුණු කාමුකත්වය සංසිදවා ගැනිමට නොවේ.

අනතර්ජාලය තිබෙන්නේ කාමුක ලිංගිකත්වය හඹා යාමටද?. අනේ මන්දා කවදා මේ නුවණ පහළ වෙවිද?

ළඟ සිට බලන කල ජිවිතය ඛේදාන්තයක් සේ පෙනෙනු ඇත. දුරස්ථව බලන කල එය විහිළුවකි.” (චාලි චැප්ලින්)
36 Comments
Tweets
Fb Comments

36 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අන්තර්ජාලේත් ඉතිං එක එක මිනිස්සු ඉන්නවා...අපි දැන ගන්න ඕනෙ කාත් එක්ක කොහොමද ගණුදෙනු කරන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් එක තමයි.දෙයක් උනාට පස්සේ ඇඟිලි දික් කරලා හරි යන්නේ නැ.

      Delete
  2. අන්තර් ජාලයේ පමණක් නොව දිවියේ හැම තැනම හොඳ සිහි නුවනින් කටයුතු නොකළොත් අමාරුවේ.මෙය ගැහැනුන්ට පමණක් නොව පිරිමින්ටද අදාලය. කපටි ගෑනුන්ට ජාලයෙන් අසුවි සේසතම පුදා ඇටිකෙහෙල් කැ රිලවුන් සේ ඉන්න පිරිමිද ඕන පදං.

    ReplyDelete
    Replies
    1. ගැහැණිය තැනක පිරිමින් රවටනවා ඇති.එහෙත් රැවටිම පමණක් නොව ගැහැණියකට ඊට ඒහා ගිය අදුරු ලොවක් උරුම වෙයි.පිරිමියාට හිත හදාගෙන හොඳ පවුල් ජිවිතයක් ඇරඹිය හැකිය.එහෙත් ගැහැනියට එසේ සිදු විම අහඹුවකි.

      Delete
  3. ඔය හැමදේටම තියෙනවා. අන්තර්ජාලේ නැතෙයි කියල ඕව නොවෙනවද? වලක්වන්න අමරුයි. 100% ක් හොදවත් ඒ ගානටම නරකවත් මේ ලෝකේ නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. අපට 100% නිවැරදි වෙන්න බැරි බව දන්නවා.එහෙත් වළක්වා ගත හැකි විනාශයකට පැටලෙන්නේ විහින්ය.එයයි අප නවතා ගත යුත්තේ.

      Delete
  4. මේ වරද තියෙන්නේ අන්තර් ජාලයේ නොවේ, තමතමන් සමාජය තුල හැසිරෙන පිළිවෙල අනුවයි.

    ReplyDelete
    Replies
    1. මාත් අයිලෂ් අයියා කියන දේට එකඟයි... මිනිසා තුල ජීවත් වෙන කාමතුරයා තමයි මේ විදිහට එළියට එන්නේ.. අහිංසක ස්කයිප් පළි නැහැ මේවට..

      Delete
    2. ස්කයිප් ගැන මට ප්‍රශ්ණයක් නැ සහන්.එයින් ඇති වි තිබෙන තත්වයන් ගැන සැලකිල්ලක් නොදක්වා ජිවිතය වරද්දා ගැනිම ගැනයි මම කියන්නේ.මේ ලෝකේ වෙන සියළුම වැරදි අපට නිවැරදි කරන්න බැ.එත් දැන දැන මේ වැරැද්දෙ නියළෙන එක තමයි නිවැරදි කර ගන්න ඕන.

      Delete
  5. අපේ ආච්චිලාගේ කාලෙත් පෑනේ මිතුරු සම්බන්දකම් වලට මුලාවී ජීවිතයම අවුල් කරගත් ගැහැණු පිරිමි සිටියා.මගේ දැනුමේ හැටියට පිරිමින්ට සාපේක්ෂව ගැහැණු රැවටෙන ප්‍රතිශතය වැඩියි.මගේ හිටපු පෙම්වතිය පවා සුපිරි වෑන් රථයක හිමිකරුවෙකු ලෙස පෙනීසිටි රියදුරාට රැවටී තම උසස් අද්‍යාපනයත් නැතිකරගත්තා.ඒ විතරද තිර රෙදි දැමු වෑන් රථයෙන් ගිය ගමන් කෙළවර වුනේ ඇය ගැබිනියක් වීමෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් එදා කරපු වැරැද්ද අදත් විය යුතුද? මිනිස්සු වැරද්ද නිවැරදි කර ගන්න ඕන නේද?

