Monday, March 25, 2013

බ්ලොග් ලොවේ සැමටම සුභ මැදින් මංගල්‍යයක් වේවා!!!



සිලය යනු  සුදු පැහැයෙන්වත් කහ පැහැයෙන්වත් යුත් රෙදි වල ඇතුලත් වු දෙයක් නොවන අතර මිනිසාගේ සිත, කය, වචනය සංවර කර ගැනිමකි. අපි එම සංවර බව ඇති කර ගැනිමට අදිටන් කර ගනිමු.
අද මැදින් පුර පසළොස්වක දිනය වේ. 

මේ උතුම් පිංබර දිනයේ මගේ පියා ඇතුළු  මිය ගිය අනෙකුත් සියළුම ඥාතින්ටත්, රටදැය වෙනුවෙන් දිවිපිදු සියළුම විරුවන්ටත්, ඔබගෙ මිය ගිය සියළුම ඥාතින්ටත් සහ දැයට වටිනාකමක් එක් කර මිය ගිය අබේවර්ධන බාලසුරිය මහතා ඇතුළු සියළුම කලා සහෘදයන්ටත්  අපි කරන්නා වු  පිං  අනුමෝදන් වෙත්වා!

තවද මාගේ අම්මා ඇතුළු ඔබගේ ආදරණිය දෙමව්පියන්ටද මේ උතුම් දිනයේ මම නිදුක්  නිරෝගි බව පතමි!

මටත් වඩා මං පිළිබඳව සිතමින් මට ආදරය කරන ආදරණිය ශ්‍යමිටත්, ඒ වගේ ම සියළුම බ්ලොග් කරුවන්ටත් සහ මාගේ මෙන්ම ඔබගේ පවුල් වල සියළුම දෙනාටත් පිංබර මැදින් පුන් මංගල්‍යයක් වේවා! 

=======================================================================

 
පින්තුරය - http://www.dailynews.lk
රන් දිවයින නම් ගීත ඇල්බමයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියා ඇති පහත සඳහන් මෙම පුංචි සටහනත් සමඟ අබේවර්ධන බාලසුරිය නම් ඒ සුන්දර මිනිසා පිළිබඳව මතය අලුත් කරමි. ෙමම පුංචි  සටහන  දයානන්ද අයියාගේ අස්වැන්න තුලින් මගේ දින පොතට පිටපත් කරගෙන බොහෝම කාලයකි.

෴අපේ රට තරම් සොඳුරු රටක් තවත් නැත. අපට පායන ඉර හඳ තරම් දිප්තිමත් ඉරක් සඳක් තවත් නැත. අහාස තරම් නිල්වන් අහසක් නැත. අපේ පොළොව තරම් සරුසාර පොළොවක් නැත.අපේ නදී ඇල දොළ ගංගා තරම් සිසිල දෙන ජල සම්පතක්  නැත. මේ අපේ රත්තරන් රටයි. රන් දිවයිනයි.෴

             මිට වසර තුනකට පෙර එනම් 2010 මාර්තු මස 26 වන දින දැයෙන් සමුගත් අබේවර්ධන බාලසුරිය නම් සුන්දර මිනිසා මම ඉතාමත් ආදරයෙන් අද දින සිහිපත් කරමි. එතුමන්ගේ සෞම්‍ය හඬ සිය දහස් ගණනකගෙ හදවත් සහ සිත් නිවන්නට සමත් විය. 70 දශකයේ කලා ලොවට එක් වු එම මහතා ප‍්‍රකට ගායන ශිල්පිනී නෙරංජලා සරෝජනී මහත්මියගේ දයාබර සැමියාද වේ.

මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //

රන් නෙර උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා
මල් බමර බරින් රොන් සුනු වපුරා පින් කෙතට සුවඳ දෙනවා

මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි
පා ගැටෙන තැනින් තැන පළිඟු රුවන් මිණි මුතුලැල් දිදුලනවා

අද මිලින මලක් බිම සරු කරවා හෙට නව මල් පුබුදනවා
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //

මම කැමති ඔහුගේ ගීත කිහිපයක්

අනුරාධපුරය ඔබයි
විහඟක වු ඔබ
බඔරෙකු හැඬුවා
බොඳ මිදුම් කඳු රැල්ලේ - මුල්ම චිත්‍රපට ගීතය
මගේ හිත පිරි තියෙන්නේ
පියාණනේ මා නැවත උපන්නොත්
රැලකින් තනි වි වන මැද සරණේ
කවුරුදෝ කවුරුදෝ - මුල්ම ගීතය

මියයන්නට මත්තෙන් ඔබ දැයට දයාද කළ ගීත අපට අද මහඟු සම්පතකි.  ඒ මියුරු හඬ අදටත් අපගේ සිත් සුවපත් කිරීමට සමත් වි ඇත.


