බ්ලොග් වල පල වන බොහෝ ලිපි වලට දක්වන ප්‍රතිචාර අතර
කියවා බැහැර කිරීමට නොහැකි බොහෝ අදහස් ඇත. දක්වන අදහස් තුල මාතෘකාවට අදාල එහෙත් ලිපියේ
ඒ බව සටහන් වි නොමැති තවත් බොහෝ පැතිකඩයන්ද ස්පර්ශ වෙයි. තවද බොහෝ දෙනෙකු ලිපිය
සම්පුර්ණයෙන් කියවා ඇත්දැයි එහි ප්‍රතිචාර දෙස බැලු විට පැවසිය හැකිය.
වැඩිවියට
පත් විම යන මෙම ලිපිය තුලින් මට පැවසිමට උවමනා කළ
එකම දේ නම් කුමන හෝ කරුණක ආරම්භය දින දින පසුවන විට කෙතරම් නම් දුරට වෙනස් වෙනවාද
යන්නයි. ලිපියට ලැබුණු ප්‍රතිචාර අතුරින් බොහෝ දෙනෙකු එය වටහාගෙන තිබිම මට සතුටකි.
ගැහැණියකට එදා වින්නඹු නෝනාගෙ උදව් ඇතිව දරුවෙකු
බිහිකිරිම තම නිවස තුලම හැකිය. එහෙත් අද එම තත්වය ඒ ආකාරයට සිදු වුවහෙත් දරුවත්
මවත් දෙදෙනාම මිය යාමට හැකිය. මගේ ආච්චිට දරුවන් 07 දෙනාම ඉපදුණේ නිවස තුලදීමය. එහෙත්
මගේ මව දරුවන් බිහි කළේ රෝහල තුලදීය. ඒ ආකාරයට අනෙකුත් සෑම දේම වෙනස් විය හැකිය. ආච්චි
උදැල්ලත් සමඟ ඔට්ටු වුවාට අපේ අම්මට උදැල්ලත් සමඟ ඔට්ටුවිමට ශරීර ශක්තිය යෝග්‍ය
ලෙස පිහිටා නැත. ආච්චි අම්මා මම පොල් අත්ත වියන්න පුරුදු උනාට මගේ දරුවා එවැනි දේ
කිරීමට ප්‍රිය නොකරනු ඇත. එය අපි පිළිගත යුතු කරුණකි.
දරුවා
කුමන ස්ථානයක උපත ලැබුවද එයින් මවටත් දරුවාටත් කරදරයක් අනතුරක් සිදු නොවිය යුතුය. මාගේ
තර්කය එය වේ. අනෙකුත් කරුණු කාරණාද එසේම විය යුතුය. එදත් ස්ත්‍රි දුෂණ සිදු වන්නට
ඇත. අදද සිදු වෙමින් පවතියි. එහෙත් මගේ අම්මා මාව නිර්මාණය කරන්නේ එතනට යන්නට
නොවෙයි. බොහෝ දෙමව්පියන්ද එසේ සිතණු ඇත. මේ අතර කාළකණ්ණි ජිවිතද නැතුවා නෙමෙයි. එහෙත්
මගේ අම්මා මාව සහ මල්ලී හරියට හැදුවොත් තමයි ඔබේ දුවත් පුතත් ආරක්ෂා වන්නේ කියන
තැන මම සිටිමි. ඔබටත් අදහස් ප්‍රකාශ කළ හැකිය.
දරුවා සාමකාමී පුද්ගලයෙකු කිරිමට නම් මවද පියාද
එවැනි වු සමබර භුමිකාවක ජිවත් විය යුතුය. දරුවා බහතෝරන වයස වන විට අම්මා තාත්තා සන්සුන්
විය යුතුය. නිවස තුල පවතින වතාවරණය පිළිබඳව දරුවා ගේ මනස තුල නොයෙකුත් තර්ක
ගොඩනැඟෙණු ඇත. එම තර්ක සටන්කාමිද,දැඩි සිතුවිලිද ,සෞම්‍යයද යන්න තීරණය විමට දෙමව්පියන්ගේ
භුමිකාව ඉතාමත් වැදගත්ය. දරුවා තුල සමබර චරිතයක් ගොඩනැඟිම සඳහා දෙමව්පියන් හැම
විටම උත්සහ ගත යුතුය. එම උත්සහාය සාර්ථක කර ගැනිමට ධර්මය,සදාචාරය සහ සංස්කෘතික ක්‍රියාකරකම්
ප්‍රයෝජනවත් වෙයි. ගැළපෙන දේ ගළපා ගැනිමට තමන්ට පුළුන්කමක් තිබිය යුතුය. එහෙම
නොවුනහොත් තමන්ගෙ පමණක් නොව අනෙකුත් දරුවන්ද අනාරක්ෂිත විය හැකිය.
