Wednesday, April 24, 2013

සුභ බක් පුර පසළොස්වක මංගල්‍යයක් වේවා!




       බක් මස අයිති පුංචි දරුවන්ටය. එම නිසා අද පිංබර බක් පසළොස්වක යේ බ්ලොග් ලොවට සෑම විටම අරුත්බර සහ නැවුම් බවක් ලබා දෙන


  • එතෙර සිටින මාගේ සහෝදරයන් වන් ඩොක් අයියාගේ සහ අක්කාගේ ආදරණිය දියණියට සහ පුතුන්ටත්

  • ඇවිද්ද පය ලියන සුදීක අයියාගේ සුරතල් දියණියටත්,

  • සමකය වටේ ලියන නලින්  අයියාගේ ආදරණීය දියණියටත්

  • අත්තම්මගේ පෙට්ටගම ලියන ලොකු ජොන් අයියාගේ පුංචි දියණියටත්

  • එදිනදා ජිවිතය ලියන සහන් අයියාගේ ආදරණිය දියණියටත්

  • කතන්දරකාරයාගේ ආදරණිය දියණිය ඇතුළු

     බ්ලොග් ලොවට අරුත් ගෙනෙන අනෙකුත් සියළුම බ්ලොග් හිමිකරුවන්ගේ සහ හිමිකාරියන්ගේ ආදරණිය දරුවන්ටත්

යහපත් පැහැබර දිනක් උදාවේවා! ඔවුන් ඉලක්ක කරන සියළුම යහපත් කරුණු කරණා ඔවුන්ගේ සිතැඟි පරිදි සාර්ථක කර ගැනිමට අවශ්‍ය සියළුම ධෛර්‍ය,ශක්තිය,අශිර්වාදයන් නිරතුරුවම ඔවුන් වටා ඇති වේවා!ලැබේවා!


තවද අප සියළුම දෙනා එකතු වි මෙසේද ප්‍රර්ථනා ගෙන එමු.

මෙම පිං බිමේ  ඉපිද, එහෙත් අම්මා තාත්තා ගේ රැකවරණය ගිලිහුණු සියළුම දරුවන්ට කුමන රැකවරණයක් ලැබි රටටත් ජාතියටත් වැඩදායි පුරවැසියෙකු විමට මඟ සැලසේවා!!! 
 


තෙරුවන් සරණයි!
ඇස් දෙක මගේ හොඳ දෙයේහි ගැටේවා. තිස්සේම සම්බුදු ගුණ සිහි වේවා!
24 Comments
Tweets
Fb Comments

24 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ලෝකයේ සියලුම දරුවන්ගේ සිත් සතුටින් පිරේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක අයියේ අපි එසේ පතමු!

      Delete
  2. බොහොම ස්තූතියි බොහොම ස්තූතියි ගයනි සුබ පැතීම ගැන ..
    අද තමෛ බුදු හාමුදුරුවෝ දෙවන වතාවට ශ්‍රී ලංකාවට වැඩම
    කරලා තියෙන්නේ ..චූලෝදර මහෝදර ගැටුම විසඳන්න ...
    ඒ ගැන කරුණු ටිකක් තව දාන්න ඔයාට හම්බුනොත් එහෙම ...

    ReplyDelete
  3. මමත් ඔබේ පැතුම දුවත්/පුතුත් වෙනුවෙන් බැතිබර සෙනහසින් භාර ගතිමි.ස්තුතියි සහෝදරිය.
    නලින් මලයට දෝණියන්දල දෙන්නෙක් නොවැ නගේ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියේ මම දන්නේ කිහිප දෙනයි.ඒකයි එහෙම ලිව්වේ.ස්තුතියි දැනුවත් කිරිමට.අයියගේ දුවටත් පුතාටත් මේ ආශිර්වාදයෙන් සියළුම පැතුම් සාර්ථතක කර ගැනිමට අවශ්‍ය ශක්තිය දරුවන් තුල නිතරම රැදේවා!

      Delete
  4. අදනේ දන්නෙ සහන් මල්ලිය එක් දරු පියෙක් කියල :).

    ReplyDelete
  5. බොහොම පිං නගා.. ඒ වගේම ඔබටත් සියලුම ලක් වාසීන්ටත් බ්ලොග් ලියන්නන්ටත් සිත් තැවුල් නැති වාද භේද නැති යහපත් පරිසරයක් උදාවේවා කියා ප්‍රාර්ථනය කරනවා මේ මොහොතේ දී.
    අනේ කෙල්ලේ මට කෙල්ලො දෙන්නයි.. කෙන්ජි අයියා උඩින් ම කියල තියනවා ඒ ගැන.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ.

      Delete
  6. අවුරුද්දටත් එන්න බැරි වෙලා මේ අහ. ඕං පෝයට ආවා. කොහොම උනත් අපූරු ප්‍රාර්ථනාවක්.ඔබටත් ජයම වේවා....

    ReplyDelete
  7. ඇයි එතකොට මට? මාත් පොඩි එකෙක්නෙ :(

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ නිශාන් අය්යෙ මේ මාත් පොඩි එකෙක්නෙ.පොඩි එවුන් බ්ලොග් ලියනවා කියලා ගයනි අක්කට අමතක වෙලා!!

      Delete
    2. අනේ වර්ෂා චුටි කෙල්ලක් බවත් නිශාන් අයියව චුටි කොල්ලෙක් බව අමතක උනානේ.

      Delete
  8. හොදයි හොදයි මේ අපිත් ඇතුළු සියලුම පොඩි එවුන්ටත්,බ්ලොග් ලියන නොලියන සියලු දෙනාටත් යහපතම සිදු වෙන සැබෑ බෞද්ධ දර්ශනය තේරුම් යන,ජීවිත නිවෙන සුබ බක් පෝ දිනක් වේවා..!

    ReplyDelete
  9. ලක්වාසී , ලෝක වාසී සියළුම දරුවන් වෙනුවෙන් මේ සටහන උපහාරයක්ම වේවා! ගයනි. ගොඩාක් ස්තූතියි නංගී.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දි අක්කෙ ලොකවාසි සියළුම දරුවන්ට මේ සටහන ශක්තියක් වේවා!.

      Delete
  10. බොහොම හොඳා...

    ReplyDelete
    Replies
    1. ඔබේ පුතාටත් ඒ ආශිර්වාදය ශක්තිය ඒ ආකාරයෙන්ම ලැබේවා!

      Delete
  11. අපූරු සුබ පැතුමක්!
    වටින අදහසක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන් නිවන්නා.

      Delete
  12. මං මේකට කොමෙන්ට් කරා කියල හොඳට මතකයි.. කෝ ඒක :(

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...