      Delete
  6. මාතෘකාවෙන් සහ ලිපියෙන් හැඟී යන්නේ මෙහි වරද ඇත්තේ කාන්තාව අතේ බව ඔබ අපට පවසන බවයි.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර.මේ ප්‍රශ්ණයෙදී මම කාන්තාව වැරදි බව කියමි.ඉගෙන ගත් මෙවැනි අය සමාජය හොදීන් දකින මෙවැනි කාන්තාවන් මෙහෙම තීරණ ගනිද්දී එය කණගාටුවට කරුණකි.මෙතන දුෂණයක් නෙමෙයි උනේ.සිය කැමැත්තෙන් පෙම්වතා සමඟ සිට වැරදුණ තැන ඇඟිලි දික් කිරීමක්.මේ කාන්තාවට මිට වඩා හොඳ තීරණයකට එන්න තිබුණා.විහින් නාස්ති කර ගත්ත ජිවිතයක්.

      Delete
  7. සරුවපිත්තල වලට නූගත්යයි සම්මත දරුවන් ‍රැව‍ටුනා නම් කමක් නැත ඒත් ‍රැවටෙන්නෙ මහ දවාලේ ඇස් කන් ඇති උගත් යයි සම්මත දියණියන් වීමයි දුක..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.එක ගැන තමයි මටත් දුක.

      Delete
  8. අන්තර්ජාලේ නොතිබුන කාලේ ඔය ඉන්ද්‍රජාලේ තිබුනා. මොළයක් දීලා තියෙන්නේ හිතන්න. මහාචාර්ය, ආචාර්ය කියලා නෑ අනාචාර්යට..

    ගොන් බූරූ ඔළ මොට්ටලයෝ, එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳියි..

    ReplyDelete
    Replies
    1. නොදැණුවත්ව අහුවණ ගොන් බූරූ ඔළ මොට්ටලයෝ ටික ඇරුණම ගොන් බූරූ ඔළ මොට්ටලයෝ ටිකට විනාශය ට යන්න කලින් හිතුවා නම් මේ වගේ දෙයක් නොවනු ඇත.

      Delete
    2. මගේ අදහස- ඔනෙ කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත්වෙන්නපුළුවන්.. එත් තාවකාලික වින්දනයකට රැවටිලා වැරදි කරනවා..
      අපි වැරැද්ද කියල දැනගෙනත් කරනවා... පුංචි ළමයිනම් නොදැන කරන්න පුළුවන්.... එත් මේ ය හැගීම් වලට ඇබ්බැහි වීම නිසයි මේ වැරදි කරන්නේ
      ස්වයං පාලනයක් අවශ්‍යයි ජීවිතයට.. ඒක දීර්ග කාලීන සැනසීමට වැදගත්.. තාවකාලික සතුට ලොකු දුකකට මග පාද ගැනීමක්
      දෙපාර්ෂවයම කරන්නේ වරදක්........

      Delete
    3. ඔව් එක ඇත්ත.ඔබ හරි.

      Delete
  9. අන්තර්ජාලයේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල. කොතැනත් ඉන්නවා ඔය වගේ පහත් මානසිකත්ව තියෙන මිනිස්සු. අපි දැන ගන්න ඕනි ඒ මිනිස්සුන්ව තෝරා බේරා ගෙන කටයුතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත.එත් අනතර් ජාලාය ඉන් එකක්.

      Delete
  10. “කොල්ලෙක් නම් නාවලා ගෙට ගත්තම හරිලු”. එත් කෙල්ලෙක්ට එහෙම බැරිලු.//

    මට පේන්න බැරි, ඇහුනත් දැක්කත් යකා වැහෙන කතාවක්....

    කොහොමත් කෙල්ලෝ මෝඩයි ගයනි ඔය සම්බන්ධයෙන් ගත්තම.. ඒකයි ලොකුම අවුල.... අපේ රටවල මේ තියෙන මේ ගොන් විශ්වාසයි, මහා විකාර සංස්කෘතියයි හින්දා මේවා තවත් අවුල් වෙනවා... ( එහෙම කිව්වේ සංස්කෘතියට බනින්න නෙවෙයි... ඒත් ලෝකේ තියෙන දියුණු තාක්ෂණ ක්‍රම මේ ලංකාව අස්සට දිනපතා එනවා.. අප්ඩේට් වෙනවා.. ඒත් ඒවට ඔරෙත්තු දෙන්න පුළුවන් විදියට සමාජේ අප්ඩේට් කරන්න අපේ මේ සංස්කෘතිය ඉඩ දෙන්නේ නෑ... )