මගේ
දරුවා පමණක් යහපත් වි ඵලක් නැත. එම දරුවාට මුණ ගැසෙන අනෙකුත් දරුවා නිසරු දේ ළඟ
සිත රැදෙයි නම්.
මහත්
වෙහෙසක් ගෙන විශාල කැප කිරිමකින් තම දරුවන්ට හරි දේ කියා දෙමින් උස්මහත් කරන ආදරණිය
දෙමව්පියන් වෙනුවෙන් මා සිතේ හටගත් සිතුවිල්ලකි.
මේක හොදයි ඉස්සෙල්ලා එකට වඩා, ටිකක් සමබරව ලියලා තියනවා.
ReplyDeleteවෙනත් තේමා යටතේ අලුත් දෙයක් ලියන්න, පල පුරුද්ද අද්දැකීම් ඒ වගේම විනෝද කාමී දේවල් අඩංගු කරන්න, කුතුහලය දනවන කරුණු අඩංගු කරන්න
එක පයින් අත් දෙකම ඔසවා අනුමත කරමි.
ReplyDeleteමාතලන්‍ගෙන් ඔය වගේ උත්තරයක් ප්‍රමාණවත් නැ.මම කැමතියි ඊට වඩා යමක් ප්‍රකාශ කරනවා නම්.
Deleteගයනි ඔයා ටිකක් ඉන්නේ සාමාන්‍ය පරිසරයක නෙවේ වගේ කතා
ReplyDeleteකරන්නේ...අපි කොච්චර ආස උනත් , වැදගත් උනත් , සංකෘතිය
කිව්වත් , සිංහල කම කිව්වත් etc මොනවා කිව්වත් ඕව ඔක්කොම
බදාගෙන වැඩක් කරන්න බැහැ ..
ඔයා කියන ගොඩක් කරුණු පරස්පරයි ගයනි.එක වෙලාවකට ඔයා
සිංහල කමෙන් , ජාති ආලයෙන්, බෞද්ධ කමෙන් මත් වෙනවා ..
ආයේ ටිකකින් " නෑ ඉතින් මන් කිව්වේ මේකයි " කියල බර හෑල්ලු
කරනවා...
පහු ගිය ලිපි ටිකම තදින් ප්‍රයෝගිකත්වයෙන් බැහැර වෙලා තිබ්බේ..
මනසින් හැම බක්කම කරන්න බැහැ ගයනි.අපි හිතන පතන සුන්දර
සාම කාමී , සංකෘතියට ගරු කරන ලෝකයක් නැහැ ..ඒවා හීන විතරයි..
හීනෙන් එළියට එන්න ...
ඉස්සර තාත්තයි දුවයි කියන්නේ හරි දුරස්ථ දෙන්නෙක්.අද එහෙමද ?
මගේ දුව මගේ ඔඩොක්කුවෙමයි.නිදා ගන්නේ මගේ තුරුලේ.එයාට එක
මොහොතක් මම නැතුව ජීවත් වෙන්න බැහැ.සාංකාව හැදෙනවා..
ඒත් ඒ දුව ඔයා හිතනවද 18 , 20 වෙද්දී මගේ තුරුලේ ඉඳි කියල ?
මට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද එයා මා ලඟම ඉඳි කියල ?
මම වයසට යනකම් ජීවත් උනොත් මා ලඟම ඉඳි කියල ?
මට කන්න අඳින්න දේවි කියල ...?
( කරුණාකර පුද්ගලික දෝෂාරෝපණයක් සේ නොසලකන්න .
අදහස් මත වාද ගැටීමක් පමණි..)
ඔබ හොඳ මිතුරෙක් මිස ගැටුමක් නැ.සහන් කියන්න වගේ අදහස් මතවාද ගැටුමක් පමණයි. අපිට සාමාන්‍ය පරිසරයක ඉන්න පුළුවන්ද? අද.ඔව් එක එහෙම නොවෙන්නට හේතු කිහිපයක් පමණයි මම ඔය මගේ ලිපියට ඇතුලත් කරලා තියෙන්‍නෙ.ප්‍රායෝගිකව කරන්න බැරි කමක් නැ අපට.ඒත් ඒ ප්‍රයෝගිකත්වයට අපි පැමිණිය යුතු යන්න තැන මම ඉන්නවා.සහන් වගේම තමයි මගේ තාත්තාත් අපි පුංචි කාලයේ අම්මගේ ළඟට වඩා තාත්තගේ ළඟ ඉන්නයි කැමති.එක මම පිළිගනිමි.මම කියන්න උත්සහා කරන්නේ ඒක නෙමෙයි.
