Thursday, June 6, 2013

නිරෝගිකම ඉහළම ලාභය




ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං
ප්‍රශ්ණයක් වු විට දෙපැත්තට බෙදි කඹ අඳින්නේ නැතිව රටට හිතකර තීරණයකට අපි එන්නේ කවදාදෝ?


           ආරෝග්‍ය පරමා ලාභා - උතුම්ම ලාභය නිරෝගී කමයි, සන්තුට්ඨි පරමං ධනං - සතුට උසස්ම ධනයයි. විස්සාස පරමා ඥාතී - ලොවේ හොඳම නෑයා (ඥාතියා) විශ්වාසයයි. නිබ්බානං පරමං සුඛං - නිවන උතුම්ම සැපයයි යන්නයි. මේ අදහස එදාට වගේම මෙදාටත් ඉතා වලංගු කාරණයක්.

           වර්ථමානයේ අපට තාවකාලික පණනල රැක ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට සිදු වි ඇත. අපි විසින්ම නිර්මාණය කර ගත් නොයෙකුත් විපිරිසාස නිසාවෙන් රට විශාල අවදානමකට ලක් වි ඇත.  සිදු වෙමින් පවතින සෑම සිදුවිමක්ම යුද්ධයක ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ මන්දයත් එහි ඵලයන් අවදානම් ස්වරුපයක් ගන්නා බැවිනි.

           ඩෙංගු මදුරුවා යනු ගරිල්ලා ත්‍රස්තවාදියෙක් වැනිය. ඩෙංගු මදුරුවා මර්ධනය කිරීම අපි සතු වගකිමකි. එකිනෙකාට දොස් පවරා ගනිමින් සිටිනවා මිස මෙම අවදානම් තත්වයට පිළියම් සෙවිමට අද අපි අපොහෝසත් වන්නෙමු. තමන්ගේ නිවස අපවිත්‍ර කරගැනිම තමන් විසින් සිදු කර ගන්නකි. එයට වගකිව යුත්තාද තමන්මය. ඒ වගේම රජයේ ආයතනද අපි සතු සම්පතකි. එය රැක ගැනිමද අපි සතු වගකිමකි. අද රට සෑම අතින්ම අගාදයට යාමට හේතුව ලෙස මම දකින්නේ පවතින විනාශකාරී දේශපාලන මාපියාව වේ.

          මසකට දෙවතාවක් හෝ සතිඅන්ත දිනයකදී තමන් සිටින ප්‍රදේශය අවට පිරිසිදු කර ගැනිමට තරම්වත් උවමනාවක් අපට නැත. එහෙත් තමන්ටවත් වැදගත් නොවන ඉල්ලිම් ඉල්ලමින් මහා මාර්ග හරස් කරමින් ගෙන යන උද්ඝෝෂණයන්ට තම ශ්‍රමයත් දායකත්වයක් ලබා දෙන්නේ කිසිදු පැකලිමකින් තොවරය. අවදියෙන් සිටිය යුතුය. එහෙත් ඒ අවදිවිම අර්ථවත් යමක් වෙනුවෙන් කැප කළ යුතුය.

          ඩෙංගු මදුරුවා නිසා මිය ගිය නිතී පිඨයේ  සිසුවිය ‍වෙනත් ආකාරයකින් මිය ගියා නම්? අද සියළුම විශ්ව විද්‍යාල සිසුන් පාරට බසිනු ඇත. එවැනි ආකල්ප දරණ, එවැනි ශක්තියක් සහ එකමුතුකමක් තිබෙන ඔවුන්ට ඩෙංගු උවදුර නැති කිරීමට තම ශ්‍රමදායකත්වය ලබා දිමට නොහැකි විම කණගාටුවට කරුණකි. තම පෞද්ගිලික අභිප්‍රායන් වෙනුවෙන් විශාල පිරිසක් එකරාශි කර ගනිමින් තම මතය ලොවට හඬනඟා කිමට දක්ෂ නායකයින් අප අතර සිටිති. එහෙත් මෙවැනි පොදු කාරණා අභියස නිහඩය. එයින් පෙනි යන්නේ රටට ආදරය කරන එකදු නායකයෙකුවත් රටේ අනාගතය ලෙස සිතන පිරිස් අතර නොමැති බවකි.

           අප ආයතනයේ නම්, සෑම සති අන්තයකම උදැසන වරුම වෙන් කරනුයේ අපි ජිවත් වන අවට ප්‍රදේශය පිරිසිදු කරගැනිමටය. මෙවැනි කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබා දිමට අකමැති පුද්ගලින් අප අතරද නැතුවා නොවේයි. නමුත් එවැනි අයවලුන්ගේ ආකල්පද වෙනස් කර ඔවුන්ගේ දායකත්වයද මේ සඳහා ලබා ගනිති. ඒ අපි යම්කිසි නිතී රාමුවක් තුල සිටින නිසා අකමැත්තෙන් වුවද ඒ දේ කිරීමට සිදුවෙයි. යහපත් ආකල්ප මිනිසුන් තුල ඇති නොවන්නේ නම් එය බලෙන් හෝ සිත් තුල ඇති කළ යුතු කාලය එළඹ ඇත. බහුතරයකගේ සුභසිද්ධිය උදෙසා එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ආත්මාර්ථකාමී සිතුවිලි නැති කිරීම වරදක් නොවනු ඇත.