    දැනට උනත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ කතා කරන්න නම් රූම් එකකටම යන්න ඕනේ.. පාක් එකක උනත් ඉන්න ගියාම සික්කෝ කැරකනවා අතින් ඇල්ලුවත්... එහෙම ලවු කරතෑකියැ... ඉතිං රූම් වලට ගියාම වෙන්න ඕනෙ ඒවයි නැති ඒවයි ඔක්කොම වෙල තමයි එළියට එන්නේ... අනිත් එක කෙල්ලන්ට කොල්ලන්ට මේවා තේරුම් කරලා දෙන්නේ කීයෙන් කීදෙනාද හරියට... අම්මලා බලන්නේ කෙල්ලෝ කොල්ලන්ගෙන් පරිස්සම් කරගන්න.. ඒත් ඇත්තටම කෙල්ලන්ට වැඩිපුරම ඔය වගේ කේස් වෙන්නේ වැඩිහිටි පිරිමින්ගෙන්.. ( ගුරුවරු, නෑ‌යෝ, තාත්තගේ යාලුවෝ, වෑන් අන්කල්ලා, සල්ලිකාරයෝ කියලා පෙන්නගෙන එන නාකි උන්දැලා...)

    සම වයසේ හොඳම යාලුවෝ විදියට ‌කෙල්ලෙක්, එක කොල්ලෙක් හරි කොල්ලෝ කීප දෙනෙක් හරි ආශ්‍රය කරනවා නං ඒක හොඳ දෙයක් විදියට මං නං දකිනවා... ( සම වයසේ උනාම ඔය පොඩි පොඩි ක්‍රෂ් තිබ්බට, කොල්ලෝ කෙල්ලන්ට පණ වගේ ආදරෙයි.. ඔය ඇන්නා පැන්නා ජාතියේ උන් නෙවෙයි ඇත්තටම ලවු කරන උන්... ) මොකද එකම වයසේ කොල්ලෝ, කෙල්ලන්ට කලින් මේ සමාජෙට බැහැලා සමාජේ ගැන ඉගෙන ගන්නවා... ඒ කොල්ලො තමන්ගේ යාලුවට වෙන කරදර වලින් බේර ගන්න සහ ගත්ත වෙලාවල් තියෙන නිසා... මට නං එහෙම තිබ්බා.. ඒ මට එහෙම යාලුවෝ හිටිය නිසා.. ඒත් ගොඩක් ගෑණු ළමයින්ට එකම කොල්ලෙක්වත් යාලුවෙක් විදියට තියාගන්න මේ සමාජය ඉඩ දෙන්‌ෙන් නෑ නේ... බොරුද මං කියන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව හරියට හරි.. හැමදේම වගේම...අනිවා

      Delete
    2. මටත් ඒ කථාව පෙන්න බැ හිරු.ඒත් යථාර්තය එය නොවේද?
      හිරු ඔයා කියන කථාව එක් පැත්තකින් ඇත්ත.එහෙත් එහෙමමයි කියලා බාහිර නිදහස නැ කියලා මේ කර ගන්න දේ මම නම් අනුමත කරන්නේ නැත.ඊට සුදුසුම විකල්පය තානායමද?

      Delete
    3. ඒක යථාර්තයක් වෙන්නේ එතනින් ගෑණියෙක් විනාසයි කියලා අපි හිතනවා‌ නං ගයනි.. අපි තාම ඉන්නේ කසාදයක් කැඩුනත් ගෑණි අනාථයි, විනාසයි කියන තැන... ඒක අපේ වැරද්දක්...

      ඒත් අවුරුදු 23ක් පැන්නට පස්සේ ගෑණියෙක්ට ළමයෙක් හම්බුවෙනවා කියන්නෙත් සාමාන්‍ය දෙයක්... එහෙම කෙනෙක්ට තනියෙන් නැගිටගන්න බැරි සමාජෙක නේද අපි තාම ඉන්නේ.... එහෙම එකේ කොල්ලෙක් එක්ක හිටියා කියලා ඒ කෙල්ලව නැති කරන්න හදන්නෙත් අපේ සමාජයමයි... ඒක හංගගෙන බොරු කරන්නෙත් මේ සමාජය හින්දමයි... එහෙම තත්වයක් තියෙන හින්දා මේ වගේ රැවටිලිකාරයන්ට චාන්ස් හම්බුවෙනවත් වැඩියි... මේකයි යථාර්තය... මං නං හිතන් නෑ මේ කතාවේ කෙල්ල විනාසයි කියලා... මං කියන්නේ තමන්ව රැවැට්ටුව මිනිහට විරුද්ධව ඉදිරිපත් වෙන්න ගටක් තිබ්බ ඒ කෙල්ල තනියෙන් ජීවිතේ ජයගන්න පුළුවන් කෙල්ලෙක් කියලා... මට නම් එයා විනාස උනා කියලා පේන්නේ නෑ.... ( බැඳපු මිනිස්සුත් තමන්ගේ ගෑණුන්ව රවට්ටනවා... එතකොට ඒකත් ගෑණිගේ වැරැද්දක් නෙවෙයිනේ.. ඒත් අපි කියන්නේ කොහොමද... අපොයි දැන් ඩිවෝස් උනොත් අර ගෑණි විනාසයිනේ කියලා... ඔන්න ඔය සමාජ මතයි වැති කරන්න ඕනේ....)