34 Comments
Tweets
Fb Comments

34 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔබට ස්තුතියි

    ReplyDelete
  2. මා කැමති අබේවර්ධන බාලසුරිය මහතාගේ ගීත.
    සිහිවටනය සේ කුමක් ලියන්නද - ඔබේ සුවඳ රැඳී සැමරූ පොතේ ...
    දිනක මතුදා දෛවයෝගෙන් - ඔබව හමු වේ නම් ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක අයියේ මෙම ගීත ටික මතක් කළාට

      Delete
  3. අද අපි සිල් ගන්නව. දැනටමත් පන්සලේ !

    ReplyDelete
    Replies
    1. පන්සලටත් ලැප්ටොප් එක අරගෙන ගියාද?

      Delete
  4. අක්කට පින් සිද්ද වෙනව් අද පෝය කියල මතක් කලාට. ලංකාවෙනම් හම්බවෙන නිවාඩුව නිසා කට්ටිය දනනවා උනත් රටින් පිට ඉන්න අපි වගේ අයට. අක්ක මේ කරන දේ ලොකු සේවයක්. ඔය අනුරාධ පුරය ඔබයි කියන එකට මමත් ආසයි පරණ කැච් එකකට කිව්වා සින්දුවක්

    ReplyDelete
    Replies
    1. මල්ලීටත් පිං මේ පැත්තට ආවට

      Delete
  5. බොඳ මිදුම් කඳු රැල්ලේ..සුරංගනා රජ දහනේ..
    ඔබේ සිනා කඳුළු බිඳක්
    හෙටත් වාසනා...

    මේ අබේවර්ධන බාලසූරියගේ මම ආසන ගීතයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මෙය බෙදා ගත්තට

      Delete
  6. ආසම සින්දු ටිකක් ආයෙත් මතක් කලාට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මෙය ෙබදා ගත්තට

      Delete
  7. දවසට ගැලපෙන සින්දුව! ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මෙය බේදා ගත්තට

      Delete
  8. ලෝකෙට පේන්න පිං කරලා වැඩක් නෑ..අනික පිං කරන්න පෝය දවස කියල විශේෂයකුත් නෑ. පිං කරන්න වයසට යනකම් ඉන්න ඕනිත් නෑ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මේ තරම් කුහක ඇයි ද මන්දා

      Delete
  9. පින්බර සිතුවිල් තව තව පහල වේවා...

    අබේ ඉමියෙන තුරු තම ජනප්‍රියත්වය පාවා නොදුන්කොන්ද කෙලින් තබාගෙන වැඩකළ ගායන ශිල්පියෙක්. ඒනිසය් ඔහු ඔහුගේම ගීයෙන් " අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී" කියලා ගීතයෙන්ම කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ජිවිතයට ආශිර්වාදය තරම් උතුම් තවත් යමක් ඇත්ද?

      Delete
  10. ඔබටත් පිංබර පොහෝදිනයක් වෙවා.
    මං පරක්කුද මන්ද.

    ඔයාගෙ රසවින්දනය නම් අපූරුයි

    ReplyDelete
  11. රැලකින් තනි වී වන මැද සරණා
    බොඳ මිදුම් කඳු රැල්ලේ
    මගේ හිත පිරි තියෙන්නේ
    පියාණනී මා නැවත උපන්නොත්


    ඔහුගේ ගීත අතරින් මං වඩාත්ම ප්‍රියකරන්නෙ මේ ගීතවලට. ඒ අතරිනුත් "රැලකින් තනි වී" ගීතය විශේෂයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දෙන්නටම මෙය බේදා ගත්තට

      Delete
  12. හොඳ බ්ලොග් එකක්.මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  13. දවසේ වටිනා කමට සරිලන ලිපිය මෙයයි. ඒ වගේම මං තාමත් ආස සැරසිලි ගොක් කොළ ගිතයටයි

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඒ ගීතය ලස්සනයි

      Delete
  14. අමතකව යන කලාකරුවන් සහ ඔවුන්ගේ ගීත යළි මතකයට නැගීම ගැන ඔබට ස්තූතියි

    ReplyDelete
  15. මම බැලුවෙ දයානන්ද සහෝදරයගෙ රාජකාරියට බැහැලද කියලා ...

    ReplyDelete
    Replies
    1. අනේ නැ ලොකු ජෝන්.මමත් කැමතියි ගීත වලට.දයානන්ද අයියා වගේ මට ලියන්න බැ.

      Delete
  16. අමතක වෙලා යන ගීත ගොඩක් මතක් කලාට පින්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් පිං ෙම් පැත්තට අාවාට.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...