          අද අපේ රටේ සිදු වන්නේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරගැනිම සඳහා මුළු සමාජයේම දයාකත්වය ලබා ගැනිමය. ඒ සඳහා විවිධ වු මුලා කිරීමේ ක්‍රම උපායන් භාවිතා කරන්නේය. බළධාරියා යනු, ඔබත් මමත් අතර සිටින තවත් අපි වගේම පුද්ගලයෙකි. එහෙමත්  නැතිනම් අප විසින් පත් කර ගන්නා ජනතා නියෝජිතයෙකි. රටේ නිතීය ඔහුටද එකහා සමානය.වරදට නිසි දඬුවම නොලැබෙන තාක්කල් අප රටේ සිදුවන දුෂණය, වංචාව සහ අක්‍රමිකතා වැළැක්විය නොහැකිය. නිතීය සැමට එක සේ ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති වුවහොත් ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චාර්ය බවට පත්වනුයේ දුෂණයෙන් සහ වංචාවෙන්ය.

         රජයේ ආයතනයක තිබෙන භෞතික සම්පත් නඩත්තු කිරීම සඳහා ප්‍රතිපාදනද ලැබෙනු ඇත. තවද එහි නඩත්තු කටයුතු සඳහා වෙනමම පිරිසක්ද ඇත. අප අධ්‍යාපනය ලබන හෝ අප රාජකාරි කරන ස්ථානයට යම් කිසි අලාභානියක් සිදු වු විට එය පිළිසකර කර ගැනිම අපි සතු කාර්යක් හෝ වගකිමක් ලෙස නොසිතා ඉවතා බලා සිටිම කොයි තරම් දුරට නිවැරදිද යන්න පිළිබඳව සිතිමට ඔබට තබමි.

        අපි සේවය ලබා ගන්නා, අපි සේවය කරන හෝ අපි යැපෙන ස්ථානය අපි විසින්ම පිරිසිදු කර ගැනිමෙන් අපේ තරාතිරමට හානියක් නොවන්නේමු.

වගකිම් ඉල්ලිම් ගැන කථා කර ගමන් යුතුකම් ගැනද  සිතිය යුතුය.
20 Comments
Tweets
Fb Comments

20 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. හ්ම්... ඉහලට කියන්නං

    ReplyDelete
    Replies
    1. ඉහළට කියලා වැඩක් නැ.අපිම හිතලා වැඩ කරමු.නැති වෙන්නේ අපි වගේ අහිංසකයින්.

      Delete
  2. \\\ඩෙංගු මදුරුවා නිසා මිය ගිය නිතී පිඨයේ සිසුවිය ‍වෙනත් ආකාරයකින් මිය ගියා නම්? අද සියළුම විශ්ව විද්‍යාල සිසුන් පාරට බසිනු ඇත. ////

    මේ කොටස නම් සම්පූර්ණ ඇත්ත ගයනි..

    ReplyDelete
  3. ඇත්තටම ඉතාම වටිනා කතාවක්. අපේ කාර්යාල වල සමහර තැන් වලට අපිට ලඟා වෙන්න බෑ. සමහරවිට නිවසේත්. ගෙහිමියාට ලඟා විය නොහැකි තැනක් නිවසේ විය හැකියි. එවැනි තත්ව වලට තමයි BTI බැක්ටීරියාව වගේ විසඳුමක් අවශ්‍ය. එය කකුලෙන් ඇද පමා කරන අයට නම් ඒ සාපය මේ ආත්මයේදීම ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වචන ටිකට

      Delete
  4. තමන්ගේ තැන තමන් පිළිවෙළකට පිරිසිදුවට තබා ගැන්ම තනතුරකට නොගැලපෙන දෙයක් නොවේ. එවන් අය ආදර්ශවත් ය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියටත්.

      Delete
  5. සම්පූර්ණ ඇත්ත. දෙයක් උනාට පස්සෙ ඒ ගැන පසුතැවෙනවාට වඩා එය වලවාගන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න එකයි විය යුත්තෙ.

    ReplyDelete
  6. Replies
    1. මගේ අයියටත් ස්තුතියි.

      Delete
  7. අපේ පරිසරය අපි පිරිසිදුව තිය ගන්න ඕන.

    ReplyDelete
  8. අද වන විට හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නෙ දේශපාලනේට. ඒත් මේ ඩෙංගු වැනි ලෙඩ රෝග අපි විසින්ම හදාගන්න දේවල් අපි අවස්ථානුකූලව කරන දේවල්වල පලවිපාත අපිටම විදින්න සිදුවෙනවා.

    අනෙක් අතට මැසි මදුරු කරදරේ වගේම පානීය ජල ගැටලුව මේවන විට උග්‍රවෙමින් තියෙනවා වයඹ , රජරට, වකුගඩු රෝගින් සහද් ගනනක්. මේවා ඒ අය බලෙන් හදාගත් දේ නෙවෙයි. බලෙන් පෙවූ විසයි.
    මේ හැම පුවතක්ම යම් උනුසුමක් මවා ඉබේම නිවීයනවා

    ReplyDelete
    Replies
    1. අගය කරනවා දයානන්ද අයියගේ වචන ටිකත්.

      Delete
  9. අපි අපිම අපේ අවට පිරිසිදු කර ගන්න පෙලබෙනවානම් හුඟාක් ප්‍රශ්ණ අඩුයි මම හිතන්නේ..

    ReplyDelete
  10. // අප අධ්‍යාපනය ලබන හෝ අප රාජකාරි කරන ස්ථානයට යම් කිසි අලාභානියක් සිදු වු විට එය පිළිසකර කර ගැනිම අපි සතු කාර්යක් හෝ වගකිමක් ලෙස නොසිතා ඉවතා බලා සිටිම කොයි තරම් දුරට නිවැරදිද යන්න පිළිබඳව සිතිමට ඔබට තබමි.//

    ඒකනම් සහතික ඇත්ත කතාවක් :)

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...