      මම මේ කතා කරන්නේ එක දෙයක් ගැනම නෙවෙයි කියලා ඔයාට තේරෙයි... දැනට නම් රෑම්ස් ගානේ යන එක භයානක වැඩක් කියලා ගෑණු දරුවෙක්ට කියලා දෙන එක හොඳයි... නමුත් ලවු කරන උන් දෙන්නෙක්ට ඒකට රෑම්ස් ගානේ යන්නම ඕනේ නැති තැනට රට ආවොත් ඒක නේද වෙන්න ඕනේ දේ....

      Delete
    4. හිරු දකින විදිය ගොඩාක් සාර්ථකයි.එහෙත් මේ සමාජය ඒ විදියට හැඩ ගැහෙන්න ඕන.සමාජය ඒ කියන්නේ පිරිමියා එහෙම හිතන්න ඕන.දැනට උනත් ඔයා කියන උතුම් මිනිසුන් ඉන්නවා.එහෙත් බහුතරය අනාථ උන කෙල්ලෙක් දිහා බලන්නේ හිරිකිතෙන් වාගේ.සමහරක් පිරිමි ඒ කියන්නේ කෙල්ලෙක් අනාථ කර පිරිමියෙක් උනත් සමාජයේ එවැනි කෙනෙක් හමු උනොත් බලන්නේ වපර ඇසකින්.මේ ආකල්පය නැති කරන්න පුළුවන් නම් ඔයා කියන තැනට එන්න පුළුවන් .ඔයත් මමත් එහෙම හිතුවට මේ සාමාජය එසේ සිතයිද?ඒ සිතන දවස වෙනකම් ගැහැණුන් පරිස්සම් විය යුතුය.

      Delete
  11. ගැහැණු වගේම මෙතනදි පිරිමිත් වැරදියි කියලා මට හිතෙන්නේ. ස්ත්‍රිත්වයට ගරු කරන්න පිරිමින්ටත් යුතුකමක් තියෙනවා. ගැහැණුත් බුධිමත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්.

    කෙල්ලේ ඔයාගෙ ලියවිලි ඉතාම සාර්ථකයි. (ව්‍යාකරණ, ණ න, ළ, ල ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ.ඔව් ව්‍යාකරණ ගැන ඉගෙන ගත යුතු තැන් බොහෝ ඇත.

      Delete
  12. මේකට වැඩිපුරම වග කියන්න ඕන මූණු පොත නේද ? . ඕකෙන් නාස්තිවෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා . මුණ පෙන්නන්නේ නැතුව කතා කරලා පස්සේ මුණ පෙන්නනකොට වැඩ ගොඩක් දුරදිග ගිහිල්ලා ඉවරයි .

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිසුන්ට තේරුම් ගන්න බැරි හැංඟුණු කොටස ක් තියෙනවා.

      Delete
  13. ඉතිහාසයේ ඉඳල වෙන..අදත් වෙන...හෙටත්,අනාගතෙත් වෙන දෙයක්...ඕකට උගත්,බුද්ධිමත් බේදයක් නෑ..!

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයේ ගොඩාක් දේවල් අද වන විට වෙනස් වි ඇත.ඇයි ඉතිං මේ දේ වෙනස් කරන්න බැරි?

      Delete
  14. තමන් හරියට ඉන්නව නම් මොනවටවත් බය වෙන්න ඕන නෑ. නිවැරදි දේ කලොත් නිවැරදි දේ තමයි ප්‍රතිඵලය විදියට ලැබෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. බට්ටි කියන දේ සමහරක් විටදී වෙනස් විමට ඉඩ ඇත.හොඳින් ඉන්න ඕනෑ තරම් ගැහැණුන්,කුඩා දැරියන් කාමතුරයින්ගේ ගොදුරු බවට පත් වන්නේ මේ ශ්‍රි ලංකාව තුලමය.

      Delete
  15. ගැහැණීයකට අසාධාරණයක් වු විට දෙවනුව සමාජයෙන්ද, තෙවනුව නීතිය ඉදිරියේදී මුදලට කෑමොර දෙන උගත් නීතිවේදීන්ගෙන්ද අසාධාරණයට ලක් වේ. ඒ මේ සමාජ ක්‍රමයේ ඵලයකි....

    ReplyDelete
    Replies
    1. නිර්මලා හුඟ කාලයකින් මේ පැත්තේ.ඔයා මෙම සිද්ධිය වෙනස් ම පැත්තකින් දකිනවා.ඒ ගැන ස්තුතියි.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...