Deleteසහන්‍ගෙ දුවට හොද පරිසරක් නැති උනොත් මොකද වෙන්නේ.දුව කොච්චර හොඳ උනත් සාමාජය ඒ තත්වයේ නැති නම් ඔළුව ඉස්සිය හැකිද?
මේ හා සම්භන්ද බොහෝ අත්දෑකීම් මට එති බෑවින් මාතල් සමගින් මමද අත් දෙක ඔසවා අනුමත කරමි...
ReplyDeleteපුළුවන් නම් හොඳයි... ඒත් ආපහු ඒ වගේ යුගයක් කවදාවත් එන්නෙ නෑ :'(
ReplyDeleteඑහෙම එන්‍නෙ නැ කියන්‍නෙ අපි සුරක්ෂිතද නැ කියන එක.
Delete//මගේ දරුවා පමණක් යහපත් වි ඵලක් නැත. එම දරුවාට මුණ ගැසෙන අනෙකුත් දරුවා නිසරු දේ ළඟ සිත රැදෙයි නම්.//
ReplyDeleteමේක වෙනවනම් හොඳයි, නමුත් බොහෝ විට එහෙම වෙන්නේ නැහැ, ඒ නිසා අපි කරන්න ඕනේ දරුවන්ට යහපත් අයහපත් දේ තෝරාගැනීමේ හැකියාව ලබා දීමයි. එයයි බොහෝ ප්‍රායෝගික වන්නේ.
//එහෙත් මගේ අම්මා මාව සහ මල්ලී හරියට හැදුවොත් තමයි ඔබේ දුවත් පුතත් ආරක්ෂා වන්නේ කියන තැන මම සිටිමි.//
ReplyDeleteමේ කතාවට මාත් එකඟයි... ඒත් දැන් මේ තත්වෙ නැති නිසා අයිලාෂ් කියනවා වෙග් දරුවන්ට තේරුම් කරලා දෙන්න ඕනේ හොඳ නරක මොනාද කියලා... එයාලට තනි තේරීම් කරන්න වෙන නිසා මේ සමාජයේ.. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අවුරදු 16 වෙද්දි ළමයි දෙමවුපියන්ගෙන් ඈත් කළයුතුයි කියලා... ඒත් එයාලා සමාජයට යනවා... දෙමවුපියන්ට හැමතිස්සෙම පස්සෙන් ඉන්න බෑ.... මේවා කියලා දෙද්දි දෙමවුපියනුත් ආදර්ශවත් විය යුතුයි.... ඒත් ඔතනත් මං අර කිව්ව 70 දශකේ ජීවත් වෙන පවුලකුයි, 21 වෙනි ශත වර්ෂේ ජීවත් වෙන පවුලකුයි, ලංකාවේ ඉඳගෙන හිතින් ඇමරිකාවේ ජීවත් වෙන පවුලකුයි ජීවත් වෙන පිළිවෙල වෙනස්.. හොඳම දේ දරුවන්ට මේ දේවල් තෙරුම් කරලා දෙන එක.... මේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියන එක...
ගයනිගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න හත් අවුරුද්දක් විතර යනවා අප්පා.. මේකේ කෑලි බෑලි වැඩියිනේ.......
Delete" නිවස තුල පවතින වතාවරණය පිළිබඳව දරුවා ගේ මනස තුල නොයෙකුත් තර්ක ගොඩනැඟෙණු ඇත.. "
ReplyDeleteමේක ඇත්ත..ගොඩක් වෙලාවට මුලින්ම කෙනෙක් සමාජය දිහා බලන්න ගන්නෙ ගෙදර පරිසරයට අනුව..පුංචි කාලෙ මනසට කිඳා බහින දෙයක් මනසින් ඉවත් කරන්න අමාරුයි..
රට හදන්න කලින් තමන් හැදුනාම රට හදන එක ඊසි
ReplyDeleteතම තමන් හැදෙනවා නම් මෙච්චර දුෂණ මංකොල්ල කෑම් සිදු නොවනු ඇත.
Deleteකලින් ලිපියට ලියවිය යුතුම පසු වදනක්!
ReplyDelete